වැඩිය මම ඒ ගැන කියවන්න අවශ්‍ය නෑ කියලයි හිතෙන්නේ. (screen shots කීපයක් පහත ඇත)
මේක කරන්න කලින් wine install කරගන්න එක අත්‍යාවශ්‍යයි!
1.පහත සම්පූර්ණ විධානය සාමාන්‍ය User කෙනෙක් ලෙසට ඔබේ Linux terminal එකට ගොස් paste කරන්න. එවිට ස්ථාපනයට අවශ්‍ය මූලික files download කරගනී. ඉන්පසු මතක ඇතිව enter යතුර ඔබන්න..
wget http://www.tatanka.com.br/ies4linux/downloads/ies4linux-latest.tar.gz
tar zxvf ies4linux-latest.tar.gz
cd ies4linux-*
./ies4linux
ඉහත විධානය paste කලවිටම ක්‍රියාත්මකවේ.
2.දැන් තිරයේ දැක්වෙන උපදෙස් අනුව Internet Explorer 5.5, 6 සහ 7 වලින් කැමති එකක් හෝ සියල්ලම ස්ථාපනය කරගන්න. (පහත රූපය බලන්න)

Internet explorer 7 ස්ථාපනය කිරීමට Advanced බොත්තම ඔබන්න එවිට ඔබට පහත රූපය පෙනේ

3.ස්ථාපනය කර අවසන් වූ විට නැවත terminal එකට ගොස් ie6 ලෙස හෝ තමන් ස්ථාපනය කළ internet explorer version එකට අදාල අංකය ඇතුල්කර enter යතුර ඔබන්න. (පහත රූපය බලන්න)

දැන් Internet Explorer පණගැන්වෙන අයුරු ඔබට පෙනේවි. දැන් කරන්න ඕන දේ ඔබ දන්නවා ඇති.... :-)
(පහත රූපය බලන්න)

වැඩි විස්තර ඕනෙනම් http://www.tatanka.com.br/ies4linux/page/Installation වෙබ් අඩවියට යන්න.