ඔන්න අප්‍රේල් මාසයට fedora 10 ගෙන්වා ගැනීමේ ඉල්ලුම් පත්‍රය විවෘතයි!
වහාම කැමති අයෙක් වෙතොත් form එක පුරවා එවන්න. අපි හැකි අයුරින් ඔබ වෙත Fedora 10 Dvd එක ලැබෙන්න සලස්වන්නම්.
මෙන්න ලින්ක් එක:
http://fedoraproject.org/freemedia/FreeMedia-form.html
සැ.යු:
මිතුරු මිතුරියනි, මේ CD/DVD අපිට පුළුවන් විධියට write කරලා අතින් වියදම් කරගෙනයි ඔබ වෙත ලැබෙන්න සලස්වන්නේ. ඒ නිසා කරුණාකර මේවා ඔබට download කරන්න බැරිනම් පමණක් අපෙන් ඉල්ලන්න.
අනිත් එක, මේවා එක්ක Ubuntu වගේ ලස්සන stickers අපි එවන්නෙත් නෑ. දැනට අපි (ලංකානෙට් එකෙන්) එවන්නේ i386 නැතහොත් 32bit version එක විතරයි. සිම්පල් විධියට dialog broadband connection එකකින් දුකසේ Download කරලයි ගන්නේ.
Use sinhala unicode font to read this blog. මගේ බ්ලොග් එකේ ලිපි ඔබ යම්කිසි දෙයකට භාවිතා කරන්නේනම් එය මෙම බ්ලොග් අඩවියෙන් උපුටාගත් බවට හෝ එය සඳහා මෙම බ්ලොග් එක උපකාරීවූ බව සඳහන් කිරීමට කාරුණික වන්න.
Thursday, April 2, 2009
Monday, March 30, 2009
ලිනක්ස් හි root password එක අමතක වුනාම මොකද කරන්නේ?
මෙම ක්‍රමය fedora, CentOS හෝ Redhat සඳහා යොදා ගත හැක.
1. පරිගණකය boot වෙන අවස්ථාවේදී එන grub menu එකෙන් ඔබේ ලිනක්ස් එක arrow key වලින් තෝරා Enter වෙනුවට යතුරු පුවරුවේ a අකුර ඔබන්න
ඉන් පසු පහත සඳහන් ආකාරයේ පේළියට ආසන්න ආකාරයේ එකක් ඔබට පෙනෙනු ඇත
kernel /vmlinuz-2.6.27.19-78.2.30 ro root=LABEL=/ acpi=on rhgb quiet
2. එම පේළියේ කෙළවරට පහත ඇති ආකාරයට අංක 1 ඇතුලත් කරන්න
kernel /vmlinuz-2.6.27.19-78.2.30 ro root=LABEL=/ acpi=on rhgb quiet 1
3. දැන් Enter යතුර ඔබන්න. මේ අවස්ථාවේදී grub විසින් ඔබව root පරිශීලකයා ලෙසට ලිනක්ස් පද්ධතියට boot කර යවයි. නමුත් ඔබව විධාන පමණක් යෙදිය හැකි මාධ්‍යයට යැවේ. (Text/Terminel mode)මෙය මේ අවස්ථාවට පමණක් එසේ සිදුකරයි.
4. දැන් ඔබ log වී ඉන්නේ root විධියටයි. එතනදී passwd ලෙස විධානය දෙන්න.
5. දැන් ඔබේ අළුත් මුරවචනය දෙන්න.ඉන්පසු පරිගණකය reboot කරන්න.
(ඉඟි: reboot කිරීමට shutdown -r now විධානය දෙන්න.)

Tuesday, March 24, 2009
නොමිලේම ලිනක්ස් සංගත තැටි ගෙදරට ගෙන්න ගන්න...
අද මට හිතුනා ඕගොල්ලන්ට පුංචි හෝඩුවාවක් දෙන්න.
දන්නවද, ලඟදීම ලංකානෙට් එකේ අපි මේ ලිනක්ස් වර්ග නොමිලේ ඔබගේ ගෙදරටම එවනවා! ඇත්තටම අවශ්‍ය අය ඉන්නවනම් අපිට දැනුම් දෙන්න. අදහස් උදහස් වෙතොත් අපිට කියන්න. ඔබේ අදහස් අපේ මෙම ක්‍රියාවලියට ලොකු සහයෝගයක් වෙනවා.
Super Ubuntu
Fedora
knoppix
අපේ වෙබ් අඩවියෙන් මේවා ඉල්ලන්න.
www.lankanet.org
සීමිත ප්‍රමාණයක් තමයි දැනට දෙන්නේ. අනාගතයේදී ඉල්ලුමට සරිලන විධියට සැපයුම කරන්න බලාපොරොත්තු වෙනවා.

Monday, March 16, 2009
පදවියටත් නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංග ගෙන ගිය වගයි!
ඔන්න ලංකානෙට් එකේ අපි තවත් පිම්මක් පැන්නා! මේ පාර අපි පදවිය නගරයට ගොස් අපට හැකි ආකාරයෙන් උපරිමයෙන් නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංග නොඑසේනම් FOSS ගැන විවෘත හා සංවාදාත්මක සම්මන්ත්‍රණයක් සහ පුහුණු වැඩමුළුවකුත් කළා.
සම්මන්ත්‍රණයට පළාතේ සෑම තරාතිරමක අය සහභාගි වුනා. සම්මන්ත්‍රණය පැවැත්වූයේ පදවිය මහසෙන් නවෝද්‍ය මහා විද්‍යාලයේදියි. එදින LTSP තාක්ෂණය ගැනත් FOSS වලට අමතරව හඳුන්වා දුන්නා. මේ පළාතට හරිහමන් විධියේ අන්තර්ජාල පහසුකමක්වත් නෑ. ඒ තරම්ම තොරතුරු තාක්ෂණයෙන් ඈත් වෙලා. නැත්නම් ඈත් කරලා. නොයෙකුත් හේතු නිසා පාසල්වල පරිගණක නිකං පුස්කනවා. මේ සම්මන්ත්‍රණයෙන් පස්සේ ඒ තත්වය වෙනස් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
පුහුණු වැඩමුළුව තුලදී අපි පරිගණකයේ Linux (Fedora and Ubuntu) ස්ථාපණය කරන හැටි, පරිශීලණයේදී දැනගත යුතු වැදගත් කරුණු, මෙහි ඇති ප්‍රයෝජනය සහ පැනනගින ගැටළු නිරාකරණය කිරීම ඇතුළු ගොඩක් දේවල් පිළිබඳව එයට සහභාගි වූවන්ව දැනුවත් කළා.
පදවියේ තියෙන e-Vision Lanka ආයතනයේ සහය ඇතිව අප මෙම සම්මන්ත්‍රණය හා පුහුණු වැඩමුළුව පැවැත්වුවා. වැඩේ ඉතා සාරථක බව අතිශයෝක්තියකින් තොරව කියන්න පුළුවන්. FOSS ආශ්‍රිත පරිගණක අධ්‍යාපණය ප්‍රවලිත කිරීමේ අරමුණින් අප ලංකානෙට් ආයතනය විසින් LTSP ස්ථාපණය කරණ ලද නව පරිගණකයකුත් පදවිය නගරයට ලබා දුන්නා!
මෙන්න මෙතනින් තවත් පින්තූර ටිකක් බලතෑකි
Wednesday, December 10, 2008
Easylife සමගින් Fedora ජීවිතය පහසු කරගමු
Easylife පැකේජ් එක fedora පාවිච්චි කරන්න හිතන් ඉන්න අයටයි දැනට පාවිච්චි කරණ අයටයි හරි පහසුවෙන් තමන්ට අත්‍යාවශ්‍ය වන මෘදුකාංග කීපයක් ස්ථාපනය කර දෙනවා.
උදාහරණයක් ලෙස Java, Flash, Codecs, Media Players දාන්න සාමාන්‍යයෙන් ගතවෙන කාලය, මහන්සිය සහ අපහසුතාවයන් ගැන කියලා වැඩක් නෑ. අළුතෙන් ලිනක්ස් භාවිතා කරන්න එන අයට ඔය ප්‍රශ්ණ නිසා ලිනක්ස් එපා වෙනවා. ඒත් මේ Easylife මගින් එවැනි ප්‍රශ්ණ තවදුරටත් පවතින්නේ නැතිවෙනවා. ඔබට mouse clicks දෙක තුනකින් අව්‍ශ්‍යදේ ස්ථාපනය කරගන්න පුළුවන්.
මෙය Skype,Google apps, DVD tools, Livna Repository, Adobe Reader, අතිරේක Fonts සහ තවත් ගොඩක් දේවල් ලේසියෙන්ම ස්ථාපනය කරනවා.
මෙතනින් RPM file එක ගන්න:

මෙන්න රූප කිහිපයක්...
1.Applications-> System tools->EasyLife (මෙතනදී root password එක ඉල්ලනවා)
2. ඉහත ආකාරයට මෘදුකාංග අවශ්‍ය Userව තෝරගන්න
3. අවශ්‍ය මෘදුකාංග තෝරා ගන්න. ඉන්පසු OK කරන්න. එච්චරයි....
දාලාම බලන්න. මොනවා හරි දැන ගන්න ඕනෙ නම් මට ලියන්න.
Friday, November 7, 2008
LTSP දෙවන කොටස
LTSP ගැන තව වැදගත් තොරතුරු කිහිපයක් මම මේ ලිපියෙන් පැහැදිලි කරන්න උත්සාහ කරනවා.
හැඳින්වීම...
මෙය කිහිප දෙනෙකුට එකවර තනි පරිගණකයක් භාවිතා කිරිමට පහසුකම ලබාදේ. මෘදුකාංග සියල්ල සර්වර් එක (server)මගින් සපයන අතර දත්ත/තොරතුරු ඇතුළු කිරීම සහ පිටකිරීම (input and output) terminal නොහොත් thin client මගින් සිදු කෙරේ. මෙම thin client පරිගණක අඩු විදුලි පරිභෝජනයක් ඇති එමෙන්ම දෘඩ තැටි (hard disk) සහ වෙනත් චලනයවන උපාංග නොමැති ඒවා වේ. ඒනිසාම එම පරිගණක සාමාන්‍ය වර්ගයේ පරිගණකයකට වඩා අඩු ශබ්දයක් පිටකරයි. විශේෂයෙන්ම සැකසූ thin client පරිගණක වෙනුවට පරණ පරිගණක Ltsp සමග භාවිතා කළහැක. එමනිසා පරණ පරිගණක ඉවත් කිරීමකින් තොරව නව මෘදුකාංග තාක්ෂණය සමග භාවිතා කළ හැක.
LTSP එක වැඩ කරන්නේ කොහොමද ඒකෙ ඇති කොටස් මොනවද කියලා බලමු.
Thin clients
අඩු වේගයක්, අඩු Ram ප්‍රමාණයක්, keyboard, Mouse සහ monitor එකකින් සමන්විත මේවා වෙළඳපොලෙන් මිලදී ගත හැක. ලංකාවේ සොයා ගැනීමට අපහසුය
සරළව කිවහොත් thin client පරිගණක boot වීමට ඒවා තුළ hard disks හෝ වෙනත් boot disks නොමැත. ඒ වෙනුවට ඒවායේ ඇති on board network cards භාවිතා කෙරේ.
පරණ පරිගණක
Thin client වෙනුවට හුඟක් පරණ පරිගණක යොදාගත හැක. (මම මේ වැඩේ කරලා බැලුවා. පුදුම හිතෙනවා! ඒක නියමෙට වැඩ කරනවා. සර්වර් එක විදියට භාවිතා කරන Pentium 4 computer එකේ speed එක පරණ එකෙන් ගන්න පුළුවන්!! මාව විශ්වාස නැත්නම් වැඩේ කරලාම බලන්න!!! )
මම යොදා ගත්ත පරණම පරිගණකයේ විස්තර:
Processor: Pentium 1 (133MHZ)
Ram: 64MB
VGA: 8MB card
15” monitor
Old Keyboard
Serial Mouse
LAN: Intel MT pro 1000 with boot Rom
Boot වීමට network cardඑක තුළ boot ROM එක තිබිය යුතුයි. Boot ROM එක network එකට තමන්ට boot වීමට අවශ්‍ය බව දන්වනවා. එවිට LTSP server එක මගින් boot වීමට අවශ්‍ය Operating system එක ලබා දෙනවා.
Boot Rom ප්‍රශ්ණයට විකල්ප:
1.එසේ boot rom නොමැති network cards වලට විකල්පයක් ලෙස එම card එකේ chipset එකට අදාල boot rom image එක floppy disk එකකට හෝ Cd එකකට දැමා ගත හැක. මෙම boot image එක ලේසියෙන්ම http://www.rom-o-matic.net web එකෙන් ලබා ගන්න පුළුවන්. උපදෙස් සියල්ල එහි සඳහන් වෙනවා.
2.On board LAN තියෙන පරණ පරිගණක යොදා ගැනීම තවත් විකල්පයක්..
Server
ඇත්තම Server එකක් වෙනුවට අළුත් පරිගණකයක් පහසුවෙන් භාවිතා කළ හැක. එම පරිගණකයට අවශ්‍යවන දේවල් පහත දැක්වේ.
