Monday, July 20, 2009

ඇයි Linux සහ open source software පාවිච්චි කරන්නේ? මේකයි...

හොරකම... (ඔන්න මාව පුළුවන්නම් බයිට් එකට ගන්න)

වින්ඩෝස් කොපියක් දාගෙන එහෙන් මෙහෙන් හොයාගත්ත මෘදුකාංග ටිකකුත් දාගත්තාම ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද කියලා ඔබ මගෙන් අසාවි. ඒත් පොඩ්ඩක් හිතලා බලන්න, ඔබ කරන්නේ හොරකමක් නේද? හොරකමක් කොහොමද සිම්පල් වෙන්නේ? අල්පෙනෙත්තක් හොරකම් කලත් බැංකුවක් කැඩුවත් හොරකම හොරකමමයි නේද?


අනාරක්ෂිත බව... (ඔහොම්මම පිටිපස්ස හැරිලා බලන්න කවුද ඉන්නේ කියලා)

අපිට නිදහසේ අන්තර්ජාලයේ සැරිසරන්න ලේසි නෑ. email එකක් open කරන්නත් බෑ. LTTE කොටින්ට හපන් මේ අන්තර්ජාලයේ ඉන්න ත්‍රස්තයෝ. පොඩ්ඩ එහා මෙහා වුනොත් ඉවරයි. පරිගණකය format කරලා තමයි ගොඩ දා ගන්න වෙන්නේ, නැත්නම් වැඩ කරන්න විදියක් නෑ. මේකෙ ඇතුලෙ මොකා රිංගන් ඉන්නවද කවුද දන්නේ? virus, spyware, malware, ransomeware, adware තව key loggers හපොයි!! මේවයින් බේරෙන්න කොච්චර Anti-virus සහ තවත් දේවල් දාගත්තත් ලේසි නෑ. කරදරේ ඉවර වෙන්නේ නෑ. පුද්ගලිකත්වයට ඉතිං දෙයියන්ගේම පිහිටයි! (අපෝ! Anti-virus එකයි අර protection software එකයි මේකයි දා ගත්තාම මැෂිම අම්බානකට slow වුනා නේද??)


ගැලවිල්ල.... (මෙතනදී මාව පට්ට ගහන්න)

අත මිට සරුද? එහෙනම් ඇයි මෘදුකාංග හොරකම් කළේ? ජොලියට? වියදම් කරන්න ලෝබකමටද? ලැජ්ජ නැද්ද?? ගන්නකො නියම විදියට රුපියල් ලක්ෂයක් දෙකක් වියදම් කරලා ඔය අවශ්‍ය කරන මෘදුකාංග ටික! කාටද ආඩම්බර!! ඒත් බැරිද? එහෙනම් open source software පාවිච්චි කරන්න. බෑ කියලා නිකං ඉන්න එපා ටිකක් මහන්සි වුනොත් වැඩේ කරන්න පුළුවන්! මාත් පාවිච්චි කරනවා. මට අවශ්‍ය දේවල් ඔක්කොම මේවයින් තමයි කර ගන්නේ.
Anti-virus දැම්මෙ නැද්ද? OS එක Gnu/Linux නේද? එහෙනම් ප්‍රශ්ණයක් වෙන්නේ නෑ. ඇයි? Virus වලින් Linux පරිගණකයට හානි වෙන්නේ නෑ. කරන්නත් බෑ. හේතුව, Gnu/Linux ඇතුලට ඔය virus වලට රිංගලා සෙල්ලම් දාන්න තියෙන ඉඩ අහුරලා තියෙන්නේ! බය වෙන්න එපා හොඳේ!

බැරිවෙලාවත් කවුරු හරි Linux වලට virus එකක් ලිවුවොත්?

බය වෙන්න එපා! ඔය වයිරස් ලියන එක්කෙනා ඉස්සෙල්ලාම ලිනක්ස් එකේ තියෙන මොකක් හරි දුර්වල කමක් හොයා ගන්න ඕනෙ. (කළුනික හොයන එක මේකට වැඩිය ලේසියි) ඊට පස්සේ ඒකට වයිරස් එකක් ලියන්නත් ඕනේ. ඒ වැඩේ කියන තරම් ලේසි නෑ. Virus එකක් හැදුවයි කියමුකො, ඒත් ඒ පුද්ගලයා වයිරස් එක යවනකොට Linux එකේ තියෙන ඒ දුර්වලකම ඉවත් කරලත් ගොඩක් කල් ගතවෙලා! සමහරවිට මාස ගාණක් නැත්නම් අවුරුද්දක් විතර! ඉතිං ඒ වයිරස් එකෙන් කිසිම පලක් වෙන්නේ නෑ. අමතක කරන්න එපා, ලිනක්ස් නොමිලේ ලැබෙනවා වගේම නොමිලේ update කරගන්නත් පුළුවන්!

ඉතිං තව මොනවද බලන් ඉන්නේ? හොඳට හිතලා බලන්න! ඊට පස්සේ තීරණයකට එන්න.

Friday, July 3, 2009

Fedora 11 request form is now open!

ඉක්මනට ඉල්ලන්න. පරක්කු වෙන්න එපා! හැබැයි ඔබට ෆෙඩෝරා download කරගැනීමට පහසුකම ඇත්නම් මේක ඉල්ලන්න එපා. කෙලින්ම download කරගන්න. මේකත් පොඩ්ඩක් හිතන්න:

1. අපි මේවා දෙන්නේ ලස්සන stickers එක්ක නෙමෙයි,
2. අතේ තියෙන මුදල් ප්‍රමාණයට සැපයීමට හැකි ප්‍රමාණය විතරයි තැපැල් කරන්නේ
3. පාවිච්චි කරන්නේ නැත්නම් fashion එකට වගේ ඉල්ලන්න එපා
4. මේක අපි ස්වේච්චාවෙන් කරන සේවයක්
5. ඔබේ අදහස් උදහස් අපිට/මට කියන්න

මෙතනින් ඉල්ලන්න!

https://fedoraproject.org/freemedia/FreeMedia-form.html


fedora දා ගත්තාම Easylife ස්ථාපනය කරගන්න අමතක කරන්න එපා...

මෙය Skype,Google apps, DVD tools, Livna Repository, Adobe Reader, අතිරේක Fonts සහ තවත් ගොඩක් දේවල් ලේසියෙන්ම ස්ථාපනය කරනවා.

විස්තර..
http://tharaka-lankanet.blogspot.com/2008/12/easylife-fedora.html

http://easylifeproject.org/