Monday, November 29, 2010

මෘදුකාංග තැටිය නොමිලේම ගෙදරටම ගෙන්ව ගන්න. සත පහක්වත් එපා!

ඔන්න ආයිත් මේ පණිවිඩය නොලැබුන අයට දෙනවා. 
හැමදෙයක්ම ඇතුලත් කර හැදූ උබුන්ටු එක නොහොත් ලංකානෙට් ලිනක්ස් ඔබේ ගෙදරටම නොමිලේ ගෙන්ව ගන්න. ලිනක්ස් සහ opensource software පාවිච්චි කරන සහ කරන්න ආස අයට මේකේ හැම පහසුකමක් තියෙනවා.

මගේ පෙර ලිපි වලින් මේක ගැන වැඩි විස්තර සහ ලබා ගන්න විධිය දැන ගන්න පුළුවන්. බාගත කරන්න බැරි අය විතරක් ගෙදරට ගෙන්ව ගන්න. ඒ වගේම තම ලිපිනය මතක ඇතිව හරියට සඳහන් කරන්න.

මේක ලබා ගත් අය හැකි තරම් දන්න අය අතරේ බෙදා හරින්න. පිටපත් කිරීමට කිසිම බාධාවක් නැහැ!

Saturday, November 27, 2010

USB Dongle/ජංගම දුරකථනය මගින් ලංකානෙට් ලිනක්ස් තුළ අන්තර්ජාලය භාවිතය සහ KDE

ඉස්සෙල්ලාම මෙන්න KDE එක පෙනෙන හැටි..
ඔක්කොටම කලින් මේ දකුණු පැත්තේ තියෙන එකට ඔබේ මනාපය දීලා ඉන්න... ----->




 Use your usb dongle/phone to browse the Internet with LankaNet.org Linux 3
USB Dongle/ජංගම දුරකථනය මගින් ලංකානෙට් ලිනක්ස් තුළ අන්තර්ජාලය භාවිතය

1. ඔබේ Dongle හෝ ජංගම දුරකතනය (USB cable එක මගින්) සම්බන්ධ කර Desktop එකේ ඉහල ඇති gnome panel එක මත තිබෙන සලකුන මත ක්ලික් කරන්න.
2. එන මෙනුව බැලූවිට New Mobile Broadband (GSM) connection නැමති එක ඔබට පෙනෙනවා.
3. දැන් New Mobile Broadband (GSM) connection තෝරා ගන්න.


 4. දැන් Forward බොත්තම ඔබන්න.

5.  දැන් ඉහත ආකාරයට ලංකාව තෝරා ගන්න.

6. ඉහත ආකාරයට ඔබේ සබඳතා සපයන්නා තෝරා ගන්න. 

7. ඔබ භාවිතා කරන පැකේජය තෝරා ගන්න. 

 8. දැන් Apply බොත්තම ඔබන්න

9. බොත්තම එබූ වහාම එය අන්තර්ජාලයට සම්බන්ධ වෙනවා. 

 10. නැවත Gnome Panel එක මත ඇති සලකුණ මත ක්ලික් කිරීමෙන් එන මෙනුවෙන් ඔබට අන්තර්ජාලයෙන්ඉවත් වීමට හැකියි.

 11. අන්තර්ජාලයට සම්බන්ධ වීමට අවශ්‍ය නම් ඊලඟ ව තාවේ Gnome panel එක මත ඇති සලකුණ මත ක්ලික් කර ඔබේ ජාලයට අදාල Connection එක මත ක්ලික් කරන්න.

KDE මතදී අන්තර්ජාලයට සම්බන්ධ වන්නේ ඉහත ආකාරයටයි.


Thursday, November 25, 2010

නොමිලේ දෙන ලංකානෙට් ලිනක්ස් ඔබත් ගන්න. and LankaNet.Org Linux 3 Screen Shots

මිතුරු මිතුරියනි ඔබේ පරිගණකයේ ඇති වෛරස් නිසා පරිගණකය එපා වුනාද? ඇයි LankaNet.org Linux 3 පාවිච්චි කරන්නේ නැත්තේ? නොමිලේ දෙන නිසාද? නැත්නම් බයටද? නැත්නම් වෙන හේතුවකටද? ඔබ දන්නවද ලොකයේ ඇති සුපිරිම පරිගණක 500න් 459ක්ම පාවිච්චි කරන්නේ ලිනක්ස් කියලා? මෙන්න සාක්කි!

