Friday, October 29, 2010

LankaNet.Org Linux 3 සඳහා ඇතුලත්විය යුතු දේ

මේ සඳහා ඔබේ අදහස් යෝජනා ඇතොත් හැකි ඉක්මනින් මා හට දැනුම්දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ ඇතුලත්විය යුතුයැයි සිතන මෘදුකාංග ඇතුළු වෙනත් දේ සඳහන් කරන්න.

Monday, October 18, 2010

විවෘත මූලාශ්‍ර මෘදුකාංගවල ඇති හොඳ සහ නරක සහ මෙතෙක් ඔබ නොදත් දේ

විවෘත මූලාශ්‍ර මෘදුකාංග වානිජ වශයෙන් විකිණීමට ඇති මෘදුකාංග හා සංසන්දනය කලවිට ඒ දෙක අතර නොයෙකුත් වෙනස්කම් අපට දක්නට ලැබෙනවා. එකම කාර්යයක් කිරීම සඳහා සාදා ඇති විවෘත මූලාශ්‍ර මෘදුකාංගයක් හා වානිජ මෘදුකාංගයක් සංසන්දනය කළ විට ලැබෙන ප්‍රථිපලය ඒ කියන්නේ ඒ දෙක අතර ඇති ගුණ දොස් විවිධාකාරයි.

අපි උදාහරණ කීපයක් මෙහිදී සලකා බලමු.

මුලින්ම Ms Office හා Openoffice.org නොහොත් දැන් Libreoffice ලෙස හඳුන්වන මෘදුකාංග දෙක ගමු

Ms office වල ඇති පහසුකම් වලින් 80%ක් පමණ අපට Openoffice තුල දැකිය හැක. නමුත් openoffice තුල එයට ආවේණික වූ පහසුකම් කිහිපයක් ඇත. කෙසේ වෙතත් අපිට අවශ්‍ය දේ ඒ දෙකෙන්ම කරගන්න පුළුවන්. භාවිතා කිරීමේදී MS office වඩාත් පහසු බව සමහර අයට දැනෙන්නට පුළුවන්. ඒ දෙකේ මිල සංසන්දනය කලොත් අනිවාර්යයෙන්ම openoffice ජයග්‍රහණය ලබනවා. මන්ද openoffice නොමිලයේ ලැබෙන විට Ms office සඳහා අපිට විශාල මුදලක් වැය කරන්න සිදුවීමයි. Sun සමාගම Oracle විසින් මිලදී ගැනීමත් සමගම openoffice සඳහා අනුග්‍රාහකත්වයට ගැටළු ඇතිවී ඇත. ඒත් openoffice නැතිවී යයි කියා අපට ගැටළුවක් ඇති නොවේ. මන්ද දැනට එය libreoffice නමින් නිකුත් කර ඇති නිසයි. Source Code එක කාටත් පොදුවේ ලබා ගැනීමටත් වෙනස් කිරීමටත් හැකියාව ඇති නිසා open source මෘදුකාංග වඳවීයාමේ තර්ජනයෙන් තරමක් දුරට ගැලවී සිටිනවා කියන එකට මේකත් එක්තරා හොඳ උදාහරණයක්.

Adobe photoshop සහ Gimp ගෙන බැලුවොත් photoshop නව සංස්කරණයේ පහසුකම් වලින් 50%ක් වත් Gimp වල දක්නට නොලැබේ. නමුත් Gimp නව සංස්කරණය අඩු Ram ප්‍රමාණයක් ඇති පරිගණකයක වුවත් හොඳින් ක්‍රියා කරනවා. Photoshop සඳහා විශාල මුදලක් වැයවන අතර Gimp නොමිලයේ ලැබේ. ඉතිං නොමිලයේ ලැබුනද Gimp ඉතා හොඳ photoshop ආදේශකයකි.

Inkscape යනු Corel draw/illustrator සඳහා ඇති හොඳ ආදේශකයකි. නමුත් එයද ඉහත සඳහන් කල මෘදුකාංගවල මෙන්ම පහසුකම් අතින් corel draw/Illustrator වලට වඩා පහලින් සිටියි.

අපිට පොදුවේ දැකිය හැකි වන්නේ විවෘත මූලාශ්‍ර මෘදුකාංගවල භාවිතයේ ඇති පහසුකම් අඩු වුනත් ඒවා ස්ථාවරත්වයෙන් සහ විනිවිදභාවයෙන් කිසිවකට දෙවෙනි නොවන බවයි. එමෙන්ම යාවත්කාල කිරීම් සහ නව සංස්කරණයට යාමට වියදමක් දැරීමට අවශ්‍ය නොවීමත් ඒවායේ ඇති වැදගත් ලක්ෂණයකි. Gnu/Linux, Apache ඇතුලු server සඳහා භාවිතා කරන මෘදුකාංග, Php, Firefox ඇතුලු ගොඩක් දේවල් පැරදවීමට වානිජ මෘදුකාංග අසමත් වී තිබේ.


