Thursday, August 10, 2017

Kaspersky Free Antivirus කැස්පර්ස්කිගෙන් නව පෙරළියක්

ලොව අංක එකේ ප්‍රතිවෛරස මෘදුකාංගය නිපදවන කැස්පර්ස්කි සමාගම විසින් ප්‍රතිවෛරස මෘදුකාංග ලෝකයේ පෙරළියක් ඇති කරමින් Kaspersky Free Antivirus නිකුත් කර ඇත. පසුගිය ජූලි 25 වෙනිදාට යෙදුනු 20 වන සංවත්සරයට සමගාමීව මෙය තෝරාගත් රටවල් කිහිපයක් සදහා නොමිලේ නිකුත් කර ඇත. මෙයට ලංකාවද ඇතුලත්ව ඇත.

මෙම මෘදුකාංගය විසින් අපට නිතර අත්‍යාවශ්‍යම වන ආරක්ෂණ පහසුකම් සපයා ඇති අතර ඔවුන්ගේ Kaspersky Internet Security මගින් ලබාදෙන පහසුකම් කිහිපයක් ඉවත් කර ඇත. නමුත් මෙය නොමිලේ ලබා දෙන ඉතා හොද ප්‍රතිවෛරස මෘදුකාංගයක් බව අවිවාදයෙන පිළිගත හැකිය.

මෙහි ඇති පහසුකම්:

1. වෛරස් ආරක්ෂණය
2. Email scanner
3. Spyware Protection
4. Phishing Protection
5. Web Protection
6. Malware Protection
7. IM Protection

මෙහි නැති දේ:

1. Firewall
2. Anti spam
3. Application control
4. Private browsing
5. Network Attack Blocker
6. Anti-Banner
7. Safe Money


මෙය බාගත කරගැනීමට මෙතන ක්ලික් කරන්න.





Thursday, February 23, 2017

Kaspersky වෙතින් නව මෙහෙයුම් පද්ධතියක් KOS

ප්‍රතිවෛරස ලෝකවේ දැවැන්තයෙකු වන කැස්පර්ස්කි අලුත් වැඩකට අතගහලා. ඔවුන් මෙවර Network devices, IOT උපකරණ සහ embeded OS එකක් අවශ්‍යවන ඕනෑම උපකරණයක් සඳහා වඩාත් ආරක්ෂාකාරී මෙහෙයුම් පද්ධතියක් නිකුත් කර ඇත. මෙහිදී ඔවුන්ගේ මූලික පරමාර්ථය වී ඇත්තේ එම operating system එක ඇතුලේ යම් කාර්යයක් සිදුවන විට අතිශයින්ම එම කාර්යය සඳහාම පමණක් ක්‍රියාත්මක වීමට ඉඩ ලබා දීමයි. වෙන ඒවාට සෙල්ලම් දැමීමට ඉඩ නැහැ. ඇත්තෙන්ම whitelist එකක ඇති process වලට විතරයි ක්‍රියාත්මක වීමට අවසර තියෙන්නේ. ඔවුන් මෙම OS එක නිපදවීමට අවුරුදු 14ක් ගත කළ බව සඳහන් වනවා.
ප්‍රධානම කාරණාව, මෙය කිසිසේත්ම ලිනක්ස් මත පදනම්ව නිපදවා නොමැති වීමයි. මෙහි ලිනක්ස්හි එක කේතයක්වත් ඇතුලත්ව නැහැ. දැනට ඇති මෙහෙයුම් පද්ධති සියල්ලම වාගේ පොදු කාර්යයන් කිරීම සඳහා සැකසී ඇති නිසා ඔවුන්ට අමුතුවෙන්ම මේක හදන්න වුනා යැයි කියනවා. ආරක්ෂාව උපරිමයෙන් සැළසීම සඳහා microkernel level එකෙන්ම සෑම ක්‍රියාවක්ම අවහිර කර ඇති අතර, මෙම මෙහෙයුම් පද්ධතිය එයට උපදෙස් දී ඇති කාර්යයන් පමණක් සිදු කරයි. මෙම OS එක සෑම ආකාරයකින්ම සැබෑ ලෝකයේ තත්ව පරීක්ෂණයන්ට ලක්කර ඇති බව ඔවුන් සඳහන් කරයි. එමෙන්ම, මෙය ඕනෑම ආකාරයකට තමන්ට ඇවැසි පරදි සකස් කරන්නත් පුලුවන්. ඕනෑම code එකක් මේකට port කරන්නත් පුලුවන්.  ඔවුන්ගේම ආරක්ෂිත hypervisor එකක් ඇතුලත් නිසා ඕනෑම OS එකක් guest OS එකක් විධියට මේකේ දුවවන්න පුලුවන්. අවුරුදු 14ක වැඩක් වරදින්න විධියකුත් නෑ.

මෙන්න ඔවුන්ගේ වෙබ් එක: https://os.kaspersky.com/

Friday, January 13, 2017

How to fix “TeamViewer not ready. Please check your connection" in Fedora 25

It's easy to fix this and you should switch to xorg from wayland. Follow these steps. I'm using Teamviewer ver. 12.0.71510.

1. Open the terminal and type the following command to edit /etc/gdm/custom.conf file:

sudo vi /etc/gdm/custom.conf

2. Give your password and press Enter key.

3. Press "Insert" or "Ins" key to enter insert mode in vi editor.

4. Add below line after "#WaylandEnable=false" line.

 DefaultSession=gnome-xorg.desktop

See below for my custom.conf file:
# GDM configuration storage

[daemon]
# Uncoment the line below to force the login screen to use Xorg
#WaylandEnable=false
DefaultSession=gnome-xorg.desktop

[security]

[xdmcp]

[chooser]

[debug]
# Uncomment the line below to turn on debugging
#Enable=true
5. Press Esc key to exit edit/Insert mode.
6. Type :wq and press Enter key.
7. Restart your PC or log out.
8. At the login screen click your username.
9. Click the cogwheel ⚙ button near the Sign in button and select "Gnome on Xorg". Please see the screenshot.

