Wednesday, December 16, 2009

Download LankaNet.org Linux for free!

විශාල පිරිසකගේ ඉල්ලීමට අනුව ලංකානෙට්.ඕආර්ජී ලිනක්ස් 9.04 දැන් sourceforge.net එකත් සමග ලියාපදිංචි කර ඇත. අවශ්‍ය අයෙක් වෙතොත් පහත සඳහන් link එකෙන් download කර ගත හැක. අන් අයවත් මේ ගැන දැනුවත් කරන්න.

System requirements for installation:

Processor: Intel p3 1200MHz or higher
Memory: 384Mb

HDD: 20GB


Download size: 2.3Gb
Downlo
ad Link: (Click on the image)
https://sourceforge.net/projects/lankanetorg/files/LankaNetOrg.iso/download

Thursday, December 10, 2009

MS Excel 2007 සමග ඔබේ ජීවිතය..?? (අනිවාර්යයෙන් කියවන්න!)

ඔබ MS Office 2007 තවම භාවිතා කරන්නෙක්ද?
එය අනවසර පිටපතක්ද?
මුලින්ම නිකුත්වූ සංස්කරණයක්ද?
එසේනම් මෙය ඔබට ඉතා වැදගත්!


මම හුඟකලකට පෙර මේ ගැන කිහිප දෙනෙක්වම දැනුවත් කළා. ඒත් තාම Excel 2007 භාවිතා කරන අය සිටින නිසා මේ ප්‍රශ්නය ගැන දැනුවත් කරන එක වැදගත් කියා මා සිතමි.

Excel 2007 හි ගණනය කිරීම් සමහරවිට වැරදි පිළිතුරු දෙනබව ඔබ නොදන්නා කාරණයක් විය හැකියි. පහත රූපයේ ඇති ගණනය කිරීම් වලට අනුව ලැබී ඇති පිළිතුර ඔබ calculator එක භාවිතා කර හෝ කොළයක් හා පෑනක් භාවිතා කර සාදා බලන්න. සත්‍ය පිළිතුර 65535 වුවද Excel ලබා දී ඇත්තේ 100000 යන පිළිතුරයි.

ඔබ Excel 2007 භාවිතා කර, ඔබේ ආයතනයේ හෝ ව්‍යාපාරයේ ගිණුම් කටයුතු කරන්නෙක් නම් මෙහිදී ඇතිවන තත්වය ඔබට තේරුම් ගත හැකියි.


මෙහෙම කර බලන්න: =850*77.1 (දැන් enter යතුර ඔබා ලැබෙන පිළිතුර Enjoy කරන්න :-) ඒ වාගේම රූපයේ ඇති අනිත් ඒවාත් කර බලන්න.)

මෙම ප්‍රශ්නය විසඳීමට (bug fix එක ලබා දීමට) මයිකොසොෆ්ට් ආයතනයට මට මතක හැටියට මාස කිහිපයක් ගතවුනා. එතෙක්, එය මිලදී ගත් පාරිභෝගිකයන්ට කටවසාගෙන බලාසිටීමට සිදුවිය.

(හේතුව:
එම පාරිභෝගිකයින් මෘදුකාංගයේ වරදක් ඇතොත් නඩු නොදමා මුවින් නොබැණ කට වසාගෙන සිටීමට License Agreement එකේ හැටියට එකඟවී ඇත)

අනවසර පිටපත් භාවිතා කරන අයට update කිරීමට අව
ස්ථාව නොලැබේ. ඒ වෙනුවට අළුත් සංස්කරණය භාවිතා කිරීමට සිදුවේ.

(මා මේ ලිපියෙන් Microsoft ආයතනයට කිසිදු අපහාසයක් කිරීමට අපේක්ෂා නොකරමි. මෙය වැරැද්දක් පෙන්වීමක් පමණයි) :-)

Tuesday, December 8, 2009

Fedora 12 නොමිලේ දෙනවා!

සියලු දෙනාගේම දැනගැනීම පිණිසයි! (මුල සිට අගට කියවන්න)
මෙවරත් ලංකානෙට් එකෙන් Fedora නොමිලේම ගෙදරට තැපැල් කරලා එවනවා.

ඉක්මනට ඉල්ලන්න. පරක්කු වෙන්න එපා! හැබැයි ඔබට ෆෙඩෝරා download කරගැනීමට පහසුකම ඇත්නම් මේක ඉල්ලන්න එපා. කෙලින්ම download කරගන්න. මේකත් පොඩ්ඩක් හිතන්න:


1. අපි මේවා දෙන්නේ ලස්සන stickers එක්ක නෙමෙයි,
2. අතේ තියෙන මුදල් ප්‍රමාණයට සැපයීමට හැකි ප්‍රමාණය විතරයි තැපැල් කරන්නේ
3. පාවිච්චි කරන්නේ නැත්නම් fashion එකට වගේ ඉල්ලන්න එපා
4. මේක අපි ස්වේච්චාවෙන් කරන සේවයක්
5. ඔබේ අදහස් උදහස් අපිට/මට කියන්න

මෙතනින් ඉල්ලන්න!

https://fedoraproject.org/freemedia/FreeMedia-form.html

fedora දා ගත්තාම Easylife ස්ථාපනය කරගන්න අමතක කරන්න එපා...

මෙය Skype,Google apps, DVD tools, Livna Repository, Adobe Reader, අතිරේක Fonts සහ තවත් ගොඩක් දේවල් ලේසියෙන්ම ස්ථාපනය කරනවා.

විස්තර..
http://tharaka-lankanet.blogspot.com/2008/12/easylife-fedora.html

http://easylifeproject.org/

LankaNet.org 9.04 ලිනක්ස් ඕන අය සහ තවම ඒ ගැන දන්නේ නැතිඅය ඉන්නවනම් මේක බලන්න (නොමිලේ ඒකත් ගෙදරටම එවනවා):
http://tharaka-lankanet.blogspot.com/2009/09/blog-post.html

Thursday, November 12, 2009

ලිනක්ස් සඳහා Bitdefender Antivirus නොමිලේ ගමු.

අද මම හඳුන්වා දෙන්නේ ලිනක්ස් සඳහා ඇති හොඳ Antivirus software එකක් ලෙස සැලකිය හැකි නොමිලේ දෙන Bitdefender for Unices මෘදුකාංගයයි. එය ස්ථාපනය කරන ආකාරයද රූප සටහන් මගින් දක්වමි.

