Wednesday, November 9, 2011

Fedora 16 නිකුත් විය...

ඊයේ දිනයේදී Fedora හි නවතම සංස්කරණය වන fedora 16 නොහොත් "Verne" නිකුත් කළ අතර එහි නොයෙකුත් කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක් දක්නට ඇත.

ඉන් ප්‍රධාන වශයෙන්
1. එහි ආරම්භ කිරීමේ වේගය (boot) පෙර සංස්කරණයන්ට වඩා වැඩි වීම,
2. නව presentation මෘදුකාංගයක් වන Ease හඳුන්වා දී තිබීමත්,
3. User ID අංක 1000 සිට ආරම්භවීම (කළින් 500න් ආරම්භ විය)
4. Grub 2 භාවිත කිරීම
5. Linux Kernel 3.1 සිට භාවිත කිරීම
6. ඔබ සතු Google, Facebook වැනි online accounts පහසුවෙන් කලමණාකරනය කිරීම සඳහා System Settings තුළ "Online Accounts" නම් කොටසක් ඇතුලත් කර තිබීම හා තවත් බොහෝ දේ දැක්විය හැකිය.

මෙය ස්ථාපනය සඳහා පහත පහසුකම් ඔබේ පරිගණකය සතු විය යුතු අතර ඔබේ පරිගණකය පහත දැක්වෙන පහසුකම්වලට වඩා අඩු එකක් නම් විකල්ප කිහිපයක් භාවිත කළ හැකිය. එනම් මතක ධාරිතාවය මෙගා බයිට 670ට වඩා අඩු වුවද (512 වගේ නම්) ස්ථාපනය කිරීමට වැඩි කාලයක් ගත වුවද භාවිත කිරීමේදී අඩු වේගයක් නොදක්වනු ඇත. නමුත් ප්‍රෙසෙසර වේගය හා මතක ධාරිතාවය අඩුනම් Fedora 16 හි LXDE අතුරු මුහුණත ඇති සංස්කරණය ස්ථාපනය කල හැකි අතර එය වඩාත් වේගවත් හා භාවිතයට පහසු සංස්කරණයකි. එය බාගත කර ගැනීමට පහත ලින්ක් එකක් දක්වා ඇත.  

පරිගණකයේ තිබියයුතු අවම පහසුකම්
1. අවම මතක ධාරිතාවය 670MB
2. අවම Hard Disc ධාරිතාවය 9-10 Gb
3. අවම ප්‍රොසෙසෙර වේගය 1.6 Ghz (ප්‍රායෝගිකව pentium 4 වත් අවශ්‍යවේ)  

Gnome අතුරු මුහුණත සහිත සංස්කරණය


KDE අතුරු මුහුණත සහිත සංස්කරණය


LXDE අතුරු මුහුණත සහිත සංස්කරණය


මෙම සංස්කරණයන් බාගත කර ගැනීමට පහත ඇති ලින්ක් භාවිත කරන්න
සාමාන්‍ය 32bit පරිගණක සඳහා Gnome සංස්කරණය සහ 64bit පරිගණක සඳහා
අඩු ධාරිතාවයකින් යුත් පරිගණක සඳහා LXDE සංස්කරණය
KDE අතුරු මුහුණත සහිත සංස්කරණය 32bit පරිගණක සඳහා සහ 64bit පරිගණක සඳහා

Thursday, October 6, 2011

ස්ටීව් ජොබ්ස්.... ඔබට නිවන් සුව ලැබේවා!

දක්‍ෂ නිර්මාණ සොයාගන්නෙකු ලෙසට අප කවුරුත් දන්නා ස්ටීව් දැන් මෙලොව හැර ගොස්. ඔහු ඇපල් සමාගමේ පෙරළිකාර නිමැවුම් වන iMac, iPad, iPhone නිර්මාතෘ බව අපි හැමෝමෙ දන්න දෙයක්. ඉතිං නැවතත් ඔහුගේ ඒවගේ පෙරළිකාර නිමැවුම් අපිට දකින්න ලැබෙන්නේ නෑ. ඔහුගේ නිර්මාණ අතර Pixar සමාගමේ සජීවී කරන ලද ළමා චිත්‍රපට විශේෂයි. (Cars, Toy Story, finding nemo වැනි). බොහෝ දෙනෙක් එය නොදන්න දෙයක්. හැමෝම දන්නේ ඔහුගේ පරිගණක සම්බන්ධ නිර්මාණ විතරයි. ඉතිං ඔබට නිවන් සුව! (ඔහු බෞද්ධයෙක්. ඒ නිසා නිවන් සුව ලැබේවා කියා පැතිය හැකිය.)

Wednesday, June 22, 2011

ලබන වසරේ 12වන දා ඒක ගන්න පුළුවන්?

අමුතු ප්‍රවෘත්තියක්.
1. කාරණාව: ඩොමේන් නාම ලබා දීම පිලිබඳව -ලබන වසරේ 12වන දා සිට ඩොට් කොම් වෙනුවට කැමති නමක් ලබාගත හැකිය!
2. කවුද කියන්නේ: සිරස මාධ්‍ය ජාලයේ ඊතලය.කොම් අඩවිය
3. මට අවශ්‍ය දේ: නිවැරදි මාසය සහ දිනය


මෙන්න අදාල ලින්ක් එක: http://www.ethalaya.com/index.php?option=com_content&view=article&id=11164:2011-06-20-11-57-56&catid=3:news-right
මෙන්න screen shot එක


HAVE FUN!

Wednesday, June 1, 2011

Libre office හා openoffice යන දෙකෙහි අනාගතේ කා අතේද?

Oracle විසින් sun සමාගම මිලදීගත් පසු හැමෝටම තිබුන ලොකු ගැටළුවක් වුනේ openoffice.org එකට මොකද වෙන්නේ කියලයි. එය සඳහා දායකවූ කණ්ඩායම Oracle වෙතින් ඉවත්වූ පසු Libreoffice ලෙසට නම වෙනස් වූ බව හැමෝම දන්නවා. නොයෙක් මත බිහි වුනද දැන් ලැබුන විශ්වාසවන්ත අලුත්ම ආරංචිය වන්නේ හෙට හෝ අනිද්දා වෙන විට Apache විසින් Oracle වෙතින් openoffice.org අරගෙන ඒ වෙත අනුග්‍රහය දක්වන බවයි. ඒ කියන්නේ මේක කරට අරගෙන මෙහි වැඩි දියුණුව හා සුභ අනාගතය වෙනුවෙන් කටයුතු කරන බවයි!

Oracle සමාගම තමන්ගේ අතේ තියාගෙන ඉන්න Openoffice.org එකේ නම Libreoffice කණ්ඩායමට නොදී වෙන ආයතනයකට දෙන එකත් ලාවට අමුතුයි. ඒත් දැන් මේවා තීරණය වෙලා ඉවරයි.

Openoffice.org දිගටම යනවා. Libreoffice වෙනම යනවා. දෙකෙන් කෝකද ඕන?

Thursday, May 12, 2011

සිංහල යුනිකෝඩ් අකුරු ඇත්තටම නැද්ද?

මම හිතන්නේ සිංහල යුනිකෝඩ් අකුරු දැනට ඇත්තේ අතේ ඇඟිලි ගාණටයි කියලා නොදන්න කෙනෙක් නෑ. එක්කෝ තව අකුරු තියෙනවා කියලා මම නොදන්නවා ඇති. ඒත් මේවා කොහෙන් කියලා හොයා ගන්නද? දන්න කෙනෙක් ඉන්නවනම් මට සිංහල යුනිකේත අකුරු හොයලා දෙන්න බැරිද? සිංහල යුනිකේත අකුරු හදන හැටි ICTA එකෙන් ඉගැන්නුවා නේද? ඒකට 100ක් විතර පිරිසකුත් ආවාලු නේද? කෝ ඒ පොරවල් හදපු අකුරු?? මගේ නොදැනුවත් කමද? නැත්නම් ඒගොල්ලෝ අකුරු හදලා නැත්ද? නැත්නම් ඒවා හදලා දෙන්නේ නැතුව ඉන්නවාවත්ද? ඒගොල්ලෝ මොනවද කළේ?

අනේ මන්දා මේවා කාගෙන් අහන්නද කියලා. දන්න දන්න ලොකු පොරවල්ගෙනුත් නෝ ආන්ස්වර්!

මෙච්චරයි මම කියන්නේ, අනේ.... තියෙනවනම් සිංහල යුනිකෝඩ් අකුරු බාගන්න තැනක් මට කියන්න. නැත්නම් මට ගන්න විධිය කියලා දෙන්න. අනේ ලොකු උදව්වක්...

Monday, April 25, 2011

Java එපා! Ceylon දෙන්න!!