 10. Type your password and sign in.

Now your teamviewer should be able to connect. Please see the screenshot

Tuesday, November 1, 2016

How to install Sinhala unicode in Ubuntu 16.04 or 16.10

සහෝදර සහෝදරියනි! මේක හිතන තරම් අමාරු නෑ. පේළි දෙකයි වැඩේ ගොඩ.

1. Open Terminal
To open the terminal, Click on Dash icon on top of launcher or Press Windows logo key in your keyboard and type “terminal” and click on “terminal icon”.

2. Type the following command and press Enter key

sudo apt-get update

It will ask for your password. Type your password and press Enter. (you cannot see anything you type there)

3. Use mouse to copy and paste below command to your terminal. Or type it correctly.


sudo apt-get install ibus-m17n language-pack-si


Now press Enter key to begin the installation. Type “Y” and Enter to continue. You must have a working Internet connection to do so.

4. Restart the computer after the installation.


Step 2. Configuration  


5. Click “En” icon on top right of the panel (Near the time display and Network Icon)
6. Select “Text Entry settings”
7. Click the + mark on the bottom left of the window
8. Type sin to view all the Sinhala input methods
9. Select “Sinhala;Sinhalese (Wijesekara(m17n))(IBus)”
10. Click “Add”
11. Close the Text Entry window

දැන් යතුරු ලියනය පටන් ගන්න.
භාෂා අතර මාරු වීමට Windows Logo key එක සහ Space key එක ඔබන්න.

Wednesday, December 23, 2015

නදී ගංගා තරණයේ Nadee Ganga Tharanaye Chords

අතිශයින්ම මගේ බ්ලොග් එකේ මාතෘකාවට පිට එකක් ඕං එහෙනම් දැම්මා. මේ දවස්වල වැඩ වැඩියි. ඒත් හිත සැහැල්ලු වෙන්න එක්ක මේ සිංදුවේ කෝර්ඩ්ස් ටික කනෙන් අහලා දැම්මා. අන්තර්ජාලයේ හැම තැනම මේ සිංදුවේ කෝර්ඩ්ස් දාලා තිබ්බත් ඒවා සියල්ල නිරවද්‍යතාවයෙන් අඩුව තියෙන බව පේනවා. ඉතිං මට හිතුනා හැමෝගෙම සිත සුව පිණිස මංවත් අහලා මේක හැකි උපරිමයෙන් දාලා දෙන්න ඕන කියලා. ඕං එහෙනම්....

Note: ඔය වරහන් ඇතුලේ (G) සහ (D) තියෙන්නේ වරහනට පස්සේ දාලා තියෙන කෝර්ඩ් එකේ මුල් නෝට් එක විධියට යෙදිය යුතු එක බව සළකන්න. උදා: (D)Gm ලෙස සදහන් කෝර්ඩ් එකේ notes තුනේ අනු පිළිවෙල වන්නේ D-G-Bb


නදී ගංගා තරණයේ - චිත්‍රාල් සෝමපාල

Intro:
Eb | (G)EbMaj7 | Ab | G | Cm | F | Ab | Eb | Bbsus | Bb | Ebsus | Eb9-Eb |

Eb           (G)EbMaj7  Ab
නදී ගංගා තරණයේ
          G                      Cm    F
සැරිසරා සැඩ මාරුතේ
                          BbSus  Bb
ඉන්ද්‍රඛීලයක් සේ…
Eb                         (G)EbMaj7   Ab
නොසැලී මා යන මාවතේ
         G            Ab Bb
සිංහ ලෝකයේ
                        Eb Bb
සිංහ ලෝකයේ

Eb                 (G)EbMaj7   Ab
සුළං රැල්ලේ දැවටිලා
         G            Ab   Bb
මන්ද මාරුතයේ
                           Eb Bb Ab9
සොයා යන්නෙමි..
                              Eb9 - - Ab9
ගලා එන මන්දාකිණී
                                  Eb9 - - Ab9
හඹා යමි හමුවෙන තුරා
             Eb     (D)Gm    Cm Bb Ab
ජීවිතේ උතුම් පැතුමන් හා
                        Bb
නිරතුරුව අභිමානයෙන්

Eb                    (G)EbMaj7  Ab
මංමුළා නොවේ කිසිදා
          G            Ab Bb
ජවය මා සතු වේ
                      EbSus Bb
දිරිය ගන්නෙමි


Eb                (G)EbMaj7  Ab
ගලා යන දහසක් නදී
         G                     Ab  Bb
බලා සිටී මා එන තුරා
                      EbSus          Bb
නිරතුරුව අභිමානයෙන්

Chorus x 2

Eb           (G)EbMaj7  Ab
නදී ගංගා තරණයේ
          G                      Ab    Bb
සැරිසරා සැඩ මාරුතේ
                          Eb  Bb
ඉන්ද්‍රඛීලයක් සේ…
Eb                         (G)EbMaj7   Ab
නොසැලී මා යන මාවතේ
         G            Ab Bb
සිංහ ලෝකයේ
                        Eb Bb
සිංහ ලෝකයේ




Tuesday, May 12, 2015

Powershell භාවිත කර Linux මෙහෙයවීම දැන් පුළුවන්!


ඔන්න සුභ ආරංචියක්! මයික්‍රොසොෆ්ට් විසින් ලිනක්ස් සදහා Powershell නිකුත් කර ඇත. දැන් වින්ඩෝස් ඇඩ්මින් මල්ලිලාටත් ගෙදර වගේ ලිනක්ස් සර්වර් එකක් පාලනය කරන්න පුලුවන්. මේකට එකපාරටම powershell කියන්නේ නෑ. අලුත් එකේ නම PowerShell DSC (desired state configuration) for Linux යන්නයි.

මේක ඕනෑම ලිනක්ස් පද්ධතියක් එක්ක භාවිත කරන්න හැකියි. දැන් ඉතිං කට්ටිය හෝ ගාලා සෙල්ලං දාන්න පටන් ගනියි. මයික්‍රොසෙෆ්ට්ලා මේ දවස්වල ඔය වගේ අරුම පුදුම වැඩ කරනවා. වෙසක් මාසෙනේ. :-D

ඔය ලිනක්ස් හොඳයි ඒත් වින්ඩෝස් තරම් user friendly නෑ කියන වින්ඩෝස් පප්පලට දැන් පහත ලැයිස්තුවේ තියෙන powershell ආතල් ටික ලිනක්ස් ඇතුලෙත් ගන්න පුලුවන්.

nxArchive
nxEnvironment
nxFile
nxFileLine
nxGroup
nxPackage
nxScript
nxService
nxSshAuthorizedKeys
nxUser
ඒවගේම මේක එක්ක තව තව ආතල් ඉදිරියේදී දෙනව කියලත් GIT එකඅස්සේ කියලා තියෙනවා. මේක බාගන්න ඕන අය මෙහෙට යන්න. 
 

Tuesday, November 18, 2014

How to install Sinhala unicode in Ubuntu 14.04 or 14.10


සිංහල යුනිකෝඩ් සහය උබුන්ටු මත ස්ථාපනය නිවැරදිව කර ගැනීමට පහත උපදෙස් පිළිපදින්න.  කැමතිනම් පහළින්ම ඇති වීඩියෝවත් බලන්න. (ශබ්දය ඇතුලත් කර නැත)

Step 1. Installation

1. Open Terminal
To open the terminal, Click on Dash icon on top of launcher or Press Windows logo key in your keyboard and type “terminal” and click on “terminal icon”.

2. Type the following command and press Enter key

sudo apt-get update

It will ask for your password. Type your password and press Enter. (you cannot see anything you type there)

3. Use mouse to copy and paste below command to your terminal. Or type it correctly.


sudo apt-get install ibus-m17n m17n-db m17n-contrib


Now press Enter key to begin the installation. Type “Y” and Enter to continue. You must have a working Internet connection to do so.

4. Restart the computer after the installation.

Step 2. Configuration  



5. Click “En” icon on top right of the panel (Near the time display and Network Icon)
6. Select “Text Entry settings”
7. Click the + mark on the bottom left of the window
8. Type sin to view all the Sinhala input methods
9. Select “Sinhala;Sinhalese (Wijesekera (m17n))”
10. Click “Add”
11. Close the Text Entry window

එච්චරයි. දැන් libreoffice writer හෝ කැමති එකක් භාවිත කර අකුරු යතුරු ලියනය කළ හැකිය. භාෂා අතර මාරු වීමට Windows Logo key එක සහ Space key එක ඔබන්න.එම ක්‍රමය Text Entry Settings වලට ගිහින් තමන් කැමති අකුරු එකතුවකට වෙනස් කරන්නත් පුළුවන්.







Tuesday, July 23, 2013

ලාංකීයයන් සඳහා උබුන්ටු ග්‍රන්ථය සමග සහළාන ලිනක්ස් CD නොමිලේ


ප්‍රදීප් කාවින්ද කොටුවේගෙදර විසින් රචිත ලාංකීයයන් සඳහා උබුන්ටු ග්‍රන්ථය සමග සහළාන ලිනක්ස් සංගත තැටිය නොමිලේ ලබා දෙන බව සතුටින් දැනුම් දෙමි. මෙම සංගත තැටිය පිටපත් කිරීම සඳහා පූර්ණ දායකත්වය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ලබා දී ඇත. මෙම ග්‍රන්ථය දිවයිනේ සෑම ප්‍රධාන පොත්හලකින්ම ලබා ගැනීමේ පහසුව ඇත.



ග්‍රන්ථයේ කතුවරයා ගැන....

ප්‍රදීප් කාවින්ද කොටුවේගෙදර යනු පරිගණක තාක්ෂණය පිළිබඳ පුළුල් දැනුමක් ඇති එමෙන්ම පරිගණක විෂයන් ගැන ග්‍රන්ථ ගණනාවක් රචනා කර ඇති කතුවරයෙකි. මෙය රචනා කිරීමේදී මාහටද මුල සිටම ඔහු සමග කටයුතු කිරීමට ලැබීම මා ලද භාග්‍යයක් ලෙස සිතමි. විශේෂයෙන්ම මා හදවතින්ම ආදරය කරන විවෘත මූලාශ්‍ර මෘදුකාංග පිළිබඳව මෙම ග්‍රන්ථයට වස්තු මූලය වී තිබීම මා පිනවූ ප්‍රධාන කරුණක් බව පිළිගනිමි. එය තවත් තීව්‍ර වන්නේ මෙම ග්‍රන්ථය සමග සහළාන ලිනක්ස් පිටපත් නොමිලේ ලබා දීමට ඔහු තීරණය කර තිබීමත් ඒ සඳහා ICTA ආයතනය මූල්‍ය දායකත්වය සැපයීමට ඉදිරිපත් වී තිබීමත්ය.
සහළාන පිටපත් අන්තර්ජාලයෙන් බාගත නොහැකි අයට නොමිලේ ලබා දීමට මා හට ශක්තියක් නොමැතිව සිටි අවස්ථාවක (මා සේවයකළ ආයතනයෙත් උදව් නැතිව මේක කරන්න බෑ. දැන් ඇති. දැන් මේක මම නවත්වනවා කියලා සිටි මොහොතක) "තාරක, අපි සහළාන ලිනක්ස් පිටපත් මගේ ග්‍රන්ථය සමග නොමිලේ ලබා දෙමු" යැයි කියා එය වචනයට පමණක් සීමා නොකර එය වෙනුවෙන් බොහෝ මහන්සි වී එය යථාර්ථයක් බවට පත් කර දීම ගැන මම ඔහුට හා ICTA ආයතනයට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි.


ග්‍රන්ථය ගැන....

මා මේ ග්‍රන්ථය රචනා වන ආකාරය මුල සිටම අත්වින්දෙමි. එය මා රස වින්දෙමි. උබුන්ටු ලිනක්ස් ගැන සෑම දෙයක්ම අඩු නැතිව සිංහලෙන් ලියවුනු එකම පොත මෙය බව මම නොබියව කියමි. ග්‍රන්ථ පරිශීලකයා පරිණත උබුන්ටු පරිශීලකයෙකු බවට මෙම ග්‍රන්ථය විසින් ආයාසයකින් තොරව පත්වනුයේ එහි රචනයේ ඇති රසවත් බවත් සරළ බවත් හා ප්‍රදීප් කාවින්ද කොටුවේගෙදරගේ දක්ෂ රචනා ශෛලියත් නිසාවෙනි. උබුන්ටු පරිශීලකයෙකු අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණු සියල්ලම ඉතා පුළුල්ව මෙම ග්‍රන්ථයේ විස්තර කර ඇත.
මෙතෙක් බාධකයක්ව පැවති ලිනක්ස් ගැන ඇති ගැටළු නිරාකරණය කරන ආකාරයන් දැන ගැනීමේ මගක් නොමැති වීම යන කාරණාව මෙම කෘතිය විසින් ඉතිහාසයේ කුණු කූඩයට දමා ඇත. එමෙන්ම, පරිගණක විශාරදයින්ට හා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූ පුද්ගලයන්ට පමණක් සීමා වී තිබූ ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය සෑම පුද්ගලයෙකුටම වැළඳ ගැනීමට මෙමගින් හැකිවී තිබේ.
ඕනෑම අයෙකුට කිසිවෙකුගේ උපකාරයක් නොමැතිව තනිවම උබුන්ටු මෙහෙයුම් පද්ධතිය හැසිරවීමටත් මෘදුකාංග ස්ථාපනය කර, ඉන් නොනැවතී තමන්ට රිසි ආකාරයකට වෙනස්කර භාවිත කිරීමට හැකියාව හා දැනුම මෙම කෘතිය විසින් ලබා දී තිබේ. මෙම කෘතිය සමාජ සත්කාරයක් වන අතර අප රටේ මුදල් අප රට තුළම ඉතිරි කර ගැනීමටත්, අන් සතුදේ සොරකම් කිරීමේ පාපක්‍රියාවෙන් අප ගලවා ගැනීමටත් උපකාරී වේ.

පොත මිළදී ගත හැකි තැන්....

මරදාන දයාවංශ ජයකොඩි
විජිත යාපා http://www.vijithayapa.com/pdesc.php?id=28822
සරසවි
ගොඩගේ පොත් මැදුර 

Monday, January 28, 2013

සහළාන ලිනක්ස් බාගත කර ගැනීම් 1000ත් පැනලා!

සහළාන ලිනක්ස් නිකුත් කළ මුල් දින කිහිපය තුළ බාගතකර ගැනීම් ගණන කොපමණ දැයි බැලුවද කාර්ය බහුලත්වය නිසා මොනවයින් මොනවා වෙනවාද යන්න සොයා බැලීමට නොහැකි විය. නමුත් කාලෙකට පස්සේ බැලූ විට 1000ත් ඉක්මවා ඇති බව පෙනුන විට හරි සතුටක් දැනුනා. සහළාන සඳහා අගනා wallpaper කිහිපයක් ලබා දීම ගැන ඉන්ද්‍රනාත තේනුවර මහතාට බෙහෙවින් ස්තූතිවන්ත වෙමි. එමෙන්ම මෙය සහළාන යන නම එනම් මනුස්සකම යන අරුත සඳහා වන සිංහල වචනය සහිත නම ලබා දීම සඳහා උදව් කළ සැමට ස්තූති වන්ත වෙමි. 


ඔබ ගත්තේ නැත්නම් අදම බාගන්න www.sahalana.org වෙත යන්න.

Monday, November 26, 2012

සහළාන ලිනක්ස්

අවට සුපිපි සපු දුනුකේ සලළාන
හඬන තැනින් තැනැ විලිකුළු කිරළාන
පැසී නැම කරල් රත්හැල් සහළාන
වඩන මැනැවි මහ වෙල මැදැ වෙරළාන

