මයික්‍රොසොෆ්ට් සමාගම විසින් skype මිලදී ගත් විට ලිනක්ස් සඳහා ඇති skype සංස්කරණය මෙලොවින් තුරන්වී යනු ඇතැයි බොහෝ දෙනෙකු සිතුවද, අද දින මයික්‍රොසොෆ්ට් සමාගම විසින් මෙහි නවතම ප්‍රධාන සංස්කරණයක් ලිනක්ස් සඳහා නිකුත් කර ඇති බව අපට දක්නට ලැබේ. මෙහි 32bit හා 64bit සංස්කරණයන් ලබාදී ඇති අතර උබුන්ටු, ෆෙඩෝරා, ඩෙබියන් හා opensuse සඳහා ස්ථාපන ගොනු ලබාදී ඇත. මෙහි උබුන්ටු 10.04 සඳහා පමණක් ස්ථාපනය ගොනු ඇති බව දැක්වුනද එය, උබුන්ටුහි නව සංස්කරණ සඳහාද භාවිත කළ හැකිය.
මෙහි නවතම වෙනස් කම් හැටියට,
1. නවතම Emoticons හඳුන්වාදී තිබීම
2. එකම වින්ඩෝවක තමන්ගේ සියලුම chat බලාගත හැකිවීම
3. Audio හා Video ගුණාත්මක භාවය වැඩිකර තිබීම
4. නවතම වෙබ්කැම් සඳහා සහය දැක්වීම
5. ලිනක්ස් තුළදී crash වීම හෝ freeze වීම සඳහා ඇති සම්භාවිතාවය අවමකර තිබීම දැක්විය හැකිය.
මිලියන ගණනක පාරිභෝගිකයින් සංඛ්‍යාවක් ඇති skype මෘදුකාංගය ලිනක්ස් සඳහාද නිකුත් කර තිබීම ඩෙස්ක්ටොප් පරිගණක තුළද ලිනක්ස් භාවිත කිරීම දැන් දැන් බහුලව සිදුවන බවට මයික්‍රොසොෆ්ට් සමාගමද පිළිගෙන ඇති බවට ඔප්පුකළ හැකි ප්‍රධාන සාක්‍ෂියකි.
Use sinhala unicode font to read this blog. මගේ බ්ලොග් එකේ ලිපි ඔබ යම්කිසි දෙයකට භාවිතා කරන්නේනම් එය මෙම බ්ලොග් අඩවියෙන් උපුටාගත් බවට හෝ එය සඳහා මෙම බ්ලොග් එක උපකාරීවූ බව සඳහන් කිරීමට කාරුණික වන්න.
Friday, June 15, 2012
Friday, January 27, 2012
Gnome 3 එපා වුන අයට Cinnamon අතුරු මුහුණත
බොහෝ දෙනෙකුට එපා වුන නැතිනම් බොහෝ අය අකමැති ලිනක්ස් අතුරු මුහුණතක් වන Gnome 3 Cinnamon නමින් Mint ලිනක්ස් කණ්ඩායම විසින් වෙනස් කර නිපදවා ඇත. එහි අතුරු මුහුණත අප කලින් භාවිත කළ Gnome 2 අතුරු මුහුණතට සමාන පෙනුමක් දක්වයි. මෙය Mint ලිනකස් සඳහා පමණක් යැයි බොහෝ අය වැරදියට සිතුවද Ubuntu 11.10, Fedora 16, OpenSUSE 12.1, Arch Linux, හා Gentoo යන ලිනක්ස් වර්ග සඳහාද පහසුවෙන් ලබාගත හැකිවන ආකාරයට සකස් කර ඇත.
එහි මූලික ආකාරයන් (පෙනුම) වර්ග 3ක් ඇති අතර තමන්ට කැමති ආකාරයට වෙනස් කර ගැනීමේ පහසුකම් හා නොයෙකුත් themes හා Effects භාවිත කිරීමේ හැකියාවෙන් පරිපූර්ණය.
පහත එහි මූලික ආකාරයන්ගේ රූප දැකිය හැකිය.
එය බාගත කර ගැනීම හා ස්ථාපනය කර ගැනීම සඳහා උපදෙස් මෙම අඩවියේ ඇත.
එහි පෙනුම ඔබට කැමති ආකාරයට ඉහත රූපයේ දැක්වෙන පරිදි සකස් කළ හැකිය.
එහි මූලික ආකාරයන් (පෙනුම) වර්ග 3ක් ඇති අතර තමන්ට කැමති ආකාරයට වෙනස් කර ගැනීමේ පහසුකම් හා නොයෙකුත් themes හා Effects භාවිත කිරීමේ හැකියාවෙන් පරිපූර්ණය.
පහත එහි මූලික ආකාරයන්ගේ රූප දැකිය හැකිය.
එය බාගත කර ගැනීම හා ස්ථාපනය කර ගැනීම සඳහා උපදෙස් මෙම අඩවියේ ඇත.
ඉහත රූපයෙන් දැක්වෙනුයේ එහි සාම්ප්‍රදායික පෙනුමයි.
ඉහත රූපයෙන් දැක්වෙනුයේ එහි "classic" පෙනුමයි.
ඉහත රූපයෙන් දැක්වෙනුයේ එහි "flipped" පෙනුමයි.

