Thursday, December 10, 2009

MS Excel 2007 සමග ඔබේ ජීවිතය..?? (අනිවාර්යයෙන් කියවන්න!)

ඔබ MS Office 2007 තවම භාවිතා කරන්නෙක්ද?
එය අනවසර පිටපතක්ද?
මුලින්ම නිකුත්වූ සංස්කරණයක්ද?
එසේනම් මෙය ඔබට ඉතා වැදගත්!


මම හුඟකලකට පෙර මේ ගැන කිහිප දෙනෙක්වම දැනුවත් කළා. ඒත් තාම Excel 2007 භාවිතා කරන අය සිටින නිසා මේ ප්‍රශ්නය ගැන දැනුවත් කරන එක වැදගත් කියා මා සිතමි.

Excel 2007 හි ගණනය කිරීම් සමහරවිට වැරදි පිළිතුරු දෙනබව ඔබ නොදන්නා කාරණයක් විය හැකියි. පහත රූපයේ ඇති ගණනය කිරීම් වලට අනුව ලැබී ඇති පිළිතුර ඔබ calculator එක භාවිතා කර හෝ කොළයක් හා පෑනක් භාවිතා කර සාදා බලන්න. සත්‍ය පිළිතුර 65535 වුවද Excel ලබා දී ඇත්තේ 100000 යන පිළිතුරයි.

ඔබ Excel 2007 භාවිතා කර, ඔබේ ආයතනයේ හෝ ව්‍යාපාරයේ ගිණුම් කටයුතු කරන්නෙක් නම් මෙහිදී ඇතිවන තත්වය ඔබට තේරුම් ගත හැකියි.


මෙහෙම කර බලන්න: =850*77.1 (දැන් enter යතුර ඔබා ලැබෙන පිළිතුර Enjoy කරන්න :-) ඒ වාගේම රූපයේ ඇති අනිත් ඒවාත් කර බලන්න.)

මෙම ප්‍රශ්නය විසඳීමට (bug fix එක ලබා දීමට) මයිකොසොෆ්ට් ආයතනයට මට මතක හැටියට මාස කිහිපයක් ගතවුනා. එතෙක්, එය මිලදී ගත් පාරිභෝගිකයන්ට කටවසාගෙන බලාසිටීමට සිදුවිය.

(හේතුව:
එම පාරිභෝගිකයින් මෘදුකාංගයේ වරදක් ඇතොත් නඩු නොදමා මුවින් නොබැණ කට වසාගෙන සිටීමට License Agreement එකේ හැටියට එකඟවී ඇත)

අනවසර පිටපත් භාවිතා කරන අයට update කිරීමට අව
ස්ථාව නොලැබේ. ඒ වෙනුවට අළුත් සංස්කරණය භාවිතා කිරීමට සිදුවේ.

(මා මේ ලිපියෙන් Microsoft ආයතනයට කිසිදු අපහාසයක් කිරීමට අපේක්ෂා නොකරමි. මෙය වැරැද්දක් පෙන්වීමක් පමණයි) :-)

No comments: