Monday, August 31, 2009

බැංකුවේ ATM යන්තරේටත් වෛරස් ඇවිල්ලා!!

කාඩ් එක දාන්නේ බලාගෙනයි!
මගේ ඊජිප්තු ජාතික මිතුරකු වන Samer Azmyට මෙහෙම අත්දැකීමක් වෙලා තියෙනවා. අපේ රටේ හුඟක් බැංකුවලත් ATM යන්තරවල පාවිච්චි කරන්නේ MS Windows. මං හිතන්නේ ඒක හැමෝම වගේ දැනගත යුතු කාරණයක්. පහත තියෙන screen shots වලින් වැඩේ හොඳට බලාගන්න පුළුවන්. මොකද මේවා හැමදාම දකින්න ලැබෙන්නේ නෑ. ඉතිං මම කියන්න හදන්නේ අපි කොච්චර අවදානමකද ඉන්නේ මේ වගේ ප්‍රශ්ණ ඇතිවෙනකොට? හිතලා බලලා අදහස් ලියන්න. (කොච්චර හොඳ anti virus software එකක් දැම්මත් ගැලවිල්ලක් නෑ) මගේ මිතුරා කියන්නේ මේකට එකම විසඳුම Linux භාවිතය කියලයි. ඔහු ඒකට උදව් කරන්නත් ලෑස්තියි. මාත් එහෙමයි හිතන්නේ. ඔබ හිතන්නේ???

17 comments:

donBox said...

Ahala thiyanawada "Atheesarayata Amuda gahanawa kiyala"..

EE wage thamai linux daanawa kiyanne..

Anonymous said...

මමත් දැකලා තියෙනවා ලංකාවේ ATM යන්ත්‍ර වලත් තියෙන්නේ Windows. සමහර වෙලාවට Embeded Version එකක්.

දොන්බොක්ස්,
අතීසාරෙ මොකද්ද, අමුඩෙ මොකද්ද කියනවනම් හොඳයි. මොකද ලිනක්ස් නම් ඔබ කියන උපමාවට ගැලපෙන්නේ නැති නිසා.

හිමු කිරණ said...

good idea

budhajeewa said...

මේ වගේ සල්ලිත් එක්ක වැඩ කරන පරිගණක වල මීට වඩා ආරක්‍ෂාවක් තියෙන්න එපැයි !!

@donBox:
ලිනක්ස් දැමීම අතීසාරයට අමුඩය ගැසීමක් වෙන්නේ කොහොමද කියන එක පැහැදිළි කලා නම් හොඳයි, මොකද ඔබ උපමාවක් කියූ පමණින් ඔබේ අදහස තේරුම් ගන්න අනිත් අයට බැරි නිසා.

Unknown said...

හොඳ වෙලාවට අන්තර්ජාලයෙන් 75% කට වඩා ලිනක්ස් පාදක වෙච්ච මෙහෙයුම් පද්ධති මත රඳා පවතින්නෙ. නැත්නම් ඒකත් පාරින් පාර ක්‍රෑෂ් වෙන stuck වෙන කුණු ගොඩක් වේවි

අනූ said...

ඔය පරිඝනක වලට ලිනක්ස් දැමීම නම් හොඳ වැඩක්. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ ඒකෙ වැඩකරන මෘදුකාංගය ලිනක්ස් වලට දුවන්නෙ නැතිකම.

මාත් ඉස්සර ඔය සම්බන්ධ තැනක තමා හිටියෙ. හැබැයි atm වලට වයිරස් යනව නං වැඩිය දැකල නෑ. අපි ඒවයෙ ගොඩක් වෙලාවට දැම්මෙ මැකාෆි හරි නෝටන් හරි තමා.

budhajeewa said...

@අනු:
වින්ඩෝස් වගේ ලදරමකට හරියන්න ඔය කියන මෘදුකාංගේ හදන්න පුළුවන් නම්, ලිනක්ස් වලට හරියන්න හදන්න බැරි කමක් නැහැ නේ ?

ඔය කියන මෘදුකාංගයෙන් ඉටු කරන කාර්යභාරයන් ටික කිවුවනං අපිට පැහැදිළිවම හිතාගන්න තිබ්බා.

DonBox said...

