Wednesday, October 14, 2009

ලිනක්ස් සඳහා MS Internet Explorer ස්ථාපනය

සමහර වෙබ් අඩවි MS Internet explorerසඳහාම සකසා තිබෙනවා. තවත් වෙලාවකට Linux පමණක් භාවිතා කර වෙබ් අඩවි නිර්මාණය කරන අයට තමන් නිර්මාණය කළ වෙබ් අඩවිය පරීක්ෂාකර බැලීමට Internet explorer අවශ්‍ය වෙනවා. ඒවෙලාවට Linux එක්ක Internet explorer භාවිතා කිරීමට හැකිනම් ඒක ඉතාමත් පහසු වෙනවා. කළින් ඒක ප්‍රශ්නයක් වුනාට දැන් එහෙම නෑ. මන්ද යත් ඒක දැන් හැබෑවක් වෙලා නිසයි.

වැඩිය මම ඒ ගැන කියවන්න අවශ්‍ය නෑ කියලයි හිතෙන්නේ. (screen shots කීපයක් පහත ඇත)
මේක කරන්න කලින් wine install කරගන්න එක අත්‍යාවශ්‍යයි!

1.පහත සම්පූර්ණ විධානය සාමාන්‍ය User කෙනෙක් ලෙසට ඔබේ Linux terminal එකට ගොස් paste කරන්න. එවිට ස්ථාපනයට අවශ්‍ය මූලික files download කරගනී. ඉන්පසු මතක ඇතිව enter යතුර ඔබන්න..
wget http://www.tatanka.com.br/ies4linux/downloads/ies4linux-latest.tar.gz
tar zxvf ies4linux-latest.tar.gz
cd ies4linux-*
./ies4linux

ඉහත විධානය paste කලවිටම ක්‍රියාත්මකවේ.


2.දැන් තිරයේ දැක්වෙන උපදෙස් අනුව Internet Explorer 5.5, 6 සහ 7 වලින් කැමති එකක් හෝ සියල්ලම ස්ථාපනය කරගන්න. (පහත රූපය බලන්න)

Internet explorer 7 ස්ථාපනය කිරීමට Advanced බොත්තම ඔබන්න එවිට ඔබට පහත රූපය පෙනේ


3.ස්ථාපනය කර අවසන් වූ විට නැවත terminal එකට ගොස් ie6 ලෙස හෝ තමන් ස්ථාපනය කළ internet explorer version එකට අදාල අංකය ඇතුල්කර enter යතුර ඔබන්න. (පහත රූපය බලන්න)

දැන් Internet Explorer පණගැන්වෙන අයුරු ඔබට පෙනේවි. දැන් කරන්න ඕන දේ ඔබ දන්නවා ඇති.... :-)
(පහත රූපය බලන්න)



වැඩි විස්තර ඕනෙනම් http://www.tatanka.com.br/ies4linux/page/Installation වෙබ් අඩවියට යන්න.

8 comments:

රොකියා | Udara said...

වින්ඩෝස් වලවත් අපි IE කරන්නෙ නැතිකොට, Linux වල use කරයිද?
නමුත් ඉතින් සමහර දේවල් වලටනම් ඉතින් ඔනෙ වෙනව. ලක්බිම පත්තරේ බලන්ඩ එහෙම.

ශාකුන්තල | Shaakunthala said...

වැදගත් ලිපියක්. මම කියන්න ආපු දේ කලින්ම රොකියා කියලනේ.. :-)

Anonymous said...

මෙව්වගෙ දෙයක්ද ඕනෙ ?
http://browsershots.org/

Anonymous said...

IE වලින් පටන් ගත්තු, මුල අමතක කරන උන්මයි ඒකට බනින්නේ. මුන්ට අම්මා තාත්තා උනත් ඉක්මනට අමතක කරන්න පුළුවන්. බූරුවෝ

Anonymous said...

@ Anonymous
ෙම් ෙමාකද... බිල් අයියා ෙමයාට ෙමානවත් කරලවත් ද?

Chanaka Aruna Munasinghe said...

මේකෙන් ලක්බිම බලන්නනම් බෑ . මාස 2 කට විතර කලින් මම ලක්බිම හින්දම මේක දාගෙන බැලුවා. ලක්බිම වෙන එකකට මාරු වෙන්නෙ නෑනෙ

budhajeewa said...

මට ඉස්සෙල්ලම හිතුනු දේ රොකියා කියලා... ඊළඟට මට හිතුනුදේ ශාකුන්තල කියලා!

ඒ අතරේ Firefox "This web site at www.tatanka.com.br has been reported as an attack site" කියලා කියන නිසා මට කියන්න දෙයක් හිතාගන්න බැරු උනා!

බුද්ධික said...

අපි නම් එදාත් නෙට්ස්කේප් අදත් ෆයර්ෆොක්ස් ;)