Wednesday, September 16, 2009

ලංකානෙට් එකෙන් අංග සම්පූර්ණ ලිනක්ස් එකක්!

ඔන්න මම පුංචි වැඩක් කළා. වැඩේ පුංචිද ලොකුද කියන එක ඔබට බාරයි. ඒත් එය කියන්න කලින් අපි ලිනක්ස් පාවිච්චි කරන අයට තියෙන පොදු ප්‍රශ්ණ කිහිපයක් බලමු:

  1. මෘදුකාංග ස්ථාපනය කරගන්න අන්තර්ජාලය (අන්තර්ජංජාලය) අවශ්‍යවීම.
  2. ලිනක්ස්වල multimedia codecs අඩංගුනොවීම සහ ඒවා දැමීමට අන්තර්ජාලය අවශ්‍යවීම
  3. අපට අවශ්‍ය සෑම දෙයම ඇති අංග සම්පූර්ණ ලිනක්ස් එකක් සොයා ගැනීමට නොහැකි වීම
  4. උබුන්ටු සඳහා සිංහල යුනිකේත සහය දැමීමට අන්තර්ජාලය අවශ්‍යවීම සහ එය නවකයින්ට අසීරුවීම
  5. අවශ්‍යවිටක MS Windows මත පමණක් ක්‍රියා කරන මෘදුකාංග ස්ථාපනය අපහසු වීම (උදා: මධුර සිංහල-ඉංග්‍රීසි ශබ්දකෝෂය)

ඉතිං මේ ප්‍රශ්ණ සියල්ල සැළකිල්ලකට ගෙන ලංකානෙට් එකේ අපි, Ubuntu ආශ්‍රයෙන් නිපදවා ඇති SupeOSඑක අපිට ඕන විධියට, ඒ කියන්නේ ලංකාවට ගැලපෙන විධියට සකස් කළා. මේක පුළුවන් තරම් අපට නිතර අත්‍යවශ්‍ය වන මෘදුකාංග එකතු කරලා තමයි හැදුවේ. අපි මෙතනදී සාමාන්‍ය පරිගණක භාවිතා කරන්නන් කෙරේ වැඩි අවධානයක් යොමු කළා.
මේක ඇත්තටම අංග සම්පූර්ණයි කියන්න පුළුවන්. අඩුපාඩු ඇතොත් මට දැනුම් දෙන්න. මේක ඕන කෙනෙක් ඉන්නවනම් කියන්න. දැනටමත් කිහිපදෙනෙක්ට අපි මේක දීලා තියෙනවා. ඒ හැමෝම මේක ගැන සෑහීමකට පත්වෙලා තියෙනවා. සමහර වින්ඩෝස් පරිශීලකයන් එය භාවිතය සම්පූර්ණයෙන්ම අත් හැර අපි සකස්කළ මෙම ලිනක්ස් එක භාවිතා කරන්න පටන් ගෙන තිබෙනවා.

LankaNet.org 9.04 ලිනක්ස්හි ඇති විශේෂ ගුණාංග:

  1. මෙය තුල ඕනෑම වර්ගයක multimedia ගොනු (mkv ද ඇතුළුව!) භාවිතා කළ හැක.
  2. Openoffice.org සම්පූර්ණ වශයෙන් අඩංගුකර ඇත.
  3. Virtualizationසඳහා පහසුකම් සියල්ලම ඇත. (Qemu සහVirtualBox)
  4. පැරණි MS Dos යටතේ ක්‍රියාත්මක වන මෘදුකාංග භාවිතා කල හැක. (මතකද පරණ කේන්දර බලන මෘදුකාංගය? මතකද පරණ MS Windows 3.1? මේ ඔක්කොම මේකෙ වැඩ කරනවා!)
  5. Graphic designing සඳහා සියලුම මෘදුකාංග ඇත. (හැබැයි open source!)
  6. Video editing and 3D Animation සඳහා සියලුම මෘදුකාංග ඇත.
  7. Audio editing සඳහා සියලුම මෘදුකාංග ඇත.
  8. Software Development, And web development/designing සඳහා සියලුම මෘදුකාංග ඇත. (NetBeans IDE ඇතුළුව)
  9. අමතර සිංහල යුනිකේත අකුරු සහ සිංහල යතුරු ලියනය කිරීමේ පහසුව
  10. CD/DVD සකස් කිරීමට අත්‍යවශ්‍ය plugins ඇතුලත් කල K3B (දැන් Neroගෙ කාලෙ නෙවෙයි)
  11. ආරක්ෂණ උපාංග ලෙස Clam Anti virus, rkhunter සහ chkrootkit ඇතුලත් කර ඇත
  12. නොමිලේ දෙන්නේ! :-)


පහත තියෙන්නේ ඇතුලත් කරන ලද අමතර මෘදුකාංග ලැයිස්තුවයි. හැබැයි මම ඔක්කොම මෙතන සඳහන් කරලා නැහැ.
http://www.lankanet.org/eye/list.html

ඕන කෙනෙක් ඉන්නවනම්:
ලංකානෙට්
153
ශ්‍රී සරණංකර පාර
දෙහිවල

දුරකථන:
0112726340

Thursday, September 3, 2009

Fedora 11 නොමිලේ දෙනවා!

Fedora 11 request form is now open for September!

ඉක්මනට ඉල්ලන්න. පරක්කු වෙන්න එපා! හැබැයි ඔබට ෆෙඩෝරා download කරගැනීමට පහසුකම ඇත්නම් මේක ඉල්ලන්න එපා. කෙලින්ම download කරගන්න. මේකත් පොඩ්ඩක් හිතන්න:

1. අපි මේවා දෙන්නේ ලස්සන stickers එක්ක නෙමෙයි,
2. අතේ තියෙන මුදල් ප්‍රමාණයට සැපයීමට හැකි ප්‍රමාණය විතරයි තැපැල් කරන්නේ
3. පාවිච්චි කරන්නේ නැත්නම් fashion එකට වගේ ඉල්ලන්න එපා
4. මේක අපි ස්වේච්චාවෙන් කරන සේවයක්
5. ඔබේ අදහස් උදහස් අපිට/මට කියන්න

මෙතනින් ඉල්ලන්න!

https://fedoraproject.org/freemedia/FreeMedia-form.html


fedora දා ගත්තාම Easylife ස්ථාපනය කරගන්න අමතක කරන්න එපා...

මෙය Skype,Google apps, DVD tools, Livna Repository, Adobe Reader, අතිරේක Fonts සහ තවත් ගොඩක් දේවල් ලේසියෙන්ම ස්ථාපනය කරනවා.

විස්තර..
http://tharaka-lankanet.blogspot.com/2008/12/easylife-fedora.html

http://easylifeproject.org/