Friday, January 27, 2012

Gnome 3 එපා වුන අයට Cinnamon අතුරු මුහුණත

බොහෝ දෙනෙකුට එපා වුන නැතිනම් බොහෝ අය අකමැති ලිනක්ස් අතුරු මුහුණතක් වන Gnome 3 Cinnamon නමින් Mint ලිනක්ස් කණ්ඩායම විසින් වෙනස් කර නිපදවා ඇත. එහි අතුරු මුහුණත අප කලින් භාවිත කළ Gnome 2 අතුරු මුහුණතට සමාන පෙනුමක් දක්වයි. මෙය Mint ලිනකස් සඳහා පමණක් යැයි බොහෝ අය වැරදියට සිතුවද Ubuntu 11.10, Fedora 16, OpenSUSE 12.1, Arch Linux, හා Gentoo යන ලිනක්ස් වර්ග සඳහාද පහසුවෙන් ලබාගත හැකිවන ආකාරයට සකස් කර ඇත.

එහි මූලික ආකාරයන් (පෙනුම) වර්ග 3ක් ඇති අතර තමන්ට කැමති ආකාරයට වෙනස් කර ගැනීමේ පහසුකම් හා නොයෙකුත් themes හා Effects භාවිත කිරීමේ හැකියාවෙන් පරිපූර්ණය.

පහත එහි මූලික ආකාරයන්ගේ රූප දැකිය හැකිය.

එය බාගත කර ගැනීම හා ස්ථාපනය කර ගැනීම සඳහා උපදෙස් මෙම අඩවියේ ඇත.
 ඉහත රූපයෙන් දැක්වෙනුයේ එහි සාම්ප්‍රදායික පෙනුමයි.

ඉහත රූපයෙන් දැක්වෙනුයේ එහි "classic" පෙනුමයි.

ඉහත රූපයෙන් දැක්වෙනුයේ එහි "flipped" පෙනුමයි. 

එහි පෙනුම ඔබට කැමති ආකාරයට ඉහත රූපයේ දැක්වෙන පරිදි සකස් කළ හැකිය.

Wednesday, November 9, 2011

Fedora 16 නිකුත් විය...

ඊයේ දිනයේදී Fedora හි නවතම සංස්කරණය වන fedora 16 නොහොත් "Verne" නිකුත් කළ අතර එහි නොයෙකුත් කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක් දක්නට ඇත.

ඉන් ප්‍රධාන වශයෙන්
1. එහි ආරම්භ කිරීමේ වේගය (boot) පෙර සංස්කරණයන්ට වඩා වැඩි වීම,
2. නව presentation මෘදුකාංගයක් වන Ease හඳුන්වා දී තිබීමත්,
3. User ID අංක 1000 සිට ආරම්භවීම (කළින් 500න් ආරම්භ විය)
4. Grub 2 භාවිත කිරීම
5. Linux Kernel 3.1 සිට භාවිත කිරීම
6. ඔබ සතු Google, Facebook වැනි online accounts පහසුවෙන් කලමණාකරනය කිරීම සඳහා System Settings තුළ "Online Accounts" නම් කොටසක් ඇතුලත් කර තිබීම හා තවත් බොහෝ දේ දැක්විය හැකිය.

මෙය ස්ථාපනය සඳහා පහත පහසුකම් ඔබේ පරිගණකය සතු විය යුතු අතර ඔබේ පරිගණකය පහත දැක්වෙන පහසුකම්වලට වඩා අඩු එකක් නම් විකල්ප කිහිපයක් භාවිත කළ හැකිය. එනම් මතක ධාරිතාවය මෙගා බයිට 670ට වඩා අඩු වුවද (512 වගේ නම්) ස්ථාපනය කිරීමට වැඩි කාලයක් ගත වුවද භාවිත කිරීමේදී අඩු වේගයක් නොදක්වනු ඇත. නමුත් ප්‍රෙසෙසර වේගය හා මතක ධාරිතාවය අඩුනම් Fedora 16 හි LXDE අතුරු මුහුණත ඇති සංස්කරණය ස්ථාපනය කල හැකි අතර එය වඩාත් වේගවත් හා භාවිතයට පහසු සංස්කරණයකි. එය බාගත කර ගැනීමට පහත ලින්ක් එකක් දක්වා ඇත.  

පරිගණකයේ තිබියයුතු අවම පහසුකම්
1. අවම මතක ධාරිතාවය 670MB
2. අවම Hard Disc ධාරිතාවය 9-10 Gb
3. අවම ප්‍රොසෙසෙර වේගය 1.6 Ghz (ප්‍රායෝගිකව pentium 4 වත් අවශ්‍යවේ)  

Gnome අතුරු මුහුණත සහිත සංස්කරණය


KDE අතුරු මුහුණත සහිත සංස්කරණය


LXDE අතුරු මුහුණත සහිත සංස්කරණය


මෙම සංස්කරණයන් බාගත කර ගැනීමට පහත ඇති ලින්ක් භාවිත කරන්න
සාමාන්‍ය 32bit පරිගණක සඳහා Gnome සංස්කරණය සහ 64bit පරිගණක සඳහා
අඩු ධාරිතාවයකින් යුත් පරිගණක සඳහා LXDE සංස්කරණය
KDE අතුරු මුහුණත සහිත සංස්කරණය 32bit පරිගණක සඳහා සහ 64bit පරිගණක සඳහා

Thursday, October 6, 2011

ස්ටීව් ජොබ්ස්.... ඔබට නිවන් සුව ලැබේවා!

දක්‍ෂ නිර්මාණ සොයාගන්නෙකු ලෙසට අප කවුරුත් දන්නා ස්ටීව් දැන් මෙලොව හැර ගොස්. ඔහු ඇපල් සමාගමේ පෙරළිකාර නිමැවුම් වන iMac, iPad, iPhone නිර්මාතෘ බව අපි හැමෝමෙ දන්න දෙයක්. ඉතිං නැවතත් ඔහුගේ ඒවගේ පෙරළිකාර නිමැවුම් අපිට දකින්න ලැබෙන්නේ නෑ. ඔහුගේ නිර්මාණ අතර Pixar සමාගමේ සජීවී කරන ලද ළමා චිත්‍රපට විශේෂයි. (Cars, Toy Story, finding nemo වැනි). බොහෝ දෙනෙක් එය නොදන්න දෙයක්. හැමෝම දන්නේ ඔහුගේ පරිගණක සම්බන්ධ නිර්මාණ විතරයි. ඉතිං ඔබට නිවන් සුව! (ඔහු බෞද්ධයෙක්. ඒ නිසා නිවන් සුව ලැබේවා කියා පැතිය හැකිය.)

Wednesday, June 22, 2011

ලබන වසරේ 12වන දා ඒක ගන්න පුළුවන්?

අමුතු ප්‍රවෘත්තියක්.
1. කාරණාව: ඩොමේන් නාම ලබා දීම පිලිබඳව -ලබන වසරේ 12වන දා සිට ඩොට් කොම් වෙනුවට කැමති නමක් ලබාගත හැකිය!
2. කවුද කියන්නේ: සිරස මාධ්‍ය ජාලයේ ඊතලය.කොම් අඩවිය
3. මට අවශ්‍ය දේ: නිවැරදි මාසය සහ දිනය


මෙන්න අදාල ලින්ක් එක: http://www.ethalaya.com/index.php?option=com_content&view=article&id=11164:2011-06-20-11-57-56&catid=3:news-right
මෙන්න screen shot එක


HAVE FUN!

Wednesday, June 1, 2011

Libre office හා openoffice යන දෙකෙහි අනාගතේ කා අතේද?

Oracle විසින් sun සමාගම මිලදීගත් පසු හැමෝටම තිබුන ලොකු ගැටළුවක් වුනේ openoffice.org එකට මොකද වෙන්නේ කියලයි. එය සඳහා දායකවූ කණ්ඩායම Oracle වෙතින් ඉවත්වූ පසු Libreoffice ලෙසට නම වෙනස් වූ බව හැමෝම දන්නවා. නොයෙක් මත බිහි වුනද දැන් ලැබුන විශ්වාසවන්ත අලුත්ම ආරංචිය වන්නේ හෙට හෝ අනිද්දා වෙන විට Apache විසින් Oracle වෙතින් openoffice.org අරගෙන ඒ වෙත අනුග්‍රහය දක්වන බවයි. ඒ කියන්නේ මේක කරට අරගෙන මෙහි වැඩි දියුණුව හා සුභ අනාගතය වෙනුවෙන් කටයුතු කරන බවයි!

Oracle සමාගම තමන්ගේ අතේ තියාගෙන ඉන්න Openoffice.org එකේ නම Libreoffice කණ්ඩායමට නොදී වෙන ආයතනයකට දෙන එකත් ලාවට අමුතුයි. ඒත් දැන් මේවා තීරණය වෙලා ඉවරයි.

