Wednesday, April 21, 2010

Avast antivirus for Linux භාවිතා කරන්නෙනි. මෙය දැනගන්න!

මෙච්චර කාලයක් හොඳින් ක්‍රියාකල ඔබේ Avast මෘදුකාංගය දැන් මෙම error එක පෙන්වනවාද?




Avast antivirus විවෘත කරගන්නම බැහැ නේද? මට එහෙම වුනා. මේක කොහොමද නිවැරදි කරගන්නේ???? මේ ගැන අන්තර්ජංජාලයේ සොයන්න ටිකක් කරදර වුනා. ඒත් දැන් වැඩේ හරි! ඒක විසඳන හැටි මම කියලා දෙන්නම්.
(හැබැයි අලුත් ලිනක්ස් kernel භාවිතා කරන අයට මෙහෙම වෙන්නේ නෑ!)

Redhat/Fedora ලිනක්ස් භාවිතා කරන අය මෙහෙම කරන්න

1. ඔබේ terminal එක විවෘත කරගන්න මෙසේ කරන්න

Applications-> System Tools-> Terminal
හෝ Applications-> Accessories-> Terminal

2. දැන් root පරිශීලකයා විධියට ඇතුල්වන්න මෙසේ කරන්න

විධානය: su - (Enter යතුර ඔබන්න ඉන්පසු rootගේ password එක දෙන්න)


3. මෙම විධානය දෙන්න:

gedit /etc/rc.local (Enter යතුර ඔබන්න)


4. දැන් gedit text editor එක විවෘතනවේ.


5. දැන් එම ගොනුවේ අගට පහත සඳහන් පේළිය එකතු කරන්න (වරද්දගන්න එපා!)

echo 128000000 >/proc/sys/kernel/shmmax

6. දැන් එම ගොනුව save කර close කරන්න.


7. ඔබේ පරිගණකය දැන් restart කරන්න.

දැන් ඔබට පහසුවෙන්ම Avast antivirus විවෘත කරගන්න පුළුවන්.


Ubuntu/LankaNet.Org/Debian භාවිතා කරන අය මෙහෙම කරන්න
1. ඔබේ terminal එක විවෘත කරගන්න මෙසේ කරන්න

Applications-> Accessories-> Terminal


2. මෙම විධානය දෙන්න:(වරද්දගන්න එපා!)

sudo gedit /etc/init.d/rcS (Enter යතුර ඔබන්න ඉන්පසු ඔබේ password එක දෙන්න)


3. දැන් එම ගොනුවේ පහත සඳහන් පේළිය සොයාගන්න

exec /etc/init.d/rc S (exec මුලට තියෙන පේළිය සොයාගන්න)


4. දැන් එම පේළියට වහාම ඉහලින් පහත සඳහන් පේළිය එකතු කරන්න (වරද්දගන්න එපා!)

echo 128000000 >/proc/sys/kernel/shmmax


5. දැන් එම ගොනුව save කර close කරන්න.


6. ඔබේ පරිගණකය දැන් restart කරන්න.

දැන් ඔබට පහසුවෙන්ම Avast antivirus විවෘත කරගන්න පුළුවන්.

4 comments:

Anonymous said...

im confused.. they say Linux doesn't get viruses so why a virus guard??

Kanishka Dilshan said...

No one can say viruses can't attack a UNIX system.Anyway viruses can't easily spread on LINUX systems because of well designed LINUX architecture.

Anonymous said...

@ Anusha Nadun Ranaweera

මල්ලි කාලෙකට කලින් අනුරාධපුර සොන් කියල බ්ලෝග් එකක් අටවගෙන හෙන විකාරයක් කරා.
කට්ටියට කුණුහරුප කමෙන්ට් දැම්මා.
සමහර අයගෙන ගේම ඉල්ලුවා.සහෝදරත්වයෙන් හැදෙන්න කියල කියපු අයට පදේ කියල බැන්නා.
දැං ආයෙත් ඇවිත්.හැදිල නං ඉන්නෙ හොඳයි.
ඒත් තමන්ගෙ සින්ඩිකේටරයක් ප්‍රමෝට් කරගන්න අදාල නොවන විදිහට අදාල නැති ලිපි වලට කමෙන්ට් විදිහට Url දාන එකනං සදාචාරවත් නෑ මල්ලි!

Unknown said...

@Anonymous 1
You can scan your friend's USB pen drive and scan your Windows partitions....

Got the idea???