39. කවිය සැලළිහිණි සංදේශය, ශ්‍රී රාහුල හිමි

මිත්‍රය, හාත් පසින් සුපිෂ්පිත වූ චම්පක රාජ කෙතකි. හොර වෘක්‍ෂයන් ගෙන් යුක්ත වූ වනයෙහි තන්හි තන්හී විලිකුළන් හා කිරළුන් නාද පවත්වන්නා වූ රක්‍ත ශාලී ශස්‍ය මඤ්ජරීන් පරිනතව නැමුණා වූ වෙරළාන නම් වූ මහා ක්‍ෂේත්‍ර මධ්‍යයෙහි ගමන් කරනු යහපති෴
මේ සෑ තන්හිම ‘සහළා’ යනුවෙන් යෙදී ඇත්තේ සහෘදත්වය, හිතවත්කම, මිත්‍රත්වය, සම්බන්ධතාවය ඇති අයෙක් හැඳින්වීම සඳහාය. ‘සහ’ යන්නෙන් ‘සමාන’ යන්නද ‘ළ’ යන්නේ ‘ළය - හදවත’ යන්නද අරථ ගැන්වේ. එවිට ‘සහළ’ යනු ‘සමාන හදවත් ඇති’ යන්නයි. ඒ අනුව ‘සමාන හදවත් ඇත්ති’ යන අර්ථය සඳහා ‘සහළා’ යන්න යොදා ඇත. ‘මනුස්සකම’ තිබෙන්නා සෑම විටම අනෙකා ගැන සිතයි. අනෙකාගේ හදවතට දැනෙන දේ ගැන නිතරම සිතයි. දෙදෙනාගේම හදවතට දැනෙන්නේ එකම දෙයයි. දෙදෙනාගේම හදවත් සමානයි. ‘ඔබ වෙනුවෙන් මම’ යනුවෙන් සිතයි. ‘ඔබ වෙනුවෙන් මම සහ අපි’ යනුවෙන් සිතයි. ‘උබුන්ටු’ යනු ද එයමය.
‘ආන’ යනු ගෞරවාර්ථයෙහි ආමන්ත්‍රනයකි. එබැවින් ‘සහළාන’ යනු ‘මනුස්සකම ඇත්තාට’ ගෞරවයෙන් කරන්නා වූ ආමන්ත්‍රනයකි. ‘ලංකාවේ උබුන්ටු’ හෙවත් ‘ඔබ වෙනුවෙන් අපි සිටින්නා වූ මනුස්සකම’ සංකේතවත් කිරීමට තිබෙන්නා වූ හොඳම පදය ‘සහළාන’ වන්නේය.
මේ අනුව ලක් උබුන්ටු මෙහෙයුම් පද්ධතිය ‘සහළාන ලිනක්ස්’ ලෙස නම් වේ.
සහලේ සියදෑ සිව්මංසල...........෴
එසේම සහළාන සමඟ උද්‍යේග පාඨය වනුයේ ‘සහලේ සියදෑ සිවිමංසල’ යන්නය. ‘සහලේ’ යන්නෙන් සමාන ලේ; මෙහි (දන්තද) ල කාරය යෙදේ, ‘සියදෑ’ යන්නෙන් තම දේශය යන්නත් ‘සිව්මංසල’ යන්නෙන් සතර දෙසින් එන්නා වූ හෙවත්, සියලු දෙනා යන්නත් අර්ථවත් කෙරේ.

බාගත කිරීමට www.sahalana.org   හෝ  www.lankanet.org  වෙත යන්න

සහළාන boot වන ආකාරය

Desktop තිරය

පෙරනිමියෙන් ඇති පසුබිම් රූපයක් 

Multimedia මෘදුකාංග

සිංහල අකුරු යතුරු ලියනය


විනෝද ක්‍රීඩා 

Thursday, November 22, 2012

ලාංකීය උබුන්ටු නොහොත් සහළාන නිකුත්වූ වගයි!

සහළාන පළමු නිකුතුව දැන් ඔබට නොමිලයේම බාගත කර ගැනීමට මෙම ලින්ක් එක භාවිත කරන්න. සෑම මිතුරෙකුටම මෙහි පිටපතක් දෙන්න. ලංකානෙට් ලිනක්ස් 1,2 හා3 භාවිත කළ ඔබට මෙය අලුතින් හඳුන්වා දීමට අවශ්‍ය නැතැයි මම හිතනවා. ඔබට අවශ්‍ය සෑම පහසුකමක්ම මෙහි පෙර නිමියෙන්ම ඇතුලත් කර ඇත.

සහළාන සඳහාවූ නව අඩවිය www.sahalana.org 

Friday, September 7, 2012

හඬ වෙනස් නොකර එහි වේගය අඩුකර සංගීතය හෝ කථාව අසන්න Play it slowly


ඔබ සංගීතය කරන්නේද? නැතිනම් මාධ්‍යවේදියෙක්ද? එහෙමත් නැතිනම් lectures record කර අසන සිසුවෙක්ද? මෙන්න ඔබට හරියන මෘදුකාංගය. Play it slowly කියන්නේ මේ හැමෝටම භාවිත කරන්න වටින මෘදුකාංගයක්. මෙහි ප්‍රයෝජනය සඳහන් කරන්නේ නම්, ඔබ දන්නවා යම් හඬක් සාමාන්‍ය මෘදුකාංගයක් භාවිත කර වේගය අඩු කර ඇසීමේදී එහි pitch එකත් අඩු වෙනවා. සරළව කිවහොත් ගෑණු කටහඬ පිරිමි වෙනවා. වේගය වැඩි කළහොත් pitch එක වැඩිවෙනවා. ඒ කියන්නේ  ජිප්සීස් අඟහරුලෝකේ කුරුමිට්ටන්ගේ හඬ එනවා (ඒ සින්දුව අහලා නැති බබාලා ඉන්නවානම් අර Alvin and the chipmunksලාගේ කටහඬවල්වත් අහලා ඇතිනේ?) දැන් පැහැදිළියි නේද?

මේක ලොකු කරදරයක් වන්නේ සිංදුවක් අහලා ඒකේ chords සහ introduction & interlude කොටස් හදාරන අයටයි. මොකද වේගය අඩු කළාම pitch එක වෙනස් වෙන එක ලොකු වදයක්. නමුත් මේ මෘදුකාංගය භාවිත කරලා ඉතා වේගයෙන් වාදනය කරන ගිටාර්, ඕගන් නැත්නම් ඩ්‍රම්ස් වාදනයක් note එකෙන් note එකට හරියටම අහලා අල්ලගන්න පුළුවන්. ඊට පස්සේ වැඩකාරයා වගේ තමන්ට ඒක play කරන්න පුළුවන්. (මොනවා වුනත් හොඳ කනක් තියෙන්නත් සංගීතය කියන එක ඇ ෙඟ් තියෙන්නත් ඕන)

අනිත් කට්ටිය තමයි සරබර සරබර ගාලා අධි වේගෙන් lectures දෙන අයගාවට ඉගෙන ගන්න යන අය සහ එක එක ගොරකයින්ගේ interview ගන්න ජනමාධ්‍යවේදීන්. ඒ අය ඔය දේවල් record කරනවා දෙතුන්පාර අහලා හරි සරබර ගාලා ලිස්සලා ගිය වචන ටික අහුල ගන්න. නැත්නම් අම්මා අප්පා උගන්නන්න වියදම් කරපු සල්ලි අපරාදෙනේ. එහෙම වෙලාවට  මේ වගේ මෘදුකාංගයක් භාවිත කරලා pitch එක වෙනස් නොකර ඇහුවාම කියන වචන එකින් එක පැහැදිළිව අහන්න පුළුවන්. Interview එක දුන්න කෙනාට, ප්‍රොෆාට හෝ ප්‍රොෆීට බණින්න අවශ්‍ය වන්නේ නෑ. බෲස් ලීගේ චිත්‍රපටියක් slow motion බැලුවා වගේ වෙනදේ හොඳට දැනගන්න පුළුවන්.