ඔබ දන්නවද, ඔබ දැන් පාවිච්චි කරන මෘදුකාංග සහ Operating systems වෙනුවට මේක පාවිච්චි කරන්න පුලුවන් කියලා? එවායින් කරන වැඩ මේකෙනුත් කරන්න පුලුවන්!

කොහොමද මේක ගන්නේ?
හැකියාවක් ඇති අය අපේ අඩවියෙන් මේක බාගන්න

හැකියාවක් නැති අයට මේක ගෙදරටම නොමිලේ තැපෑලෙන් එවනවා! මගේ පෙර ලිපියෙන් ඒ ගැන වැඩි විස්තර ගන්න පුලුවන්.

(ඒ කියන්නේ මේවගේ අන්තර්ජාල සබඳතා!..... Unlimited ලෙස හැඳින්වුවත් ක්‍රියාවෙන් Limited, අසීමිත කීවත් සීමිත නොහොත් පීඩිත, එමෙන්ම Broadband කිව්වත් ඇත්තටම Narrowband connections පාවිච්චි කරන අයට පමණක් මෙය නොමිලේ ගෙදරටම එවනු ලැබේ.)
කරුණාකර මතක ඇතිව තමන්ගේ ලිපිනය හරියට එවන්න! දැනටමත් 10 දෙනෙක් විතර ඒකවත් හරියට කරලා නැහැ.


මෙන්න ඒකේ රූප කිහිපයක්:

Games Play කරන අයට ඔන්න නාන්න තියෙනවා


Graphic designing කරන අයට  අවශ්‍ය දේවල් ඔක්කොම තියෙනවා. ඔතන තියෙන Pencil කියන එකෙන් Flash Animations හදන්න පුළුවන්. AutoCad එක්ක පවුල් කන අය දැන් ඒක දික්කසාද කරලා Sagcad පාවිච්චි කරන්න ගන්න. ඒවගේම Qcad ඕන කෙනෙක්ට Terminal එකේ qcad කියා type කිරීමෙන් අනිත් එක්කෙනාට හොරෙන් එයාව පාචිච්චි කරන්නත් පුළුවන්. Qcad එක Menu එකේ පෙන්නන්නේ නැහැ.


අන්තරජංජාලය එක්ක පවුල්කන අයට ඔන්න අවුල් වෙන්න තරම් ගොඩක් දේවල් තියෙනවා


මෙන්න LXDE Interface එක (වින්ඩෝස්  XP/98 පාවිච්චි කරලා බඩගිය කට්ටියට මේක හොඳයි)


ලියකියවිලි එක්ක වැඩ කරන අයට සැනසෙන්න නෙමෙයි නටා සතුටු වෙන්න ගොඩක් හේතු දැන් තියෙනවා


Cliparts දැන් ඕන තරම්  තියෙනවා. ඇදලා දාගන්න විතරයි තියෙන්නේ


Software Development නැත්නම් Programming කරන අයට ඔළුව කස කස ඉන්නේ නැතුව වැඩ කරන්න මෙන්න අවශ්‍ය දේවල් තියෙනවා. සොෆ්ට්වෙයා හැදුවාම මටත් පෙන්නන්න හොඳේ? ඒවගේම Web designing කරන්නත් දේවල් තියෙනවා


මෙන්න Guitar වාදනය කරන අයට නියම ගේමක්! "Frets on Fire"


මේකේ wine  තියෙන නිසා වින්ඩෝස් මත පමණක් වැඩ කරන ඒවත් දාගන්න පුළුවන්. මේ තියෙන්නේ මධුර ශබ්දකෝෂය ලිනක්ස් මත දුවන හැටි. අවශ්‍ය අයට ඒක ස්ථාපනය කරගන්න Setup එක මේකෙ ඇතුලේ තියෙනවා. /usr/share/guides ඇතුලට ගිහින් බලන්න


මල්ලිලා නංගිලා උඩ පැන පැන Age of Empires ගේම ගහලා ඇතිනේ? මේ තියෙන්නේ Battle for Wesnoth කියන එක. අරක වගේමයි නේද?


