Tuesday, November 18, 2014

How to install Sinhala unicode in Ubuntu 14.04 or 14.10


සිංහල යුනිකෝඩ් සහය උබුන්ටු මත ස්ථාපනය නිවැරදිව කර ගැනීමට පහත උපදෙස් පිළිපදින්න.  කැමතිනම් පහළින්ම ඇති වීඩියෝවත් බලන්න. (ශබ්දය ඇතුලත් කර නැත)

Step 1. Installation

1. Open Terminal
To open the terminal, Click on Dash icon on top of launcher or Press Windows logo key in your keyboard and type “terminal” and click on “terminal icon”.

2. Type the following command and press Enter key

sudo apt-get update

It will ask for your password. Type your password and press Enter. (you cannot see anything you type there)

3. Use mouse to copy and paste below command to your terminal. Or type it correctly.


sudo apt-get install ibus-m17n m17n-db m17n-contrib


Now press Enter key to begin the installation. Type “Y” and Enter to continue. You must have a working Internet connection to do so.

4. Restart the computer after the installation.

Step 2. Configuration  



5. Click “En” icon on top right of the panel (Near the time display and Network Icon)
6. Select “Text Entry settings”
7. Click the + mark on the bottom left of the window
8. Type sin to view all the Sinhala input methods
9. Select “Sinhala;Sinhalese (Wijesekera (m17n))”
10. Click “Add”
11. Close the Text Entry window

එච්චරයි. දැන් libreoffice writer හෝ කැමති එකක් භාවිත කර අකුරු යතුරු ලියනය කළ හැකිය. භාෂා අතර මාරු වීමට Windows Logo key එක සහ Space key එක ඔබන්න.එම ක්‍රමය Text Entry Settings වලට ගිහින් තමන් කැමති අකුරු එකතුවකට වෙනස් කරන්නත් පුළුවන්.







Tuesday, July 23, 2013

ලාංකීයයන් සඳහා උබුන්ටු ග්‍රන්ථය සමග සහළාන ලිනක්ස් CD නොමිලේ


ප්‍රදීප් කාවින්ද කොටුවේගෙදර විසින් රචිත ලාංකීයයන් සඳහා උබුන්ටු ග්‍රන්ථය සමග සහළාන ලිනක්ස් සංගත තැටිය නොමිලේ ලබා දෙන බව සතුටින් දැනුම් දෙමි. මෙම සංගත තැටිය පිටපත් කිරීම සඳහා පූර්ණ දායකත්වය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ලබා දී ඇත. මෙම ග්‍රන්ථය දිවයිනේ සෑම ප්‍රධාන පොත්හලකින්ම ලබා ගැනීමේ පහසුව ඇත.



ග්‍රන්ථයේ කතුවරයා ගැන....

ප්‍රදීප් කාවින්ද කොටුවේගෙදර යනු පරිගණක තාක්ෂණය පිළිබඳ පුළුල් දැනුමක් ඇති එමෙන්ම පරිගණක විෂයන් ගැන ග්‍රන්ථ ගණනාවක් රචනා කර ඇති කතුවරයෙකි. මෙය රචනා කිරීමේදී මාහටද මුල සිටම ඔහු සමග කටයුතු කිරීමට ලැබීම මා ලද භාග්‍යයක් ලෙස සිතමි. විශේෂයෙන්ම මා හදවතින්ම ආදරය කරන විවෘත මූලාශ්‍ර මෘදුකාංග පිළිබඳව මෙම ග්‍රන්ථයට වස්තු මූලය වී තිබීම මා පිනවූ ප්‍රධාන කරුණක් බව පිළිගනිමි. එය තවත් තීව්‍ර වන්නේ මෙම ග්‍රන්ථය සමග සහළාන ලිනක්ස් පිටපත් නොමිලේ ලබා දීමට ඔහු තීරණය කර තිබීමත් ඒ සඳහා ICTA ආයතනය මූල්‍ය දායකත්වය සැපයීමට ඉදිරිපත් වී තිබීමත්ය.
සහළාන පිටපත් අන්තර්ජාලයෙන් බාගත නොහැකි අයට නොමිලේ ලබා දීමට මා හට ශක්තියක් නොමැතිව සිටි අවස්ථාවක (මා සේවයකළ ආයතනයෙත් උදව් නැතිව මේක කරන්න බෑ. දැන් ඇති. දැන් මේක මම නවත්වනවා කියලා සිටි මොහොතක) "තාරක, අපි සහළාන ලිනක්ස් පිටපත් මගේ ග්‍රන්ථය සමග නොමිලේ ලබා දෙමු" යැයි කියා එය වචනයට පමණක් සීමා නොකර එය වෙනුවෙන් බොහෝ මහන්සි වී එය යථාර්ථයක් බවට පත් කර දීම ගැන මම ඔහුට හා ICTA ආයතනයට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි.


ග්‍රන්ථය ගැන....

මා මේ ග්‍රන්ථය රචනා වන ආකාරය මුල සිටම අත්වින්දෙමි. එය මා රස වින්දෙමි. උබුන්ටු ලිනක්ස් ගැන සෑම දෙයක්ම අඩු නැතිව සිංහලෙන් ලියවුනු එකම පොත මෙය බව මම නොබියව කියමි. ග්‍රන්ථ පරිශීලකයා පරිණත උබුන්ටු පරිශීලකයෙකු බවට මෙම ග්‍රන්ථය විසින් ආයාසයකින් තොරව පත්වනුයේ එහි රචනයේ ඇති රසවත් බවත් සරළ බවත් හා ප්‍රදීප් කාවින්ද කොටුවේගෙදරගේ දක්ෂ රචනා ශෛලියත් නිසාවෙනි. උබුන්ටු පරිශීලකයෙකු අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණු සියල්ලම ඉතා පුළුල්ව මෙම ග්‍රන්ථයේ විස්තර කර ඇත.
මෙතෙක් බාධකයක්ව පැවති ලිනක්ස් ගැන ඇති ගැටළු නිරාකරණය කරන ආකාරයන් දැන ගැනීමේ මගක් නොමැති වීම යන කාරණාව මෙම කෘතිය විසින් ඉතිහාසයේ කුණු කූඩයට දමා ඇත. එමෙන්ම, පරිගණක විශාරදයින්ට හා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූ පුද්ගලයන්ට පමණක් සීමා වී තිබූ ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය සෑම පුද්ගලයෙකුටම වැළඳ ගැනීමට මෙමගින් හැකිවී තිබේ.
ඕනෑම අයෙකුට කිසිවෙකුගේ උපකාරයක් නොමැතිව තනිවම උබුන්ටු මෙහෙයුම් පද්ධතිය හැසිරවීමටත් මෘදුකාංග ස්ථාපනය කර, ඉන් නොනැවතී තමන්ට රිසි ආකාරයකට වෙනස්කර භාවිත කිරීමට හැකියාව හා දැනුම මෙම කෘතිය විසින් ලබා දී තිබේ. මෙම කෘතිය සමාජ සත්කාරයක් වන අතර අප රටේ මුදල් අප රට තුළම ඉතිරි කර ගැනීමටත්, අන් සතුදේ සොරකම් කිරීමේ පාපක්‍රියාවෙන් අප ගලවා ගැනීමටත් උපකාරී වේ.

පොත මිළදී ගත හැකි තැන්....

මරදාන දයාවංශ ජයකොඩි
විජිත යාපා http://www.vijithayapa.com/pdesc.php?id=28822
සරසවි
ගොඩගේ පොත් මැදුර 

Monday, January 28, 2013

සහළාන ලිනක්ස් බාගත කර ගැනීම් 1000ත් පැනලා!

සහළාන ලිනක්ස් නිකුත් කළ මුල් දින කිහිපය තුළ බාගතකර ගැනීම් ගණන කොපමණ දැයි බැලුවද කාර්ය බහුලත්වය නිසා මොනවයින් මොනවා වෙනවාද යන්න සොයා බැලීමට නොහැකි විය. නමුත් කාලෙකට පස්සේ බැලූ විට 1000ත් ඉක්මවා ඇති බව පෙනුන විට හරි සතුටක් දැනුනා. සහළාන සඳහා අගනා wallpaper කිහිපයක් ලබා දීම ගැන ඉන්ද්‍රනාත තේනුවර මහතාට බෙහෙවින් ස්තූතිවන්ත වෙමි. එමෙන්ම මෙය සහළාන යන නම එනම් මනුස්සකම යන අරුත සඳහා වන සිංහල වචනය සහිත නම ලබා දීම සඳහා උදව් කළ සැමට ස්තූති වන්ත වෙමි. 


ඔබ ගත්තේ නැත්නම් අදම බාගන්න www.sahalana.org වෙත යන්න.

Monday, November 26, 2012

සහළාන ලිනක්ස්

අවට සුපිපි සපු දුනුකේ සලළාන
හඬන තැනින් තැනැ විලිකුළු කිරළාන
පැසී නැම කරල් රත්හැල් සහළාන
වඩන මැනැවි මහ වෙල මැදැ වෙරළාන

39. කවිය සැලළිහිණි සංදේශය, ශ්‍රී රාහුල හිමි

මිත්‍රය, හාත් පසින් සුපිෂ්පිත වූ චම්පක රාජ කෙතකි. හොර වෘක්‍ෂයන් ගෙන් යුක්ත වූ වනයෙහි තන්හි තන්හී විලිකුළන් හා කිරළුන් නාද පවත්වන්නා වූ රක්‍ත ශාලී ශස්‍ය මඤ්ජරීන් පරිනතව නැමුණා වූ වෙරළාන නම් වූ මහා ක්‍ෂේත්‍ර මධ්‍යයෙහි ගමන් කරනු යහපති෴
මේ සෑ තන්හිම ‘සහළා’ යනුවෙන් යෙදී ඇත්තේ සහෘදත්වය, හිතවත්කම, මිත්‍රත්වය, සම්බන්ධතාවය ඇති අයෙක් හැඳින්වීම සඳහාය. ‘සහ’ යන්නෙන් ‘සමාන’ යන්නද ‘ළ’ යන්නේ ‘ළය - හදවත’ යන්නද අරථ ගැන්වේ. එවිට ‘සහළ’ යනු ‘සමාන හදවත් ඇති’ යන්නයි. ඒ අනුව ‘සමාන හදවත් ඇත්ති’ යන අර්ථය සඳහා ‘සහළා’ යන්න යොදා ඇත. ‘මනුස්සකම’ තිබෙන්නා සෑම විටම අනෙකා ගැන සිතයි. අනෙකාගේ හදවතට දැනෙන දේ ගැන නිතරම සිතයි. දෙදෙනාගේම හදවතට දැනෙන්නේ එකම දෙයයි. දෙදෙනාගේම හදවත් සමානයි. ‘ඔබ වෙනුවෙන් මම’ යනුවෙන් සිතයි. ‘ඔබ වෙනුවෙන් මම සහ අපි’ යනුවෙන් සිතයි. ‘උබුන්ටු’ යනු ද එයමය.
‘ආන’ යනු ගෞරවාර්ථයෙහි ආමන්ත්‍රනයකි. එබැවින් ‘සහළාන’ යනු ‘මනුස්සකම ඇත්තාට’ ගෞරවයෙන් කරන්නා වූ ආමන්ත්‍රනයකි. ‘ලංකාවේ උබුන්ටු’ හෙවත් ‘ඔබ වෙනුවෙන් අපි සිටින්නා වූ මනුස්සකම’ සංකේතවත් කිරීමට තිබෙන්නා වූ හොඳම පදය ‘සහළාන’ වන්නේය.
මේ අනුව ලක් උබුන්ටු මෙහෙයුම් පද්ධතිය ‘සහළාන ලිනක්ස්’ ලෙස නම් වේ.
සහලේ සියදෑ සිව්මංසල...........෴
එසේම සහළාන සමඟ උද්‍යේග පාඨය වනුයේ ‘සහලේ සියදෑ සිවිමංසල’ යන්නය. ‘සහලේ’ යන්නෙන් සමාන ලේ; මෙහි (දන්තද) ල කාරය යෙදේ, ‘සියදෑ’ යන්නෙන් තම දේශය යන්නත් ‘සිව්මංසල’ යන්නෙන් සතර දෙසින් එන්නා වූ හෙවත්, සියලු දෙනා යන්නත් අර්ථවත් කෙරේ.

