Monday, March 16, 2009

පදවියටත් නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංග ගෙන ගිය වගයි!


ඔන්න ලංකානෙට් එකේ අපි තවත් පිම්මක් පැන්නා! මේ පාර අපි පදවිය නගරයට ගොස් අපට හැකි ආකාරයෙන් උපරිමයෙන් නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංග නොඑසේනම් FOSS ගැන විවෘත හා සංවාදාත්මක සම්මන්ත්‍රණයක් සහ පුහුණු වැඩමුළුවකුත් කළා.

සම්මන්ත්‍රණයට පළාතේ සෑම තරාතිරමක අය සහභාගි වුනා. සම්මන්ත්‍රණය පැවැත්වූයේ පදවිය මහසෙන් නවෝද්‍ය මහා විද්‍යාලයේදියි. එදින LTSP තාක්ෂණය ගැනත් FOSS වලට අමතරව හඳුන්වා දුන්නා. මේ පළාතට හරිහමන් විධියේ අන්තර්ජාල පහසුකමක්වත් නෑ. ඒ තරම්ම තොරතුරු තාක්ෂණයෙන් ඈත් වෙලා. නැත්නම් ඈත් කරලා. නොයෙකුත් හේතු නිසා පාසල්වල පරිගණක නිකං පුස්කනවා. මේ සම්මන්ත්‍රණයෙන් පස්සේ ඒ තත්වය වෙනස් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

පුහුණු වැඩමුළුව තුලදී අපි පරිගණකයේ Linux (Fedora and Ubuntu) ස්ථාපණය කරන හැටි, පරිශීලණයේදී දැනගත යුතු වැදගත් කරුණු, මෙහි ඇති ප්‍රයෝජනය සහ පැනනගින ගැටළු නිරාකරණය කිරීම ඇතුළු ගොඩක් දේවල් පිළිබඳව එයට සහභාගි වූවන්ව දැනුවත් කළා.

පදවියේ තියෙන e-Vision Lanka ආයතනයේ සහය ඇතිව අප මෙම සම්මන්ත්‍රණය හා පුහුණු වැඩමුළුව පැවැත්වුවා. වැඩේ ඉතා සාරථක බව අතිශයෝක්තියකින් තොරව කියන්න පුළුවන්. FOSS ආශ්‍රිත පරිගණක අධ්‍යාපණය ප්‍රවලිත කිරීමේ අරමුණින් අප ලංකානෙට් ආයතනය විසින් LTSP ස්ථාපණය කරණ ලද නව පරිගණකයකුත් පදවිය නගරයට ලබා දුන්නා!
මෙන්න මේ පින්තූරයේ තියෙන්නේ මම මුලින් ලිපිවලදී සඳහන් කළ LTSP ක්‍රමයට සකස් කරන ලද පරණ පෙන්ටියම් 1 පරිගණකය සහ අළුත් Dual core පරිගණකයයි.

මෙන්න මෙතනින් තවත් පින්තූර ටිකක් බලතෑකි

No comments: