Thursday, February 23, 2017

Kaspersky වෙතින් නව මෙහෙයුම් පද්ධතියක් KOS

ප්‍රතිවෛරස ලෝකවේ දැවැන්තයෙකු වන කැස්පර්ස්කි අලුත් වැඩකට අතගහලා. ඔවුන් මෙවර Network devices, IOT උපකරණ සහ embeded OS එකක් අවශ්‍යවන ඕනෑම උපකරණයක් සඳහා වඩාත් ආරක්ෂාකාරී මෙහෙයුම් පද්ධතියක් නිකුත් කර ඇත. මෙහිදී ඔවුන්ගේ මූලික පරමාර්ථය වී ඇත්තේ එම operating system එක ඇතුලේ යම් කාර්යයක් සිදුවන විට අතිශයින්ම එම කාර්යය සඳහාම පමණක් ක්‍රියාත්මක වීමට ඉඩ ලබා දීමයි. වෙන ඒවාට සෙල්ලම් දැමීමට ඉඩ නැහැ. ඇත්තෙන්ම whitelist එකක ඇති process වලට විතරයි ක්‍රියාත්මක වීමට අවසර තියෙන්නේ. ඔවුන් මෙම OS එක නිපදවීමට අවුරුදු 14ක් ගත කළ බව සඳහන් වනවා.
ප්‍රධානම කාරණාව, මෙය කිසිසේත්ම ලිනක්ස් මත පදනම්ව නිපදවා නොමැති වීමයි. මෙහි ලිනක්ස්හි එක කේතයක්වත් ඇතුලත්ව නැහැ. දැනට ඇති මෙහෙයුම් පද්ධති සියල්ලම වාගේ පොදු කාර්යයන් කිරීම සඳහා සැකසී ඇති නිසා ඔවුන්ට අමුතුවෙන්ම මේක හදන්න වුනා යැයි කියනවා. ආරක්ෂාව උපරිමයෙන් සැළසීම සඳහා microkernel level එකෙන්ම සෑම ක්‍රියාවක්ම අවහිර කර ඇති අතර, මෙම මෙහෙයුම් පද්ධතිය එයට උපදෙස් දී ඇති කාර්යයන් පමණක් සිදු කරයි. මෙම OS එක සෑම ආකාරයකින්ම සැබෑ ලෝකයේ තත්ව පරීක්ෂණයන්ට ලක්කර ඇති බව ඔවුන් සඳහන් කරයි. එමෙන්ම, මෙය ඕනෑම ආකාරයකට තමන්ට ඇවැසි පරදි සකස් කරන්නත් පුලුවන්. ඕනෑම code එකක් මේකට port කරන්නත් පුලුවන්.  ඔවුන්ගේම ආරක්ෂිත hypervisor එකක් ඇතුලත් නිසා ඕනෑම OS එකක් guest OS එකක් විධියට මේකේ දුවවන්න පුලුවන්. අවුරුදු 14ක වැඩක් වරදින්න විධියකුත් නෑ.

මෙන්න ඔවුන්ගේ වෙබ් එක: https://os.kaspersky.com/

No comments: