Thursday, November 12, 2009

ලිනක්ස් සඳහා Bitdefender Antivirus නොමිලේ ගමු.

අද මම හඳුන්වා දෙන්නේ ලිනක්ස් සඳහා ඇති හොඳ Antivirus software එකක් ලෙස සැලකිය හැකි නොමිලේ දෙන Bitdefender for Unices මෘදුකාංගයයි. එය ස්ථාපනය කරන ආකාරයද රූප සටහන් මගින් දක්වමි.

වයිරස් ආසාදිතයැයි සැක සහිත ගොනු සහ Usb pendrive පරීක්‍ෂාකර බැලීම
ට සහ වයිරස් ඉවත් කිරීමට හොඳ Antivirus එකක අවශ්‍යතාවය ඔබට දැනී ඇත. නමුත් බොහෝවිට ලිනක්ස් පාවිච්චි කරන්නේ නම් Antivirus එකක් අවශ්‍ය නොවුනත් වයිරස් ආසාදිතවී ඇති ගොනු සහ pendrives පිරිසිදු කිරීමට ලිනක්ස් මාධ්‍ය කරගත් Antivirus software එකක් භාවිතා කළ හැකිනම් එයින් ඇති වන වාසි කිහිපයක් ඇත. එනම්,

1. ආසාදනය වී ඇති ගොනු සහ pendreives මගින් ලිනක්ස් පරිගණකයකට හානි සිදුවීම අවම වීම
2. ඉතා ඉක්මනින් සහ අවම වෑයමකින් වයිරස් ඉවත් කළ හැකි වීම

3. ලිනක්ස් තුල සම්පූර්ණ පාලනය තමන් සතුවීම. (ආසාදිත ගොනුවක් වින්ඩෝස් මතදී මකා දැමීම අපහසු වුනත් ලිනක්ස් තුලදී පහසුවෙන් කළ හැක)
4. Antivirus මෘදුකාංග කීපයක් වුවත් ලිනක්ස් තුල ස්ථාපනය කළ හැකිවීම සහ වයිරස් ආසාදිතයැයි සැක සහිත ගොනු සහ Usb pendrive පරීක්‍ෂාකිරීම එම Antivirus මෘදුකාංග සියල්ලෙන්ම කළ හැකිවීම

ස්ථාපනය කරගන්නා ආකාරය:


1. Bitdefender Download කර ගැනීමට පහත link එකට යන්න.
Form එක පුරවා යවා තමන්ගේ ලිනක්ස් distribution එකට අදාල installation file එක බාගත කරගන්න.

http://www.bitdefender.com/PRODUCT-80-en--BitDefender-Antivirus-Scanner-for-Unices.html


2. එම බාගත් ගොනුව තමන්ගේ Desktop එකේ තැන්පත් කරගන්න

3. දැන් terminal එක විවෘත කරගන්න (ඒක කරන්නේ මෙහෙමයි: Applications->Accessories->Terminal නැත්නම් Applications->System Tools->Terminal)

4. දැන් මෙම විධාන දෙන්න ඉන්පසු Enter යතුර ඔබන්න



උබුන්ටු/ලංකානෙට් ලිනක්ස් සඳහා විධාන:

cd Desktop (දැන් Enter ඔබන්න)

sudo sh BitDefender-Antivirus-Scanner <-මෙතනදී Tab key එක
එබූවිට file name එකේ ඉතිරි කොටස ස්වයංක්‍රීයව සම්පූර්ණවේ. නැත්නම් සම්පූර්ණ file name එක type කරන්න. (දැන් Enter ඔබන්න)

Fedora/RedHat/CentOS සඳහා විධාන:
terminal එකට ගොස් පහත විධාන දෙන්න:
su -

දැන් ඔබේ root password එක දෙන්න


දැන් පහත විධානය දී Enter යතුර ඔබන්න:
cd /home/ඔබේ username එක/Desktop/

උදාහරණයක් ලෙස: cd /home/tharaka/Desktop/

දැන් පහත විධානය දී Enter යතුර ඔබන්න:

sh BitDefender-Antivirus-Scanner <-මෙතනදී Tab key එක එබූවිට file name එකේ ඉතිරි කොටස ස්වයංක්‍රීයව සම්පූර්ණවේ. නැත්නම් සම්පූර්ණ file name එක type කරන්න.

5. දැන් ස්ථාපනය ආරම්භවීමට ප්‍රථම, License Agreement එක පෙන්වයි. එ
හි අවසාන පේළියට යෑමට Space key එක කිහිප වරක් ඔබන්න.

6. අවසාන පේළියට ආවිට accept ලෙස type කර enter key එක ඔබන්න. එයින් කෙරෙන්නේ, ඉදිරිපත්කර ඇති licese ageement එක අප පිළිගන්නා බව ප්‍රකාශ කිරීමයි. ඉන්පසු y අකුර type කර Enter යතුර එබූවිට ස්ථාපනය වීම සම්පූර්ණවේ.

7. දැන් ස්ථාපනය වී ඇති Bitdefender විවෘත කරන්න:
Applications->System Tools->Bitdefender Scanner


8. ඔබ නොමිලේ ලබාගත් serial number එක paste කරගන්න (Bitdefender අඩවියට පහත දැක්වෙන රූපයේ ආකාරයට click කර යන්න)

සැළකිය යුතුයි:
මතක ඇතිව Update කරගන්න. දැන් ඔබේ සහ මිතුරන්ගේ ආසාදිත files සහ pendrives පිරිසිදු කරන්න පටන් ගන්න. අඹිලිපිටියේ පැවැත්වූ සම්මණ්ත්‍රණයේදී කිහිප දෙනෙක්ගේ ආසාදිත Pendrives මම මේ ආකාරයට සනීප කළා.

මෙන්න මම Anitivirus software 4ක් පාවිච්චි කරන හැටි:ඒවානම්:
1. Avast
2. Bitdefender
3. ClamAv with KlamAV gui
4. Avg command line Anti-Virus scanner