Wednesday, June 10, 2009

Fedora 11 ඕනද?

ඕන කෙනෙක් ඉන්නවනම් ලංකානෙට් එකට ලියන්න. Fedora වෙබ් අඩවියෙන් ඉල්ලනවානම් වඩාත් සුදුසුයි. දන්නවනේ මේක නොමිලේ දෙන්නේ. එහෙම කියලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්කම තියෙන අය ඉල්ලන්න එපා. අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කරගැනීමට පහසුකම නැති අය විතරක් ඉල්ලන්න.

මේකත් එක්ක ලස්සන ස්ටිකර් එහෙම බලාපොරොත්තු වෙන්නත් එපා. අතින් වියදම් කරලා පුළුවන් විධියටයි දෙන්නේ. මේක තියෙන කෙනෙක් ඉන්නවනම් හැකි ආකාරයෙන් තවත් අයට පිටපත් ලබා දීමට කාරුණික වන්න. තාම මමත් මේක ඩවුන්ලෝඩ් කරන්න පටන් ගත්තා විතරයි.

මේ පණිවිඩය අන් අයටත් දැනුම් දෙන්න...

2 comments:

ශාකුන්තල | Shaakunthala said...

පැසසිය යුතු මෙහෙවරක්. මමත් තාම ඩවුන්ලෝඩ් කරන්න පටන් ගත්තා විතරයි. හැකි පරිදි බෙදා හරින්නම්.

ගයාන් කල්හාර said...

ඔබලා කරන්නේ ලොකු සේවයක්, අපිවගේ ඩයල් අප් භාවිත කරන අයටත් අන්තර්ජාලය නැති අයටත්.

මම ගියවර ඉල්ලූ ෆෙඩෝරා 10 තැටිය ඉක්මනින් ලබාදීම ගැන මගේ ප්‍රණාමය. මෙවර මට තව සති කිහිපයක් තුල වෙනත් කෙනෙකුගෙන් පිටපතක් ලබාගන්න පුලුවන් නිසා ඇවැසි නෑ.

හැකිතරම් ඉදිරියට කරගෙන යන්න. මගෙන් සුභපැතුම් !!