Monday, March 30, 2009

ලිනක්ස් හි root password එක අමතක වුනාම මොකද කරන්නේ?

මෙම ක්‍රමය fedora, CentOS හෝ Redhat සඳහා යොදා ගත හැක.

1.
පරිගණකය boot වෙන අවස්ථාවේදී එන grub menu එකෙන් ඔබේ ලිනක්ස් එක arrow key වලින් තෝරා Enter වෙනුවට යතුරු පුවරුවේ a අකුර ඔබන්න
ඉන් පසු පහත සඳහන් ආකාරයේ පේළියට ආසන්න ආකාරයේ එකක් ඔබට පෙනෙනු ඇත

kernel /vmlinuz-2.6.27.19-78.2.30 ro root=LABEL=/ acpi=on rhgb quiet

2. එම පේළියේ කෙළවරට පහත ඇති ආකාරයට අංක 1 ඇතුලත් කරන්න

kernel /vmlinuz-2.6.27.19-78.2.30 ro root=LABEL=/ acpi=on rhgb quiet 1

3. දැන් Enter යතුර ඔබන්න. මේ අවස්ථාවේදී grub විසින් ඔබව root පරිශීලකයා ලෙසට ලිනක්ස් පද්ධතියට boot කර යවයි. නමුත් ඔබව විධාන පමණක් යෙදිය හැකි මාධ්‍යයට යැවේ. (Text/Terminel mode)මෙය මේ අවස්ථාවට පමණක් එසේ සිදුකරයි.

4. දැන් ඔබ log වී ඉන්නේ root විධියටයි. එතනදී passwd ලෙස විධානය දෙන්න.

5. දැන් ඔබේ අළුත් මුරවචනය දෙන්න.ඉන්පසු පරිගණකය reboot කරන්න.
(ඉඟි: reboot කිරීමට shutdown -r now විධානය දෙන්න.)

Tuesday, March 24, 2009

නොමිලේම ලිනක්ස් සංගත තැටි ගෙදරට ගෙන්න ගන්න...

අද මට හිතුනා ඕගොල්ලන්ට පුංචි හෝඩුවාවක් දෙන්න.

දන්නවද, ලඟදීම ලංකානෙට් එකේ අපි මේ ලිනක්ස් වර්ග නොමිලේ ඔබගේ ගෙදරටම එවනවා! ඇත්තටම අවශ්‍ය අය ඉන්නවනම් අපිට දැනුම් දෙන්න. අදහස් උදහස් වෙතොත් අපිට කියන්න. ඔබේ අදහස් අපේ මෙම ක්‍රියාවලියට ලොකු සහයෝගයක් වෙනවා.

Super Ubuntu
Fedora
knoppix


අපේ වෙබ් අඩවියෙන් මේවා ඉල්ලන්න.

www.lankanet.org


සීමිත ප්‍රමාණයක් තමයි දැනට දෙන්නේ. අනාගතයේදී ඉල්ලුමට සරිලන විධියට සැපයුම කරන්න බලාපොරොත්තු වෙනවා.

Monday, March 16, 2009

පදවියටත් නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංග ගෙන ගිය වගයි!


ඔන්න ලංකානෙට් එකේ අපි තවත් පිම්මක් පැන්නා! මේ පාර අපි පදවිය නගරයට ගොස් අපට හැකි ආකාරයෙන් උපරිමයෙන් නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංග නොඑසේනම් FOSS ගැන විවෘත හා සංවාදාත්මක සම්මන්ත්‍රණයක් සහ පුහුණු වැඩමුළුවකුත් කළා.

සම්මන්ත්‍රණයට පළාතේ සෑම තරාතිරමක අය සහභාගි වුනා. සම්මන්ත්‍රණය පැවැත්වූයේ පදවිය මහසෙන් නවෝද්‍ය මහා විද්‍යාලයේදියි. එදින LTSP තාක්ෂණය ගැනත් FOSS වලට අමතරව හඳුන්වා දුන්නා. මේ පළාතට හරිහමන් විධියේ අන්තර්ජාල පහසුකමක්වත් නෑ. ඒ තරම්ම තොරතුරු තාක්ෂණයෙන් ඈත් වෙලා. නැත්නම් ඈත් කරලා. නොයෙකුත් හේතු නිසා පාසල්වල පරිගණක නිකං පුස්කනවා. මේ සම්මන්ත්‍රණයෙන් පස්සේ ඒ තත්වය වෙනස් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

පුහුණු වැඩමුළුව තුලදී අපි පරිගණකයේ Linux (Fedora and Ubuntu) ස්ථාපණය කරන හැටි, පරිශීලණයේදී දැනගත යුතු වැදගත් කරුණු, මෙහි ඇති ප්‍රයෝජනය සහ පැනනගින ගැටළු නිරාකරණය කිරීම ඇතුළු ගොඩක් දේවල් පිළිබඳව එයට සහභාගි වූවන්ව දැනුවත් කළා.

පදවියේ තියෙන e-Vision Lanka ආයතනයේ සහය ඇතිව අප මෙම සම්මන්ත්‍රණය හා පුහුණු වැඩමුළුව පැවැත්වුවා. වැඩේ ඉතා සාරථක බව අතිශයෝක්තියකින් තොරව කියන්න පුළුවන්. FOSS ආශ්‍රිත පරිගණක අධ්‍යාපණය ප්‍රවලිත කිරීමේ අරමුණින් අප ලංකානෙට් ආයතනය විසින් LTSP ස්ථාපණය කරණ ලද නව පරිගණකයකුත් පදවිය නගරයට ලබා දුන්නා!
මෙන්න මේ පින්තූරයේ තියෙන්නේ මම මුලින් ලිපිවලදී සඳහන් කළ LTSP ක්‍රමයට සකස් කරන ලද පරණ පෙන්ටියම් 1 පරිගණකය සහ අළුත් Dual core පරිගණකයයි.

මෙන්න මෙතනින් තවත් පින්තූර ටිකක් බලතෑකි