Tuesday, December 8, 2009

Fedora 12 නොමිලේ දෙනවා!

සියලු දෙනාගේම දැනගැනීම පිණිසයි! (මුල සිට අගට කියවන්න)
මෙවරත් ලංකානෙට් එකෙන් Fedora නොමිලේම ගෙදරට තැපැල් කරලා එවනවා.

ඉක්මනට ඉල්ලන්න. පරක්කු වෙන්න එපා! හැබැයි ඔබට ෆෙඩෝරා download කරගැනීමට පහසුකම ඇත්නම් මේක ඉල්ලන්න එපා. කෙලින්ම download කරගන්න. මේකත් පොඩ්ඩක් හිතන්න:


1. අපි මේවා දෙන්නේ ලස්සන stickers එක්ක නෙමෙයි,
2. අතේ තියෙන මුදල් ප්‍රමාණයට සැපයීමට හැකි ප්‍රමාණය විතරයි තැපැල් කරන්නේ
3. පාවිච්චි කරන්නේ නැත්නම් fashion එකට වගේ ඉල්ලන්න එපා
4. මේක අපි ස්වේච්චාවෙන් කරන සේවයක්
5. ඔබේ අදහස් උදහස් අපිට/මට කියන්න

මෙතනින් ඉල්ලන්න!

https://fedoraproject.org/freemedia/FreeMedia-form.html

fedora දා ගත්තාම Easylife ස්ථාපනය කරගන්න අමතක කරන්න එපා...

මෙය Skype,Google apps, DVD tools, Livna Repository, Adobe Reader, අතිරේක Fonts සහ තවත් ගොඩක් දේවල් ලේසියෙන්ම ස්ථාපනය කරනවා.

විස්තර..
http://tharaka-lankanet.blogspot.com/2008/12/easylife-fedora.html

http://easylifeproject.org/

LankaNet.org 9.04 ලිනක්ස් ඕන අය සහ තවම ඒ ගැන දන්නේ නැතිඅය ඉන්නවනම් මේක බලන්න (නොමිලේ ඒකත් ගෙදරටම එවනවා):
http://tharaka-lankanet.blogspot.com/2009/09/blog-post.html

3 comments:

Thejan said...

Mandriva Linux ගැන ඔබේ අදහස් මොනවාද?

ඒක හුඟක් ලස්සනයි වගේ පේනවා. මට මේ ගැන උපදෙස් ටිකක් ඕන.

තව දෙයක් අපිට FOSS අඩු වියදමකින් (හෝ නොමිලේ) ඉගෙන ගන්න පහසුකමක් ලබා දිය හැකි විධි මොනවාද?

http://www2.mandriva.com/linux/features/

Kanishka said...

ගොඩක් හොඳ වැඩක්, මම නම් ඉල්ලන්නෙ නෑ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..

Unknown said...

@Thejan

Mandriva ඉතා හොඳ ලිනක්ස් distribution එකක්. ඒත් මම ඒක පාවිච්චි කරන්නේ නෑ. ඒ නිසා වැඩිය කියන්න දෙයක් නෑ.

FOSS උගන්වන තැනක් හැටියට මම වැඩ කරන ආයතනය පරිගණක නවකයින් සඳහාම විශේෂයෙන් සැකසූ පාඨමාලාවක් ඉදිරිපත් කර තිබෙනවා.

තවද දැනට පරිගණක භාවිතා කරන අයට FOSS වලට මාරුවීමට උගන්වන පාඨමාලාවකුත් තියෙනවා. (අඩුමිලකට තමයි මේ හැමදේම සපයන්නේ)

අපි නිතරම වෙහෙසෙන්නේ කෙනෙක්ට වැඩක් කිරීමට හැකියාවක් ලබා දීමටයි. නිකං සහතික කොලයක් දෙන්න නෙමෙයි.
ඒ ගැන වැඩිදුර දැනගන්න අපේ වෙබ් අඩවියෙන් පුළුවන් නැත්නම් දුරකථන ඇමතුමක් දෙන්න.

RHCT/E වගේ දෙයක් කරන්න හිතනවනම් OST, DMS වගේ තැන් තියෙනවා.
කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අංශයෙන් Linux පාඨමාලා කරනවා.