Monday, March 30, 2009

ලිනක්ස් හි root password එක අමතක වුනාම මොකද කරන්නේ?

මෙම ක්‍රමය fedora, CentOS හෝ Redhat සඳහා යොදා ගත හැක.

1.
පරිගණකය boot වෙන අවස්ථාවේදී එන grub menu එකෙන් ඔබේ ලිනක්ස් එක arrow key වලින් තෝරා Enter වෙනුවට යතුරු පුවරුවේ a අකුර ඔබන්න
ඉන් පසු පහත සඳහන් ආකාරයේ පේළියට ආසන්න ආකාරයේ එකක් ඔබට පෙනෙනු ඇත

kernel /vmlinuz-2.6.27.19-78.2.30 ro root=LABEL=/ acpi=on rhgb quiet

2. එම පේළියේ කෙළවරට පහත ඇති ආකාරයට අංක 1 ඇතුලත් කරන්න

kernel /vmlinuz-2.6.27.19-78.2.30 ro root=LABEL=/ acpi=on rhgb quiet 1

3. දැන් Enter යතුර ඔබන්න. මේ අවස්ථාවේදී grub විසින් ඔබව root පරිශීලකයා ලෙසට ලිනක්ස් පද්ධතියට boot කර යවයි. නමුත් ඔබව විධාන පමණක් යෙදිය හැකි මාධ්‍යයට යැවේ. (Text/Terminel mode)මෙය මේ අවස්ථාවට පමණක් එසේ සිදුකරයි.

4. දැන් ඔබ log වී ඉන්නේ root විධියටයි. එතනදී passwd ලෙස විධානය දෙන්න.

5. දැන් ඔබේ අළුත් මුරවචනය දෙන්න.ඉන්පසු පරිගණකය reboot කරන්න.
(ඉඟි: reboot කිරීමට shutdown -r now විධානය දෙන්න.)

6 comments:

ශාකුන්තල | Shaakunthala said...

බුහහහහා.....!
දවසක් මම මේක අපේ කැම්පස් එකේ පරිගණකත් එක්ක අත්හදා බලන්න උත්සාහ කළා. අපට ඇඩ්මින් දෙන්නෙ නැහැනෙ. මොකුත් නරක වැඩක් කරන්න නෙවෙයි.. ආසාවට.. අත්හදා බලන්න. GRUB එකට පාස්වර්ඩ් එකක් දාලා...
ඔන්න මොකක් හරි කකුල් මාට්ටුවක් දාලා ඒපාර menu.lst එක කියව ගත්තා (read only). ඒකෙ පාස්වර්ඩ් එක තිබුණා, හැබැයි MD5 encrypt කරලා.
මම MD5 hash එක කොපි කරගත්තා... bruteforce කරලා හරි වෙන ක්‍රමයකින් හරි හොයන්න පුළුවන් නිසා. මාර වැඩේ කියන්නෙ ඒකෙ characters තිස් එකයි තිබුණෙ. එකක් හලලා! ඉතින් වැඩේ අල්ලලා දැම්මා.

ඔන්න ඔහොමයි අපේ security! :-/

Kasun (කසුන්) said...

මෙතනදි මුරපදය අහනවා නේද single user promt එකේදි ඇතුල්වෙන්න අවසර දෙන්න කලිං?

ශාකුන්තල | Shaakunthala said...

මම මේ ක්‍රමය තැන් දෙකක සාර්ථකව අත්හදා බලල තියෙනවා.

මුලින්ම මගේ ලැප්ටොප් එකේ Fedora වල.

දෙවෙනි වතාවෙ CentOS වල. එදා මම ගියේ project එකක් deploy කරන්න. පොඩි configuration file එකක් edit කරගන්න ඕන වෙලා ඇඩ්මින් එනකං බලාගෙන ඉන්නෙ නැතුව වැඩේ ඉක්මනට කරල දාන්න පුළුවන් වුණේ මේ ලිපිය කියවල තිබුණු නිසා. ;)

Unknown said...

@Kasun VP
මම මේක කිහිප වාරයක්ම කරලා තියෙනවා. මුරවචනය අහන්නේ නෑ. kernel line එකේ කෙළවරට 1 වෙනුවට s යොදා බලන්න. අවුලක් වුනොත් මට වෙච්චදේ පැහැදිලිව ලියලා එවන්න. එතකොට මට පුළුවනි ඔබට උදව් කරන්න.

@ශාකුන්තල
අහන්න සතුටුයි :-)

Unknown said...
This comment has been removed by the author.
Unknown said...

On some systems you still need a password to get into single user mode. For example RHEL, CentOS and other systems using SELinux for Mandatory Access Control will prompt you for a password before dropping you into the single user mode.