Tuesday, March 24, 2009

නොමිලේම ලිනක්ස් සංගත තැටි ගෙදරට ගෙන්න ගන්න...

අද මට හිතුනා ඕගොල්ලන්ට පුංචි හෝඩුවාවක් දෙන්න.

දන්නවද, ලඟදීම ලංකානෙට් එකේ අපි මේ ලිනක්ස් වර්ග නොමිලේ ඔබගේ ගෙදරටම එවනවා! ඇත්තටම අවශ්‍ය අය ඉන්නවනම් අපිට දැනුම් දෙන්න. අදහස් උදහස් වෙතොත් අපිට කියන්න. ඔබේ අදහස් අපේ මෙම ක්‍රියාවලියට ලොකු සහයෝගයක් වෙනවා.

Super Ubuntu
Fedora
knoppix


අපේ වෙබ් අඩවියෙන් මේවා ඉල්ලන්න.

www.lankanet.org


සීමිත ප්‍රමාණයක් තමයි දැනට දෙන්නේ. අනාගතයේදී ඉල්ලුමට සරිලන විධියට සැපයුම කරන්න බලාපොරොත්තු වෙනවා.

13 comments:

Narada said...

නියම වැඩක්, හැකි නම් එකත් බෙදා දෙන්න. එයත් භාවිතයට පහසුයි, බොහෝ මෝඩමයන් සහ දෘශාඩ වලට අනුගත දක්වනවානේ. සුභ පැතුම්!

Anonymous said...

බොහොම සංතෝසයි. මාත් මේවගේම වැඩක් කරනවා, මම නැවත නිශ්පාදනය කරන, සිංහල ලිනක්ස් සංස්කරණයත් නොමිලේ බෙදා දෙනවා, දැනට බීටා සංස්කරණ 3ක් නිකුත් කලා, අවසන් සංස්කරණය නිකුත් කල පසු මම එය ඔබට ලබාදෙන්නම්.ඔබ හරහා එය බෙදා හරින්න පුලුවන් නේද?

උබුන්ටු කොහොම උනත්. ෆෙඩොරා නම් ලංකාවෙ අයට තැටි වශයෙන් ගන්න අමාරුයි නෙ.. බොහොම ස්තූතියි.. හැකි ආකාරයකින් මාත් උදව් කරන්නම්.මගේ අඩවි වල දැමීමට ඔබගේ අඩවියේ බැනරයක්, බොත්තමක් සකසා දෙන්න පුලුවන් ද?

කමෙන්ට් දැමීමට තිබෙන වර්ඩ් වෙරිෆිකේශන් එක ඉවත් කරන්න පුලුවන් ද?. ඒක ටිකක් කරදරයි

@ බින්කු අයියා ඔබ කියන්නේ Open Suse ගැන නේද?

පිටස්තරයා said...

එළ නේ. තව ලිස්ට් එකට එකතු කරන්න. උදව්වක් අපිත් කරන්න බලන්නම්.

පිටස්තරයා said...

word verification නම් ටිකක් අවුල් තමයි

Unknown said...

@බින්කු;
ඔබ සඳහන් කරන්නේ මොකක් ගැනද? ගයාන් කිව්වා වගේ open suseද?

@ ගයාන්
ඔබගේ ලිනක්ස් එක සම්පූර්ණ වූ පසු අපට හෝ මට දැනුම් දෙන්න. වැඩේ කරන්නම්! ඒකේ ඇතුලත් කර ඇති මෘදුකාංග ගැන පොඩ්ඩක් කියනවද?
ඉතා ඉක්මනින් බොත්තමක් සකසා දෙන්නම්.

@ ගයාන්, චමිල

Word verification වහාම වෙනස් කරන්නම්.
ඔබ සියළු දෙනාගේම අදහස් වලට ස්තූතියි..

Maduka Jayalath said...

ලංකාවෙ ලිනුක්ස් වල ව්යාප්තියට මෙක හොද රුකුලක්.

Anonymous said...

@ගයාන් කල්හාර

"මම නැවත නිශ්පාදනය කරන, සිංහල ලිනක්ස් සංස්කරණයත් නොමිලේ බෙදා දෙනවා, දැනට බීටා සංස්කරණ 3ක් නිකුත් කලා, අවසන් සංස්කරණය නිකුත් කල පසු මම එය ඔබට ලබාදෙන්නම්."

