Friday, August 7, 2009

නියම මෘදුකාංග නොමිලේ දෙනවා! Original software for free!

මේක අද මට ලියන්න හිතුනේ වින්ඩෝස් පාවිච්චි කරන මිතුරන්හට පොඩි සහනයක්වේවි කියලා හිතුන නිසයි. නැතුව මේ සේවාව සපයන්නන් හෝ MS Windows මුරුංගා අත්තේ තියන්න හිතාගෙන නෙමෙයි.

මේ වෙබ් අඩවිය පැය 24කට වරක්, විකිණීමට ඇති මෘදුකාංගයක් නොමිලේ දෙනවා. හැබැයි ඒ පැය 24 ඇතුලත එම මෘදුකාංගය ස්ථාපනය කරගන්න ඕනේ. නැත්නම් නොමිලේ පාවිච්චි කිරීමට ලැබෙන්නේ නැහැ. ඒ කාල සීමාව තුල ස්ථාපනය කරගත්තොත් එම මෘදුකාංගය මිලදීගත්ත එකක් වගේම පාවිච්චි කරන්න පුළුවන්. ඉතිං මේ වෙබ් අඩවිය එක එක දවසට එක එක මෘදුකාංග දෙනවා. සමහර දවස්වලට මෘදුකාංග දෙකක් දෙන වෙලාවලුත් තියෙනවා. ගිහිල්ලාම බලන්න මෙන්න මෙතනට

www.giveawayoftheday.com

මේ අඩවිය වයිරස් සහ අනෙකුත් විනාශකාරී දේවල් වලින් තොරයි. බය නැතුව ගිහින් බලන්න. මේ අඩවිය මෘදුකාංග නිපදවන සමාගම්වල අනුමැතිය ඇතිවයි මේක කරන්නේ. ඒ නිසා ඔබව copyright (මෘදුකාංග වංචාවන්) වැනි ප්‍රශ්ණ වලට ලක්වෙන්නෙ නැහැ.

11 comments:

සහන් සටහන් said...

හප්පේ නිකං දෙයියෙක් ටොක්කක් ඇන්න වගේ ඇහේනකොටත් සනීපයි...... :D බලමුකො කියනවෛදිහටම කොරනවද කියලා

චමිදේවා said...

ඒකනම් මරු වැඩක්....ඔන්න මමත් අද දීල තියන එක බාගත්තා.

LishWish said...

බොහෝම ස්තුතියි මචෝ... මම අද දීල තියෙන එක බාගත්තා..

rane said...

අයියාට දෙවිපිහිටයි බුදුස‍රණයි

ශාකුන්තල | Shaakunthala said...

@සහන්,
මචං උඹ ළඟදි 'සුළඟ එනු පිණිස' බැලුවද? :P

NUWAN said...

මමත් එකක් බා ගත්තා ඔන්න.

Kanishka said...

ෂා... මරුනෙ... තැන්කූ වේවා...

සහන් සටහන් said...

සුලග එනු පිනිස......? නෑ ඇයි

ශාකුන්තල | Shaakunthala said...

විහිළුවට ඇහුවෙ. දෙයියගෙ කතාව නිසා. :P

දඟර වලිග said...

කියල වැඩක් නෑ. ගොඩක් ස්තූතියි.

Chathura said...

හොදයි වගේ මොකද අද එකනම් මට වැඩක් නෑ ඉතින් බෑවේ නෑ පස්සේ දවසක බලන්න ඹන. තෑන්ක් යූ