ඔන්න ඉතිං Hand bill එකක් poster එකක් ගහලා කාටවත් අතපාන්නැතුව අහිංසක විදියට ජීවත්වෙන්න කැමති ඔබට Scribus තියෙනවා


 මේ තියෙන්නේ Adobe Dreamweaver වගේ එක්කෙනෙක්. එයාගේ නම "Quanta" මාර වැඩ කෑලි ගොඩක් තියෙනවා.


Multimedia අහන බලන හදන කපන කොටන convert  කරන අයට මේ ලැයිස්තුවේ ඒවා මදිනම් බම්බු ගහගන්න එකයි ඇත්තේ! (අර රැවුල තියෙන එක්කෙනා කිව්වා වගේ)


 මෙන්න LankaNet.org Linux එකේ XFCE වැඩ කරන හැටි! මෙයාට "කාටත් බරක් නැති gnome" කියන්නත් පුළුවන්



මෙන්න මෙහෙමයි Interfaces නැත්නම් අතුරුමුහුනත් මාරු කරගන්නේ. 
  1. පළමුව තමන්ගේ Username එක උඩ click කරන්න
  2. දැන් පහල ඇති sessions කිය තැන ඇති මෙනුවෙන් ඉහත රූපයේ පෙනෙන ආකාරයට තමන් කැමති Interface එක තෝර ගන්න.
  3. දැන් තමන්ගේ Password එක ඇතුලත් කර Login වෙන්න. එච්චරයි!


මේකට කියන්නේ CairoDock (no OpenGL) මේක ගන්න Accessories මෙනුවට යන්න.
ඔරලෝසුව දාගන්න Accessories මෙනුවට ගොස් MacSlow's Cairo-Clock තෝර ගන්න

P.S. මගේ මේ බ්ලොග් එකේ දකුණු පැත්තේ උඩ තියෙන මත විමසුමට ඔබේ නොමසුරු සහභාගීත්වය අපේක්ෂා කරමි.

Tuesday, November 23, 2010

ලංකානෙට් ලිනක්ස් 3 නිකුත් කලා!

ලංකානෙට් ලිනක්ස් 3 නිකුත් කළ බව ඔබ සැම වෙත සතුටින් දැනුම් දෙමි. බාගන්න හැකි අය අපේ අඩවියෙන් බාගන්න. බාගන්න හැකියාවක් නැති අය අපිට ඔබේ ලිපිනය එවා නොමිලේම ගෙන්න ගන්න.
ඔබගේ ඉල්ලීම පරිදි ඔබට අවශ්‍ය ආකාරයට මෙය සකසා ඇත. ඔබට අවශ්‍ය සෑම මෘදුකාංගයක්ම පෙරනිමියෙන් ඇත. ඔබට කරන්න ඕන මොකක්ද? ඒ වැඩේ කරන්න පුලුවන් මෘදුකාංගය මෙහි තියෙනවා. (කතාව පැහැදිලියි නේද?) 


 
මෙහි ඇති විශේෂත්වයන්

1. LankaNet Linux KDE,LXDE,Gnome සහ XFCE වලින් සමන්විතයි.
ඔබට kubuntu, Ubuntu, Xubuntu සහ Lubuntu එකම තැටියක තිබුනානම් කියා කීවරක් සිතී ඇත්ද? LankaNet Linux 3 සමග මෙය තවදුරටත් සිහිනයක් නොව සැබෑවක් බවට පත් වී ඇත. එහි ඇති වාසිය වන්නේ ඔබේ සිතැඟි පරිදි Desktop Environment එක ලේසියෙන්ම වෙනස් කරගෙන පාවිච්චිකිරීමට ඇති හැකියාවයි. මේ හතරෙන් ඔබ කැමති එකක් ඕනෑම වෙලාවක භාවිතා කළ හැකියි. 