වයිරස් ආසාදිතයැයි සැක සහිත ගොනු සහ Usb pendrive පරීක්‍ෂාකර බැලීම
ට සහ වයිරස් ඉවත් කිරීමට හොඳ Antivirus එකක අවශ්‍යතාවය ඔබට දැනී ඇත. නමුත් බොහෝවිට ලිනක්ස් පාවිච්චි කරන්නේ නම් Antivirus එකක් අවශ්‍ය නොවුනත් වයිරස් ආසාදිතවී ඇති ගොනු සහ pendrives පිරිසිදු කිරීමට ලිනක්ස් මාධ්‍ය කරගත් Antivirus software එකක් භාවිතා කළ හැකිනම් එයින් ඇති වන වාසි කිහිපයක් ඇත. එනම්,

1. ආසාදනය වී ඇති ගොනු සහ pendreives මගින් ලිනක්ස් පරිගණකයකට හානි සිදුවීම අවම වීම
2. ඉතා ඉක්මනින් සහ අවම වෑයමකින් වයිරස් ඉවත් කළ හැකි වීම

3. ලිනක්ස් තුල සම්පූර්ණ පාලනය තමන් සතුවීම. (ආසාදිත ගොනුවක් වින්ඩෝස් මතදී මකා දැමීම අපහසු වුනත් ලිනක්ස් තුලදී පහසුවෙන් කළ හැක)
4. Antivirus මෘදුකාංග කීපයක් වුවත් ලිනක්ස් තුල ස්ථාපනය කළ හැකිවීම සහ වයිරස් ආසාදිතයැයි සැක සහිත ගොනු සහ Usb pendrive පරීක්‍ෂාකිරීම එම Antivirus මෘදුකාංග සියල්ලෙන්ම කළ හැකිවීම

ස්ථාපනය කරගන්නා ආකාරය:


1. Bitdefender Download කර ගැනීමට පහත link එකට යන්න.
Form එක පුරවා යවා තමන්ගේ ලිනක්ස් distribution එකට අදාල installation file එක බාගත කරගන්න.

http://www.bitdefender.com/PRODUCT-80-en--BitDefender-Antivirus-Scanner-for-Unices.html


2. එම බාගත් ගොනුව තමන්ගේ Desktop එකේ තැන්පත් කරගන්න

3. දැන් terminal එක විවෘත කරගන්න (ඒක කරන්නේ මෙහෙමයි: Applications->Accessories->Terminal නැත්නම් Applications->System Tools->Terminal)

4. දැන් මෙම විධාන දෙන්න ඉන්පසු Enter යතුර ඔබන්න



උබුන්ටු/ලංකානෙට් ලිනක්ස් සඳහා විධාන:

cd Desktop (දැන් Enter ඔබන්න)

sudo sh BitDefender-Antivirus-Scanner <-මෙතනදී Tab key එක
එබූවිට file name එකේ ඉතිරි කොටස ස්වයංක්‍රීයව සම්පූර්ණවේ. නැත්නම් සම්පූර්ණ file name එක type කරන්න. (දැන් Enter ඔබන්න)

Fedora/RedHat/CentOS සඳහා විධාන:
terminal එකට ගොස් පහත විධාන දෙන්න:
su -

දැන් ඔබේ root password එක දෙන්න


දැන් පහත විධානය දී Enter යතුර ඔබන්න:
cd /home/ඔබේ username එක/Desktop/

උදාහරණයක් ලෙස: cd /home/tharaka/Desktop/

දැන් පහත විධානය දී Enter යතුර ඔබන්න:

sh BitDefender-Antivirus-Scanner <-මෙතනදී Tab key එක එබූවිට file name එකේ ඉතිරි කොටස ස්වයංක්‍රීයව සම්පූර්ණවේ. නැත්නම් සම්පූර්ණ file name එක type කරන්න.

5. දැන් ස්ථාපනය ආරම්භවීමට ප්‍රථම, License Agreement එක පෙන්වයි. එ
හි අවසාන පේළියට යෑමට Space key එක කිහිප වරක් ඔබන්න.

6. අවසාන පේළියට ආවිට accept ලෙස type කර enter key එක ඔබන්න. එයින් කෙරෙන්නේ, ඉදිරිපත්කර ඇති licese ageement එක අප පිළිගන්නා බව ප්‍රකාශ කිරීමයි. ඉන්පසු y අකුර type කර Enter යතුර එබූවිට ස්ථාපනය වීම සම්පූර්ණවේ.

7. දැන් ස්ථාපනය වී ඇති Bitdefender විවෘත කරන්න:
Applications->System Tools->Bitdefender Scanner


8. ඔබ නොමිලේ ලබාගත් serial number එක paste කරගන්න (Bitdefender අඩවියට පහත දැක්වෙන රූපයේ ආකාරයට click කර යන්න)

සැළකිය යුතුයි:
මතක ඇතිව Update කරගන්න. දැන් ඔබේ සහ මිතුරන්ගේ ආසාදිත files සහ pendrives පිරිසිදු කරන්න පටන් ගන්න. අඹිලිපිටියේ පැවැත්වූ සම්මණ්ත්‍රණයේදී කිහිප දෙනෙක්ගේ ආසාදිත Pendrives මම මේ ආකාරයට සනීප කළා.

මෙන්න මම Anitivirus software 4ක් පාවිච්චි කරන හැටි:ඒවානම්:
1. Avast
2. Bitdefender
3. ClamAv with KlamAV gui
4. Avg command line Anti-Virus scanner

Wednesday, October 14, 2009

ලිනක්ස් සඳහා MS Internet Explorer ස්ථාපනය

සමහර වෙබ් අඩවි MS Internet explorerසඳහාම සකසා තිබෙනවා. තවත් වෙලාවකට Linux පමණක් භාවිතා කර වෙබ් අඩවි නිර්මාණය කරන අයට තමන් නිර්මාණය කළ වෙබ් අඩවිය පරීක්ෂාකර බැලීමට Internet explorer අවශ්‍ය වෙනවා. ඒවෙලාවට Linux එක්ක Internet explorer භාවිතා කිරීමට හැකිනම් ඒක ඉතාමත් පහසු වෙනවා. කළින් ඒක ප්‍රශ්නයක් වුනාට දැන් එහෙම නෑ. මන්ද යත් ඒක දැන් හැබෑවක් වෙලා නිසයි.

වැඩිය මම ඒ ගැන කියවන්න අවශ්‍ය නෑ කියලයි හිතෙන්නේ. (screen shots කීපයක් පහත ඇත)
මේක කරන්න කලින් wine install කරගන්න එක අත්‍යාවශ්‍යයි!

1.පහත සම්පූර්ණ විධානය සාමාන්‍ය User කෙනෙක් ලෙසට ඔබේ Linux terminal එකට ගොස් paste කරන්න. එවිට ස්ථාපනයට අවශ්‍ය මූලික files download කරගනී. ඉන්පසු මතක ඇතිව enter යතුර ඔබන්න..
wget http://www.tatanka.com.br/ies4linux/downloads/ies4linux-latest.tar.gz
tar zxvf ies4linux-latest.tar.gz
cd ies4linux-*
./ies4linux

ඉහත විධානය paste කලවිටම ක්‍රියාත්මකවේ.


2.දැන් තිරයේ දැක්වෙන උපදෙස් අනුව Internet Explorer 5.5, 6 සහ 7 වලින් කැමති එකක් හෝ සියල්ලම ස්ථාපනය කරගන්න. (පහත රූපය බලන්න)

Internet explorer 7 ස්ථාපනය කිරීමට Advanced බොත්තම ඔබන්න එවිට ඔබට පහත රූපය පෙනේ


3.ස්ථාපනය කර අවසන් වූ විට නැවත terminal එකට ගොස් ie6 ලෙස හෝ තමන් ස්ථාපනය කළ internet explorer version එකට අදාල අංකය ඇතුල්කර enter යතුර ඔබන්න. (පහත රූපය බලන්න)

දැන් Internet Explorer පණගැන්වෙන අයුරු ඔබට පෙනේවි. දැන් කරන්න ඕන දේ ඔබ දන්නවා ඇති.... :-)
(පහත රූපය බලන්න)



වැඩි විස්තර ඕනෙනම් http://www.tatanka.com.br/ies4linux/page/Installation වෙබ් අඩවියට යන්න.

Tuesday, October 13, 2009

LankaNet.org Linux භාවිතා කරන නවකයින්ට ඇති ගැටළු

මිතුරෙක් මගෙන් අසා ඇති ප්‍රශ්න කීපයක්....
1.උබුන්ටු සමග වින්ඩෝස් විස්ටා නෙට්වර්ක් කළ හැකිද? එය කරන්නේ කෙසේද?

ඔබට වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක network settings කර පළපුරුද්ද ඇත්නම් උබුන්ටු මත පහසුවෙන් නෙට්වර්ක් කළ හැක.
1. එයට System->preferences->Network connections තුළට ගොස් (මේ සමග අමුණා ඇති පින්තූර බලන්න අංක 1 බලන්න) Wired පිටුව යටතේ ඇති connection එක තෝරා ගන්න. බොහෝවිට එය Auto ලෙස දැක්වේ.


2. දැන් දකුණුපස ඇති Edit බොත්තම ඔබන්න.
3. දැන් ඔබේ පාස්වර්ඩ් එක දී Authenticate බොත්තම ඔබන්න.(පින්තූර අංක2 බලන්න)



4. දැන් ඔබ IPV4 Settings පිටුවට යන්න (පින්තූර අංක3 බලන්න)



5. දැන් Method කියන තැන ඇති ලැයිස්තුවෙන් Manual තෝරා ගන්න.

6. දැන් Add බොත්තම ඔබන්න. Address කියන තැන ඔබේ පරිගණකයට IP address එකක් දෙන්න (එය ඔබේ පරිගණක ජාලයට අනුකූල Address එකක් විය යුතුයි. උදා: ඔබේ ජාලයේ පරිගණක 192.168.1.XXX address භාවිතා කරන්නේ නම් ඒ අනුව ඔබේ උබුන්ටු පරිගණකයටත් IP Address එකක් දෙන්න. ඔබට ජාලකරනයේ මූලික දැනුම ඇතැයි සළකමි)
7. ඒ අනුව Netmask එක දෙන්න (උදා: 255.255.255.0) පින්තූර අංක 4 බලන්න


8. Gateway එකට ඔබේ Router එකේ IP Address එක දෙන්න
9. DNS servers කියන තැනට ඔබේ අන්තර්ජාල පහසුකම සපයන්නා දී ඇති Address එක ඇතුලත් කරන්න.
10. දැන් Apply බොත්තම ඔබන්න
11. දැන් පරිගණකය restart කරන්න.
12. ජාලයේ ඇති අනිත් පරිගණකවල share කර ඇති ගොනු බැලීමට Places->Network තුලට යන්න...



2. ස්කයිප් සදහා ඕඩියෝ/වීඩියෝ ඔප්ෂන්ස් සකස් කරන්නේ කෙසේද?

Audio
1. skype සමග මුලින්ම ඔබ account එකක් සාදාගෙන එයට log විය යුතුයි.
2. ඉන්පසු එහි Options තුලට යන්න (එය කිරීමට ctrl සමග o ඔබන්න)
3. දැන් එහි ඇති Sound Devices තෝරාගෙන ඔබේ පරිගණකයේ භාවිතා කරන Audio උපාංග වලට අනුකූලව Sound In, Sound Out සහ Ringing සකස් කරන්න. ඒ අසලම ඇති Make a test Sound සහ Make a test call යන බොත්තම් දෙකෙන් ඔබේ Audio settings පරික්ෂාකර ගන්න. නිවැරදිව වැඩ කරයිනම් එයට පහතින් ඇති Apply බොත්තම ඔබන්න


Video

1. වම්පස ඇති Video Devices තෝරාගෙන දකුණුපස ඇති කළුපාට කොටුවේ ඇති Test බොත්තම ඔබන්න.
එමගින් ඔබේ webcam එක නිවැරදිව උබුන්ටු සමග වැඩකරනවාදැයි බලා ගත හැක. නිවැරදිව වැඩ කරයිනම් එයට පහතින් ඇති Apply බොත්තම ඔබන්න


3. උබුන්ටු ඉන්ස්ටෝල් කර ඇති පරිගණකය මුද්‍රිත පිටපත් ගැනීම පිණිස වින්ඩෝස් විස්ටා සහිත පරිගණකයකට සම්බන්ධ කර ඇති ප්‍රින්ටරයකින් හැකි අයුරින් සෙටින්ග්ස් සකස් කරන්නේ කෙසේද?

ප්‍රථමයෙන් වින්ඩෝස් විස්ටා පද්ධතියට සවිකර ඇති ප්‍රින්ටරය share කළ යුතුය. ඉන්පසු

1. උබුන්ටුහි System->Administration->Printing එකට යන්න
2. දැන් New බොත්තම ඔබන්න
3. දැන් විවෘතවන window එකේ වම් පස ඇති Network Printer සමග ඇති කුඩා ත්‍රිකෝණාකාර සළකුණ උඩ click කරන්න
4. දැන් දිගහැරී ඇති ලැයිස්තුවෙන් Windows Printer via SAMBA තෝරගන්න
5. දැන් දකුණුපස ඇති Browse බොත්තම ඔබන්න
6. දැන් දක්නට ලැබෙන ලැයිස්තුවෙන් ඔබට අදාල Workgroup එක තෝරා ගන්න
7. ඒකේ ඇතුලේ ඇති ලැයිස්තුවෙන් printer එක සවිකර ඇති පරිගණකයේ නම තෝරන්න
8. දැන් Share කර ඇති printer එකේ නම දක්නට ලැබේ. එය තෝරාගෙන OK බොත්තම ඔබන්න.
9. දැන් forward බොත්තම ඔබන්න
10. දැන් එන ලැයිස්තුවෙන් එම printer එකේ brand එක තෝරාගන්න (උදා: HP නැත්නම් Canon)
11. දැන් forward බොත්තම ඔබන්න
12. දැන් එන ලැයිස්තුවෙන් එම printer එකේ model එක තෝරාගන්න එය නැත්නම් ඊට ආස්න model එකක් තෝරා ගත යුතුයි(උදා: Laserjet 2100)
13. දැන් forward බොත්තම ඔබන්න
14. දැන් Apply බොත්තම ඔබන්න

ප්‍රශ්න 3ට සෑහීමකට පත්විය හැකි පිළිතුරු මා ලබා දී ඇතැයි සිතමි.
ගැටළුවක් ඇතොත් කියන්න. ඉහත ප්‍රශ්න සඳහා මා පිළිතුරු ලබා දුන්නේ ඔබට වින්ඩෝස් ගැන හොඳ දැනුමක් ඇතැයි සළකාය.

තාරක වීරසේකර
www.lankanet.org

Wednesday, September 16, 2009

ලංකානෙට් එකෙන් අංග සම්පූර්ණ ලිනක්ස් එකක්!

