Thursday, July 22, 2010

Virus ඇති Server Motherboards!

මේ වැදගත් පණිවිඩය ඇඩ්මින් මිතුරන් සහ server ගැන උනන්දුව දක්වන අයටයි. Dell විසින් කලකට පෙර වෙළඳපොලට නිකුත් කල Dell PowerEdge R310,R410,R510,T410 rack server mother board වල firemware තුල malware එකක් තිබී හමුවී ඇත. මෙය දත්ත හා එහි ආරක්ෂාවට තර්ජනයක් වන අතර මෙය Dell ආයතනය විසින් කල්තියා හඳුනාගෙන ඇත. මම මේ ගැන කියන්නේ ඔවුන්ගේ ඉක්මන් ප්‍රතික්‍රියාවත්, තමන්ගේ පාරිභෝගිකයන්නේ ආරක්ෂාව ගැන සැළකිලිමත් වීමත් යන ඔවුන්ගේ ඇති එම කැපවීම හා පාරිභෝගික සේවාවේ වටිනාකම නිසයි. ලංකාවේ Dell servers විකුණන ආයතනත් මේ ගැන උනන්දුවෙන් කටයුතු කරනවා ඇති.


ආසාදිත මාදිලි (models):


PowerEdge R310
PowerEdge R410
PowerEdge R510
PowerEdge T410

මෙම malware එක MS Windows වලට පමණක් හානිදායක අතර Windows නොවන Operating systems වලට හානි නොවන බව ඔවුන් සඳහන් කරනවා. ඒ කියන්නේ Linux, Unix, BSD වගේ ඒවාට හානියක් නෑ. Dell සමාගම මෙම PowerEdge R410 rack server මිලදීගත් පාරිභෝගිකයන්ට දුරකථන මගින් අමතා මේ ගැන දැනුවත් කර ඇත. (මෙහෙ කොහොමද දන්නේ නැහැ) නමුත් මේ ගැන වැඩිදුර සඳහන් කිරීමෙන් ඔවුන් වැලකී සිටිනවා.

මුලාශ්‍ර http://en.community.dell.com/support-forums/servers/f/956/t/19339458.aspx

Monday, July 5, 2010

ඕනම වෙබ් අඩවියක අතීත පිටු ඉතිහාසයත් එක්කම බලන්න (වෙබ් අඩවිය දැන් භාවිතයේ නැතත්!)

අද මම හඳුන්වා දෙන්නේ වෙබ් පිටු බිලියන 150ක් පමණ සංරක්ෂණය කර ඇති අන්තර්ජාලයේ ලේඛනාරක්ෂණ ගබඩාව ගැනයි. මෙහදී ඔබට සෑම වෙබ් අඩවියකම පැරණි ස්වරූපය ඒ ආකාරයෙන්ම බලා ගන්න පුළුවනි. උදාහරණයක් ලෙසට අපිට google.com අඩවිය මුලින් පටන් ගත් දිනයේ සිට මේ දක්වා එම අඩවියේ කර ඇති වෙනස්කම් සියල්ලම වාගේ අපට බලාගන්න පුළුවනි. ඔබට එහි 1998 දී තිබූ පිටුවද ඉන්පසු අවුරුදු/මාස වලදී වෙනස්කම් කර ඉදිරිපත් කර ඇති පිටුද බලාගත හැක.  ඒවගේම අන්තර්ජාලයේ නැති ඒකාලයේ තිබ්බ පැරණි වෙබ් අඩවිද බලා ගන්න පුළුවන්. පහත රූප වලින් ඔබට ඒ ගැන යම්කිසි අවබෝධයක් ගත හැක. www.archive.org යන අඩවිය මෙම සේවාව කාලයක සිට කරන එකකි. මෙය ඉතා ප්‍රයෝජනවත් වටිනා සේවාවක් වන අතර මටද විශාල ලෙස ප්‍රයෝජනවත්වූ අඩවියකි.

මෙම සේවාවට අමතරව archive.org අඩවියේ තවත් විශේෂ සේවාවන් ගණනාවක් ඇති නමුත් මා මෙම ලිපියෙන් පැරණි පිටු ගබඩාව ගැන පමණක් සඳහන් කරමි. එමගින් සපයන අනිකුත් සේවාවන් ඔබටම බලා ගත හැක.

පහත රූපයේ ආකාරයට එම අඩවියට ඇතුළුවී එහි Wayback Machine කොටසේ ඇති හිස්තැනට ඔබ පරණ පිටු බැලීමට අදහස් කරන අඩවියේ ලිපිනය type කර Take me back බොත්තම ඔබන්න.



පහත රූපයේ ඇත්තේ මා එහි lankanet.org ලෙස type කර Take me back button එක ඔබා ලබා ගත් ප්‍රතිඵලයයි.
එහි 1998 සිට Lankanet.org අඩවියේ පිටු බැලියහැක.




පහත රූපයේ ඇත්තේ google.com අඩවියේ කාලානුරූපී පැරණි පිටු වලට අදාල linksය.



Google.com අඩවිය ආරම්භ කල මුල් අවධිය පහත දැක්වේ. ඔබ හොඳින් විමසිල්ලෙන් බැලුවොත් වම්පස ඇති Linux Search එක දැකගත හැකිවේ.



yahoo.com අඩවියේ ආරම්භක අවධියේ පිටුවක රූපය පහත දැක්වේ.