2. Chromium web browser එක ඇතුලත් කර ඇත. (Opera, Konquerer, Firefox යන ඒවාද ඇත)

3. Openoffice.Org වලට අමතරව Abiword සහ Gnumeric Spreadsheet අලුතෙන් අතුලත් කර ඇත.

4. Gnome, Kde, Openoffice.Org සහ Mozilla Thunderbird සඳහා ඉංග්‍රීසි අතුරු මුහුණත සමග සිංහල අතුරු මුහුණතද අලුතෙන් ඇතුලත් කර ඇත.

5. මෘදුකාංග නිපදවන ඔබ සඳහා ඒ සඳහා අවශ්‍යවන IDEs ඇතුලත් කර ඇත. එනම් Eclipse, Netbeans, Codelite, Anjuta, MonoDevelop, Gambas2 සමග තවත්දේ ඇත.

6. Apache, Php, Mysql, Perl, python සහ තවත් දේ ඇත.

7. Deja Dup backup tool එක ඔබේ පහසුව සඳහා ඇත.

8. ඔබ අන්තර්ජාලය භාවිතා කිරීමේදී වැය කළ Bytes ප්‍රමාණය මැන ගැනීමට netspeed applet එක ඇත.

9. නොවැම්බර් 19 වන දින තෙක් නිකුත් කර ඇති සියලුම මෘදුකාංග යාවත්කාල කිරීම් ඇතුලත් කර ඇත.

10. ගොනු දෙකක් හෝ කිහිපයක් අතර වෙනස්කම් සංසන්දනය කර බැලීමට Meld, Diffpdf, Kompare යන මෘදුකාංග ඇත.

11. Xmind ඉවත් කර ඒ වෙනුවට Freemind ඇතුලත් කර ඇත.

12. Opencliparts රූප ගබඩාව ඇත. Openoffice හෝ වෙනත් දේ සඳහා මෙම cliparts පහසුවෙන් යොදා ගත හැක.

13. Firefox සහ Mozilla Thunderbird සඳහා Adblock plus ඇතුලත් කර ඇත.

14. Skype, Avast antivirus, Bitdefender Antivirus ඇතුලත් කර ඇති අතර ඔබ විසින් අවශ්‍යනම් පමණක් ස්ථාපනය කර ගැනීමට උපදෙස් සහ Intallation files ඇත. උපදෙස් තුල ඇති විධාන terminal එක තුලට copy paste කිරීම පමණක් ප්‍රමාණවත් වන අතර  අන්තර්ජාලය අවශ්‍ය නොවේ.



වැඩිවිස්තර සහ Screen shots ඉදිරියේදී බලාපොරොත්තුවන්න.

Minimum System Requirements 
(පහත ඒවා වැඩිවෙන තරමට හොඳ බව කරුණාවෙන් සළකන්න)

Ram: 512MB
Hard Disk Space: 10GB
Processor: 1000Mhz/1Ghz 


Download Link: LankaNet.Org

බාගන්න බැරි අය නොමිලේ ගෙන්ව ගන්න (සීමිතයි)
දැන් තැපැල් මගින් ලබා දීම නවතා ඇත. නමුත් ඔබට ආසන්නයේ ඉන්න මේ අයගෙන් පිටපතක් ලබා ගන්න පුළුවන්. අලුත් DVD එකක් ගෙන ගොස් පිටපතක් ගන්න. මෙන්න ඔවුන්ගේ නම් ලැයිස්තුව:
http://lankanet.org/?page_id=194

(2011 ජනවාරි 4)

ඔබට මේ පිළිබඳ පුහුණුවක් අවශ්‍යද? 
අප එය ලබා දීමට ලංකානෙට් ආයතනය සූදානම්! අමතන්න 011-2726340 නැත්නම් අපිට ලියන්න
ඔබේ ආයතනයට මෙය ස්ථාපනය කර ගැනීමට ලංකානෙට් ආයතනයේ සේවය ලබා ගන්න 

Thursday, November 4, 2010

ඔබේ යෝජනාවට ඇගේ/ඔහුගේ කැමැත්ත???