ඔන්න මම පුංචි වැඩක් කළා. වැඩේ පුංචිද ලොකුද කියන එක ඔබට බාරයි. ඒත් එය කියන්න කලින් අපි ලිනක්ස් පාවිච්චි කරන අයට තියෙන පොදු ප්‍රශ්ණ කිහිපයක් බලමු:

  1. මෘදුකාංග ස්ථාපනය කරගන්න අන්තර්ජාලය (අන්තර්ජංජාලය) අවශ්‍යවීම.
  2. ලිනක්ස්වල multimedia codecs අඩංගුනොවීම සහ ඒවා දැමීමට අන්තර්ජාලය අවශ්‍යවීම
  3. අපට අවශ්‍ය සෑම දෙයම ඇති අංග සම්පූර්ණ ලිනක්ස් එකක් සොයා ගැනීමට නොහැකි වීම
  4. උබුන්ටු සඳහා සිංහල යුනිකේත සහය දැමීමට අන්තර්ජාලය අවශ්‍යවීම සහ එය නවකයින්ට අසීරුවීම
  5. අවශ්‍යවිටක MS Windows මත පමණක් ක්‍රියා කරන මෘදුකාංග ස්ථාපනය අපහසු වීම (උදා: මධුර සිංහල-ඉංග්‍රීසි ශබ්දකෝෂය)

ඉතිං මේ ප්‍රශ්ණ සියල්ල සැළකිල්ලකට ගෙන ලංකානෙට් එකේ අපි, Ubuntu ආශ්‍රයෙන් නිපදවා ඇති SupeOSඑක අපිට ඕන විධියට, ඒ කියන්නේ ලංකාවට ගැලපෙන විධියට සකස් කළා. මේක පුළුවන් තරම් අපට නිතර අත්‍යවශ්‍ය වන මෘදුකාංග එකතු කරලා තමයි හැදුවේ. අපි මෙතනදී සාමාන්‍ය පරිගණක භාවිතා කරන්නන් කෙරේ වැඩි අවධානයක් යොමු කළා.
මේක ඇත්තටම අංග සම්පූර්ණයි කියන්න පුළුවන්. අඩුපාඩු ඇතොත් මට දැනුම් දෙන්න. මේක ඕන කෙනෙක් ඉන්නවනම් කියන්න. දැනටමත් කිහිපදෙනෙක්ට අපි මේක දීලා තියෙනවා. ඒ හැමෝම මේක ගැන සෑහීමකට පත්වෙලා තියෙනවා. සමහර වින්ඩෝස් පරිශීලකයන් එය භාවිතය සම්පූර්ණයෙන්ම අත් හැර අපි සකස්කළ මෙම ලිනක්ස් එක භාවිතා කරන්න පටන් ගෙන තිබෙනවා.

LankaNet.org 9.04 ලිනක්ස්හි ඇති විශේෂ ගුණාංග:

  1. මෙය තුල ඕනෑම වර්ගයක multimedia ගොනු (mkv ද ඇතුළුව!) භාවිතා කළ හැක.
  2. Openoffice.org සම්පූර්ණ වශයෙන් අඩංගුකර ඇත.
  3. Virtualizationසඳහා පහසුකම් සියල්ලම ඇත. (Qemu සහVirtualBox)
  4. පැරණි MS Dos යටතේ ක්‍රියාත්මක වන මෘදුකාංග භාවිතා කල හැක. (මතකද පරණ කේන්දර බලන මෘදුකාංගය? මතකද පරණ MS Windows 3.1? මේ ඔක්කොම මේකෙ වැඩ කරනවා!)
  5. Graphic designing සඳහා සියලුම මෘදුකාංග ඇත. (හැබැයි open source!)
  6. Video editing and 3D Animation සඳහා සියලුම මෘදුකාංග ඇත.
  7. Audio editing සඳහා සියලුම මෘදුකාංග ඇත.
  8. Software Development, And web development/designing සඳහා සියලුම මෘදුකාංග ඇත. (NetBeans IDE ඇතුළුව)
  9. අමතර සිංහල යුනිකේත අකුරු සහ සිංහල යතුරු ලියනය කිරීමේ පහසුව
  10. CD/DVD සකස් කිරීමට අත්‍යවශ්‍ය plugins ඇතුලත් කල K3B (දැන් Neroගෙ කාලෙ නෙවෙයි)
  11. ආරක්ෂණ උපාංග ලෙස Clam Anti virus, rkhunter සහ chkrootkit ඇතුලත් කර ඇත
  12. නොමිලේ දෙන්නේ! :-)


පහත තියෙන්නේ ඇතුලත් කරන ලද අමතර මෘදුකාංග ලැයිස්තුවයි. හැබැයි මම ඔක්කොම මෙතන සඳහන් කරලා නැහැ.
http://www.lankanet.org/eye/list.html

ඕන කෙනෙක් ඉන්නවනම්:
ලංකානෙට්
153
ශ්‍රී සරණංකර පාර
දෙහිවල

දුරකථන:
0112726340

Thursday, September 3, 2009

Fedora 11 නොමිලේ දෙනවා!

Fedora 11 request form is now open for September!

ඉක්මනට ඉල්ලන්න. පරක්කු වෙන්න එපා! හැබැයි ඔබට ෆෙඩෝරා download කරගැනීමට පහසුකම ඇත්නම් මේක ඉල්ලන්න එපා. කෙලින්ම download කරගන්න. මේකත් පොඩ්ඩක් හිතන්න:

1. අපි මේවා දෙන්නේ ලස්සන stickers එක්ක නෙමෙයි,
2. අතේ තියෙන මුදල් ප්‍රමාණයට සැපයීමට හැකි ප්‍රමාණය විතරයි තැපැල් කරන්නේ
3. පාවිච්චි කරන්නේ නැත්නම් fashion එකට වගේ ඉල්ලන්න එපා
4. මේක අපි ස්වේච්චාවෙන් කරන සේවයක්
5. ඔබේ අදහස් උදහස් අපිට/මට කියන්න

මෙතනින් ඉල්ලන්න!

https://fedoraproject.org/freemedia/FreeMedia-form.html


fedora දා ගත්තාම Easylife ස්ථාපනය කරගන්න අමතක කරන්න එපා...

මෙය Skype,Google apps, DVD tools, Livna Repository, Adobe Reader, අතිරේක Fonts සහ තවත් ගොඩක් දේවල් ලේසියෙන්ම ස්ථාපනය කරනවා.

විස්තර..
http://tharaka-lankanet.blogspot.com/2008/12/easylife-fedora.html

http://easylifeproject.org/

Monday, August 31, 2009

බැංකුවේ ATM යන්තරේටත් වෛරස් ඇවිල්ලා!!

