Tuesday, August 10, 2010

පෑන මාත් එක්ක තරහයි..

අවුරුදු ගාණක් පරිගණකයත් එක්කම ගත කරලා අන්තිමට මගේ අකුරු ලිවීමත් දැන් අන්තිමටම නරක් වෙලා. පෑනක් හරියට පාවිච්චි කරපු කාලයක් මතක නෑ. ලියුමක් ලිව්ව කාලයක් මතක නෑ (මොකක් ද ලියුම් කියෙන්නේ?) මම හිතන්නේ මම වගේ හුඟක් අයට මේ ප්‍රශ්නය ඇති. පෑනක් පාවිච්චි කරන්නේ මොකක් හරි අත්සන් කරන්න වුනොත් නැත්නම් ටෙලිෆෝන් අංකයක් ලියා ගන්න වගේ වැඩකටයි.
ඒත් දැන් අත්සනත් වරදින වෙලාවල් තියෙනවා. බැංකුවෙන් ලඟදී කොල් කරලා මගේ අත්සන යාවත්කාල කරන්න කියලා දැනුම් දුන්නා. ඉතිං ඒක කලා. අවුරුදු ගාණකට කලින් තිබ්බ මගේ අත්සන එක්ක දැන් එක එහෙදී මට සසඳලා පෙන්නුවාම ලැජ්ජා හිතුනා. රාජකාරි කරන තැන බැංකු කටයුතු වලට මටත් මැදිහත් වෙන්න වෙලා නිසා රාජකාරි කරන ආයතනයේ බැංකුවෙනුත් දැනට අවුරුද්දකට ආසන්න කාලයකට පෙරදී මට මේ ආකාරයට එන්න කියලා අත්සන යාවත්කාල කර ගත්තා.

පාසල්යන කාලයේ ලියාගෙන ලියාගෙන ගියාට මගේ අත් අකුරු එච්චරම ලස්සන නෑ. ඒත් වරදක් නෑ. පසු කාලයකදී Pagemaker ඉගෙන ගන්නකොට දෙමළ ටයිපින් ගැනත් ඉගෙන ගත්තා (99-2000දී විතර) එතකොට දෙමළ භාෂාව අපි දන්නැති නිසා ඒගැන වෙනමම එහෙදී ඉගැන්වූවා. ලිවීමත් ඉගැන්වුවා. (ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය) එහෙදී හොඳම දෙමළ අත් අකුරු සඳහා මට වැඩිම ලකුණුත් ලැබුනා! ඒත් දැන්.....

පරිගණකයට ඇබ්බැහිවීමේ කරුමය දැන් මට හොඳටම දැනිලා තියෙන්නේ. රස්සාවට සහ පරිගණකයට තියෙන ඇල්ම නිසා මෙහෙම වෙන එක අරුමයකුත් නෙමෙයි. මට ඒක හදාගන්න එක ලොකු දෙයක් නෙමෙයි. මට වුනේ අත්අකුරු ලිවීමේ හැකියාව ටිකකට දුරුස් වීමක් විතරයි.

ඒත් මගේ හොඳ මිතුරෙකුට පරිගණකය නිසා පෙම්වතිය නැතිවුනා. මගේ මිතුරා කොච්චර computerholicද කියනවානම් අඩුම ගානේ පෙම්වතියට කෝල් එකක්වත් දීලා සැපදුක් ඇහුවේ නෑ. මිනිහා හැබැයි පුදුම දක්ෂයෙක්! ඒ ගැන කිසිම විවාදයක් නෑ. ඒත් ජීවිතයේදී මේවගේ අවුල් කරගන්න එක අපරාදයක්. අපිට ඒවගේ දෙයක් ආපහු ලබා ගන්න බැරිවෙන්න පුළුවන්. මිතුරාට අන්තිමට කෙල්ල කෝල්කරලා කිව්වේ මේ වචන හතර විතරයි.

"You and your Computer!"

දඩස්ගාලා තිබ්බා. තිබ්බාම තමයි. (මේක එයාට වෙලා අවුරුදු 8ක් විතර ඇති. මගේ මිතුරා තාම තනිකඩයි.) ඉතිං මේක බලන අනිත් අයට මට කියන්න තියෙන්නේ...... වරදින්න කලින් පොඩ්ඩක් නැවතිලා හිතන්න.

4 comments:

Manik said...

ඒක නම් ඇත්ත, key board එකට හුරු උනාම අකුරු ලියා ගන්න බැරි වෙනවා.අනික දැන් ගොඩක් වෙලාවට ඔෆිස් වල වැඩ වෙන්නෙ කොම්පුටරයේම නිසා වචනෙකට දෙකකට වඩා පෑනෙන් ලියවෙන්නේ නෑ.ඔහොම ඉඳලා විභාගයක් ආවම තමයි... වචන දහයක් ලියා ගන්න බෑ වැලමිටේ ඉඳන් කකියනවා. අනික තමයි කැල්කියුලටරය, ඒකට ඔනේවට වඩා හුරු උනාම හදිස්සියකදි කඩේකදි බිලක්වත් එකතු කර ගන්න බෑ.ලැජ්ජාවෙ බෑ.

Shadow/හේමලයා said...

අම්මපල්ල....මටත් ඕකම තමා වෙලා තියෙන්නේ...හෆොයි හෆොයි...

Anonymous said...

මටත් දැන් ඕකම තමා වෙලා තියෙන්නෙ :(

Hero said...
This comment has been removed by a blog administrator.