මෙලෙස ඔබ කැමති අඩවියක පැරණි පිටු බැලීමේ හැකියාව ඇත. අන්තර්ජාලය සහ නොයෙකුත් වෙබ් අඩවිවල පැරණි තොරතුරු සහ ඉතිහාසය සොයන අයට මෙය ලොකු පහසුවකි.


මගේ බ්ලොග් එකේ ලිපි ඔබ යම්කිසි දෙයකට භාවිතා කරන්නේනම් එය මෙම බ්ලොග් අඩවියෙන් උපුටාගත් බවට හෝ එය සඳහා මෙම බ්ලොග් එක උපකාරීවූ බව සඳහන් කිරීමට කාරුණික වන්න.

Thursday, July 1, 2010

ඔන්න .xxx (වෙබ් අඩවි) top-level domain සඳහා මූලික එකඟතාවයකට ඇවිත්!

අන්තර්ජාලයට අදාල තාක්ෂණය ගැන නිතර ඇහැගහගෙන ඉන්න අය .xxx top-level domain ගැන දැනගෙන ඉන්න එක අවශ්‍යයි. Top-level domain කියන්නේ .com .net .org වගේ ඒවාටයි. අන්තර්ජාලයේ ඇති ලිංගික/කාමුක වෙබ් අඩවි එක එක top-level domain වලින් ඇති බව ඔබ දන්නවා.  ඉතිං අනිත් සෑම සාමාන්‍ය වෙබ් අඩවියක් වගේම ලිංගික/කාමුක වෙබ් අඩවිද .com .org .net වැනි top-level domain භාවිතා කරන එක ලොකු හිසරදයක්.
උදාහරණයක් ලෙස එය හරියට පොදු බස්රථයක සාමාන්‍ය මගීන් සමග පැපොල රෝගියෙක් ගමන් කරනවා වගේ දෙයක්. ළමයින් එවැනි වෙබ් අඩවි වලට අහම්බෙන් යෑමට ඇති සම්භාවිතාවය ඉතා අධිකයි. ඒ වගේම සමහර වෙලාවට තමන් බලන්න කැමති අඩවියක ලිපිනය වරදවා type කලවිටක මෙවැනි අඩවියකට යැවෙන එක අන්තර්ජාලය නිතර භාවිතා කරන අයට ලොකු ගැටළුවක්.


ආයතනවල Network System administrator වරුන් සහ අන්තර්ජාලසේවා සපයන්නන්ට මෙම අඩවි අවහිර කිරීමට හැකිනමුත් එය ඉතාමත් අසීරු කාර්යයකි. (නිතරම ඔලුව කසන්න සිදුවෙනවා) එසේ අවහිර කරනවිට සමහර අහිංසක වෙබ් අඩවිද අවහිරකිරීමට ගොදුරුවෙනවා.

එකගොඩේ මෙවැනි අඩවි තැබීමෙන් වෙන මෙවැනි කරදර වලක්වා ගැනීමට එවැනි අඩවි සඳහාම .xxx හඳුන්වා දීමට කාලයක සිට නොයෙකුත් අය වෙර දැරුවට මේ සඳහා නොයෙකුත් ගැටළු පැන නැගුනා. මෙය ලිංගික/කාමුක වෙබ් අඩවි සඳහා උඩගෙඩි දීමක් යැයි සමහරු හැඳින්වූවා. එත් මගේ අදහස මෙය ඉතාම හොඳ දෙයක් බවයි. මන්ද ලිංගික/කාමුක වෙබ් අඩවි පවත්වාගෙන යන්නන් ඒවා සියල්ලම .xxx යටතට හරවාදමා දැනට ඒවා භාවිතා කරන .com .org වැනි එවායින් ඉවත් වුවහොත් ඒක අන්තර්ජාලයට, ළමයින්ට සහ ලිංගික/කාමුක වෙබ් අඩවි පෙන්නන්න බැරි අයට ලොකු සහනයක් වෙනවා. එසේ වුවහොත් අන්තර්ජාලය වඩාත් පහසුවෙන් පිරිසිදු කර ළමයින් සඳහා ආරක්ෂිත තැනක් බවට පත්කරන්නට ඇති හැකියාව ඉහල යනවා. මතක තියාගන්න ලිංගික/කාමුක වෙබ් අඩවි නීත්‍යානුකූලයි!

ICAAN  ආයතනය තවම මේක සම්පූර්ණයෙන්ම අනුමත කර නැහැ. ඒත් එය ලඟදීම සිදුවෙන/වියයුතු දෙයක්. අන්තර්ජංජාලයේ ඇති ගැට ලෙහන්නන්ට මේක ලොකු උදව්වක් වෙනවා නිසැකයි.





මගේ බ්ලොග් එකේ ලිපි ඔබ යම්කිසි දෙයකට භාවිතා කරන්නේනම් එය මෙම බ්ලොග් අඩවියෙන් උපුටාගත් බවට හෝ එය සඳහා මෙම බ්ලොග් එක උපකාරීවූ බව සඳහන් කිරීමට කාරුණික වන්න.