එකියන්නේ ඔයා ලිනක්ස් සිංහල පරිවර්තන කරනවද?

Anonymous said...

'@ kishan

එතන නම් පොඩි පද පෙරලියක් තමා. මගේ අරමුණ. ලාංකික සාමාන්‍ය (නොන්ගීක් ;) ) සිංහල පරිශීලකයන්ට ලිනක්ස් වලට එන්න පොඩි අත් වැලක් ලබාදෙන එක. සම්පූර්ණ සිංහල කරන්න හිතුවත්. එතන පොඩි ගැටලුවක් තියනව නේද?. මොකද කවුරුහරි අලුත් කෙනෙක් සිංහලෙන් ලිනක්ස් (උබුන්ටු )පාවිච්චිය ඉගෙන ගත්තොත්. ඉස්සරහට එන සෑම දෙයක් ම සිංහලෙන් බලාපොරොත්තු වෙනව නේද? එතකොට අලුත් තාක්ශනයත් එක්ක අලුත් වේන එකේ පොඩි ගැටලුවක් තිබෙනව, පුද්ගලිකව. මෘදුකාංග සම්පූර්ණ සිංහලයට හැරවීම ගැන මම එකඟ නෑ.

මගේ ව්‍යාපෘතිය තුල.. සිංහල සහයත් (මෑන් ෆයිල්ස්), සරල එහෙත් පිටු 612කින් යුතු ඊසි ගයිඩ් එකකුත්. නොන් ෆ්‍රී එහෙත් ලංකාවේ බහුලව භාවිතා වෙන දෘඩාංග වලට සැකසුම් හා. අදාල සහායත්. (ලිනක්ස් ගැන ලංකාවේ පවතින ප්‍රදානම දුර්මතය ) හා සාමාන්‍ය පරිශීලකයකුට. වින්ඩෝස් මෙන්ම. ස්ථාපනයේ සිට. පහසුවෙන් එදිනෙදා වැඩ කරගැනීමට ඇවැසි මෘදුකාංගත්. සහයත්. ඇතුලත් කරනවා. (කලා). තවද සිංහල යුනිකෝඩ් ද.. තවත් දේශීය කරණය කල කුඩා මෘදුකාංග කිහිපයක් ද අඩංගු වෙනවා. එහෙත් ඉදිරියට යාමේ පහසුව තකා. අතිශය ප්‍රදාන විධාන සිංහල කර නැහැ.. එහෙත් ඉල්ලීමක් ලැබුනහොත්. සලකා බලනවා

මම හිතනවා. සම්පූර්ණ සිංහල කිරීමකට වඩා එය සාමාන්‍ය මහජනයා ගේ පැත්තෙන් බැලූවිට ප්‍රථිඵල දායක වේ කියල

Narada said...

ඔව් මා සදහන් කලේ openSUSE තමා.

Narada said...

මචෝ ගයාන්, අපිටත් ඒක පොඩ්ඩක් ගන්න බැරිදෝ? ඉක්මනට එක කරලියට දාපන්කෝ මචන්.

Lucky said...

මම මේ ලිනක්ස් එක පාවිච්චි කලා. මේකෙ අපිට අවෂ්‍ය සියලුම වාගෙ මෘදුකාංග ඇතුලත් වෙලා තියෙනව. අපේ ලංකාවෙ තාමත් internet/ADSL නැති අය ඉන්නවා. ඉතින් මම හිතනව ඒ අයට මේ linux distro එක අනිවාරයෙන්ම ලොකු උදව්වක් වෙයි කියල.

This linux distro is a one-stop solution!!!

Thank you very much,
Tharaka

ඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri) said...

දැං ඕගොල්ලෝ ඕවා එවනවද??
මේ පෝස්ට් එක දාලත් දැං ගොඩක් කල්නෙ ??

Unknown said...

@ඉශාන් තිළීණ

ඔව්. අපි මේ සේවාව තාම කරනවා. මොකද හුඟදෙනෙක්ට අන්තර්ජාලය නැති නිසා සහ ලිනක්ස් ප්‍රචලිත කිරීමට ලංකානෙට් එකේ අපිට උවමනාව තිබෙන නිසා.