Friday, July 3, 2009

Fedora 11 request form is now open!

ඉක්මනට ඉල්ලන්න. පරක්කු වෙන්න එපා! හැබැයි ඔබට ෆෙඩෝරා download කරගැනීමට පහසුකම ඇත්නම් මේක ඉල්ලන්න එපා. කෙලින්ම download කරගන්න. මේකත් පොඩ්ඩක් හිතන්න:

1. අපි මේවා දෙන්නේ ලස්සන stickers එක්ක නෙමෙයි,
2. අතේ තියෙන මුදල් ප්‍රමාණයට සැපයීමට හැකි ප්‍රමාණය විතරයි තැපැල් කරන්නේ
3. පාවිච්චි කරන්නේ නැත්නම් fashion එකට වගේ ඉල්ලන්න එපා
4. මේක අපි ස්වේච්චාවෙන් කරන සේවයක්
5. ඔබේ අදහස් උදහස් අපිට/මට කියන්න

මෙතනින් ඉල්ලන්න!

https://fedoraproject.org/freemedia/FreeMedia-form.html


fedora දා ගත්තාම Easylife ස්ථාපනය කරගන්න අමතක කරන්න එපා...

මෙය Skype,Google apps, DVD tools, Livna Repository, Adobe Reader, අතිරේක Fonts සහ තවත් ගොඩක් දේවල් ලේසියෙන්ම ස්ථාපනය කරනවා.

විස්තර..
http://tharaka-lankanet.blogspot.com/2008/12/easylife-fedora.html

http://easylifeproject.org/

9 comments:

සහන් සටහන් said...

මමත් ඉල්ලුවා, ටිකට් එකක් කියලා එකක් නම් හැදුනා සීඩී එක ගෙදරට එයිද?

Unknown said...

අනිවාරයයෙන්ම ලැබෙයි, ඔයා ඉල්ලුවේ i386 DVD හෝ Live cd එකක්නම්. මෙකෙ කොපි පුළුවන් තරම් ඔබේ යාළුවන්ටත් දෙන්න.

සහන් සටහන් said...

දෙනවා අනිවාර්යෙන්. අපි යාලුවෝ කට්ටියක් තමයි Fedora ඉල්ලුවෙත්

Unknown said...

ඇත්තටම එක්කෙනෙක් විතරක් තැපෑලෙන් මේක ගෙන්න ගෙන අනිත් අයට කොපි කරලා දුන්න නම් කොච්චර අගේද? මොකද මේක අපි එවන්න වෙන් කරන මුදලින් තවත් අයට තැපෑලෙන් යවන්න පුළුවන්, ඒකයි මම කිව්වේ. වරදවා හිතන්න එපා. මේක ගෙන්න ගෙන නිකං තියන්න එපා ඒක ස්ථාපනය කරගෙන පාවිච්චි කරන්න. අපේ ශ්‍රමය හා මුදල් අපතේ නොහරින්න..

සහන් සටහන් said...

අපෝ ඒක එච්චර දෙයක් නෙවෙයි මමනම් කොහොමත් ගන්න softwares යාලුවොත් එක්ක බෙදාගන්නවා, මොකද අපි බිල්ගේට් ගෙන් සල්ලි දීලා ගන්නෙ නෑනේ......
ඔබගේ මහන්සියත් මුදලුත් අපතේ නොයවන බවට පොරොන්දු වෙනවා ඒ වගේම ඔබේ කැපවීම සහ සේවය අගය කරනවා

සහන් සටහන් said...

තවම ආවෙ නැත

Unknown said...

මෙවර පොඩ්ඩක් පමා වුනා. අද හෙටම ලැබේවි.

Shirosh said...

කොහොමද ඉල්ලන්නේ. ෆෝම් එකක් පුරවන්න නෑනේ

Shirosh said...

ඔයා දුන්න ලින්ක් ක්ල්ක් කලා. ඒත් කොහොමද ෆෙඩෝරා ඉල්ලන්නේ