Wednesday, December 10, 2008

Easylife සමගින් Fedora ජීවිතය පහසු කරගමු

Easylife පැකේජ් එක fedora පාවිච්චි කරන්න හිතන් ඉන්න අයටයි දැනට පාවිච්චි කරණ අයටයි හරි පහසුවෙන් තමන්ට අත්‍යාවශ්‍ය වන මෘදුකාංග කීපයක් ස්ථාපනය කර දෙනවා.
උදාහරණයක් ලෙස Java, Flash, Codecs, Media Players දාන්න සාමාන්‍යයෙන් ගතවෙන කාලය, මහන්සිය සහ අපහසුතාවයන් ගැන කියලා වැඩක් නෑ. අළුතෙන් ලිනක්ස් භාවිතා කරන්න එන අයට ඔය ප්‍රශ්ණ නිසා ලිනක්ස් එපා වෙනවා. ඒත් මේ Easylife මගින් එවැනි ප්‍රශ්ණ තවදුරටත් පවතින්නේ නැතිවෙනවා. ඔබට mouse clicks දෙක තුනකින් අව්‍ශ්‍යදේ ස්ථාපනය කරගන්න පුළුවන්.

මෙය Skype,Google apps, DVD tools, Livna Repository, Adobe Reader, අතිරේක Fonts සහ තවත් ගොඩක් දේවල් ලේසියෙන්ම ස්ථාපනය කරනවා.

මෙතනින් RPM file එක ගන්න:

http://easylifeproject.org/

මෙන්න රූප කිහිපයක්...

1.Applications-> System tools->EasyLife (මෙතනදී root password එක ඉල්ලනවා)

2. ඉහත ආකාරයට මෘදුකාංග අවශ්‍ය Userව තෝරගන්න

3. අවශ්‍ය මෘදුකාංග තෝරා ගන්න. ඉන්පසු OK කරන්න. එච්චරයි....

දාලාම බලන්න. මොනවා හරි දැන ගන්න ඕනෙ නම් මට ලියන්න.

Friday, November 7, 2008

LTSP දෙවන කොටස

LTSP ගැන තව වැදගත් තොරතුරු කිහිපයක් මම මේ ලිපියෙන් පැහැදිලි කරන්න උත්සාහ කරනවා.

හැඳින්වීම...

මෙය කිහිප දෙනෙකුට එකවර තනි පරිගණකයක් භාවිතා කිරිමට පහසුකම ලබාදේ. මෘදුකාංග සියල්ල සර්වර් එක (server)මගින් සපයන අතර දත්ත/තොරතුරු ඇතුළු කිරීම සහ පිටකිරීම (input and output) terminal නොහොත් thin client මගින් සිදු කෙරේ. මෙම thin client පරිගණක අඩු විදුලි පරිභෝජනයක් ඇති එමෙන්ම දෘඩ තැටි (hard disk) සහ වෙනත් චලනයවන උපාංග නොමැති ඒවා වේ. ඒනිසාම එම පරිගණක සාමාන්‍ය වර්ගයේ පරිගණකයකට වඩා අඩු ශබ්දයක් පිටකරයි. විශේෂයෙන්ම සැකසූ thin client පරිගණක වෙනුවට පරණ පරිගණක Ltsp සමග භාවිතා කළහැක. එමනිසා පරණ පරිගණක ඉවත් කිරීමකින් තොරව නව මෘදුකාංග තාක්ෂණය සමග භාවිතා කළ හැක.

LTSP එක වැඩ කරන්නේ කොහොමද ඒකෙ ඇති කොටස් මොනවද කියලා බලමු.

Thin clients

අඩු වේගයක්, අඩු Ram ප්‍රමාණයක්, keyboard, Mouse සහ monitor එකකින් සමන්විත මේවා වෙළඳපොලෙන් මිලදී ගත හැක. ලංකාවේ සොයා ගැනීමට අපහසුය
සරළව කිවහොත් thin client පරිගණක boot වීමට ඒවා තුළ hard disks හෝ වෙනත් boot disks නොමැත. ඒ වෙනුවට ඒවායේ ඇති on board network cards භාවිතා කෙරේ.

