Wednesday, April 21, 2010

Avast antivirus for Linux භාවිතා කරන්නෙනි. මෙය දැනගන්න!

මෙච්චර කාලයක් හොඳින් ක්‍රියාකල ඔබේ Avast මෘදුකාංගය දැන් මෙම error එක පෙන්වනවාද?




Avast antivirus විවෘත කරගන්නම බැහැ නේද? මට එහෙම වුනා. මේක කොහොමද නිවැරදි කරගන්නේ???? මේ ගැන අන්තර්ජංජාලයේ සොයන්න ටිකක් කරදර වුනා. ඒත් දැන් වැඩේ හරි! ඒක විසඳන හැටි මම කියලා දෙන්නම්.
(හැබැයි අලුත් ලිනක්ස් kernel භාවිතා කරන අයට මෙහෙම වෙන්නේ නෑ!)

Redhat/Fedora ලිනක්ස් භාවිතා කරන අය මෙහෙම කරන්න

1. ඔබේ terminal එක විවෘත කරගන්න මෙසේ කරන්න

Applications-> System Tools-> Terminal
හෝ Applications-> Accessories-> Terminal

2. දැන් root පරිශීලකයා විධියට ඇතුල්වන්න මෙසේ කරන්න

විධානය: su - (Enter යතුර ඔබන්න ඉන්පසු rootගේ password එක දෙන්න)


3. මෙම විධානය දෙන්න:

gedit /etc/rc.local (Enter යතුර ඔබන්න)


4. දැන් gedit text editor එක විවෘතනවේ.


5. දැන් එම ගොනුවේ අගට පහත සඳහන් පේළිය එකතු කරන්න (වරද්දගන්න එපා!)

echo 128000000 >/proc/sys/kernel/shmmax

6. දැන් එම ගොනුව save කර close කරන්න.


7. ඔබේ පරිගණකය දැන් restart කරන්න.

දැන් ඔබට පහසුවෙන්ම Avast antivirus විවෘත කරගන්න පුළුවන්.


Ubuntu/LankaNet.Org/Debian භාවිතා කරන අය මෙහෙම කරන්න
1. ඔබේ terminal එක විවෘත කරගන්න මෙසේ කරන්න

Applications-> Accessories-> Terminal


2. මෙම විධානය දෙන්න:(වරද්දගන්න එපා!)

sudo gedit /etc/init.d/rcS (Enter යතුර ඔබන්න ඉන්පසු ඔබේ password එක දෙන්න)


3. දැන් එම ගොනුවේ පහත සඳහන් පේළිය සොයාගන්න

exec /etc/init.d/rc S (exec මුලට තියෙන පේළිය සොයාගන්න)


4. දැන් එම පේළියට වහාම ඉහලින් පහත සඳහන් පේළිය එකතු කරන්න (වරද්දගන්න එපා!)

echo 128000000 >/proc/sys/kernel/shmmax


5. දැන් එම ගොනුව save කර close කරන්න.


6. ඔබේ පරිගණකය දැන් restart කරන්න.

දැන් ඔබට පහසුවෙන්ම Avast antivirus විවෘත කරගන්න පුළුවන්.

Tuesday, April 6, 2010

LankaNet.Org Linux v.2 ගෙදරටම නොමිලේ ගෙන්ව ගන්න!

දයාබර මිතුරු මිතුරියනි!

ඔබට ලංකානෙට් ලිනක්ස් අන්තර්ජාලය හරහා ලබාගත නොහැකිනම් පහත සඳහන් ඊමේල් ලිපිනයට ඔබේ විස්තර එවා ලංකානෙට් ලිනක්ස් පිටපතක් නොමිලේම ගෙදරට ගෙන්ව ගන්න.

අපේ රටේ අධිවේගී narrowband Internet connection පාවිච්චි කරන ඔබ සඳහාම මෙය තැපෑලෙන්ම ගෙදරට එවනවා. අදම ගෙන්ව ගන්න! Download කරගන්න බැරි අය සඳහාමයි!

lankanet@slt.lk