Wednesday, November 9, 2011
Fedora 16 නිකුත් විය...
ඊයේ දිනයේදී Fedora හි නවතම සංස්කරණය වන fedora 16 නොහොත් "Verne" නිකුත් කළ අතර එහි නොයෙකුත් කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක් දක්නට ඇත.
ඉන් ප්‍රධාන වශයෙන්
1. එහි ආරම්භ කිරීමේ වේගය (boot) පෙර සංස්කරණයන්ට වඩා වැඩි වීම,
2. නව presentation මෘදුකාංගයක් වන Ease හඳුන්වා දී තිබීමත්,
3. User ID අංක 1000 සිට ආරම්භවීම (කළින් 500න් ආරම්භ විය)
4. Grub 2 භාවිත කිරීම
5. Linux Kernel 3.1 සිට භාවිත කිරීම
6. ඔබ සතු Google, Facebook වැනි online accounts පහසුවෙන් කලමණාකරනය කිරීම සඳහා System Settings තුළ "Online Accounts" නම් කොටසක් ඇතුලත් කර තිබීම හා තවත් බොහෝ දේ දැක්විය හැකිය.
මෙය ස්ථාපනය සඳහා පහත පහසුකම් ඔබේ පරිගණකය සතු විය යුතු අතර ඔබේ පරිගණකය පහත දැක්වෙන පහසුකම්වලට වඩා අඩු එකක් නම් විකල්ප කිහිපයක් භාවිත කළ හැකිය. එනම් මතක ධාරිතාවය මෙගා බයිට 670ට වඩා අඩු වුවද (512 වගේ නම්) ස්ථාපනය කිරීමට වැඩි කාලයක් ගත වුවද භාවිත කිරීමේදී අඩු වේගයක් නොදක්වනු ඇත. නමුත් ප්‍රෙසෙසර වේගය හා මතක ධාරිතාවය අඩුනම් Fedora 16 හි LXDE අතුරු මුහුණත ඇති සංස්කරණය ස්ථාපනය කල හැකි අතර එය වඩාත් වේගවත් හා භාවිතයට පහසු සංස්කරණයකි. එය බාගත කර ගැනීමට පහත ලින්ක් එකක් දක්වා ඇත.
පරිගණකයේ තිබියයුතු අවම පහසුකම්
1. අවම මතක ධාරිතාවය 670MB
2. අවම Hard Disc ධාරිතාවය 9-10 Gb
3. අවම ප්‍රොසෙසෙර වේගය 1.6 Ghz (ප්‍රායෝගිකව pentium 4 වත් අවශ්‍යවේ)
මෙම සංස්කරණයන් බාගත කර ගැනීමට පහත ඇති ලින්ක් භාවිත කරන්න
සාමාන්‍ය 32bit පරිගණක සඳහා Gnome සංස්කරණය සහ 64bit පරිගණක සඳහා
අඩු ධාරිතාවයකින් යුත් පරිගණක සඳහා LXDE සංස්කරණය
KDE අතුරු මුහුණත සහිත සංස්කරණය 32bit පරිගණක සඳහා සහ 64bit පරිගණක සඳහා

Gnome අතුරු මුහුණත සහිත සංස්කරණය
KDE අතුරු මුහුණත සහිත සංස්කරණය
LXDE අතුරු මුහුණත සහිත සංස්කරණය
මෙම සංස්කරණයන් බාගත කර ගැනීමට පහත ඇති ලින්ක් භාවිත කරන්න
සාමාන්‍ය 32bit පරිගණක සඳහා Gnome සංස්කරණය සහ 64bit පරිගණක සඳහා
අඩු ධාරිතාවයකින් යුත් පරිගණක සඳහා LXDE සංස්කරණය
KDE අතුරු මුහුණත සහිත සංස්කරණය 32bit පරිගණක සඳහා සහ 64bit පරිගණක සඳහා
Thursday, October 6, 2011
ස්ටීව් ජොබ්ස්.... ඔබට නිවන් සුව ලැබේවා!
දක්‍ෂ නිර්මාණ සොයාගන්නෙකු ලෙසට අප කවුරුත් දන්නා ස්ටීව් දැන් මෙලොව හැර ගොස්. ඔහු ඇපල් සමාගමේ පෙරළිකාර නිමැවුම් වන iMac, iPad, iPhone නිර්මාතෘ බව අපි හැමෝමෙ දන්න දෙයක්. ඉතිං නැවතත් ඔහුගේ ඒවගේ පෙරළිකාර නිමැවුම් අපිට දකින්න ලැබෙන්නේ නෑ.
ඔහුගේ නිර්මාණ අතර Pixar සමාගමේ සජීවී කරන ලද ළමා චිත්‍රපට විශේෂයි. (Cars, Toy Story, finding nemo වැනි). බොහෝ දෙනෙක් එය නොදන්න දෙයක්. හැමෝම දන්නේ ඔහුගේ පරිගණක සම්බන්ධ නිර්මාණ විතරයි.
ඉතිං ඔබට නිවන් සුව! (ඔහු බෞද්ධයෙක්. ඒ නිසා නිවන් සුව ලැබේවා කියා පැතිය හැකිය.)
Wednesday, June 22, 2011
ලබන වසරේ 12වන දා ඒක ගන්න පුළුවන්?
අමුතු ප්‍රවෘත්තියක්.
1. කාරණාව: ඩොමේන් නාම ලබා දීම පිලිබඳව -ලබන වසරේ 12වන දා සිට ඩොට් කොම් වෙනුවට කැමති නමක් ලබාගත හැකිය!
2. කවුද කියන්නේ: සිරස මාධ්‍ය ජාලයේ ඊතලය.කොම් අඩවිය
3. මට අවශ්‍ය දේ: නිවැරදි මාසය සහ දිනය
මෙන්න අදාල ලින්ක් එක: http://www.ethalaya.com/index.php?option=com_content&view=article&id=11164:2011-06-20-11-57-56&catid=3:news-right
මෙන්න screen shot එක
HAVE FUN!

Wednesday, June 1, 2011
Libre office හා openoffice යන දෙකෙහි අනාගතේ කා අතේද?
Oracle විසින් sun සමාගම මිලදීගත් පසු හැමෝටම තිබුන ලොකු ගැටළුවක් වුනේ openoffice.org එකට මොකද වෙන්නේ කියලයි. එය සඳහා දායකවූ කණ්ඩායම Oracle වෙතින් ඉවත්වූ පසු Libreoffice ලෙසට නම වෙනස් වූ බව හැමෝම දන්නවා. නොයෙක් මත බිහි වුනද දැන් ලැබුන විශ්වාසවන්ත අලුත්ම ආරංචිය වන්නේ හෙට හෝ අනිද්දා වෙන විට Apache විසින් Oracle වෙතින් openoffice.org අරගෙන ඒ වෙත අනුග්‍රහය දක්වන බවයි. ඒ කියන්නේ මේක කරට අරගෙන මෙහි වැඩි දියුණුව හා සුභ අනාගතය වෙනුවෙන් කටයුතු කරන බවයි!
Oracle සමාගම තමන්ගේ අතේ තියාගෙන ඉන්න Openoffice.org එකේ නම Libreoffice කණ්ඩායමට නොදී වෙන ආයතනයකට දෙන එකත් ලාවට අමුතුයි. ඒත් දැන් මේවා තීරණය වෙලා ඉවරයි.
Openoffice.org දිගටම යනවා. Libreoffice වෙනම යනවා. දෙකෙන් කෝකද ඕන?

Thursday, May 12, 2011
සිංහල යුනිකෝඩ් අකුරු ඇත්තටම නැද්ද?
මම හිතන්නේ සිංහල යුනිකෝඩ් අකුරු දැනට ඇත්තේ අතේ ඇඟිලි ගාණටයි කියලා නොදන්න කෙනෙක් නෑ. එක්කෝ තව අකුරු තියෙනවා කියලා මම නොදන්නවා ඇති. ඒත් මේවා කොහෙන් කියලා හොයා ගන්නද? දන්න කෙනෙක් ඉන්නවනම් මට සිංහල යුනිකේත අකුරු හොයලා දෙන්න බැරිද? සිංහල යුනිකේත අකුරු හදන හැටි ICTA එකෙන් ඉගැන්නුවා නේද? ඒකට 100ක් විතර පිරිසකුත් ආවාලු නේද? කෝ ඒ පොරවල් හදපු අකුරු?? මගේ නොදැනුවත් කමද? නැත්නම් ඒගොල්ලෝ අකුරු හදලා නැත්ද? නැත්නම් ඒවා හදලා දෙන්නේ නැතුව ඉන්නවාවත්ද? ඒගොල්ලෝ මොනවද කළේ?
අනේ මන්දා මේවා කාගෙන් අහන්නද කියලා. දන්න දන්න ලොකු පොරවල්ගෙනුත් නෝ ආන්ස්වර්!
මෙච්චරයි මම කියන්නේ, අනේ.... තියෙනවනම් සිංහල යුනිකෝඩ් අකුරු බාගන්න තැනක් මට කියන්න. නැත්නම් මට ගන්න විධිය කියලා දෙන්න. අනේ ලොකු උදව්වක්...

Subscribe to:
Posts (Atom)