Wednesday, December 10, 2008

Easylife සමගින් Fedora ජීවිතය පහසු කරගමු

Easylife පැකේජ් එක fedora පාවිච්චි කරන්න හිතන් ඉන්න අයටයි දැනට පාවිච්චි කරණ අයටයි හරි පහසුවෙන් තමන්ට අත්‍යාවශ්‍ය වන මෘදුකාංග කීපයක් ස්ථාපනය කර දෙනවා.
උදාහරණයක් ලෙස Java, Flash, Codecs, Media Players දාන්න සාමාන්‍යයෙන් ගතවෙන කාලය, මහන්සිය සහ අපහසුතාවයන් ගැන කියලා වැඩක් නෑ. අළුතෙන් ලිනක්ස් භාවිතා කරන්න එන අයට ඔය ප්‍රශ්ණ නිසා ලිනක්ස් එපා වෙනවා. ඒත් මේ Easylife මගින් එවැනි ප්‍රශ්ණ තවදුරටත් පවතින්නේ නැතිවෙනවා. ඔබට mouse clicks දෙක තුනකින් අව්‍ශ්‍යදේ ස්ථාපනය කරගන්න පුළුවන්.

මෙය Skype,Google apps, DVD tools, Livna Repository, Adobe Reader, අතිරේක Fonts සහ තවත් ගොඩක් දේවල් ලේසියෙන්ම ස්ථාපනය කරනවා.

මෙතනින් RPM file එක ගන්න:

http://easylifeproject.org/

මෙන්න රූප කිහිපයක්...

1.Applications-> System tools->EasyLife (මෙතනදී root password එක ඉල්ලනවා)

2. ඉහත ආකාරයට මෘදුකාංග අවශ්‍ය Userව තෝරගන්න

3. අවශ්‍ය මෘදුකාංග තෝරා ගන්න. ඉන්පසු OK කරන්න. එච්චරයි....

දාලාම බලන්න. මොනවා හරි දැන ගන්න ඕනෙ නම් මට ලියන්න.

5 comments:

NUWAN said...

පරිගනක ගෑන එතරම් දනුමක් මට නොමෑති උනත් ඔයාගෙ සයිට් එකේ සරලව එවා විස්තරකරලා තියෙන විදියගෑන මම සතුටු වෙනවා තාරක

ශාකුන්තල | Shaakunthala said...

මම EasyLife ගැන ලියද්දි මේ සටහන දැකල තිබුණෙ නෑ. මම මේ ගැන ලිව්ව සටහනේ මාතෘකාවත් ජීවිතය පහසු කරගන්න හැටි ගැන තමයි. පිටපත් කිරීමක් නෙවෙයි. අපහසුතාවක් වුණා නම් සමාවෙන්න.

Tricks to handle MS PowerPoint presentation Smartly said...

මමත් මේක අහලා තිබුණේ නැහැ. ස්තූතියි. අන්ක් කාරණය තාරකගෙ දැනුම මට ටිකක් දෙන්න බැයිද ??

Unknown said...

wede niamai tharaka aiye ohoma yan!!!!!!

Unknown said...

wede niamai tharaka aiye ohoma yan!!!!!!