ඒ කියන්නේ Java කෝපිද? Ceylon තේද? නැහැ! මේ කියන්නේ නවතම පරිගණක ක්‍රමලේඛන ක්‍රමයක් වන Ceylon ගැනයි...  

RedHat සමාගම ඔන්න තවත් අලුත් වැඩකට අත ගහලා. ජාවා පරිගණක ක්‍රමලේඛන ක්‍රමය (Programming Language) වෙනුවට භාවිතා කිරීම සඳහා Ceylon නමින් නව පරිගණක ක්‍රමලේඛන ක්‍රමයක් හඳුන්වා දී තිබේ. මේක ජාවා නොකීවට එහෙමමත් නොවේ. මන්ද මෙය ජාවා Runtime මත දුවන නිසාත් ඕනෑම JVM එකක මේ මගින් ලියන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට හැකි නිසාත්ය. ජාවා එක්ක වැඩ කරන අයට එහි තිබෙන සාම්ප්‍රදායික ගැටළු මගහැර නව මගකට (හොඳට හෝ නරකට) යෑමට අවශ්‍යයි කියා සිතේනම් Ceylon language එක හොඳ විකල්පයක් වගේ දැනටමත් පෙනෙන්නට තිබෙනවා.
එමෙන්ම ජාවා වල තිබෙන යල් පැන ගිය class library වෙනුවට මේ සඳහා නව class library කිහිපයක්ද හඳුන්වා දී ඇති අතර මෙය තුළ ජාවා syntax භාවිතා කිරීමටද හැකිය. 

2011 අග භාගයේදී මෙහි compiler එක නිකුත් කිරීමට බලා පොරොත්තුවන අතර, භාවිතයට හා ඉගෙනගැනීමට ජාවා වලට වඩා පහසු කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඉතිං ජාවා ක්‍රමලේඛනය කරන අයට සහ අලුතෙන් පරිගණක ක්‍රමලේඛනය හදාරන අයට මේක හොඳ ආරංචියක් වේවි කියලා හිතන්න පුළුවන්. ඒවගේම Ceylon කියන වචනය නිසා ලංකාව ගැනත් නොදන්න අය දැන ගනීවි.

වැඩි විස්තර http://en.wikipedia.org/wiki/Ceylon_Project
 http://www.infoworld.com/d/application-development/red-hats-ceylon-language-unneeded-tempest-in-teapot-558?page=0,1

Friday, April 8, 2011

ලංකානෙට් ආයතනයෙන් කරන පරිගණක පාඨමාලා ගැන....

"ලංකානෙට් එකෙන් කරන පාඨමාලාවන් හා සේවාවන් මොනවද?" කියලා හැමෝම නිතර අහනවා.  මට උත්තර දෙනවට වැඩිය මෙහෙම පොදුවේ දැනුම් දෙන එක ලේසියි. ඔය තියෙන්නේ විස්තර කිහිපයක්. ලංකානෙට් එකේ ඉන්න අයට අමතලා තවත් වැඩි විස්තර අහගන්න පුළුවන්. මට කෝල් කරන්න එපා. මොකද මේ දවස්වල මම බරපතල වැඩකට අත ගහලයි ඉන්නේ. තරහා වෙන්න එපා... :-)

Friday, March 4, 2011

LankaNet Linux 3 සඳහා Compiz Fusion නැතහොත් Desktop Effects දාගමු

බොහෝ පිරිසක් ලංකානෙට් ලිනක්ස් එකේ Compiz Fusion නැත්තේ මොකද කියලා අහලා තිබුනා. ඒකට හේතු කිහිපයක් තිබුනා. එකක් වෙන්නේ මෙම software එක සමහර graphic cards එක්ක නිවැරදිව ක්‍රියා නොකිරීමයි. ඇත්තම කියනවනම් ලංකානෙට් ලිනක්ස් 3 සංස්කරණයේ Compiz Fusion තිබෙනවා ඒත් එය සකස් කිරීමට අවශ්‍ය compizconfig-settings-manager පමණක් නැහැ. ඉස්සෙල්ලාම අපි ඒක දාගමු.

compizconfig-settings-manager මෙතනින් download කරගෙන එම ගොනුව මත double click කිරීමෙන් පහසුවෙන්ම install කරගන්න පුළුවන්. මේක 623kbක පුංචි එකක්.




දැන් මේක අපිට අවශ්‍ය ආකාරයට සකස් කරගමු,

System->Preferences->Compizconfig settings manager එකට යන්න.
දැන් පහත රූපයේ ආකාරයට එය විවෘතවී දිස්වේ.


1. එහිදී ඔබ ඉහත දැක්වෙන ආකාරයට Gnome Compatibility සහ KDE Compatibility යන දෙකටම හරි සලකුණ යොදන්න.
2. දැන් Desktop cube එකට හරි සලකුණ යොදන්න, එවිට පහත රූපයේ ආකාරයට ප්‍රශ්ණයක් විමනසවා. එවිට Disable Desktop Wall බොත්තම ඔබන්න.



3. Rotate cube යන එකට හරි සලකුණ යොදන්න
4. පහත රූපයේ ආකාරයට Animations සහ Animations addons යන දෙකටම හරි සලකුණ යොදන්න.



දැන් අපි Desktop එක පෙට්ටියක් කරමු.

1. Rotate Cube මත click කරන්න
2. පහත රූපයේ ආකාරයට එහි වෙනස්කම් කරන්න. මෙහිදී මම මූලිකවම මේවා වෙනස්කර ඇත,
  • Raise on rotate මත හරි ලකුන යොදා ඇත
  • Acceleration හි අගය 2ට ආසන්න අගයක් කර ඇත
  • Zoom හි අගය 0.31 කර ඇත.




දැන් පෙට්ටිය කරකවන්න
CTRL සහ ALT දෙක ඔබාගෙන යතුරු පුවරුවේ left arrow  හෝ Right Arrow යතුරු ඔබා බලන්න.


දැන් පෙට්ටිය හරි. ඊලඟට අපි තව එකක් කරලා බලමු.


Window එකක් close කරන විට ගින්දර පිටවෙන ආකාරයට අලංකාර Animation effect එක දාගමු.

1. Animations මත click කරන්න.
2. දැන් එතනින් පහත රූපයේ ආකාරයට Close Animation යන පිටුව තෝරා ගන්න



3. දැන් පහත රූපයේ ආකාරයට එයට පහල ඇති ලැයිස්තුවෙන් පළමු එක තෝරාගෙන Edit ඔබන්න.



4. ඉන්පසු පහත රූපයේ ආකාරයට වෙනස්කම් කරගන්න. මම වෙනස් කර ඇත්තේ මේවායි,

  • Close effect: එම ලැයිස්තුවෙන් Burn තෝරාගෙන ඇත
  • Duration: 200 දක්වා වැඩිකර ඇත


5. දැන් එය close කරන්න
6. දැන් compizconfig settings manager එකත් close කරන්න. එච්චරයි...

Thursday, January 13, 2011

LankaNet.org ලිනක්ස් 3 තැපැල් මගින් ගෙන්වා ගත් අයගේ ලැයිස්තුවට අලුත් නම් එකතු වුනා.

කරුණාකර ඔබේ නමත් ඇත්දැයි බලන්න. එමෙන්ම එය ලැබුන වහාම ඒබව දැනුම් දෙන්න. ලංකානෙට් ලිනක්ස් ඉල්ලූ සැමටම තැපැලෙන් යවා ඇත. මෙය ලැබිය යුත්තන්ට ලංකානෙට් ආයතනයෙන් තැපැල් කර ඇතැයි සිතමි. මෙයට සම්පූර්ණ අනුග්‍රාහකත්වය දැරුවේ ලංකානෙට් ආයතනයයි. එය තැපැල් කිරීමට ඔවුන් වෙන් කළ මුළු මුදලම ඒ වෙනුවෙන් වැය කර අවසන්. ඒ නිසයි මෙය තැපැල් කිරීමටත් ප්‍රථම "සීමිත ප්‍රමාණයක්" යනුවෙන් සඳහන් කළේ. ඔන්න මම ඒ පණිවිඩයත් ඔබට දුන්නා.


මෙතන ලැයිස්තුව ඇති අතර එය තැපැල් කළ දිනයද සඳහන් කර ඇත.

(නැවත වතාවක් සමහරක් ඇනෝනිමස් උගතුන් "අපේ තාත්තාගේ සල්ලි වලින්ද මේක තැපැල් කරන්නේ?" "අපිට වින්ඩෝස් තියෙනවා උඹ පන්ඩිතයා නොවී ඉඳපන්" සහ කුණූහරුප කමෙන්ට්ස් ගෝනි පිටින් දායි.) අපේ තාත්තාවත් මමවත් සල්ලිකාරයෝ නෙවෙයි කියලා මාව පෞද්ගලිකවම දන්නා අතලොස්ස දන්නවා. ඒ වගේම එම උගත් ඇනෝලා ඇහුව විධියට මට තියෙත පු* අමාරුවකට නෙමෙයි මේක හැදුවේ. ඒක පාවිච්චි කරන අය දන්නවා මම මොකටද මේක හදලා තියෙන්නේ කියලා.

Friday, January 7, 2011

How to install hsdpa Modems in LankaNet Linux

Huawei E122 HSDPA modem and some other modems will not work out of the box with LankaNet.org Linux 3 and Ubuntu 10.04. To make it work, Download this zip file and install included files and restart your PC.

Here is the step by step guide:

1. Just double click on these 3 deb files to install
2. Reboot
3. Plug in your HSDPA modem and wait for about 5 seconds.
4. Now, follow the instruction below with screen shots.
5. Right click on the Network Manager Icon on the gnome panel (see picture 1)

6. Click on "Edit Connections" from the menu
7. Select "Mobile Broadband" page (see picture 2)

8. Press "Add" button
9. Now you will see something similar to picture 3

10. Click on "Forward" button
11. Select "Sri Lanka" from the country list and press "Forward" (see picture 4)

12. Select your provider and press "Forward" (see picture 5)

13. Select your billing plan and press "Forward" (see picture 6)

14. In next window, press "Apply" button
15. It will take you to "Editing xxxxxxx" window. (see picture 7)

16. Put check mark to "Connect Automatically" and press "Apply"

Now you will be able to connect to the internet.
To connect, left click on the NetworkManager Icon on the gnome panel and select your Newly created Connection name.
To Disconnect, left click on the NetworkManager Icon and select Disconnect from the menu

Thursday, January 6, 2011

LankaNet.org Linux තැපෑලෙන් එවීම නවතා ඇත.

පසුගිය 4 වෙනිදායින් පසු ලංකානෙට් ලිනක්ස් තැපෑලෙන් ඉල්ලූ අයට මෙය යවනු නොලැබේ. 4 වෙනිදාට පෙර ඉල්ලූ එහෙත් දැනට තැපැල් මගින් මෙය නොලැබුන අයට අද හෝ හෙට තැපැල් මගින් එවනු ලැබේ. ඒත් මෙය අවශ්‍ය අයට ඔබේ නගරයට ආසන්නයේ ඉන්න මේ අයගෙන් එය ලබාගත හැක. ඔබ අලුත් DVD එකක් ගෙන ගොස් ඔවුන්ගෙන් LankaNet.org Linux පිටපත් කරගන්නා ලෙස කාරුණිකව ලංකානෙට් ආයතනය ඉල්ලා සිටියි. එමෙන්ම එම ලැයිස්තුවට තවත් අය ඇතුලත්වෙමින් පවතින බව සළකන්න.

ඔබ ළඟ මෙහි පිටපතක් දැනට ඇත්නම් කරුණාකර මගේ පෙර ලිපිය කියවන්න. පුළුවන්නම් එය පිටපත් කර අන් අයට ලබා දීමට උදව්වෙන්න.

"මේ ලිපිය දැකලා සමහරු පිස්සු ප්‍රතිචාර දක්වලා තියෙනවා. කුණුහරුප විමානයයි. තමන්ට කරගන්න දෙයක් නැතිවුනාම මොනවාහරි කියලා කාට හරි දොස් කියන එක දැන් විලාසිතාවක් වෙලා. කමක් නෑ. පල ඇති රුකටනේ ගල් වදින්නේ! ලංකානෙට් ලිනක්ස් ලංකාවේ බොහෝ දෙනෙකුට මහත් උදව්වක් වුනා කියලා ඒ අය දැන ගත යුතුයි.

උබුන්ටු තියෙද්දී, ඒ වගේම ඒක නොමිලේ එවද්දීත් උබුන්ටු කොපි කරලා ලංකානෙට් ලිනක්ස් හැදුවේ මොකද කියලා එක උගත් මහතෙක් අහලා තිබුනා. මෙතන ඒකට පිළිතුර තියෙනවා."

Wednesday, January 5, 2011

ඔබේ පළාතේ ලංකානෙට් ලිනක්ස් බෙදාහරින්න ඔබ කැමතිද?

LankaNet.Org Linux 3 ලබාගෙන ඇති ඔබ එහි ඇති ප්‍රයෝජනය සහ වටිනාකම අවබෝධ කරගෙන ඇතැයි මම සිතමි. දැන් ඔබට මෙය ප්‍රචලිත කිරීමට අවස්ථාවක් ලබා දෙන්න පුළුවන්. ඔබ දන්නවා මෙය අවශ්‍ය පිරිස් තවත් ඇති බව. ලංකාවේ FOSS ප්‍රචලිත කිරීමට ඔබත් දායක වේ යැයි අප අපේක්ෂා කරන්නෙමු.  ඒ අයට මෙහි පිටපත් ලබා දීමට ඔබ කැමතිනම් එය අපිට දැනුම් දෙන්න. ඔබට කරන්න තියෙන්නේ මෙපමණයි,

1. ඔබට DVD writer එකක් තිබිය යුතුයි.
2. ඔබගේ දුරකථන අංකය
3. ඔබගේ ලිපිනය
4. එම ලිපිනයේ ඔබ සිටින වේලාවන් අපට දැනුම් දෙන්න.


අප එම තොරතුරු අන් අයගේ දැනගැනීම සඳහා ලංකානෙට් වෙබ් අඩවියේ  පළ කරනවා.

පිටපතක් අවශ්‍ය අය ඔබ හමුවීමට අලුත් DVD එකක් අරගෙන එනවා. ඔබට කරන්න තියෙන්නේ එයට ලංකානෙට් ලිනක්ස් පිටපත් කර ලබා දීමයි.
මෙයට දායක වීමට කැමතිනම් ඉහත තොරතුරු සමග info @ lankanet . org එකට Email එකක් එවන්න.

ඔබට ස්තූතියි!

Saturday, January 1, 2011

LankaNet.org Linux සඳහා Skype සකසා ගැනීම

පළමුව  skype ස්ථාපනය කරගමු. ලංකානෙට් ලිනක්ස් සමග Skype setup එක ලබා දී ඇත. එමනිසා ස්ථාපනයට සහ Download කිරීමට අන්තර්ජාලය අවශ්‍ය නොවේ.

1. Terminal එකට පහත අකාරයට යන්න
Applications->Accessories->Terminal

2.  ස්ථාපනය කිරීමට පහත විධානය පමණක් දෙන්න. එම විධානය ඔබේ terminal එක තුලට Mouse එක භාවිතයෙන් copy paste කරගන්න. (Type කිරීමේදි අතපසුවීම් සිදුවිය හැක)

sudo dpkg -i /usr/share/files/skype-ubuntu-intrepid_2.1.0.81-1_i386.deb

3. දැන් ස්ථාපනය අවසන් වූ විට පරිගණකය  reboot කරගන්න.

4. දැන් skype විවෘත කරගන්න.

Applications->Internet->Skype

5. දැන් license Agreement එක දක්නට ලැබේ. "I Agree" බොත්තම ඔබන්න

6. ඔබට අයත් skype නම සහ මුර වචනය ඇතුලත් කරන්න. Enter යතුර ඔබන්න.

7. දැන් ඔබට skype හි ඔබේ මිතුරන්ගේ නම් ලැයිස්තුව දර්ශණය වේ.

8. ඔබේ Sound settings නිවැරදිව ඇත්දැයි බැලීමට CTRL+o යතුරු දෙක ඔබන්න (කොන්ට්‍රෝල් යතුර ඔබාගෙන ඕ අකුර ඔබන්න).

9. දැන් වම් පැත්තේ ඇති Sound Devices තෝරාගෙන පහත රූපයේ ඇති ආකාරයට ඔබේ settings ඇත්දැයි බලන්න.

10. එහි ඇති Make a test sound බොත්තම භාවිතයෙන් ඔබේ පරිගණකයේ ශබ්දය නිවැරදිව ඇසේදැයි බලාගත හැක. එමෙන්ම Make a test call බොත්තම මගින් Sype නිවැරදිව ක්‍රියා කරන්නේ දැයි බලා ගත හැක.


11. වම්පස ඇති Video Devices තෝරා ගැනීමෙන් ඔබේ Webcam එක නිවැරදිව වැඩ කරන්නේදැයි බලාගන්න.

12. මම  Skype හි කිසිම ආකාරයක වෙනස්කිරීමක් නොකර ස්ථාපනයේදී ලැබෙන default settings වලට අනුව භාවිතා කරමි. නමුත් ඔබට සමහර විට එය වෙනස් විය හැක.