Bugs නොහොත් දෝෂ


විවෘත මූලාශ්‍ර මෘදුකාංගවලත් bugs නොහොත් මෘදුකාංග දෝෂ තිබෙනවා. ලෝකයේ තිබෙන සෑම මෘදුකාංගයකම වගේ භේදයක් නොමැතිව අඩුම ගණනේ එක දෝෂයක්වත් තිබෙනවා. නමුත් විවෘත මූලාශ්‍ර මෘදුකාංගයක තියෙන වාසි අවාසි ගැන සිතීමට පෙර අප මෙසේ සිතුවොත්, දැවැන්ත බලවත් සමාගමක නිපදවන මෘදුකාංගයක් ඔබ විශාල මුදලකට මිලදී ගත්තායැයි සිතමු. ඒ මෘදුකාංගයේ කුමක් හෝ දෝෂයක් ඔබ සොයා ගත්තා යැයි සිතන්න. ඉන්පසු ඔබ කරනා දේ මෙය යැයි උපකල්පනය කළහොත්,

  • ඔබ පළමුව ඔවුන්ට මේ ගැන දන්වයි. ඉන්පසු? ඔවුන් එම දෝෂය නිවැරදි කරතියි ඔබ බලාපොරොත්තුවේවි,
  • දෙවනුව එය හැකි ඉක්මනින් කරයි කියා බලාපොරොත්තුවේ,
  • තෙවනුව එම මෘදුකාංගයේ ඊලඟ සංස්කරණය සඳහා ඔවුන් විශාල මුදලක් අය නොකරතියි සිතයි.
  • ඒවගේම ඊලඟ සංස්කරණයේ නව විශේෂාංග සමග තවත් දෝෂ නොතිබේයැයි බලාපොරොත්තු වීමයි.
  • තවත් දෙයක් නම් එම සමාගම බංකොලොත් නොවේයැයි බලාපොරොත්තු වීමයි.
එහෙම බැලූවිට අපි විවෘත මූලාශ්‍ර මෘදුකාංගවල පහසුකම් මදි යැයි දෝෂාරෝපණය කිරීම කෙතෙක් දුරට සාධාරණද?


මෘදුකාංග සුරක්ෂිතභාවය නොහොත් පැවැත්ම

හොඳ මෘදුකාංග සෑදු ආයතන එක්වරම වසා දමා එහි පාරිභෝගිකයින් අතරමංකර ගිය අවස්ථා එමටයි. එක්කෝ එම ආයතනය විකුණා දමා ඉන්පසු එය මිලදී ගත් අය එම මෘදුකාංගය නිෂ්පාදනය අත්හැර දමා පාරිභෝගිකයින් අතරමං කර දැමීම අපි අත්දැක ඇත. උදාහරණ ලෙස Neoworks ආයතනය McAfee විසින් මිලදී ගෙන Neotrace නැමති මෘදුකාංගය අත්හිටුවීම, Macromedia ආයතනය Adobe විසින් මිලදීගෙන Fontographer මෘදුකාංගය අත්හැර දැමීම පෙන්විය හැක.


විප්ලවකාරීන්


තම මෘදුකාංගය Open source කර ප්‍රජාවට භාරදුන් ආයතනද සිටී. නොයෙකුත් හේතූන් මත එසේ කළද එමගින් එම මෘදුකාංගයේ තත්වය වැඩි දියුණුවී නව පෙරළියක් සිදුකළ අවස්ථා ද කිහිපයක් දැක්විය හැක. එනම්,

1. Netscape සමාගම නිපදවූ Netscape Navigator opensource කර Firefox බවට පත්කිරීම,
2. Blender මෘදුකාංගය මුලින් වානිජව නිපදවූවද පසුව Open source කිරීම,
3. Sun Star office open source කර openoffice.org ලෙස නිකුත්කිරීම,
4. Eudora open source කර Penelope ලෙස නිකුත් කිරීම


