Friday, November 7, 2008

LTSP දෙවන කොටස

LTSP ගැන තව වැදගත් තොරතුරු කිහිපයක් මම මේ ලිපියෙන් පැහැදිලි කරන්න උත්සාහ කරනවා.

හැඳින්වීම...

මෙය කිහිප දෙනෙකුට එකවර තනි පරිගණකයක් භාවිතා කිරිමට පහසුකම ලබාදේ. මෘදුකාංග සියල්ල සර්වර් එක (server)මගින් සපයන අතර දත්ත/තොරතුරු ඇතුළු කිරීම සහ පිටකිරීම (input and output) terminal නොහොත් thin client මගින් සිදු කෙරේ. මෙම thin client පරිගණක අඩු විදුලි පරිභෝජනයක් ඇති එමෙන්ම දෘඩ තැටි (hard disk) සහ වෙනත් චලනයවන උපාංග නොමැති ඒවා වේ. ඒනිසාම එම පරිගණක සාමාන්‍ය වර්ගයේ පරිගණකයකට වඩා අඩු ශබ්දයක් පිටකරයි. විශේෂයෙන්ම සැකසූ thin client පරිගණක වෙනුවට පරණ පරිගණක Ltsp සමග භාවිතා කළහැක. එමනිසා පරණ පරිගණක ඉවත් කිරීමකින් තොරව නව මෘදුකාංග තාක්ෂණය සමග භාවිතා කළ හැක.

LTSP එක වැඩ කරන්නේ කොහොමද ඒකෙ ඇති කොටස් මොනවද කියලා බලමු.

Thin clients

අඩු වේගයක්, අඩු Ram ප්‍රමාණයක්, keyboard, Mouse සහ monitor එකකින් සමන්විත මේවා වෙළඳපොලෙන් මිලදී ගත හැක. ලංකාවේ සොයා ගැනීමට අපහසුය
සරළව කිවහොත් thin client පරිගණක boot වීමට ඒවා තුළ hard disks හෝ වෙනත් boot disks නොමැත. ඒ වෙනුවට ඒවායේ ඇති on board network cards භාවිතා කෙරේ.

පරණ පරිගණක


Thin client වෙනුවට හුඟක් පරණ පරිගණක යොදාගත හැක. (මම මේ වැඩේ කරලා බැලුවා. පුදුම හිතෙනවා! ඒක නියමෙට වැඩ කරනවා. සර්වර් එක විදියට භාවිතා කරන Pentium 4 computer එකේ speed එක පරණ එකෙන් ගන්න පුළුවන්!! මාව විශ්වාස නැත්නම් වැඩේ කරලාම බලන්න!!! )

මම යොදා ගත්ත පරණම පරිගණකයේ විස්තර:
Processor: Pentium 1 (133MHZ)
Ram: 64MB
VGA: 8MB card
15” monitor
Old Keyboard
Serial Mouse
LAN: Intel MT pro 1000 with boot Rom

Boot වීමට network cardඑක තුළ boot ROM එක තිබිය යුතුයි. Boot ROM එක network එකට තමන්ට boot වීමට අවශ්‍ය බව දන්වනවා. එවිට LTSP server එක මගින් boot වීමට අවශ්‍ය Operating system එක ලබා දෙනවා.

Boot Rom ප්‍රශ්ණයට විකල්ප:

1.එසේ boot rom නොමැති network cards වලට විකල්පයක් ලෙස එම card එකේ chipset එකට අදාල boot rom image එක floppy disk එකකට හෝ Cd එකකට දැමා ගත හැක. මෙම boot image එක ලේසියෙන්ම http://www.rom-o-matic.net web එකෙන් ලබා ගන්න පුළුවන්. උපදෙස් සියල්ල එහි සඳහන් වෙනවා.

2.On board LAN තියෙන පරණ පරිගණක යොදා ගැනීම තවත් විකල්පයක්..

Server

ඇත්තම Server එකක් වෙනුවට අළුත් පරිගණකයක් පහසුවෙන් භාවිතා කළ හැක. එම පරිගණකයට අවශ්‍යවන දේවල් පහත දැක්වේ.

1.Processor: P4 1.8GHZ or faster
2.Ram: 1 GB or more
3.LAN: 2 cards (ඕනෑම වර්ගයක්. Boot Rom අවශ්‍ය නැත)
4.VGA
5.Keyboard/Mouse
6.HDD: 40GB or more
7.CD/DVD

Client පරිගණක වැඩිවන තරමට server එකේ Ram වැඩිකළ යුතුයි. Client computer එකකට server එකේ 128MB Ram වත් වෙන් කරීමට අවශ්‍යයි. Network Cards දෙකෙන් එකක් අන්තර්ජාලයටද අනෙක Client computers වලට අවශ්‍ය සේවාවන් ලබා දීමට භාවිතා කෙරේ. Hard disk එක තමන්ගේ Network එකේ පාවිච්චි කරණ client computers ප්‍රමාණයට සහ ඒවායෙන් save කරණ දත්ත ප්‍රමාණයට අනුව වැඩිකල යුතුයි.

Network

Network Switch එකක් සහ Network cables පමණක් සෑහේ (අන්තර්ජාල පහසුකම ඇත්නම් පමණක් යොදා ගත හැක)

Server Software

අපට ප්‍රධාන වශයෙන් server එකට අවශ්‍ය මෘදුකාංගය වන LTSP සහිත Linux distributions 2කින් එකක් යොදාගත හැක. ඒවා ලබාගත හැකි තැන්:

Fedora සහ CentOS පාවිච්චි කරන අයට
http://k12ltsp.org/mediawiki/index.php/DownLoad

Ubuntu පාවිච්චි කරන අයට alternative install Cd එක ගන්න:
http://www.edubuntu.com/Download

මෘදුකාංග ස්ථාපනය කිරීමෙන් පසු server එකේ firewall settings සහ client computers වලට අදාල වෙනස්කම් කළ යුතුයි. උපදෙස් සඳහා: www.ltsp.org වෙත යන්න.

නිගමනයන්


පරණ පරිගණක වලට නව මෘදුකාංග දාන්න බැරිව ඒවා කුණුගොඩට යවනවාට වෙනුවට වැඩක් ගන්න පුළුවන්. අපිට වින්ඩෝස් XP / Vista, අළුත් Ubuntu, Fedora සහ Gentoo 64mb ram තියෙන පරණ computer එකකට දාන්න බෑ. නමුත් LTSP භාවිතයෙන් පරණ computer වලින් අළුත් Operating systems සහ මෘදුකාංග පාවිච්චි කරන්න පුළුවන්. අපි Open source software යොදා ගන්නා නිසා එයින් ඇති වන වාසිය කියා නිමකල නොහැක

මගේ දායකත්වයන්
http://si.wikipedia.org/wiki/Ltsp
http://alstontravelnotes.blogspot.com/2006/06/free-open-source-software-is-really.html