කාඩ් එක දාන්නේ බලාගෙනයි!
මගේ ඊජිප්තු ජාතික මිතුරකු වන Samer Azmyට මෙහෙම අත්දැකීමක් වෙලා තියෙනවා. අපේ රටේ හුඟක් බැංකුවලත් ATM යන්තරවල පාවිච්චි කරන්නේ MS Windows. මං හිතන්නේ ඒක හැමෝම වගේ දැනගත යුතු කාරණයක්. පහත තියෙන screen shots වලින් වැඩේ හොඳට බලාගන්න පුළුවන්. මොකද මේවා හැමදාම දකින්න ලැබෙන්නේ නෑ. ඉතිං මම කියන්න හදන්නේ අපි කොච්චර අවදානමකද ඉන්නේ මේ වගේ ප්‍රශ්ණ ඇතිවෙනකොට? හිතලා බලලා අදහස් ලියන්න. (කොච්චර හොඳ anti virus software එකක් දැම්මත් ගැලවිල්ලක් නෑ) මගේ මිතුරා කියන්නේ මේකට එකම විසඳුම Linux භාවිතය කියලයි. ඔහු ඒකට උදව් කරන්නත් ලෑස්තියි. මාත් එහෙමයි හිතන්නේ. ඔබ හිතන්නේ???

Friday, August 7, 2009

නියම මෘදුකාංග නොමිලේ දෙනවා! Original software for free!

මේක අද මට ලියන්න හිතුනේ වින්ඩෝස් පාවිච්චි කරන මිතුරන්හට පොඩි සහනයක්වේවි කියලා හිතුන නිසයි. නැතුව මේ සේවාව සපයන්නන් හෝ MS Windows මුරුංගා අත්තේ තියන්න හිතාගෙන නෙමෙයි.

මේ වෙබ් අඩවිය පැය 24කට වරක්, විකිණීමට ඇති මෘදුකාංගයක් නොමිලේ දෙනවා. හැබැයි ඒ පැය 24 ඇතුලත එම මෘදුකාංගය ස්ථාපනය කරගන්න ඕනේ. නැත්නම් නොමිලේ පාවිච්චි කිරීමට ලැබෙන්නේ නැහැ. ඒ කාල සීමාව තුල ස්ථාපනය කරගත්තොත් එම මෘදුකාංගය මිලදීගත්ත එකක් වගේම පාවිච්චි කරන්න පුළුවන්. ඉතිං මේ වෙබ් අඩවිය එක එක දවසට එක එක මෘදුකාංග දෙනවා. සමහර දවස්වලට මෘදුකාංග දෙකක් දෙන වෙලාවලුත් තියෙනවා. ගිහිල්ලාම බලන්න මෙන්න මෙතනට

www.giveawayoftheday.com

මේ අඩවිය වයිරස් සහ අනෙකුත් විනාශකාරී දේවල් වලින් තොරයි. බය නැතුව ගිහින් බලන්න. මේ අඩවිය මෘදුකාංග නිපදවන සමාගම්වල අනුමැතිය ඇතිවයි මේක කරන්නේ. ඒ නිසා ඔබව copyright (මෘදුකාංග වංචාවන්) වැනි ප්‍රශ්ණ වලට ලක්වෙන්නෙ නැහැ.

Monday, July 20, 2009

ඇයි Linux සහ open source software පාවිච්චි කරන්නේ? මේකයි...

හොරකම... (ඔන්න මාව පුළුවන්නම් බයිට් එකට ගන්න)

වින්ඩෝස් කොපියක් දාගෙන එහෙන් මෙහෙන් හොයාගත්ත මෘදුකාංග ටිකකුත් දාගත්තාම ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද කියලා ඔබ මගෙන් අසාවි. ඒත් පොඩ්ඩක් හිතලා බලන්න, ඔබ කරන්නේ හොරකමක් නේද? හොරකමක් කොහොමද සිම්පල් වෙන්නේ? අල්පෙනෙත්තක් හොරකම් කලත් බැංකුවක් කැඩුවත් හොරකම හොරකමමයි නේද?


අනාරක්ෂිත බව... (ඔහොම්මම පිටිපස්ස හැරිලා බලන්න කවුද ඉන්නේ කියලා)

අපිට නිදහසේ අන්තර්ජාලයේ සැරිසරන්න ලේසි නෑ. email එකක් open කරන්නත් බෑ. LTTE කොටින්ට හපන් මේ අන්තර්ජාලයේ ඉන්න ත්‍රස්තයෝ. පොඩ්ඩ එහා මෙහා වුනොත් ඉවරයි. පරිගණකය format කරලා තමයි ගොඩ දා ගන්න වෙන්නේ, නැත්නම් වැඩ කරන්න විදියක් නෑ. මේකෙ ඇතුලෙ මොකා රිංගන් ඉන්නවද කවුද දන්නේ? virus, spyware, malware, ransomeware, adware තව key loggers හපොයි!! මේවයින් බේරෙන්න කොච්චර Anti-virus සහ තවත් දේවල් දාගත්තත් ලේසි නෑ. කරදරේ ඉවර වෙන්නේ නෑ. පුද්ගලිකත්වයට ඉතිං දෙයියන්ගේම පිහිටයි! (අපෝ! Anti-virus එකයි අර protection software එකයි මේකයි දා ගත්තාම මැෂිම අම්බානකට slow වුනා නේද??)


ගැලවිල්ල.... (මෙතනදී මාව පට්ට ගහන්න)

අත මිට සරුද? එහෙනම් ඇයි මෘදුකාංග හොරකම් කළේ? ජොලියට? වියදම් කරන්න ලෝබකමටද? ලැජ්ජ නැද්ද?? ගන්නකො නියම විදියට රුපියල් ලක්ෂයක් දෙකක් වියදම් කරලා ඔය අවශ්‍ය කරන මෘදුකාංග ටික! කාටද ආඩම්බර!! ඒත් බැරිද? එහෙනම් open source software පාවිච්චි කරන්න. බෑ කියලා නිකං ඉන්න එපා ටිකක් මහන්සි වුනොත් වැඩේ කරන්න පුළුවන්! මාත් පාවිච්චි කරනවා. මට අවශ්‍ය දේවල් ඔක්කොම මේවයින් තමයි කර ගන්නේ.
Anti-virus දැම්මෙ නැද්ද? OS එක Gnu/Linux නේද? එහෙනම් ප්‍රශ්ණයක් වෙන්නේ නෑ. ඇයි? Virus වලින් Linux පරිගණකයට හානි වෙන්නේ නෑ. කරන්නත් බෑ. හේතුව, Gnu/Linux ඇතුලට ඔය virus වලට රිංගලා සෙල්ලම් දාන්න තියෙන ඉඩ අහුරලා තියෙන්නේ! බය වෙන්න එපා හොඳේ!

බැරිවෙලාවත් කවුරු හරි Linux වලට virus එකක් ලිවුවොත්?

බය වෙන්න එපා! ඔය වයිරස් ලියන එක්කෙනා ඉස්සෙල්ලාම ලිනක්ස් එකේ තියෙන මොකක් හරි දුර්වල කමක් හොයා ගන්න ඕනෙ. (කළුනික හොයන එක මේකට වැඩිය ලේසියි) ඊට පස්සේ ඒකට වයිරස් එකක් ලියන්නත් ඕනේ. ඒ වැඩේ කියන තරම් ලේසි නෑ. Virus එකක් හැදුවයි කියමුකො, ඒත් ඒ පුද්ගලයා වයිරස් එක යවනකොට Linux එකේ තියෙන ඒ දුර්වලකම ඉවත් කරලත් ගොඩක් කල් ගතවෙලා! සමහරවිට මාස ගාණක් නැත්නම් අවුරුද්දක් විතර! ඉතිං ඒ වයිරස් එකෙන් කිසිම පලක් වෙන්නේ නෑ. අමතක කරන්න එපා, ලිනක්ස් නොමිලේ ලැබෙනවා වගේම නොමිලේ update කරගන්නත් පුළුවන්!