මේකට මම පුංචි උදාහරණයක් දෙන්නම්, පහත සංගීත ඛන්ඩය සාමාන්‍ය වේගයෙන් තියෙන එකක්.


පහතින් තියෙන්නේ එම ඛන්ඩයම වේගය අඩු කර pitch එක ස්ථාවරව තියාගෙන play it slowly මෘදුකාංගයෙන් ඇසෙන එකක්.



මෙහි ප්‍රධාන පහසුකම්:
1. pitch එක වෙනස් නොකර වේගය වෙනස්කර ඇසීම
2. වේගය වෙනස් නොකර pitch එක වෙනස් කර ඇසීම
3. අවශ්‍ය කොටස පමණක් තෝරාගෙන අඛන්ඩව ඇසීමට ඇති හැකියාව (section repeat)
4. වෙනස්කරගත් ආකාරයට එය save කළ හැකිවීම (මෙහිදී Wav ආකාරයට save කරයි. මේකට කාලය ටිකක් ගතවනු ඇත)
5. mp3, ogg, flv, midi යන formats සඳහා සහය දැක්වීම

විවෘත මූලාශ්‍ර මෘදුකාංගයක් වන මෙය උබුන්ටු Software center එකෙන් ලේසියෙන්ම ස්ථාපනය කරගන්න පුළුවන්. නැතිනම් මේක මෙතනින් බාගෙන භාවිත කරන්න පුළුවන්. ( http://29a.ch/playitslowly) හැබැයි වින්ඩෝස් වලටනම් මේක නෑ. ඒ  අයට Amazing Slow Downer භාවිත කරන්න පුළුවන්. (ඒක ගෙවලා ගන්න ඕන එකක්)



Friday, June 15, 2012

ලිනක්ස් සඳහා නවතම skype 4 සංස්කරණය මයික්‍රොසොෆ්ට් වෙතින්!

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් skype මිලදී ගත් විට ලිනක්ස් සඳහා ඇති skype සංස්කරණය මෙලොවින් තුරන්වී යනු ඇතැයි බොහෝ දෙනෙකු සිතුවද, අද දින මයික්‍රොසොෆ්ට් සමාගම විසින් මෙහි නවතම ප්‍රධාන සංස්කරණයක් ලිනක්ස් සඳහා නිකුත් කර ඇති බව අපට දක්නට ලැබේ. මෙහි 32bit හා 64bit සංස්කරණයන් ලබාදී ඇති අතර උබුන්ටු, ෆෙඩෝරා, ඩෙබියන් හා opensuse සඳහා ස්ථාපන ගොනු ලබාදී ඇත. මෙහි උබුන්ටු 10.04 සඳහා පමණක් ස්ථාපනය ගොනු ඇති බව දැක්වුනද එය, උබුන්ටුහි නව සංස්කරණ සඳහාද භාවිත කළ හැකිය.

මෙහි නවතම වෙනස් කම් හැටියට,
1. නවතම Emoticons හඳුන්වාදී තිබීම
2. එකම වින්ඩෝවක තමන්ගේ සියලුම chat බලාගත හැකිවීම
3. Audio හා Video ගුණාත්මක භාවය වැඩිකර තිබීම
4. නවතම වෙබ්කැම් සඳහා සහය දැක්වීම
5. ලිනක්ස් තුළදී crash වීම හෝ freeze වීම සඳහා ඇති සම්භාවිතාවය අවමකර තිබීම දැක්විය හැකිය.


මිලියන ගණනක පාරිභෝගිකයින් සංඛ්‍යාවක් ඇති skype මෘදුකාංගය ලිනක්ස් සඳහාද නිකුත් කර තිබීම ඩෙස්ක්ටොප් පරිගණක තුළද ලිනක්ස් භාවිත කිරීම දැන් දැන් බහුලව සිදුවන බවට මයික්‍රොසොෆ්ට් සමාගමද පිළිගෙන ඇති බවට ඔප්පුකළ හැකි ප්‍රධාන සාක්‍ෂියකි.

Friday, January 27, 2012

Gnome 3 එපා වුන අයට Cinnamon අතුරු මුහුණත

බොහෝ දෙනෙකුට එපා වුන නැතිනම් බොහෝ අය අකමැති ලිනක්ස් අතුරු මුහුණතක් වන Gnome 3 Cinnamon නමින් Mint ලිනක්ස් කණ්ඩායම විසින් වෙනස් කර නිපදවා ඇත. එහි අතුරු මුහුණත අප කලින් භාවිත කළ Gnome 2 අතුරු මුහුණතට සමාන පෙනුමක් දක්වයි. මෙය Mint ලිනකස් සඳහා පමණක් යැයි බොහෝ අය වැරදියට සිතුවද Ubuntu 11.10, Fedora 16, OpenSUSE 12.1, Arch Linux, හා Gentoo යන ලිනක්ස් වර්ග සඳහාද පහසුවෙන් ලබාගත හැකිවන ආකාරයට සකස් කර ඇත.

එහි මූලික ආකාරයන් (පෙනුම) වර්ග 3ක් ඇති අතර තමන්ට කැමති ආකාරයට වෙනස් කර ගැනීමේ පහසුකම් හා නොයෙකුත් themes හා Effects භාවිත කිරීමේ හැකියාවෙන් පරිපූර්ණය.

පහත එහි මූලික ආකාරයන්ගේ රූප දැකිය හැකිය.