GNU සහ GNA


මේ දෙගොල්ලෝ කණ්ඩායම් දෙකක් බව පෙනුනාට බොහෝවිට එකක් කියා අප සිතීමට පුළුවනි. නමුත් මේ දෙකේ බරපතල වෙනසක් තිබෙනවා. එනම්,
GNU කණ්ඩායම මූලික වී සිටින්නේ මෘදුකාංග වල කේතයන් විවෘතව ඔනෑම කෙනෙකුට ලබා දිය යුතුය යන ප්‍රතිපත්තියේය. එනම් foss කියා කෙටියෙන් හැඳින්වුවත් FLOSS (Free Libre Open Source Software) නමිනුත් හඳුන්වන මෘදුකාංගයි. නමුත් GNA කණ්ඩායම කියන්නේ තමන් හදන මෘදුකාංගවල කේත කාටවත් විවෘතව ලබා දීමට අනවශ්‍ය අතර එම මෘදුකාංගය Compile කර නොමිලයේ ලබාදීම පමණක් ප්‍රමාණවත් බවයි. Freeware කියලත් මේකට කියන්න පුළුවන්. කෙසේ වෙතත් ඒ දෙකේ පරස්පරයන් තිබුනද අන්තිමේදී කියන්නට වෙන්නේ මේ දෙකම නොමිලයේ ලැබෙන නිසා අපි වගේ දුප්පත් අයටනම් හොඳ බවයි. නමුත් මෘදුකාංගයේ source code එක දෙන එක කෙතරම් අගනේද යන්න තේරුම් යන්නේ කීයෙන් කීදෙනාටද යන්න තවත් කාරණයකි.


එමෙන්ම තවම කවමදාවකවත් හදලා ඉවර නොවෙන විවෘත මූලාශ්‍ර මෘදුකාංගද ඇත. එයින් පළමුවෙනියා ලෙස Open source software ප්‍රවනතාවය ආරම්භ කළ GNU ප්‍රජාව 1984 සිට තවම නිපදවීම සම්පූර්ණ කර නැති Gnu Hurd නැමති operating system එක නම් කල හැකිය. තවම එහි වැඩ අවසන් නැති නිසා ඔවුන් නිපදවූ අනෙකුත් මෘදුකාංග (Gnu utilities) සමග වැඩ කරවීමට 1991 දී Linus Torvald සෑදූ Linux kernel එක භාවිතා කරයි. මේ ගැන GNU වෙබ් අඩවියේද සඳහන් කර ඇත. Gnu Hurd සම්පූර්ණ කළහොත් එය අනෙකුත් Operating systems කැළෑවට යවන අනර්ඝ එකක් බවට පත්වන බව කවුරුත් දන්නා කරුණකි.


අනාගතය?

විවෘත මූලාශ්‍ර මෘදුකාංග නිපදවීම සඳහා විශාල පිරිසක් දායක වන්නේ ස්වේඡාවෙන් එමෙන්ම කිසිම මුදලක් නොලබායි. ඔවුන් තම කාලය මේ සඳහා යොදවන්නේ බොහෝ විට තමන්ට නිදහස් වෙලාවක් ඇති විටයි. සුළු පිරිසක් පමණක් මේ සඳහා පූර්ණ කාලීනව දායකවේ. එනිසා මේ සඳහා මුදල් ආධාර ලබාදී පුද්ගලයින් පූර්ණකාලීනව වැඩි වැඩියෙන් යෙදවූවහොත් වානිජ මෘදුකාංග හා සමාන තත්වයේ පහසුකම් දැනට නොමැති මෘදුකාංග එම තත්වයට පත් කල හැකියි.

විවෘත මූලාශ්‍ර මෘදුකාංග හෝ වානිජ මෘදුකාංග හෝ වේවා වැදගත්මදේ වන්නේ මේ දෙකෙන්ම අපි කරන්නේ එකම කාර්යයක් බව තේරුම් ගැනීමයි. ඒ වගේම නිකං හම්බවෙන අස්සයගෙත් දත් ගණන් කරමින් සිටිනවාට වඩා මුදල්, ශ්‍රමය හෝ අඩුම ගණනේ භාවිතා කිරීමෙන්වත් දායක වීමෙන් විවෘත මූලාශ්‍ර මෘදුකාංග දියුණු කිරීමට සහය වීම අප කළ යුතුයි. තමන්ට කරන උදව්වක් හැටියට විවේචනය කර කර ඉන්නේ නැතුව විවෘත මූලාශ්‍ර මෘදුකාංග භාවිතය ආරම්භ කරන්න. ටිකක් අමාරුයි වගේ වුනාට අත හරින්න එපා. අතහැරියොත් පාඩුවත් තමන්ටමයි. (නැවත මතක් කිරීමකි)

Saturday, October 16, 2010

LankaNet.org Linux 3 ලඟදීම එයි

මෙන්න සුභ ආරංචියක්! ලඟදීම ලංකානෙට් ලිනක්ස් 3 නිකුත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු. මේක උබුන්ටු 10.04 ආශ්‍රිතව සකස් කරමින් පවතී. ඔක්තොම්බර් මස අවසන් වීමට පෙර මෙය නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන අතර මේ ගැන ඔබගේ අදහස් උදහස් සහ කලින් සංස්කරණ වලට අනුව මෙම නව සංස්කරණයේ සිදුවිය යුතුයයි ඔබ සිතන වෙනස්කම් මා දැන ගැනීමට කැමතියි.

උබුන්ටු 10.10 දැනට නිකුත්වී ඇතත් 10.04 LTS සඳහා updates 2013 තෙක් ඔබට ලබා ගත හැකිවේ. එමනිසා දිගු කලක් භාවිතා කිරීමේ හැකියාව සලකා මෙය 10.04 ආශ්‍රිතව සකස් කරමින් පවතී.

නව සංස්කරණයේ ඇතිවිය හැකි ප්‍රධාන වෙනස්කම් මේ ආකාරයට සිදු වීමට බොහෝ දුරට ඉඩ තිබේ.
පහත දේවල් මෙම සංස්කරණයෙන් ඉවත් කිරීමට සිතමි. නමුත් පහත දේවල් ඉවත් නොකිරීමට ඔබ සාධාරන හේතු ඉදිරිපත් කරන්නේනම් එය සළකා බලමි.

1. Wine - ලිනක්ස් තුල wine මගින් වින්ඩෝස් මෘදුකාංග භාවිතා කරන විට වින්ඩෝස් වෛරස් ආසාදනය නොවන බව සමහර අය සිතයි. නමුත් එය වැරදියි. වින්ඩෝස් පාරිසරික තත්වයන් යටතේ ක්‍රයාකරන වෛරස් ඔබේ wine directory එක තුල ඇති ගොනු වලට හානි කිරීමට ඉඩ ඇත. එයින් නොනැවතී ලිනක්ස් ගොනුවලටද හැනි කරීමට ඉඩ ඇත.

2. මධුර ශබ්ධකෝෂය - මේක wine නැතිව ක්‍රියා නොකරන නිසා අනිවාර්යයෙන්ම ඉවත් කිරීමට සිදුවේ. මෙයට ලිනක්ස් ආදේශකයක් ඕනේ.
3. Bitdefender - මේක කීදෙනෙක් ප්‍රයෝජනයට ගනීදැයි සැකයක් ඇත.
4. Planner -
5. Playon Linux - තවදුරටත් අවශ්‍ය නොවේ
6. Winetricks - තවදුරටත් අවශ්‍ය නොවේ
7. Avast - නවකයින්ට මේක භාවිතය තරමක් අපහසු විය හැක. කලින් ලිපියේ මේක ක්‍රියාත්මක කිරීමට ඇති අවහිරතාවය විසඳගන්න හැටි මා කියා දී ඇත.
8. Apache, Mysql, Php


පහත දේවල් අලුතෙන් ඇතුලත් කිරීමට බලා පොරොත්තු වෙමි.

1. KDE Desktop environment - වින්ඩෝස් vista වගේ බාහිර පෙනුමක් මෙහි ඇත.
2. LXDE Desktop environment - වින්ඩෝස් xp වගේ බාහිර පෙනුමක් ඇත. 256mb වලටත් වඩා අඩුවෙන් ram ඇති පරිගනක වල ඉතා සාර්ථකව ක්‍රියා කරයි
3. XFCE Desktop environment - අඩු ram සහ processor වේගයක් ඇති පරිගනක වල වැඩ කිරීමට සකසා ඇත.
4. inxi - පරිගනකයේ basic hardware information පෙන්වයි.
5. Abiword - අඩු ram සහ processor වේගයක් ඇති පරිගනක වල වැඩ කිරීමට සකසා ඇති එමෙන්ම MS Word වලට කදිම ආදේශකයකි
6. Gnumeric - අඩු ram සහ processor වේගයක් ඇති පරිගනක වල වැඩ කිරීමට සකසා ඇති එමෙන්ම MS Excel වලට කදිම ආදේශකයකි
7. Chromium web browser
8. hntool - vulnerability scanner සහ තවත් දේවල්

මට උදව්වක් ඕනේ! ඉතා හදිසියි!

සිංහල ඉංග්‍රීසි ශබ්ද කෝෂ මෘදුකාංගයක් ඉතා ඉක්මනින් අවශ්‍යයි. මෙය ලිනක්ස් සඳහා සාදා ඇතිනම් ඉතාමත් වටිනවා. දන්න කෙනෙක් ඉන්නවනම් මට ඉක්මනින් දැනුම් දෙන්න. මෙය අනිවාර්යයෙන්ම නොමිලේ දෙන එකක් විය යුතුයි. හරියට මධුර එක වගේ. open source නම් අනර්ඝයි! නැතත් කමක් නෑ. නොමිලේ බෙදා හරින්න ඉඩ දෙන එකක් විය යුතුයි.