පරණ පරිගණක


Thin client වෙනුවට හුඟක් පරණ පරිගණක යොදාගත හැක. (මම මේ වැඩේ කරලා බැලුවා. පුදුම හිතෙනවා! ඒක නියමෙට වැඩ කරනවා. සර්වර් එක විදියට භාවිතා කරන Pentium 4 computer එකේ speed එක පරණ එකෙන් ගන්න පුළුවන්!! මාව විශ්වාස නැත්නම් වැඩේ කරලාම බලන්න!!! )

මම යොදා ගත්ත පරණම පරිගණකයේ විස්තර:
Processor: Pentium 1 (133MHZ)
Ram: 64MB
VGA: 8MB card
15” monitor
Old Keyboard
Serial Mouse
LAN: Intel MT pro 1000 with boot Rom

Boot වීමට network cardඑක තුළ boot ROM එක තිබිය යුතුයි. Boot ROM එක network එකට තමන්ට boot වීමට අවශ්‍ය බව දන්වනවා. එවිට LTSP server එක මගින් boot වීමට අවශ්‍ය Operating system එක ලබා දෙනවා.

Boot Rom ප්‍රශ්ණයට විකල්ප:

1.එසේ boot rom නොමැති network cards වලට විකල්පයක් ලෙස එම card එකේ chipset එකට අදාල boot rom image එක floppy disk එකකට හෝ Cd එකකට දැමා ගත හැක. මෙම boot image එක ලේසියෙන්ම http://www.rom-o-matic.net web එකෙන් ලබා ගන්න පුළුවන්. උපදෙස් සියල්ල එහි සඳහන් වෙනවා.

2.On board LAN තියෙන පරණ පරිගණක යොදා ගැනීම තවත් විකල්පයක්..

Server

ඇත්තම Server එකක් වෙනුවට අළුත් පරිගණකයක් පහසුවෙන් භාවිතා කළ හැක. එම පරිගණකයට අවශ්‍යවන දේවල් පහත දැක්වේ.

1.Processor: P4 1.8GHZ or faster
2.Ram: 1 GB or more
3.LAN: 2 cards (ඕනෑම වර්ගයක්. Boot Rom අවශ්‍ය නැත)
4.VGA
5.Keyboard/Mouse
6.HDD: 40GB or more
7.CD/DVD

Client පරිගණක වැඩිවන තරමට server එකේ Ram වැඩිකළ යුතුයි. Client computer එකකට server එකේ 128MB Ram වත් වෙන් කරීමට අවශ්‍යයි. Network Cards දෙකෙන් එකක් අන්තර්ජාලයටද අනෙක Client computers වලට අවශ්‍ය සේවාවන් ලබා දීමට භාවිතා කෙරේ. Hard disk එක තමන්ගේ Network එකේ පාවිච්චි කරණ client computers ප්‍රමාණයට සහ ඒවායෙන් save කරණ දත්ත ප්‍රමාණයට අනුව වැඩිකල යුතුයි.

Network

Network Switch එකක් සහ Network cables පමණක් සෑහේ (අන්තර්ජාල පහසුකම ඇත්නම් පමණක් යොදා ගත හැක)

Server Software

අපට ප්‍රධාන වශයෙන් server එකට අවශ්‍ය මෘදුකාංගය වන LTSP සහිත Linux distributions 2කින් එකක් යොදාගත හැක. ඒවා ලබාගත හැකි තැන්:

Fedora සහ CentOS පාවිච්චි කරන අයට
http://k12ltsp.org/mediawiki/index.php/DownLoad

Ubuntu පාවිච්චි කරන අයට alternative install Cd එක ගන්න:
http://www.edubuntu.com/Download

මෘදුකාංග ස්ථාපනය කිරීමෙන් පසු server එකේ firewall settings සහ client computers වලට අදාල වෙනස්කම් කළ යුතුයි. උපදෙස් සඳහා: www.ltsp.org වෙත යන්න.