එය බාගත කර ගැනීම හා ස්ථාපනය කර ගැනීම සඳහා උපදෙස් මෙම අඩවියේ ඇත.
 ඉහත රූපයෙන් දැක්වෙනුයේ එහි සාම්ප්‍රදායික පෙනුමයි.

ඉහත රූපයෙන් දැක්වෙනුයේ එහි "classic" පෙනුමයි.

ඉහත රූපයෙන් දැක්වෙනුයේ එහි "flipped" පෙනුමයි. 

එහි පෙනුම ඔබට කැමති ආකාරයට ඉහත රූපයේ දැක්වෙන පරිදි සකස් කළ හැකිය.

Wednesday, November 9, 2011

Fedora 16 නිකුත් විය...

ඊයේ දිනයේදී Fedora හි නවතම සංස්කරණය වන fedora 16 නොහොත් "Verne" නිකුත් කළ අතර එහි නොයෙකුත් කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක් දක්නට ඇත.

ඉන් ප්‍රධාන වශයෙන්
1. එහි ආරම්භ කිරීමේ වේගය (boot) පෙර සංස්කරණයන්ට වඩා වැඩි වීම,
2. නව presentation මෘදුකාංගයක් වන Ease හඳුන්වා දී තිබීමත්,
3. User ID අංක 1000 සිට ආරම්භවීම (කළින් 500න් ආරම්භ විය)
4. Grub 2 භාවිත කිරීම
5. Linux Kernel 3.1 සිට භාවිත කිරීම
6. ඔබ සතු Google, Facebook වැනි online accounts පහසුවෙන් කලමණාකරනය කිරීම සඳහා System Settings තුළ "Online Accounts" නම් කොටසක් ඇතුලත් කර තිබීම හා තවත් බොහෝ දේ දැක්විය හැකිය.

මෙය ස්ථාපනය සඳහා පහත පහසුකම් ඔබේ පරිගණකය සතු විය යුතු අතර ඔබේ පරිගණකය පහත දැක්වෙන පහසුකම්වලට වඩා අඩු එකක් නම් විකල්ප කිහිපයක් භාවිත කළ හැකිය. එනම් මතක ධාරිතාවය මෙගා බයිට 670ට වඩා අඩු වුවද (512 වගේ නම්) ස්ථාපනය කිරීමට වැඩි කාලයක් ගත වුවද භාවිත කිරීමේදී අඩු වේගයක් නොදක්වනු ඇත. නමුත් ප්‍රෙසෙසර වේගය හා මතක ධාරිතාවය අඩුනම් Fedora 16 හි LXDE අතුරු මුහුණත ඇති සංස්කරණය ස්ථාපනය කල හැකි අතර එය වඩාත් වේගවත් හා භාවිතයට පහසු සංස්කරණයකි. එය බාගත කර ගැනීමට පහත ලින්ක් එකක් දක්වා ඇත.  

පරිගණකයේ තිබියයුතු අවම පහසුකම්
1. අවම මතක ධාරිතාවය 670MB
2. අවම Hard Disc ධාරිතාවය 9-10 Gb
3. අවම ප්‍රොසෙසෙර වේගය 1.6 Ghz (ප්‍රායෝගිකව pentium 4 වත් අවශ්‍යවේ)  

Gnome අතුරු මුහුණත සහිත සංස්කරණය


KDE අතුරු මුහුණත සහිත සංස්කරණය


LXDE අතුරු මුහුණත සහිත සංස්කරණය


මෙම සංස්කරණයන් බාගත කර ගැනීමට පහත ඇති ලින්ක් භාවිත කරන්න
සාමාන්‍ය 32bit පරිගණක සඳහා Gnome සංස්කරණය සහ 64bit පරිගණක සඳහා
අඩු ධාරිතාවයකින් යුත් පරිගණක සඳහා LXDE සංස්කරණය
KDE අතුරු මුහුණත සහිත සංස්කරණය 32bit පරිගණක සඳහා සහ 64bit පරිගණක සඳහා

Thursday, October 6, 2011

ස්ටීව් ජොබ්ස්.... ඔබට නිවන් සුව ලැබේවා!

දක්‍ෂ නිර්මාණ සොයාගන්නෙකු ලෙසට අප කවුරුත් දන්නා ස්ටීව් දැන් මෙලොව හැර ගොස්. ඔහු ඇපල් සමාගමේ පෙරළිකාර නිමැවුම් වන iMac, iPad, iPhone නිර්මාතෘ බව අපි හැමෝමෙ දන්න දෙයක්. ඉතිං නැවතත් ඔහුගේ ඒවගේ පෙරළිකාර නිමැවුම් අපිට දකින්න ලැබෙන්නේ නෑ. ඔහුගේ නිර්මාණ අතර Pixar සමාගමේ සජීවී කරන ලද ළමා චිත්‍රපට විශේෂයි. (Cars, Toy Story, finding nemo වැනි). බොහෝ දෙනෙක් එය නොදන්න දෙයක්. හැමෝම දන්නේ ඔහුගේ පරිගණක සම්බන්ධ නිර්මාණ විතරයි. ඉතිං ඔබට නිවන් සුව! (ඔහු බෞද්ධයෙක්. ඒ නිසා නිවන් සුව ලැබේවා කියා පැතිය හැකිය.)

Wednesday, June 22, 2011

ලබන වසරේ 12වන දා ඒක ගන්න පුළුවන්?

අමුතු ප්‍රවෘත්තියක්.
1. කාරණාව: ඩොමේන් නාම ලබා දීම පිලිබඳව -ලබන වසරේ 12වන දා සිට ඩොට් කොම් වෙනුවට කැමති නමක් ලබාගත හැකිය!
2. කවුද කියන්නේ: සිරස මාධ්‍ය ජාලයේ ඊතලය.කොම් අඩවිය
3. මට අවශ්‍ය දේ: නිවැරදි මාසය සහ දිනය


මෙන්න අදාල ලින්ක් එක: http://www.ethalaya.com/index.php?option=com_content&view=article&id=11164:2011-06-20-11-57-56&catid=3:news-right
මෙන්න screen shot එක


HAVE FUN!

Wednesday, June 1, 2011

Libre office හා openoffice යන දෙකෙහි අනාගතේ කා අතේද?

Oracle විසින් sun සමාගම මිලදීගත් පසු හැමෝටම තිබුන ලොකු ගැටළුවක් වුනේ openoffice.org එකට මොකද වෙන්නේ කියලයි. එය සඳහා දායකවූ කණ්ඩායම Oracle වෙතින් ඉවත්වූ පසු Libreoffice ලෙසට නම වෙනස් වූ බව හැමෝම දන්නවා. නොයෙක් මත බිහි වුනද දැන් ලැබුන විශ්වාසවන්ත අලුත්ම ආරංචිය වන්නේ හෙට හෝ අනිද්දා වෙන විට Apache විසින් Oracle වෙතින් openoffice.org අරගෙන ඒ වෙත අනුග්‍රහය දක්වන බවයි. ඒ කියන්නේ මේක කරට අරගෙන මෙහි වැඩි දියුණුව හා සුභ අනාගතය වෙනුවෙන් කටයුතු කරන බවයි!

Oracle සමාගම තමන්ගේ අතේ තියාගෙන ඉන්න Openoffice.org එකේ නම Libreoffice කණ්ඩායමට නොදී වෙන ආයතනයකට දෙන එකත් ලාවට අමුතුයි. ඒත් දැන් මේවා තීරණය වෙලා ඉවරයි.

Openoffice.org දිගටම යනවා. Libreoffice වෙනම යනවා. දෙකෙන් කෝකද ඕන?

Thursday, May 12, 2011

සිංහල යුනිකෝඩ් අකුරු ඇත්තටම නැද්ද?

මම හිතන්නේ සිංහල යුනිකෝඩ් අකුරු දැනට ඇත්තේ අතේ ඇඟිලි ගාණටයි කියලා නොදන්න කෙනෙක් නෑ. එක්කෝ තව අකුරු තියෙනවා කියලා මම නොදන්නවා ඇති. ඒත් මේවා කොහෙන් කියලා හොයා ගන්නද? දන්න කෙනෙක් ඉන්නවනම් මට සිංහල යුනිකේත අකුරු හොයලා දෙන්න බැරිද? සිංහල යුනිකේත අකුරු හදන හැටි ICTA එකෙන් ඉගැන්නුවා නේද? ඒකට 100ක් විතර පිරිසකුත් ආවාලු නේද? කෝ ඒ පොරවල් හදපු අකුරු?? මගේ නොදැනුවත් කමද? නැත්නම් ඒගොල්ලෝ අකුරු හදලා නැත්ද? නැත්නම් ඒවා හදලා දෙන්නේ නැතුව ඉන්නවාවත්ද? ඒගොල්ලෝ මොනවද කළේ?

අනේ මන්දා මේවා කාගෙන් අහන්නද කියලා. දන්න දන්න ලොකු පොරවල්ගෙනුත් නෝ ආන්ස්වර්!

මෙච්චරයි මම කියන්නේ, අනේ.... තියෙනවනම් සිංහල යුනිකෝඩ් අකුරු බාගන්න තැනක් මට කියන්න. නැත්නම් මට ගන්න විධිය කියලා දෙන්න. අනේ ලොකු උදව්වක්...

Monday, April 25, 2011

Java එපා! Ceylon දෙන්න!!

ඒ කියන්නේ Java කෝපිද? Ceylon තේද? නැහැ! මේ කියන්නේ නවතම පරිගණක ක්‍රමලේඛන ක්‍රමයක් වන Ceylon ගැනයි...  

RedHat සමාගම ඔන්න තවත් අලුත් වැඩකට අත ගහලා. ජාවා පරිගණක ක්‍රමලේඛන ක්‍රමය (Programming Language) වෙනුවට භාවිතා කිරීම සඳහා Ceylon නමින් නව පරිගණක ක්‍රමලේඛන ක්‍රමයක් හඳුන්වා දී තිබේ. මේක ජාවා නොකීවට එහෙමමත් නොවේ. මන්ද මෙය ජාවා Runtime මත දුවන නිසාත් ඕනෑම JVM එකක මේ මගින් ලියන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට හැකි නිසාත්ය. ජාවා එක්ක වැඩ කරන අයට එහි තිබෙන සාම්ප්‍රදායික ගැටළු මගහැර නව මගකට (හොඳට හෝ නරකට) යෑමට අවශ්‍යයි කියා සිතේනම් Ceylon language එක හොඳ විකල්පයක් වගේ දැනටමත් පෙනෙන්නට තිබෙනවා.
එමෙන්ම ජාවා වල තිබෙන යල් පැන ගිය class library වෙනුවට මේ සඳහා නව class library කිහිපයක්ද හඳුන්වා දී ඇති අතර මෙය තුළ ජාවා syntax භාවිතා කිරීමටද හැකිය. 

2011 අග භාගයේදී මෙහි compiler එක නිකුත් කිරීමට බලා පොරොත්තුවන අතර, භාවිතයට හා ඉගෙනගැනීමට ජාවා වලට වඩා පහසු කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඉතිං ජාවා ක්‍රමලේඛනය කරන අයට සහ අලුතෙන් පරිගණක ක්‍රමලේඛනය හදාරන අයට මේක හොඳ ආරංචියක් වේවි කියලා හිතන්න පුළුවන්. ඒවගේම Ceylon කියන වචනය නිසා ලංකාව ගැනත් නොදන්න අය දැන ගනීවි.

වැඩි විස්තර http://en.wikipedia.org/wiki/Ceylon_Project
 http://www.infoworld.com/d/application-development/red-hats-ceylon-language-unneeded-tempest-in-teapot-558?page=0,1