ඉතිං තව මොනවද බලන් ඉන්නේ? හොඳට හිතලා බලන්න! ඊට පස්සේ තීරණයකට එන්න.

Friday, July 3, 2009

Fedora 11 request form is now open!

ඉක්මනට ඉල්ලන්න. පරක්කු වෙන්න එපා! හැබැයි ඔබට ෆෙඩෝරා download කරගැනීමට පහසුකම ඇත්නම් මේක ඉල්ලන්න එපා. කෙලින්ම download කරගන්න. මේකත් පොඩ්ඩක් හිතන්න:

1. අපි මේවා දෙන්නේ ලස්සන stickers එක්ක නෙමෙයි,
2. අතේ තියෙන මුදල් ප්‍රමාණයට සැපයීමට හැකි ප්‍රමාණය විතරයි තැපැල් කරන්නේ
3. පාවිච්චි කරන්නේ නැත්නම් fashion එකට වගේ ඉල්ලන්න එපා
4. මේක අපි ස්වේච්චාවෙන් කරන සේවයක්
5. ඔබේ අදහස් උදහස් අපිට/මට කියන්න

මෙතනින් ඉල්ලන්න!

https://fedoraproject.org/freemedia/FreeMedia-form.html


fedora දා ගත්තාම Easylife ස්ථාපනය කරගන්න අමතක කරන්න එපා...

මෙය Skype,Google apps, DVD tools, Livna Repository, Adobe Reader, අතිරේක Fonts සහ තවත් ගොඩක් දේවල් ලේසියෙන්ම ස්ථාපනය කරනවා.

විස්තර..
http://tharaka-lankanet.blogspot.com/2008/12/easylife-fedora.html

http://easylifeproject.org/

Wednesday, June 10, 2009

Fedora 11 ඕනද?

ඕන කෙනෙක් ඉන්නවනම් ලංකානෙට් එකට ලියන්න. Fedora වෙබ් අඩවියෙන් ඉල්ලනවානම් වඩාත් සුදුසුයි. දන්නවනේ මේක නොමිලේ දෙන්නේ. එහෙම කියලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්කම තියෙන අය ඉල්ලන්න එපා. අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කරගැනීමට පහසුකම නැති අය විතරක් ඉල්ලන්න.

මේකත් එක්ක ලස්සන ස්ටිකර් එහෙම බලාපොරොත්තු වෙන්නත් එපා. අතින් වියදම් කරලා පුළුවන් විධියටයි දෙන්නේ. මේක තියෙන කෙනෙක් ඉන්නවනම් හැකි ආකාරයෙන් තවත් අයට පිටපත් ලබා දීමට කාරුණික වන්න. තාම මමත් මේක ඩවුන්ලෝඩ් කරන්න පටන් ගත්තා විතරයි.

මේ පණිවිඩය අන් අයටත් දැනුම් දෙන්න...

Tuesday, May 26, 2009

Ubuntu restricted extras offline installer

Ubuntu restricted extras offline installer
Ubuntu 9.04 පාවිච්චි කරන අයට සුභ ආරංචියක්!

හැමෝම දන්නවා උබුන්ටු CD එකේ dvd, Mp3 සහය සහ තවත් අත්‍යාවශ්‍ය වන උපාංග නැහැ කියලා. ඒත් ඒවගේ අත්‍යාවශ්‍ය දේවල් දාගන්න අන්තර්ජාල පහසුකම නැති අයට විධියක් නැහැ. ඒකට හොඳ විසඳුමක් දැන් තියෙනවා ඒකට කියන්නේ Ubuntu-restricted-extras offline installer කියලයි. ඒකෙන් අපිට අන්තර්ජාලය නැති Ubuntu පරිගණකයකට පහත දැක්වෙන දේවල් හරිම පහසුවෙන් දාගන්න පුළුවන්.


මෙන්න ලැයිස්තුව:

* Adobe Flash player
* Various additional multimedia codecs (including MP3)
* Support for playing DVD-movies
* Microsoft TrueType core fonts
* unrar (to open RAR files)
* EXTRA packages: Java, libdvdcss

මෙතනින් බාගන්න (82.5MB):

ටොරන්ට්:
http://www.mininova.org/tor/2540622
අන්තර්ජාලයෙන්:
http://www.zshare.net/download/59368408526cd812/

මෙන්න උපදෙස්:
Instructions:

1. unpack/extract
2. double-click the file "install.sh" on folder "offline-installer"
3. Select "run in terminal"
4. Enter your password if/when the installer asks you
5. Acept Java license when that appears, by pressing:
6. When program finishes, close the window and remove the folder "offline-installer"

වැඩිදුර දැන ගැනීමට අවශ්‍යනම්:
http://hacktolive.org/wiki/Ubuntu-restricted-extras_offline_installer

මේක අන්තර්ජාලය නැති ඔබේ මිතුරන් අතර බෙදා හරින්න!
බලන්න කොච්චර ලේසිද කියලා...

Monday, April 20, 2009

ලිනක්ස් පරිගණකයකින් Internet connection එක share කරගමු.

සැළකිය යුතුයි!
1. මේ ලිපිය proxy server ගැන නොවේ. internet gateway එකක් සකස් කර ගැනීම ගැන පමණයි.
2. මෙම විධානයන් සහ settings කිරීමට ඔබ root user ලෙස පරිගණකයට login වී සිටිය යුතුයි.
3. iptables firewall ගැන තරමක් හෝ දැන සිටීම සුදුසුයි. නමුත් මෙම ලිපියේදී iptables settings කිරීමට අවශ්‍ය සියළු කරුණු දක්වා ඇත.
4. ඔබ SeLinux ක්‍රියාත්මක කර ඇත්නම් එය permissive mode එකට හැරවීම හෝ Dissable කිරීමෙන් SeLinux මගින් සිදුවන අවහිරතාවයන් මගහරවා ගත හැක.
Permissive mode එකට හැරවීමට පහත විධානය දෙන්න.:

setenforce 0


මේක සකස් වී ඇති ආකාරය (රූපය බලන්න):
1. අන්තර්ජාලය හා සම්බන්ධ වන පරිගණකයේ ලිනක්ස් භාවිතා කෙරේ
2. තවත් පරිගණක කිහිපයක් LAN එකේ නොහොත් සාමාන්‍ය අභ්‍යන්තර පරිගණක ජාලයට සම්බන්ධ කර ඇත
3. අන්තර්ජාලය හා සම්බන්ධ වන පරිගණකයේ ජාල මුහුනත් දෙකක් ඇත ඒ කියන්නේ network cards 2ක් ඇත. එකක් Modem/Router/Wireles Device එක හරහා අන්තර්ජාලයටත්, අනෙක network switch එක හරහා අභ්‍යන්තර ජාලයටත් (LAN) සම්බන්ධ වී ඇත
4. LAN එකේ පරිගණක ලිනක්ස් පරිගණකය හරහා අන්තර්ජාලය සමග සම්බන්ධවේ


පියවර:


1. පරිගණකයේ network cards configure කිරීම
2. firewall settings කිරීම

3. ip forwarding ආරම්භ කිරීම

4. අනෙක් පරිගණක වල Network settings කිරීම




දැන් අපි එකින් එක විස්තරාත්මකව කරන ආකාරය බලමු


පරිගණකයේ network cards configure කිරීම


1. පලමුව, අන්තර්ජාලයට සම්බන්ධ වීමට එක් Network card එකක setting සකස් කරන්න.
උදා:eth0 card එක ඔබේ ISP නොහොත් අන්තර්ජාල සේවා සපයන්නාගේ උපදෙස් අනුව සකස් කරගන්න.

2. පරිගණකයට අන්තර්ජාලයට පිවිසීමට හැකිදැයි පරීක්ෂා කර බලන්න

3. දෙවන Network card (eth1) එක ඔබේ LAN එකට ගැලපෙන ආකාරයට settings කරගන්න.
උදා: ඔබේ LAN එක භාවිතා කරන්නේ 192.168.0.0 අකාරයේ නම් එයට අනුකූල IP Address එකක් භාවිතා කරන්න. මම දක්වා ඇති එකේ ආකාරයට නම් 192.168.0.1 ලෙස IP address එක යොදා ඇත.



Firewall settings කිරීම:


පළමුව අප ප්‍රධාන පරිගණකයේ අන්තර්ජාලයට සම්බන්ධ වී ඇති network card එක කුමක්දැයි දැනගත යුතුවේ. මෙහිදී මා eth0 ලෙස දක්වන්නේ මගේ පරිගණකය අන්තර්ජාලයට සම්බන්ධ වන Network card එකේ නම වේ. ඔබේ eth1 හෝ වෙන එකක් විය හැක. 192.168.0.0/24 ලෙස ඇත්තේ මගේ අභ්‍යන්තර (Lan) ජාලයේ ip address subnet range එකවේ. ඔබේ 192.168.1.0/24 හෝ වෙන එකක් විය හැක. ඉන්පසු,

1. මෙසේ විධානය දෙන්න:

iptables -t nat -A POSTROUTING -o eth0 -j MASQUERADE

කැමතිනම් පහත විධානය දෙන්නත් පුළුවන්. හැබැයි මෙතනදී routing පහසුකම 192.168.0.0/24 subnet එකේ ඇති ඒවාට පමණක් ලබාදේ.

iptables -t nat -A POSTROUTING -s 192.168.0.0/24 -o eth0 -j MASQUERADE

විධාන දෙකෙන් එකක් දෙන්න

2. දැන් ඔබ යෙදූ විධානයෙන් සිදුවන ක්‍රියාව සුරක්ෂිත කිරීමට මේ විධානය දෙන්න (to save your changes to iptables)

fedora, Redhat හෝ CentOs සඳහා:

service iptables save

Ubuntu සඳහා:

iptables-save > ipt123

cat ipt123 | iptables-restore

Ubuntu වලට මෙහෙමත් කරන්න පුළුවන්:

/etc/rc.local ගොනුව ඇතුලට මේ පේලි දෙක දමා save කරන්න.

/sbin/iptables -P FORWARD ACCEPT
/sbin/iptables -t nat -A POSTROUTING -o eth0 -j MASQUERADE


සටහන:
උබුන්ටුහි මෙම firewall settings save වෙන්නේ /var/lib/iptables යන ගොනුව තුලයි. නමුත් redhat, fedora හෝ CentOs වැනි එකක save වෙන්නේ /etc/sysconfig/iptables යන ගොනුව තුලයි. ඔබට අවශ්‍යනම් මෙම ගොනුව අතින් වෙනස් කරන්න.

3. ඔබේ iptables firewall එක මෙසේ විධානය දීමෙන් restart කරන්න නැත්නම් පරිගණකය restart කරන්න

/etc/init.d/iptables restart

නැත්නම් මේ විධානය දෙන්න. දෙකෙන්ම වෙන්නේ එකම ක්‍රියාවක් වුවත්, පහත විධානය උබුන්ටු වල ක්‍රියා කරන්නේ නැත.

service iptables restart



ip forwarding ආරම්භ කිරීම


Ip forwarding මගින් ඔබේ අභ්‍යන්තර ජාලයේ (Lan) පරිගණක සඳහා routing පහසුව ලබා දේ. සරලව පැවසුවොත් ජාල කිහිපයක් අතර සන්නිවේදනයට පහසුකම් සැපයීමට routing අත්‍යාවශ්‍යම අංගයකි. අභ්‍යන්තර ජාලයේ ඇති පරිගණකයක් අන්තර්ජාලයේ වෙබ් අඩවියකට (Lan to Internet) යෑමට සකස් කරනවිට (When you set up a computer) gateway address එකක් ලබා දීමට අවශ්‍යය. මෙය හරියට LAN එකක ඇති router එකේ IP address එකට සමානය.

1. දැන් /etc/sysctl.conf file එක පහත ආකාරයට වෙනස් කරන්න:

2. මෙන්න මේ පේළිය සොයා ගන්න:
net.ipv4.ip_forward = 0

3. දැන් මෙසේ වෙනස් කරන්න:
net.ipv4.ip_forward = 1

නමුත් Ubuntu හි එම පේලිය comment කර ඇත. # සළකුණ ඉවත් කිරීම පමණක් මෙහිදී ප්‍රමාණවත්වේ.

මතක තබාගත යුතුයි!

ip forwarding අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි. etc directory එකේ ඇති sysctl.conf ගොනුව විවෘත කර හොඳින් පරික්ෂා කර බලන්න. එම ගොනුව වෙනස් කිරීමට ඔබ root user ලෙස සිටිය යුතුයි.


අනෙක් පරිගණක වල settings කිරීම


දැන් ඔබගේ gateway server එක ලෑස්තියි. දැන් ඔබේ LAN එකේ ඇති අනෙත් පරිගණක වලට මේ ආකාරයට Network settings කරන්න.

1. Gateway address: 192.168.0.1
2. DNS: මෙතනදී ඔබේ ISP ගේ DNS address එක දෙන්න
3. IP address: 192.168.0.10 වගේ Gateway address එකට ගැලපෙන ආකාරයට දෙන්න


පසු වදනක්....

DHCP server එකක් ලෙසට gateway server එක සකස් කළහොත් අනෙක් පරිගණකවල Network settings අපිට අමුතුවෙන් කරන්න අවශ්‍ය නොවේ. එම පරිගණක සියල්ලෙහි network settings "Auto" ලෙස සැකසීම පමණක් සෑහේ.

DNS එකේදී gateway computer එකේ ip address එක දෙන්න නම් අපි server එක DNS server එකක් ලෙසට සකස් කළ යුතුයි. මේ ගැන ඔබට දැනගැනීමට අවශ්‍යනම් ඉල්ලීම් කරන්න. එවිට ඉදිරි ලිපිවලදී සවිස්තරාත්මකව DNS server එකක් සකස් කරගන්නා ආකාරය පැහැදිලි කරන්නම්.


මේකෙ ගුණ දොස් ඇතොත් මට දැනුම් දෙන්න.

Thursday, April 2, 2009

Fedora 10 Request form is Open!