බාගත කිරීමට www.sahalana.org   හෝ  www.lankanet.org  වෙත යන්න

සහළාන boot වන ආකාරය

Desktop තිරය

පෙරනිමියෙන් ඇති පසුබිම් රූපයක් 

Multimedia මෘදුකාංග

සිංහල අකුරු යතුරු ලියනය


විනෝද ක්‍රීඩා 

Thursday, November 22, 2012

ලාංකීය උබුන්ටු නොහොත් සහළාන නිකුත්වූ වගයි!

සහළාන පළමු නිකුතුව දැන් ඔබට නොමිලයේම බාගත කර ගැනීමට මෙම ලින්ක් එක භාවිත කරන්න. සෑම මිතුරෙකුටම මෙහි පිටපතක් දෙන්න. ලංකානෙට් ලිනක්ස් 1,2 හා3 භාවිත කළ ඔබට මෙය අලුතින් හඳුන්වා දීමට අවශ්‍ය නැතැයි මම හිතනවා. ඔබට අවශ්‍ය සෑම පහසුකමක්ම මෙහි පෙර නිමියෙන්ම ඇතුලත් කර ඇත.

සහළාන සඳහාවූ නව අඩවිය www.sahalana.org 

Friday, September 7, 2012

හඬ වෙනස් නොකර එහි වේගය අඩුකර සංගීතය හෝ කථාව අසන්න Play it slowly


ඔබ සංගීතය කරන්නේද? නැතිනම් මාධ්‍යවේදියෙක්ද? එහෙමත් නැතිනම් lectures record කර අසන සිසුවෙක්ද? මෙන්න ඔබට හරියන මෘදුකාංගය. Play it slowly කියන්නේ මේ හැමෝටම භාවිත කරන්න වටින මෘදුකාංගයක්. මෙහි ප්‍රයෝජනය සඳහන් කරන්නේ නම්, ඔබ දන්නවා යම් හඬක් සාමාන්‍ය මෘදුකාංගයක් භාවිත කර වේගය අඩු කර ඇසීමේදී එහි pitch එකත් අඩු වෙනවා. සරළව කිවහොත් ගෑණු කටහඬ පිරිමි වෙනවා. වේගය වැඩි කළහොත් pitch එක වැඩිවෙනවා. ඒ කියන්නේ  ජිප්සීස් අඟහරුලෝකේ කුරුමිට්ටන්ගේ හඬ එනවා (ඒ සින්දුව අහලා නැති බබාලා ඉන්නවානම් අර Alvin and the chipmunksලාගේ කටහඬවල්වත් අහලා ඇතිනේ?) දැන් පැහැදිළියි නේද?

මේක ලොකු කරදරයක් වන්නේ සිංදුවක් අහලා ඒකේ chords සහ introduction & interlude කොටස් හදාරන අයටයි. මොකද වේගය අඩු කළාම pitch එක වෙනස් වෙන එක ලොකු වදයක්. නමුත් මේ මෘදුකාංගය භාවිත කරලා ඉතා වේගයෙන් වාදනය කරන ගිටාර්, ඕගන් නැත්නම් ඩ්‍රම්ස් වාදනයක් note එකෙන් note එකට හරියටම අහලා අල්ලගන්න පුළුවන්. ඊට පස්සේ වැඩකාරයා වගේ තමන්ට ඒක play කරන්න පුළුවන්. (මොනවා වුනත් හොඳ කනක් තියෙන්නත් සංගීතය කියන එක ඇ ෙඟ් තියෙන්නත් ඕන)

අනිත් කට්ටිය තමයි සරබර සරබර ගාලා අධි වේගෙන් lectures දෙන අයගාවට ඉගෙන ගන්න යන අය සහ එක එක ගොරකයින්ගේ interview ගන්න ජනමාධ්‍යවේදීන්. ඒ අය ඔය දේවල් record කරනවා දෙතුන්පාර අහලා හරි සරබර ගාලා ලිස්සලා ගිය වචන ටික අහුල ගන්න. නැත්නම් අම්මා අප්පා උගන්නන්න වියදම් කරපු සල්ලි අපරාදෙනේ. එහෙම වෙලාවට  මේ වගේ මෘදුකාංගයක් භාවිත කරලා pitch එක වෙනස් නොකර ඇහුවාම කියන වචන එකින් එක පැහැදිළිව අහන්න පුළුවන්. Interview එක දුන්න කෙනාට, ප්‍රොෆාට හෝ ප්‍රොෆීට බණින්න අවශ්‍ය වන්නේ නෑ. බෲස් ලීගේ චිත්‍රපටියක් slow motion බැලුවා වගේ වෙනදේ හොඳට දැනගන්න පුළුවන්.


