Wednesday, September 16, 2009

ලංකානෙට් එකෙන් අංග සම්පූර්ණ ලිනක්ස් එකක්!

ඔන්න මම පුංචි වැඩක් කළා. වැඩේ පුංචිද ලොකුද කියන එක ඔබට බාරයි. ඒත් එය කියන්න කලින් අපි ලිනක්ස් පාවිච්චි කරන අයට තියෙන පොදු ප්‍රශ්ණ කිහිපයක් බලමු:

  1. මෘදුකාංග ස්ථාපනය කරගන්න අන්තර්ජාලය (අන්තර්ජංජාලය) අවශ්‍යවීම.
  2. ලිනක්ස්වල multimedia codecs අඩංගුනොවීම සහ ඒවා දැමීමට අන්තර්ජාලය අවශ්‍යවීම
  3. අපට අවශ්‍ය සෑම දෙයම ඇති අංග සම්පූර්ණ ලිනක්ස් එකක් සොයා ගැනීමට නොහැකි වීම
  4. උබුන්ටු සඳහා සිංහල යුනිකේත සහය දැමීමට අන්තර්ජාලය අවශ්‍යවීම සහ එය නවකයින්ට අසීරුවීම
  5. අවශ්‍යවිටක MS Windows මත පමණක් ක්‍රියා කරන මෘදුකාංග ස්ථාපනය අපහසු වීම (උදා: මධුර සිංහල-ඉංග්‍රීසි ශබ්දකෝෂය)

ඉතිං මේ ප්‍රශ්ණ සියල්ල සැළකිල්ලකට ගෙන ලංකානෙට් එකේ අපි, Ubuntu ආශ්‍රයෙන් නිපදවා ඇති SupeOSඑක අපිට ඕන විධියට, ඒ කියන්නේ ලංකාවට ගැලපෙන විධියට සකස් කළා. මේක පුළුවන් තරම් අපට නිතර අත්‍යවශ්‍ය වන මෘදුකාංග එකතු කරලා තමයි හැදුවේ. අපි මෙතනදී සාමාන්‍ය පරිගණක භාවිතා කරන්නන් කෙරේ වැඩි අවධානයක් යොමු කළා.
මේක ඇත්තටම අංග සම්පූර්ණයි කියන්න පුළුවන්. අඩුපාඩු ඇතොත් මට දැනුම් දෙන්න. මේක ඕන කෙනෙක් ඉන්නවනම් කියන්න. දැනටමත් කිහිපදෙනෙක්ට අපි මේක දීලා තියෙනවා. ඒ හැමෝම මේක ගැන සෑහීමකට පත්වෙලා තියෙනවා. සමහර වින්ඩෝස් පරිශීලකයන් එය භාවිතය සම්පූර්ණයෙන්ම අත් හැර අපි සකස්කළ මෙම ලිනක්ස් එක භාවිතා කරන්න පටන් ගෙන තිබෙනවා.

LankaNet.org 9.04 ලිනක්ස්හි ඇති විශේෂ ගුණාංග:

  1. මෙය තුල ඕනෑම වර්ගයක multimedia ගොනු (mkv ද ඇතුළුව!) භාවිතා කළ හැක.
  2. Openoffice.org සම්පූර්ණ වශයෙන් අඩංගුකර ඇත.
  3. Virtualizationසඳහා පහසුකම් සියල්ලම ඇත. (Qemu සහVirtualBox)
  4. පැරණි MS Dos යටතේ ක්‍රියාත්මක වන මෘදුකාංග භාවිතා කල හැක. (මතකද පරණ කේන්දර බලන මෘදුකාංගය? මතකද පරණ MS Windows 3.1? මේ ඔක්කොම මේකෙ වැඩ කරනවා!)
  5. Graphic designing සඳහා සියලුම මෘදුකාංග ඇත. (හැබැයි open source!)
  6. Video editing and 3D Animation සඳහා සියලුම මෘදුකාංග ඇත.
  7. Audio editing සඳහා සියලුම මෘදුකාංග ඇත.
  8. Software Development, And web development/designing සඳහා සියලුම මෘදුකාංග ඇත. (NetBeans IDE ඇතුළුව)
  9. අමතර සිංහල යුනිකේත අකුරු සහ සිංහල යතුරු ලියනය කිරීමේ පහසුව
  10. CD/DVD සකස් කිරීමට අත්‍යවශ්‍ය plugins ඇතුලත් කල K3B (දැන් Neroගෙ කාලෙ නෙවෙයි)
  11. ආරක්ෂණ උපාංග ලෙස Clam Anti virus, rkhunter සහ chkrootkit ඇතුලත් කර ඇත
  12. නොමිලේ දෙන්නේ! :-)


පහත තියෙන්නේ ඇතුලත් කරන ලද අමතර මෘදුකාංග ලැයිස්තුවයි. හැබැයි මම ඔක්කොම මෙතන සඳහන් කරලා නැහැ.
http://www.lankanet.org/eye/list.html

ඕන කෙනෙක් ඉන්නවනම්:
ලංකානෙට්
153
ශ්‍රී සරණංකර පාර
දෙහිවල

දුරකථන:
0112726340

26 comments:

Lishan Puwakovitage said...

හරි අගේ ඇති වැඩක්. කැමතියි අත් හදා බලන්න. මිල කීයද? එසේ නැතහොත් නොමිල පිටපතක් නම් ලබා ගන්නේ කොහොමද?

සුභම සුභ පැතුම් යළිත් වරක්...

shiran said...

Dear Bro..

I need one copy. how can i get it? If you can upload this in some place will be eazy for every one.

Thnaks.

Unknown said...

සුභ පැතුම ....]

කැමතියි අත් හදා බලන්න
kohomada eka ganna

kapila said...

වටිනා කියන වැඩක් ගන්න හැට් දාල නෑනෙ

Aravinda said...

මමත් මේක අත්හදාබලන්න කැමතියි. බාගත කරගන්න ක්‍රමයක් තියනවද.

Unknown said...

සුභ පැතුම්වලට ස්තූතියි....

upload කරන්න තැනක් නෑ. පැමිණ ගන්නවනම් අපේ කාරයාලය පැත්තේ එන්න. එන්න බැරි කෙනෙක් ඉන්නවනම් අපිට කොල් එකක් දෙන්න. කොහොම හරි ලැබෙන්න සලස්වන්නම්..

අපේ ලිපිනය:
ලංකානෙට්
153
ශ්‍රී සරණංකර පාර
දෙහිවල

දුරකථන:
0112726340

සහන් සටහන් said...

applicatiion form එක ගන්න ලින්ක් එක දෙන්න

Amila Udayanga D.G. said...

ඇපලිකේෂන් ඕන නෑ. එයාලට කතා කරල ගෙදර ලිපිනය දෙන්න එයාල ගෙදරටම එවනවා.

ප්‍රියන්ත කරුණාරත්න said...

ඉතාමත් සංතෝෂයි..
අපිත් මෙක අත්හදාබලන්න කැමතියි.
ඉක්මනටම call කරනවා.

Anonymous said...

හොඳ වැඩක්. ඔහොම යමු.

Tilantha Gunatilaka said...

ඉතා අගනා වැඩක්. ජය වේවා!

budhajeewa said...

සුභ පැතුම්!

නමුත් "අංග සම්පූර්ණ ලිනක්ස් එකක්" කියනකොට, නෙදෙන්න අය හිතන්න පුළුවන් අනිත් ලිනක්ස් සම්පූර්ණ නැහැ කියලා.

ඇත්තටම පෙරනිමියෙන්ම ගොඩාක් මෘදුකාංග සමග නොඑන, proprietary මාධ්‍ය ගොනු ධාවනයට codecs නොමැති, හැම දේටම අන්තර්ජාලය ඕනවෙන සංස්කරණ එසේ වන්නේ ඒවායේ අසම්පූර්ණ හෝ දුර්වල භාවයක් නිසා නෙවෙයි. ඒක තමයි ඒවායේ ස්‍වභාවය. විශාල තෝරාගැනීම් ලයිස්තුවක් තියන නිසා තමන්ට හරියටම ගැළපෙන එක තෝරාගන්න හැකියාව අපිට තියනවා.

Unknown said...

අපූරු වැඬක් නෙ. ඔන්න මගෙන් සුබපැතුම්.

kesh said...

එළ..එළ...වැඩේ නං නියමයි..

Tricks to handle MS PowerPoint presentation Smartly said...

නියමයි මටත් පිටපතක් ඕන මම දුරකතන පණීවිඩයක් දෙන්නම් ... හොද නරක බලලා කියන්නම්..

Kasun said...

කදිමයි !!

Indranama said...

කදිමයි.. !

පුලුවන් නම් 100MB කෑලි වලට කඩලා Mediafire හරි 4shared හරි අප්ලෝඩ් කරන්න.

මම ලබන සතියේ දවසක ඔෆිස් එක පැත්තේ ආවොත් කොපියක් ගන්න පුලුවන් නේද?

Unknown said...

call කරන්න අකමැතිනම් අපිට email එකකින් ඔබගේ ලිපිනය ලබා දෙන්න. lankanet@slt.lk

Rajeen said...

නියම වැඩක්. අත්හදා බලන්න කැමතියි. මමත් කොපියක් ගන්න ඔෆීස් එක පැත්තේ එන්නම්.සුභ පැතුම්.

Unknown said...

Good work machnag...try uploading to www.teradepot.com I hope it will be easy then for anyone to get it downloaded....

I'd like to try this one.....

I currently use Ubuntu from a CD (as a live session for my needs)

Thejan said...

මමත් try එකක් දෙන්න ඕන. දෙනවද මටත් එකක් ? windows නම් බාගෙට කාලා හිටියට linux නම් දන්නේවත් නෑ හරියට. ඒ වුණාට අල්ලගන්න පුලුවන් වෙයිනේ

Thejan

Shanuka said...

නියමයි අයියා වැඩේ හොදටම වැඩේ කරන්න.පුලුවන් උදවුවක් කරන්නම්.

Shanuka said...

https://sourceforge.net දැම්මොත් නරකද.

miuranga said...

well done bro.

Amila Udayanga D.G. said...

අනේ පොඩ්ඩක් කියල දෙනවද මගේ මොබිටෙල් ඩොංගලේ ගහගන්න හැටිත්. ඒක ඉතාමත් අවශ්‍යයි.

Unknown said...

@Amila Udayanga

You can use huawei E220 hspa modem under Linux (ubuntu/Fedora) very conveniently than under Windows. Just plug it in to running Linux PC and it detects your modem.

1. All you have to do is go to NetworkManager applet on your task bar (near date/time and speaker icon on task bar) Right click on it,

2. Click on Mobile boradband tab,

3. Press add, And the wizard will guide you. And you may select your service provider's name from the list. it's that easy....

ඉංග්‍රීසියෙන් ලිව්වට සොරි හොඳේ....