Openoffice.org දිගටම යනවා. Libreoffice වෙනම යනවා. දෙකෙන් කෝකද ඕන?

Thursday, May 12, 2011

සිංහල යුනිකෝඩ් අකුරු ඇත්තටම නැද්ද?

මම හිතන්නේ සිංහල යුනිකෝඩ් අකුරු දැනට ඇත්තේ අතේ ඇඟිලි ගාණටයි කියලා නොදන්න කෙනෙක් නෑ. එක්කෝ තව අකුරු තියෙනවා කියලා මම නොදන්නවා ඇති. ඒත් මේවා කොහෙන් කියලා හොයා ගන්නද? දන්න කෙනෙක් ඉන්නවනම් මට සිංහල යුනිකේත අකුරු හොයලා දෙන්න බැරිද? සිංහල යුනිකේත අකුරු හදන හැටි ICTA එකෙන් ඉගැන්නුවා නේද? ඒකට 100ක් විතර පිරිසකුත් ආවාලු නේද? කෝ ඒ පොරවල් හදපු අකුරු?? මගේ නොදැනුවත් කමද? නැත්නම් ඒගොල්ලෝ අකුරු හදලා නැත්ද? නැත්නම් ඒවා හදලා දෙන්නේ නැතුව ඉන්නවාවත්ද? ඒගොල්ලෝ මොනවද කළේ?

අනේ මන්දා මේවා කාගෙන් අහන්නද කියලා. දන්න දන්න ලොකු පොරවල්ගෙනුත් නෝ ආන්ස්වර්!

මෙච්චරයි මම කියන්නේ, අනේ.... තියෙනවනම් සිංහල යුනිකෝඩ් අකුරු බාගන්න තැනක් මට කියන්න. නැත්නම් මට ගන්න විධිය කියලා දෙන්න. අනේ ලොකු උදව්වක්...

Monday, April 25, 2011

Java එපා! Ceylon දෙන්න!!

ඒ කියන්නේ Java කෝපිද? Ceylon තේද? නැහැ! මේ කියන්නේ නවතම පරිගණක ක්‍රමලේඛන ක්‍රමයක් වන Ceylon ගැනයි...  

RedHat සමාගම ඔන්න තවත් අලුත් වැඩකට අත ගහලා. ජාවා පරිගණක ක්‍රමලේඛන ක්‍රමය (Programming Language) වෙනුවට භාවිතා කිරීම සඳහා Ceylon නමින් නව පරිගණක ක්‍රමලේඛන ක්‍රමයක් හඳුන්වා දී තිබේ. මේක ජාවා නොකීවට එහෙමමත් නොවේ. මන්ද මෙය ජාවා Runtime මත දුවන නිසාත් ඕනෑම JVM එකක මේ මගින් ලියන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට හැකි නිසාත්ය. ජාවා එක්ක වැඩ කරන අයට එහි තිබෙන සාම්ප්‍රදායික ගැටළු මගහැර නව මගකට (හොඳට හෝ නරකට) යෑමට අවශ්‍යයි කියා සිතේනම් Ceylon language එක හොඳ විකල්පයක් වගේ දැනටමත් පෙනෙන්නට තිබෙනවා.
එමෙන්ම ජාවා වල තිබෙන යල් පැන ගිය class library වෙනුවට මේ සඳහා නව class library කිහිපයක්ද හඳුන්වා දී ඇති අතර මෙය තුළ ජාවා syntax භාවිතා කිරීමටද හැකිය. 

2011 අග භාගයේදී මෙහි compiler එක නිකුත් කිරීමට බලා පොරොත්තුවන අතර, භාවිතයට හා ඉගෙනගැනීමට ජාවා වලට වඩා පහසු කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඉතිං ජාවා ක්‍රමලේඛනය කරන අයට සහ අලුතෙන් පරිගණක ක්‍රමලේඛනය හදාරන අයට මේක හොඳ ආරංචියක් වේවි කියලා හිතන්න පුළුවන්. ඒවගේම Ceylon කියන වචනය නිසා ලංකාව ගැනත් නොදන්න අය දැන ගනීවි.

වැඩි විස්තර http://en.wikipedia.org/wiki/Ceylon_Project
 http://www.infoworld.com/d/application-development/red-hats-ceylon-language-unneeded-tempest-in-teapot-558?page=0,1