Thursday, April 2, 2009

Fedora 10 Request form is Open!

ඔන්න අප්‍රේල් මාසයට fedora 10 ගෙන්වා ගැනීමේ ඉල්ලුම් පත්‍රය විවෘතයි!

වහාම කැමති අයෙක් වෙතොත් form එක පුරවා එවන්න. අපි හැකි අයුරින් ඔබ වෙත Fedora 10 Dvd එක ලැබෙන්න සලස්වන්නම්.

මෙන්න ලින්ක් එක:

http://fedoraproject.org/freemedia/FreeMedia-form.html

සැ.යු:
මිතුරු මිතුරියනි, මේ CD/DVD අපිට පුළුවන් විධියට write කරලා අතින් වියදම් කරගෙනයි ඔබ වෙත ලැබෙන්න සලස්වන්නේ. ඒ නිසා කරුණාකර මේවා ඔබට download කරන්න බැරිනම් පමණක් අපෙන් ඉල්ලන්න.

අනිත් එක, මේවා එක්ක Ubuntu වගේ ලස්සන stickers අපි එවන්නෙත් නෑ. දැනට අපි (ලංකානෙට් එකෙන්) එවන්නේ i386 නැතහොත් 32bit version එක විතරයි. සිම්පල් විධියට dialog broadband connection එකකින් දුකසේ Download කරලයි ගන්නේ.

13 comments:

Chanaka Aruna Munasinghe said...

ඔන්න මම ඉල්ලුවා.
බලමු අලුත් අවුරුදු තෑග්ගක් හම්බ වෙයිද කියලා

Danishka said...

මම නම් හිතන්නේ චානක වගේ අය නොයිවලනවා නම් හොඳයි.

හෙතුව මෙකයි, මෙතනදි DVD එක එවන්නේ ලංකාවේ කෙනෙක්ගෙන් අතින් කයිට් කරන්. 30Mb වගේ හොඳ අන්තර්ජාල ප්‍රවේශයක් සහිත විශ්ව විද්‍යාල සිසුන් සහ ඇදුරන් මෙය බාගන්න වානම් තමා හොඳ.

කැනොනිකල් වගේ සල්ලි තියෙනවට කරන දෙයක් නෙමේ.

තාරක ඔබ මානිත් අයව දැනුවත් කළා නම් හොදයි.
මොකද ප්‍රසාන් නම් ඌව කැම්පස් එකෙන් මෙවගේ වෙන අයට දෙනවා.

Chanaka Aruna Munasinghe said...

DVD එක එවන්නේ ලංකාවේ කෙනෙක්ගෙන් අතින් කයිට් කරන් කියල මම දැනගෙන හිටියෙ නැහැ. ඒක එහෙමනම්. මම ඉල්ලපු එක වැරදි තමයි. FEDORA LOGO එකත් එක්ක ලස්සන COVER එකකුයි STIKER එකකුයි එක්ක එයි කියල හිතපු හින්දයි ඉල්ලුවෙ.අනික මම ඕක ගත්තට පාවිච්චි කරන එකකුත් නැහැ. කාට හරි ( ගෑනු ළමයෙකුට ) දෙන්න කියල හිතාගෙන ඉල්ලුවෙ.

දැනුවත් කිරීම ගැන ස්තුතියි ඩනිෂ්ක.
ඔන්න මගේ ඉල්ලීම ඉල්ලා අස් කර ගත්තා.

ශාකුන්තල | Shaakunthala said...

අගේ කළ යුතු අපූරු වැඩක්. තව නොබෝ දිනකින් එන Leonidas සංස්කරණයත් දුරබැහැර ප්‍රදේශවල ඉන්න අයට මේ ක්‍රමයෙන් ලබාගන්න උදව් කරනවා නම් ඉතාම හොඳයි.

Danishka said...

මෙය අද ඊයේ පටන්ත් දෙයක් නොවේ.
ශ්‍රී ලංකාව සඳහා මෙම කටයුතු 2007 සිට ක්‍රියාත්මක වූ අතර මෙය ලංකාවට පමණක් නොව ඇමරිකාව විසින් භාණ්ඩ අපණයනය කළ රටවල් ඉතා සුළු ප්‍රමාණයක් හැර අනෙකුත් රටවල මෙය ක්‍රියාත්මක වේ.

budhajeewa said...

මමත් ඉල්ලුවා.

Danishka said...

සුපුන්ගේ IT උගන්වන සර් ලග කොපික් ඇති.

Danishka said...

https://fedoraproject.org/wiki/Distribution/FreeMedia/SriLanka#How_To

budhajeewa said...

@ ඩනිෂ්ක :

මං ළඟ DVD driver එකක් නෑ නෙ.. මං ඉල්ලුවෙ CD පිටපතක්.

අනික අයියෙ, මේ තියෙන්නෙ ඊට අළුත් වර්ෂන් එකක් නෙ ?

Danishka said...

මල්ලිලා ගන්නවට අහිතකට නෙමේ මෙහෙම කියන්නේ. තමන්ට ADSL තියෙන, එක්කො පාසැලට තියෙන අය මේක සොබනේට ඉල්ලන්න එපා. උබුන්ටු උනත් නොමිලෙ දෙන පලියට ඉල්ලන එක නරකයි. මොකද අදාල සමාඟම උනත් සල්ලි ගස් වලින් කඩන්නේ නැ.

තමන් උපයනකොට තමයි මුදලේ අගය තෙරෙන්නේ.

ඔයාට දැන් තියෙන්නේ F9 නම් තව මාසයක් ඉදලා F11 ගන්න පුලුවන්.
අපි කරන්නේ කෙනෙක්ට DVD එකක් දුන්නම එයා එතනින් තව කෙනෙක්ට දෙන එක.

වරදාවා හිතන්න එපා. මේ බ්ලොග් සටහන ටිකක් වෙනස් උනා නම් හරි.

ඔබේ පාසැලේ පහසුකම් තිබෙන බව මම දන්නවා. කොන්ම දකුණු පළාතේ පළමු Class mate PC එක පවා. :)

budhajeewa said...

@ ඩනිෂ්ක :

හම්.. හම්.. ඒක ඇත්ත..

අවුලක් නෑ.. මම ඉස්කෝලෙ ගියපු දවසක බාන්න බලන්නම්.

Danishka said...

ඇත්තටම මම සුපුන් වගේ කෙනෙක් ගෙන් බලා පොරොත්තු වෙන්නේ..

"අපෙ ඉස්කොලෙන් මාතර අන්තර්ජාලය නැති අනෙක් පාසැල් වලට CD/DVD දුන්නා" වගේ පණිවිඩයක් ;-)

budhajeewa said...

@ ඩනිෂ්ක :

:-)

බලමු, බලමු.. බැරි වෙන එකක් නෑ !