Windows පාවිච්චි කරන අපේ රටේ අය සිංහලෙන් සැකසූ ඕමි පරිගණක කාඩ් ක්රීඩාව ගැන දන්නවා ඇති. ඒක ඕමි වලට ආස අයටනම් විනෝදාත්ම මෘදුකාංගයක් බව අමුතුවෙන් කියන්න අවශ්ය නෑ. දේශීය නිෂ්පාදනයක් වන ඒ ගැන මම මුලින්ම දැනගත්තේ මෙම බ්ලොග් අඩවියෙන්. ඒ ගැන ඔහුට ස්තූතිවන්ත වෙන අතර මෙම ක්රීඩාව Linux සමග මම භාවිතා කරන ආකාරය ගැන ඔබව දැනුවත් කරමි.
මෙම ක්රීඩාව MS Windows මත ක්රියාත්මක වීමට සැකසූ එකකි. Linux සඳහාම සැකසූ එක ටික කාලයකින් නිකුත් කරනබව එය නිපදවූ සාලිය සහෝදරයා පවසනවා. ඒ නිසා දැනට එය Linux මත ක්රියාත්මක කිරීමටනම් wine නමැති මෘදුකාංගය ස්ථාපනය කරගත යුතුයි. ඉස්සෙල්ලාම ඒක කරමු!
ඔබ Fedora භාවිතා කරන්නේනම් මෙසේ කරන්න. ඔබ උබුන්ටු හෝ වෙනත් ලිනක්ස් distribution එකක් භාවිතා කරන්නේ නම් ඊට අදාල Package Manager එක භාවිතයෙන් මේ ආකාරයටම සිදු කරන්න. (මතක තියාගන්න Wine download කරගැනීමට අන්තර්ජාලය අවශ්යවේ) ලංකානෙට් ලිනක්ස් භාවිතා කරන්නන්ට Wine ඇත.
Wine ස්ථාපනය කරගැනීම පහත රූපය බලන්න
1. System -> Administration -> Add/Remove Software විවෘත කරගන්න
2. පහත රූපයේ ඇති ආකාරයට එහි වම්පස ඉහල අකුරු ඇතුලත් කිරීමට ඇති box එකේ wine කියා type කර එතන ඇති find button එක ඔබන්න.
3. දැන් දකුණුපස රූපයේ ආකාරයට එන මෘදුකාංග ලැයිස්තුවෙන් wine-1**** ආකාරයට පෙන්වන එකේ ඉදිරියෙන් ඇති පුංචි කොටුවට click කරන්න.
4. දැන් ඊට පහතින් ඇති Apply button එක ඔබන්න.
දැන් Wine install වී අවසන් වූ පසු පරිගණකය restart කරගන්න එක ඉතා වැදගත්වේ.
Wine සඳහා sounds ක්රියාත්මක කිරීම. රූපය බලන්න
(අතිරේක වැඩක්. නමුත් මේක අවශ්යවෙන වෙලාවකුත් එනවා)
එය කිරීමට පහත රූපය බලන්න
1. Application -> Wine -> Wine Configuration විවෘත කරගන්න
2. දැන් එහි ඇති Audio පිටුව තෝරා ගන්න
3. දැන් Sound Drivers යටතේ ඇති PulseAudio Driver ඉදිරියේ ඇති කුඩා කොටුව මත click කර තෝරා ගන්න.
4. දැන් Apply button එක ඔබන්න. දැන් හරි. අවශ්යනම් පරිගණකය restart කරගන්න.
5. දැන් Sound නිවැරදිව ක්රියාකරන්නේ දැයි දැන ගැනීමට නැවත පියවර 1,2, කර Test Sound button එක ඔබා ශබ්දය ඇසේදැයි බලන්න.
මුලින්ම ඕමි ක්රීඩාව මෙතනින් Download කරගනිමු. (Version 1.09 latest)
1. දැන් rar ගොනුව extract කරගන්න..
2. දැන් පහත රූපයේ දැක්වෙන ආකාරයට විවෘත කරගන්න.
Download කරගත් exe file එක මත right click කර "Open with wine windows program loader" තෝරා ගන්න.
දැන් ඕමි ක්රීඩාව විවෘතවේ. දැන් ක්රීඩා කරන්න
ඕමි දන්නේ නැත්නම් කාගෙන් හරි අහගන්න.
මගේ බ්ලොග් එකේ ලිපි ඔබ යම්කිසි දෙයකට භාවිතා කරන්නේනම් එය මෙම බ්ලොග් අඩවියෙන් උපුටාගත් බවට හෝ එය සඳහා මෙම බ්ලොග් එක උපකාරීවූ බව සඳහන් කිරීමට කාරුණික වන්න.
Use sinhala unicode font to read this blog. මගේ බ්ලොග් එකේ ලිපි ඔබ යම්කිසි දෙයකට භාවිතා කරන්නේනම් එය මෙම බ්ලොග් අඩවියෙන් උපුටාගත් බවට හෝ එය සඳහා මෙම බ්ලොග් එක උපකාරීවූ බව සඳහන් කිරීමට කාරුණික වන්න.
Showing posts with label linux. Show all posts
Showing posts with label linux. Show all posts
Tuesday, June 29, 2010
Tuesday, May 11, 2010
LankaNet.Org Linux v.2 screen shots
Sinhala unicode support. මෙහිදී ඔබට සිංහල ක්රියාත්මක කිරීමේදී bash ගොනුව සහ Startup Applications list එක සකස් කිරීමට අවශ්ය නොවේ. එය අප විසින් පෙරනිමියෙන්ම සකස්කර ඇත.Wednesday, April 21, 2010
Avast antivirus for Linux භාවිතා කරන්නෙනි. මෙය දැනගන්න!
මෙච්චර කාලයක් හොඳින් ක්රියාකල ඔබේ Avast මෘදුකාංගය දැන් මෙම error එක පෙන්වනවාද?

Avast antivirus විවෘත කරගන්නම බැහැ නේද? මට එහෙම වුනා. මේක කොහොමද නිවැරදි කරගන්නේ???? මේ ගැන අන්තර්ජංජාලයේ සොයන්න ටිකක් කරදර වුනා. ඒත් දැන් වැඩේ හරි! ඒක විසඳන හැටි මම කියලා දෙන්නම්. (හැබැයි අලුත් ලිනක්ස් kernel භාවිතා කරන අයට මෙහෙම වෙන්නේ නෑ!)
Redhat/Fedora ලිනක්ස් භාවිතා කරන අය මෙහෙම කරන්න
1. ඔබේ terminal එක විවෘත කරගන්න මෙසේ කරන්න
Applications-> System Tools-> Terminal හෝ Applications-> Accessories-> Terminal
2. දැන් root පරිශීලකයා විධියට ඇතුල්වන්න මෙසේ කරන්න
විධානය: su - (Enter යතුර ඔබන්න ඉන්පසු rootගේ password එක දෙන්න)
3. මෙම විධානය දෙන්න:
gedit /etc/rc.local (Enter යතුර ඔබන්න)
4. දැන් gedit text editor එක විවෘතනවේ.
5. දැන් එම ගොනුවේ අගට පහත සඳහන් පේළිය එකතු කරන්න (වරද්දගන්න එපා!)
echo 128000000 >/proc/sys/kernel/shmmax
6. දැන් එම ගොනුව save කර close කරන්න.
7. ඔබේ පරිගණකය දැන් restart කරන්න.
දැන් ඔබට පහසුවෙන්ම Avast antivirus විවෘත කරගන්න පුළුවන්.
Ubuntu/LankaNet.Org/Debian භාවිතා කරන අය මෙහෙම කරන්න
1. ඔබේ terminal එක විවෘත කරගන්න මෙසේ කරන්න
Applications-> Accessories-> Terminal
2. මෙම විධානය දෙන්න:(වරද්දගන්න එපා!)
sudo gedit /etc/init.d/rcS (Enter යතුර ඔබන්න ඉන්පසු ඔබේ password එක දෙන්න)
3. දැන් එම ගොනුවේ පහත සඳහන් පේළිය සොයාගන්න
exec /etc/init.d/rc S (exec මුලට තියෙන පේළිය සොයාගන්න)
4. දැන් එම පේළියට වහාම ඉහලින් පහත සඳහන් පේළිය එකතු කරන්න (වරද්දගන්න එපා!)
echo 128000000 >/proc/sys/kernel/shmmax
5. දැන් එම ගොනුව save කර close කරන්න.
6. ඔබේ පරිගණකය දැන් restart කරන්න.

Tuesday, April 6, 2010
LankaNet.Org Linux v.2 ගෙදරටම නොමිලේ ගෙන්ව ගන්න!
දයාබර මිතුරු මිතුරියනි!
ඔබට ලංකානෙට් ලිනක්ස් අන්තර්ජාලය හරහා ලබාගත නොහැකිනම් පහත සඳහන් ඊමේල් ලිපිනයට ඔබේ විස්තර එවා ලංකානෙට් ලිනක්ස් පිටපතක් නොමිලේම ගෙදරට ගෙන්ව ගන්න.
අපේ රටේ අධිවේගී narrowband Internet connection පාවිච්චි කරන ඔබ සඳහාම මෙය තැපෑලෙන්ම ගෙදරට එවනවා. අදම ගෙන්ව ගන්න! Download කරගන්න බැරි අය සඳහාමයි!
lankanet@slt.lk

Wednesday, December 16, 2009
Download LankaNet.org Linux for free!
විශාල පිරිසකගේ ඉල්ලීමට අනුව ලංකානෙට්.ඕආර්ජී ලිනක්ස් 9.04 දැන් sourceforge.net එකත් සමග ලියාපදිංචි කර ඇත. අවශ්ය අයෙක් වෙතොත් පහත සඳහන් link එකෙන් download කර ගත හැක. අන් අයවත් මේ ගැන දැනුවත් කරන්න.
System requirements for installation:
Processor: Intel p3 1200MHz or higher
Memory: 384Mb
HDD: 20GB
Download size: 2.3Gb
Download Link: (Click on the image)
https://sourceforge.net/projects/lankanetorg/files/LankaNetOrg.iso/download

Subscribe to:
Posts (Atom)