නිගමනයන්


පරණ පරිගණක වලට නව මෘදුකාංග දාන්න බැරිව ඒවා කුණුගොඩට යවනවාට වෙනුවට වැඩක් ගන්න පුළුවන්. අපිට වින්ඩෝස් XP / Vista, අළුත් Ubuntu, Fedora සහ Gentoo 64mb ram තියෙන පරණ computer එකකට දාන්න බෑ. නමුත් LTSP භාවිතයෙන් පරණ computer වලින් අළුත් Operating systems සහ මෘදුකාංග පාවිච්චි කරන්න පුළුවන්. අපි Open source software යොදා ගන්නා නිසා එයින් ඇති වන වාසිය කියා නිමකල නොහැක

මගේ දායකත්වයන්
http://si.wikipedia.org/wiki/Ltsp
http://alstontravelnotes.blogspot.com/2006/06/free-open-source-software-is-really.html

Thursday, October 9, 2008

දැනට භාවිතයේ ඇති ජනප්‍රිය මෘදුකාංග වෙනුවට ඒහා සමානව භාවිතා කළ හැකි විවෘත මූලාශ්‍ර මෘදුකාංග (FOSS)

Microsoft Internet Explorer වෙනුවට Mozilla Firefox
Microsoft Money 2007 වෙනුවට GnuCash
Microsoft Office වෙනුවට OpenOffice
MSN Messenger/Yahoo Messenger වෙනුවට Pidgin
Adobe Illustrator CS2 වෙනුවට Skencil
Adobe Pagemaker/Indesign වෙනුවට Scribus
Adobe Photoshop CS3 වෙනුවට Gimp
Corel Draw X3 වෙනුවට InkScape
Adobe Premiere Pro 2.0 වෙනුවට Avidemux
Autodesk 3ds Max 9/ Maya 8 වෙනුවට Blender
Autodesk AutoCAD 2007 වෙනුවට Qcad
Macromedia Flash Professional 8 වෙනුවට OpenLaszlo
Microsoft Outlook 2003 වෙනුවට Evolution
Microsoft Windows Media Player වෙනුවට VLC media player
Nero Burning Rom වෙනුවට K3B

මේවා සාදා ඇති කේතයන් (Source Codes) ඕනෑම කෙනෙකුට ලබා ගත හැකි අතර පිටපත් කිරීම (කොපි) සහ බෙදා හැරීමට නීතියෙන් ඉඩ ලබා දී ඇත. එමෙන්ම මෘදුකාංගය වෙනස් කිරීමටද හැක. නොමිලයේ අන්තර්ජාලය මගින් බෙදා හැරේ.


ලංකාවේ තත්වය

නීතිය අනුව වානිජ මෘදුකාංග කොපි කිරීම හා නීත්‍යානුකූලව මිලදී නොගෙන භාවිතා කිරීම තහනම් අතර එසේ සිදුකළහොත් වසර 5කට නොඅඩු සිර දඬුවමක් හෝ මුදලින් ලක්ෂ 5ක දඩයක්ද නොඑසේනම් එම දඬුවම් දෙකම පැනවේ.

මේ අනුව බැලූවිට මෘදුකාංග මිලදී ගැනීම සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවේ. නමුත් එය අපට දැරිය නොහැකි ප්‍රමාණයේ විශාල එකකි. උදාහරණයක් ලෙස ගතහොත් Microsoft Windows නීත්‍යානුකූලව මිලදී ගැනීමට පමණක් රුපියල් 20000කට ආසන්න මුදලක් වැයවෙන අතර Microsoft Office සඳහා රුපියල් 40000ක් පමණ වැයවේ.

නමුත් වානිජව විකිනීමට ඇති මෘදුකාංග වලින් කරන කාර්යයන් එලෙසින්ම කළ හැකි විවෘත මූලාශ්‍ර මෘදුකාංග භාවිතා කිරීමෙන් අපට එම දුෂ්කරතාවයන් පහසුවෙන් මගහරවා ගත හැකි වේ.

Tuesday, September 9, 2008


LTSP - නොහොත් Linux Terminal Server Project

නව තාක්ෂණයට පහසු අත්වැලක්!