ඔන්න අප්‍රේල් මාසයට fedora 10 ගෙන්වා ගැනීමේ ඉල්ලුම් පත්‍රය විවෘතයි!

වහාම කැමති අයෙක් වෙතොත් form එක පුරවා එවන්න. අපි හැකි අයුරින් ඔබ වෙත Fedora 10 Dvd එක ලැබෙන්න සලස්වන්නම්.

මෙන්න ලින්ක් එක:

http://fedoraproject.org/freemedia/FreeMedia-form.html

සැ.යු:
මිතුරු මිතුරියනි, මේ CD/DVD අපිට පුළුවන් විධියට write කරලා අතින් වියදම් කරගෙනයි ඔබ වෙත ලැබෙන්න සලස්වන්නේ. ඒ නිසා කරුණාකර මේවා ඔබට download කරන්න බැරිනම් පමණක් අපෙන් ඉල්ලන්න.

අනිත් එක, මේවා එක්ක Ubuntu වගේ ලස්සන stickers අපි එවන්නෙත් නෑ. දැනට අපි (ලංකානෙට් එකෙන්) එවන්නේ i386 නැතහොත් 32bit version එක විතරයි. සිම්පල් විධියට dialog broadband connection එකකින් දුකසේ Download කරලයි ගන්නේ.

Monday, March 30, 2009

ලිනක්ස් හි root password එක අමතක වුනාම මොකද කරන්නේ?

මෙම ක්‍රමය fedora, CentOS හෝ Redhat සඳහා යොදා ගත හැක.

1.
පරිගණකය boot වෙන අවස්ථාවේදී එන grub menu එකෙන් ඔබේ ලිනක්ස් එක arrow key වලින් තෝරා Enter වෙනුවට යතුරු පුවරුවේ a අකුර ඔබන්න
ඉන් පසු පහත සඳහන් ආකාරයේ පේළියට ආසන්න ආකාරයේ එකක් ඔබට පෙනෙනු ඇත

kernel /vmlinuz-2.6.27.19-78.2.30 ro root=LABEL=/ acpi=on rhgb quiet

2. එම පේළියේ කෙළවරට පහත ඇති ආකාරයට අංක 1 ඇතුලත් කරන්න

kernel /vmlinuz-2.6.27.19-78.2.30 ro root=LABEL=/ acpi=on rhgb quiet 1

3. දැන් Enter යතුර ඔබන්න. මේ අවස්ථාවේදී grub විසින් ඔබව root පරිශීලකයා ලෙසට ලිනක්ස් පද්ධතියට boot කර යවයි. නමුත් ඔබව විධාන පමණක් යෙදිය හැකි මාධ්‍යයට යැවේ. (Text/Terminel mode)මෙය මේ අවස්ථාවට පමණක් එසේ සිදුකරයි.

4. දැන් ඔබ log වී ඉන්නේ root විධියටයි. එතනදී passwd ලෙස විධානය දෙන්න.

5. දැන් ඔබේ අළුත් මුරවචනය දෙන්න.ඉන්පසු පරිගණකය reboot කරන්න.
(ඉඟි: reboot කිරීමට shutdown -r now විධානය දෙන්න.)

Tuesday, March 24, 2009

නොමිලේම ලිනක්ස් සංගත තැටි ගෙදරට ගෙන්න ගන්න...

අද මට හිතුනා ඕගොල්ලන්ට පුංචි හෝඩුවාවක් දෙන්න.

දන්නවද, ලඟදීම ලංකානෙට් එකේ අපි මේ ලිනක්ස් වර්ග නොමිලේ ඔබගේ ගෙදරටම එවනවා! ඇත්තටම අවශ්‍ය අය ඉන්නවනම් අපිට දැනුම් දෙන්න. අදහස් උදහස් වෙතොත් අපිට කියන්න. ඔබේ අදහස් අපේ මෙම ක්‍රියාවලියට ලොකු සහයෝගයක් වෙනවා.

Super Ubuntu
Fedora
knoppix


අපේ වෙබ් අඩවියෙන් මේවා ඉල්ලන්න.

www.lankanet.org


සීමිත ප්‍රමාණයක් තමයි දැනට දෙන්නේ. අනාගතයේදී ඉල්ලුමට සරිලන විධියට සැපයුම කරන්න බලාපොරොත්තු වෙනවා.

Monday, March 16, 2009

පදවියටත් නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංග ගෙන ගිය වගයි!


ඔන්න ලංකානෙට් එකේ අපි තවත් පිම්මක් පැන්නා! මේ පාර අපි පදවිය නගරයට ගොස් අපට හැකි ආකාරයෙන් උපරිමයෙන් නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංග නොඑසේනම් FOSS ගැන විවෘත හා සංවාදාත්මක සම්මන්ත්‍රණයක් සහ පුහුණු වැඩමුළුවකුත් කළා.

සම්මන්ත්‍රණයට පළාතේ සෑම තරාතිරමක අය සහභාගි වුනා. සම්මන්ත්‍රණය පැවැත්වූයේ පදවිය මහසෙන් නවෝද්‍ය මහා විද්‍යාලයේදියි. එදින LTSP තාක්ෂණය ගැනත් FOSS වලට අමතරව හඳුන්වා දුන්නා. මේ පළාතට හරිහමන් විධියේ අන්තර්ජාල පහසුකමක්වත් නෑ. ඒ තරම්ම තොරතුරු තාක්ෂණයෙන් ඈත් වෙලා. නැත්නම් ඈත් කරලා. නොයෙකුත් හේතු නිසා පාසල්වල පරිගණක නිකං පුස්කනවා. මේ සම්මන්ත්‍රණයෙන් පස්සේ ඒ තත්වය වෙනස් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

පුහුණු වැඩමුළුව තුලදී අපි පරිගණකයේ Linux (Fedora and Ubuntu) ස්ථාපණය කරන හැටි, පරිශීලණයේදී දැනගත යුතු වැදගත් කරුණු, මෙහි ඇති ප්‍රයෝජනය සහ පැනනගින ගැටළු නිරාකරණය කිරීම ඇතුළු ගොඩක් දේවල් පිළිබඳව එයට සහභාගි වූවන්ව දැනුවත් කළා.

පදවියේ තියෙන e-Vision Lanka ආයතනයේ සහය ඇතිව අප මෙම සම්මන්ත්‍රණය හා පුහුණු වැඩමුළුව පැවැත්වුවා. වැඩේ ඉතා සාරථක බව අතිශයෝක්තියකින් තොරව කියන්න පුළුවන්. FOSS ආශ්‍රිත පරිගණක අධ්‍යාපණය ප්‍රවලිත කිරීමේ අරමුණින් අප ලංකානෙට් ආයතනය විසින් LTSP ස්ථාපණය කරණ ලද නව පරිගණකයකුත් පදවිය නගරයට ලබා දුන්නා!
මෙන්න මේ පින්තූරයේ තියෙන්නේ මම මුලින් ලිපිවලදී සඳහන් කළ LTSP ක්‍රමයට සකස් කරන ලද පරණ පෙන්ටියම් 1 පරිගණකය සහ අළුත් Dual core පරිගණකයයි.

මෙන්න මෙතනින් තවත් පින්තූර ටිකක් බලතෑකි