Atheesaraya - Virus Attack
Amudaya - Linux

-- It doesnt mean windows is the best. compare with all the OSs populerity,windows is the most.. so lot of ppl can only see windows issues.But compare with the individual attacks, linux is the most. right now I dont have the Independant body URL for this, Will try to find and post it...

(Sorry guys I dont have much time/accuracy to type this in Sinhala)

budhajeewa said...

@DonBox:
I am waiting for you to post the URL to the source you found that information.

ඉන්දික said...

මම අදයි දැනගත්තෙ මේවත් වින්ඩෝස් වලින් දුවන්නෙ කියල. මම හිතන් හිටියෙ මේවට වෙනම ඕ.එස්. එකක් ඇති කියල..හික්ස්!

ශාකුන්තල | Shaakunthala said...

මෙතන තියෙන අවශ්‍යතාව අනුව නම් ගැළපෙන්නේ ලිනක්ස් තමයි.

Dananajya said...

It is not prevent whether installed any good virus software to Windows platform ATM machines, any time it can be attacked
But we have to update any security patches from time to time and we can minimize the treats.

Unknown said...

@Donbox

මට ඒගැන විස්තර ඕනේ. ඔයා මේක ගැනද කිවවේ? http://en.wikipedia.org/wiki/Linux_malware ඒත් මේ වෛරස් සහ අනිකුත් ඒවායේ ආයුෂ අඩුයි. ලිනක්ස් ඒවාට හොඳින් ප්‍රතිරෝධයක් දක්වනවා.


@ Ariyawansa
ඒකිව්වේ මගේ ලිපියටද? නැත්නම් DonBox ගේ කතාවටද?

අදහස් පළ කරපු හැමෝටම ස්තූතියි...

Chanaka Aruna Munasinghe said...

It is a myth that Linux is Free of Virus

budhajeewa said...

@Chanaka Aruna Munasinghe:
ලිනක්ස් වලට වෛරස හෝ වෙනත් විසමාංග තර්ජන නැහැ කියන එක මිත්‍යාවක්ම නෙවෙයි. මේතාක් දුරට ඒක සත්‍ය වෙලා තියනවනේ ?

මිත්‍යාව තමයි ලිනක්ස් වලට විසමාංග හදන්න බැහැ කියන එක. ඉහත ප්‍රතිචාරයක සඳහන්වන Wikipedia පිටුවට ගිහිං බැලුවනම්, එතන තියනවා ලිනක්ස් සඳහා එහි ආරම්භයේ සිට මේදක්වා විසමාංග අටසිය ගණනක් ලියවිලා තියනව කියල.

ලිනක්ස් වල විශේෂත්වය තමයි, ඉක්මන් ප්‍රතිකර්ම යෙදීම - හෙවත් යාවත්කාලකෙරුම් - සහ සමාජයෙන් ලිනක්ස් සංවර්ධකයන් වෙත ලැබෙන ප්‍රතිපෝෂණය නිසා සාර්ථක ලෙස ඉක්මනින් ප්‍රහාරවලට මුහණ දෙන්නත්, හානි ප්‍රතිසංස්කරණය කරගන්නත්, අඩු ආපදාප්‍රමාණයකට ලක්වෙමින් අනෙක් පරිගණකත් යාවත්කාල කරන්නත් තියන හැකියාව.

Chanaka Aruna Munasinghe said...

The reasons for less no of viruses written for Linux are

1. Smaller global percentage of market share

Even currently 90% of the global market share is windows family. One of the objective of virus writers is to affecting as many as people possible. So it is not economical to write viruses for Linux

2. Diversity of Linux flavours.

Even though we tell Linux in general (more accurately GNU/Linux) the diversity of Linux kernel based GNU OSes are high. (rpm based, deb based etc ...) .

It make writing application ring viruses far less economical to virus writers objective.

But in Windows family such kind of diversity does not exist & which make the job of malware writers more easy.

How ever this protection in Linux does not true for Kernel ring.

-----------------------

These figures might be changed in future & might make virus writers (and then Antivirus providers) attractive for Linux :D

Anonymous said...

"If you make (the Trojan) open source, that means that a security company can find the source code and it is easier to make a general heuristic detection for it, as they know what could be in it," Symantec's W?est said.

Why virus writers are turning to open source
http://news.cnet.com/8301-1009_3-10356421-83.html?part=rss&subj=news&tag=2547-1_3-0-20