ගමට සහ නගරයට පොදුවූ පරිගණක ලොවක්!!

මේකෙන් මොකක්ද කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රයෝජනය?

නවීන පරිගණක තාක්ෂණය අඩු වියදමකින් ලබා ගැනීම.....
පරණ පරිගණකවලට නව ජීවයක් දීම....
පරිගණකවල ආයු කාලය වැඩිවීම....
සියලු මෘදුකාංග නොමිලයේ ලබාගත හැකි වීම....
වෛරස් වලින් තොරවූ පරිගණක ජිවිතයක් ලැබීම...
අඩු විදුලි පරිභෝජණයකින් ඔබට සහ රටට ඉතිරියක්.....
ලෝකයේ අලුත්ම පරිගණක තාක්ෂණය එසැනින් ඔබට....
පරිගණක නඩත්තුව අවමවීම.....


සංසන්දනාත්මකව බැලූ කළ...........

සාම්ප්‍රදායික පරිගණක ජාලය නවීන LTSP ක්‍රමය
සියල්ලම නවීන පරිගණක – වැඩි වියදම පරණ පරිගණක සමග අළුත් පරිගණක එකක් – අඩු වියදම
නිතර නඩත්තුව නඩත්තුව නැතිතරම්!
මෘදුකාංග වියදම අධිකය නවීන මෘදුකාංග සියල්ල නොමිලේ!
විදුලි පරිභෝජනය වැඩියි අවම විදුලි පරිභෝජනය
පරිගණක වෛරස් නිසා දත්ත වල ආරක්ෂාව අවම වීම වෛරස්වලට උපරිම ප්‍රතිරෝධයක් ඇති ලොව එකම ක්‍රමය
පරණවෙන පරිගණක ඉවත්කිරීමට සිදුවීම පරණ පරිගණක වලින් අලුත් පරිගණකවල ක්‍රියාකාරත්වය එලෙසින්ම ලබා ගත හැක
පරිගණකයෙන් පරිගණකයට වෙන වෙනම මෘදුකාංග ස්ථාපනය (Install) කිරීමට සිදුවීම. එක අළුත් පරිගණකයකට පමණක් මෘදුකාංග ස්ථාපනය කිරීම නිසා කාලය සහ මුදල් ඉතිරිවීම


වියදම අතින් බැලූවිට......

සාම්ප්‍රදායික පරිගණක ජාලය වියදම රු. නවීන LTSP ක්‍රමය වියදම රු.
නව පරිගණක 10 (Pentium 4) 450000 නව පරිගණක 1 (Pentium 4) 45000
ජාලගත කිරීමේ වියදම් 12000 ජාලගත කිරීමේ වියදම් 12000
මෘදුකාංග (නීති විරෝධී කොපි)
නියමාකාරයෙන් මිලදී ගතහොත් රු.ලක්ෂ 10 ඉක්මවයි!
1000 අලුත්ම මෘදුකාංග (නියම Open Source Software) 0
නිතර නඩත්තුව (මාසිකව දළ වශයෙන්) 2000 නඩත්තුව 0


පරණ පරිගණක 10 (Pentium 2) 50000


අතිරේක මතක ධාරිතාවය (RAM) 5000
මුළු පරිගණක සංඛ්‍යාව 10
මුළු පරිගණක සංඛ්‍යාව 11 තවත් පරණ පරිගණක එකතු කළහැක
එකතුව 465000
112000

Monday, July 14, 2008

මට මේ ලිපිය සිංහලෙන් ලියන්න හිතුනා මොකද, සමහර වෙලාවට ඉංග්‍රීසියෙන් කිව්වට වැඩිය සිංහලෙන් කියනදේ බොක්කට වදිනවලු...

මේක ටයිප් කරන්න මම භාවිතා කළේ පුරුදු විදියට ලිනක්ස් පද්ධතිය සහ එහි ඇති සිංහල යුනිකෝඩ් අකුරුයි. මොකද හිතන්නේ? වැඩේ ලස්සනයි නේද?

Thursday, March 6, 2008

Tuesday, February 26, 2008