ඔව්! හිතේ හිරකරන් ඉන්නේ නැතුව තමන්ගේ අදහස කියන්න. කැමති වුනත් අකමැති වුනත් තමන්ගේ හිතේ තියෙනදේ කියලා හිත සැහැල්ලු කරගන්න. නොකිව්වොත් තමන්ටමයි පාඩුවෙන්නේ කියලා තේරුම් ගන්න. පමාවෙන්නත් එපා! අහලා ඇතිනේ පමාව පසුතැවීමට හේතුවේ කියලා? අනික එහෙම තමන් යෝජනාවක් කරනවිට ඒ පිළිබඳ දෙගිඩියාවක් බයක් සැකයක් තියාගන්න එපා. කෙලින්ම කියන්න. එහෙම කිව්වා කියලා තමන් මැරෙන්නේ නෑනේ! ඒකයි මම කියන්නේ හෙට අනිද්දා නිකුත් කිරීමට නියමිත ලංකානෙට් ලිනක්ස් සඳහා ඔබ යෝජනා කරන දේවල් මට දැනුම් දෙන්න කියලා!! වෙන මොනවත් නෙමෙයි..

මේපාර wine ඉවත් කරන අදහස අයින් කරගත්තා. ඒ නිසා මධුර ශබ්ධ කෝෂය ඇතුලත් වේවි. පුළුවන් නම් සිංහල යුනිකෝඩ් සඳහා සහය දෙන එකක් තියෙනවනම් මට එවන්න. එහෙම වුනොත් ඒක මධුර වෙනුවට ඇතුලත් කරන්නම්.
  1. Apache, PHP, MySql, ඕනේද එපාද? දැනට ඉවත් කිරීමට තීරණය කර ඇත. මොකද apache mysql run කරන එක සාමාන්‍ය පරිගණක පරිශීලකයන්ට අවශ්‍ය නෑ. ඒවා ඕන අයට පිටින් ස්ථාපනය කරගන්න හැකියාවක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. system එක run වෙනවිට අනවශ්‍ය විධියට ports open වෙලා තියන්න හොඳ නැහැ. ඒකයි මම මේවා නොදාන්න තීරණය කළේ. ඔබේ මේ පිළිබඳ අදහස් මට කියන්න.
  2. Netbeans, Eclipse, Quanta, Bluefish කළින් වගේම තිබෙනවා. මේපාර xmind ඉවත් කර ඒ වෙනුවට freemind ඇතුලත් කර ඇත.
  3. Chromium browser, DejaDup backup tool, LXDE/KDE/Gnome/Xfce Desktop environments අඩු නැතිව ඇතුලත්කර ඇත. හද්ද පරණ පරිගණකයක් වුනත් LXDE භාවිතා කර තිරිහන් කරන්න පුළුවන්. ඒ වගේම ඒක හරිම වේගවත්!
  4. Vlc, Smplayer, Dragon Player, Java, Flash සිරිත් පරිදි ඇත.
  5. Openoffice.org, Abiword, Gnumeric, Scribus ඇත.
  6. Gimp, Inkscape, Skencil, k3d, Avidemux, Blender, kartoon, tuxpaint ඇත.
  7. අන්තර්ජාලය භාවිතා කිරීමට වැයවූ දත්ත ප්‍රමාණය මැන ගැනීමට Netspeed applet එක ඇත.

තව වෙන්න ඕනේ මොනවද?


මේක මේ විධියට සකස් කරන්නේ මටවත් මගේ බොස්ගේ උවමනාවටවත් වෙන කාගෙවත් උවමනාවටත් නොවේ. ඒ වගේම මට නිකං ඉන්න බැරි අමාරුවටවත් නෙවෙයි හැමොගෙම්ම දොස් අහගෙන මගේ පෞද්ගලික ජීවිතයේ දේවල් අමතක/අතපසු කර මම මේක හදන්නේ ශ්‍රී ලාංකික ඔබගේ ප්‍රයෝජනයට සහ උවමනාවටයි. ඒ ප්‍රශ්ණ ඔබට දැන ගැනීමට අවශ්‍ය නැතැයි මම සිතමි.