Tuesday, May 12, 2015

Powershell භාවිත කර Linux මෙහෙයවීම දැන් පුළුවන්!


ඔන්න සුභ ආරංචියක්! මයික්‍රොසොෆ්ට් විසින් ලිනක්ස් සදහා Powershell නිකුත් කර ඇත. දැන් වින්ඩෝස් ඇඩ්මින් මල්ලිලාටත් ගෙදර වගේ ලිනක්ස් සර්වර් එකක් පාලනය කරන්න පුලුවන්. මේකට එකපාරටම powershell කියන්නේ නෑ. අලුත් එකේ නම PowerShell DSC (desired state configuration) for Linux යන්නයි.

මේක ඕනෑම ලිනක්ස් පද්ධතියක් එක්ක භාවිත කරන්න හැකියි. දැන් ඉතිං කට්ටිය හෝ ගාලා සෙල්ලං දාන්න පටන් ගනියි. මයික්‍රොසෙෆ්ට්ලා මේ දවස්වල ඔය වගේ අරුම පුදුම වැඩ කරනවා. වෙසක් මාසෙනේ. :-D

ඔය ලිනක්ස් හොඳයි ඒත් වින්ඩෝස් තරම් user friendly නෑ කියන වින්ඩෝස් පප්පලට දැන් පහත ලැයිස්තුවේ තියෙන powershell ආතල් ටික ලිනක්ස් ඇතුලෙත් ගන්න පුලුවන්.

nxArchive
nxEnvironment
nxFile
nxFileLine
nxGroup
nxPackage
nxScript
nxService
nxSshAuthorizedKeys
nxUser
ඒවගේම මේක එක්ක තව තව ආතල් ඉදිරියේදී දෙනව කියලත් GIT එකඅස්සේ කියලා තියෙනවා. මේක බාගන්න ඕන අය මෙහෙට යන්න