මේකට මම පුංචි උදාහරණයක් දෙන්නම්, පහත සංගීත ඛන්ඩය සාමාන්‍ය වේගයෙන් තියෙන එකක්.


පහතින් තියෙන්නේ එම ඛන්ඩයම වේගය අඩු කර pitch එක ස්ථාවරව තියාගෙන play it slowly මෘදුකාංගයෙන් ඇසෙන එකක්.



මෙහි ප්‍රධාන පහසුකම්:
1. pitch එක වෙනස් නොකර වේගය වෙනස්කර ඇසීම
2. වේගය වෙනස් නොකර pitch එක වෙනස් කර ඇසීම
3. අවශ්‍ය කොටස පමණක් තෝරාගෙන අඛන්ඩව ඇසීමට ඇති හැකියාව (section repeat)
4. වෙනස්කරගත් ආකාරයට එය save කළ හැකිවීම (මෙහිදී Wav ආකාරයට save කරයි. මේකට කාලය ටිකක් ගතවනු ඇත)
5. mp3, ogg, flv, midi යන formats සඳහා සහය දැක්වීම

විවෘත මූලාශ්‍ර මෘදුකාංගයක් වන මෙය උබුන්ටු Software center එකෙන් ලේසියෙන්ම ස්ථාපනය කරගන්න පුළුවන්. නැතිනම් මේක මෙතනින් බාගෙන භාවිත කරන්න පුළුවන්. ( http://29a.ch/playitslowly) හැබැයි වින්ඩෝස් වලටනම් මේක නෑ. ඒ  අයට Amazing Slow Downer භාවිත කරන්න පුළුවන්. (ඒක ගෙවලා ගන්න ඕන එකක්)



Friday, June 15, 2012

ලිනක්ස් සඳහා නවතම skype 4 සංස්කරණය මයික්‍රොසොෆ්ට් වෙතින්!

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් skype මිලදී ගත් විට ලිනක්ස් සඳහා ඇති skype සංස්කරණය මෙලොවින් තුරන්වී යනු ඇතැයි බොහෝ දෙනෙකු සිතුවද, අද දින මයික්‍රොසොෆ්ට් සමාගම විසින් මෙහි නවතම ප්‍රධාන සංස්කරණයක් ලිනක්ස් සඳහා නිකුත් කර ඇති බව අපට දක්නට ලැබේ. මෙහි 32bit හා 64bit සංස්කරණයන් ලබාදී ඇති අතර උබුන්ටු, ෆෙඩෝරා, ඩෙබියන් හා opensuse සඳහා ස්ථාපන ගොනු ලබාදී ඇත. මෙහි උබුන්ටු 10.04 සඳහා පමණක් ස්ථාපනය ගොනු ඇති බව දැක්වුනද එය, උබුන්ටුහි නව සංස්කරණ සඳහාද භාවිත කළ හැකිය.

මෙහි නවතම වෙනස් කම් හැටියට,
1. නවතම Emoticons හඳුන්වාදී තිබීම
2. එකම වින්ඩෝවක තමන්ගේ සියලුම chat බලාගත හැකිවීම
3. Audio හා Video ගුණාත්මක භාවය වැඩිකර තිබීම
4. නවතම වෙබ්කැම් සඳහා සහය දැක්වීම
5. ලිනක්ස් තුළදී crash වීම හෝ freeze වීම සඳහා ඇති සම්භාවිතාවය අවමකර තිබීම දැක්විය හැකිය.


මිලියන ගණනක පාරිභෝගිකයින් සංඛ්‍යාවක් ඇති skype මෘදුකාංගය ලිනක්ස් සඳහාද නිකුත් කර තිබීම ඩෙස්ක්ටොප් පරිගණක තුළද ලිනක්ස් භාවිත කිරීම දැන් දැන් බහුලව සිදුවන බවට මයික්‍රොසොෆ්ට් සමාගමද පිළිගෙන ඇති බවට ඔප්පුකළ හැකි ප්‍රධාන සාක්‍ෂියකි.