Monday, November 26, 2012

සහළාන ලිනක්ස්

අවට සුපිපි සපු දුනුකේ සලළාන
හඬන තැනින් තැනැ විලිකුළු කිරළාන
පැසී නැම කරල් රත්හැල් සහළාන
වඩන මැනැවි මහ වෙල මැදැ වෙරළාන

39. කවිය සැලළිහිණි සංදේශය, ශ්‍රී රාහුල හිමි

මිත්‍රය, හාත් පසින් සුපිෂ්පිත වූ චම්පක රාජ කෙතකි. හොර වෘක්‍ෂයන් ගෙන් යුක්ත වූ වනයෙහි තන්හි තන්හී විලිකුළන් හා කිරළුන් නාද පවත්වන්නා වූ රක්‍ත ශාලී ශස්‍ය මඤ්ජරීන් පරිනතව නැමුණා වූ වෙරළාන නම් වූ මහා ක්‍ෂේත්‍ර මධ්‍යයෙහි ගමන් කරනු යහපති෴
මේ සෑ තන්හිම ‘සහළා’ යනුවෙන් යෙදී ඇත්තේ සහෘදත්වය, හිතවත්කම, මිත්‍රත්වය, සම්බන්ධතාවය ඇති අයෙක් හැඳින්වීම සඳහාය. ‘සහ’ යන්නෙන් ‘සමාන’ යන්නද ‘ළ’ යන්නේ ‘ළය - හදවත’ යන්නද අරථ ගැන්වේ. එවිට ‘සහළ’ යනු ‘සමාන හදවත් ඇති’ යන්නයි. ඒ අනුව ‘සමාන හදවත් ඇත්ති’ යන අර්ථය සඳහා ‘සහළා’ යන්න යොදා ඇත. ‘මනුස්සකම’ තිබෙන්නා සෑම විටම අනෙකා ගැන සිතයි. අනෙකාගේ හදවතට දැනෙන දේ ගැන නිතරම සිතයි. දෙදෙනාගේම හදවතට දැනෙන්නේ එකම දෙයයි. දෙදෙනාගේම හදවත් සමානයි. ‘ඔබ වෙනුවෙන් මම’ යනුවෙන් සිතයි. ‘ඔබ වෙනුවෙන් මම සහ අපි’ යනුවෙන් සිතයි. ‘උබුන්ටු’ යනු ද එයමය.
‘ආන’ යනු ගෞරවාර්ථයෙහි ආමන්ත්‍රනයකි. එබැවින් ‘සහළාන’ යනු ‘මනුස්සකම ඇත්තාට’ ගෞරවයෙන් කරන්නා වූ ආමන්ත්‍රනයකි. ‘ලංකාවේ උබුන්ටු’ හෙවත් ‘ඔබ වෙනුවෙන් අපි සිටින්නා වූ මනුස්සකම’ සංකේතවත් කිරීමට තිබෙන්නා වූ හොඳම පදය ‘සහළාන’ වන්නේය.
මේ අනුව ලක් උබුන්ටු මෙහෙයුම් පද්ධතිය ‘සහළාන ලිනක්ස්’ ලෙස නම් වේ.
සහලේ සියදෑ සිව්මංසල...........෴
එසේම සහළාන සමඟ උද්‍යේග පාඨය වනුයේ ‘සහලේ සියදෑ සිවිමංසල’ යන්නය. ‘සහලේ’ යන්නෙන් සමාන ලේ; මෙහි (දන්තද) ල කාරය යෙදේ, ‘සියදෑ’ යන්නෙන් තම දේශය යන්නත් ‘සිව්මංසල’ යන්නෙන් සතර දෙසින් එන්නා වූ හෙවත්, සියලු දෙනා යන්නත් අර්ථවත් කෙරේ.

බාගත කිරීමට www.sahalana.org   හෝ  www.lankanet.org  වෙත යන්න

සහළාන boot වන ආකාරය

Desktop තිරය

පෙරනිමියෙන් ඇති පසුබිම් රූපයක් 

Multimedia මෘදුකාංග

සිංහල අකුරු යතුරු ලියනය


විනෝද ක්‍රීඩා 

1 comment:

චමී4යූ~chami4u said...

අපි නම් හන්තාන ලිනස්