1.Processor: P4 1.8GHZ or faster
2.Ram: 1 GB or more
3.LAN: 2 cards (ඕනෑම වර්ගයක්. Boot Rom අවශ්‍ය නැත)
4.VGA
5.Keyboard/Mouse
6.HDD: 40GB or more
7.CD/DVD
Client පරිගණක වැඩිවන තරමට server එකේ Ram වැඩිකළ යුතුයි. Client computer එකකට server එකේ 128MB Ram වත් වෙන් කරීමට අවශ්‍යයි. Network Cards දෙකෙන් එකක් අන්තර්ජාලයටද අනෙක Client computers වලට අවශ්‍ය සේවාවන් ලබා දීමට භාවිතා කෙරේ. Hard disk එක තමන්ගේ Network එකේ පාවිච්චි කරණ client computers ප්‍රමාණයට සහ ඒවායෙන් save කරණ දත්ත ප්‍රමාණයට අනුව වැඩිකල යුතුයි.
Network
Network Switch එකක් සහ Network cables පමණක් සෑහේ (අන්තර්ජාල පහසුකම ඇත්නම් පමණක් යොදා ගත හැක)
Server Software
අපට ප්‍රධාන වශයෙන් server එකට අවශ්‍ය මෘදුකාංගය වන LTSP සහිත Linux distributions 2කින් එකක් යොදාගත හැක. ඒවා ලබාගත හැකි තැන්:
Fedora සහ CentOS පාවිච්චි කරන අයට
http://k12ltsp.org/mediawiki/index.php/DownLoad
Ubuntu පාවිච්චි කරන අයට alternative install Cd එක ගන්න:
http://www.edubuntu.com/Download
මෘදුකාංග ස්ථාපනය කිරීමෙන් පසු server එකේ firewall settings සහ client computers වලට අදාල වෙනස්කම් කළ යුතුයි. උපදෙස් සඳහා: www.ltsp.org වෙත යන්න.
නිගමනයන්
පරණ පරිගණක වලට නව මෘදුකාංග දාන්න බැරිව ඒවා කුණුගොඩට යවනවාට වෙනුවට වැඩක් ගන්න පුළුවන්. අපිට වින්ඩෝස් XP / Vista, අළුත් Ubuntu, Fedora සහ Gentoo 64mb ram තියෙන පරණ computer එකකට දාන්න බෑ. නමුත් LTSP භාවිතයෙන් පරණ computer වලින් අළුත් Operating systems සහ මෘදුකාංග පාවිච්චි කරන්න පුළුවන්. අපි Open source software යොදා ගන්නා නිසා එයින් ඇති වන වාසිය කියා නිමකල නොහැක
මගේ දායකත්වයන්
http://si.wikipedia.org/wiki/Ltsp
http://alstontravelnotes.blogspot.com/2006/06/free-open-source-software-is-really.html

Thursday, October 9, 2008
දැනට භාවිතයේ ඇති ජනප්‍රිය මෘදුකාංග වෙනුවට ඒහා සමානව භාවිතා කළ හැකි විවෘත මූලාශ්‍ර මෘදුකාංග (FOSS)
Microsoft Internet Explorer වෙනුවට Mozilla Firefox
Microsoft Money 2007 වෙනුවට GnuCash
Microsoft Office වෙනුවට OpenOffice
MSN Messenger/Yahoo Messenger වෙනුවට Pidgin
Adobe Illustrator CS2 වෙනුවට Skencil
Adobe Pagemaker/Indesign වෙනුවට Scribus
Adobe Photoshop CS3 වෙනුවට Gimp
Corel Draw X3 වෙනුවට InkScape
Adobe Premiere Pro 2.0 වෙනුවට Avidemux
Autodesk 3ds Max 9/ Maya 8 වෙනුවට Blender
Autodesk AutoCAD 2007 වෙනුවට Qcad
Macromedia Flash Professional 8 වෙනුවට OpenLaszlo
Microsoft Outlook 2003 වෙනුවට Evolution
Microsoft Windows Media Player වෙනුවට VLC media player
Nero Burning Rom වෙනුවට K3B
මේවා සාදා ඇති කේතයන් (Source Codes) ඕනෑම කෙනෙකුට ලබා ගත හැකි අතර පිටපත් කිරීම (කොපි) සහ බෙදා හැරීමට නීතියෙන් ඉඩ ලබා දී ඇත. එමෙන්ම මෘදුකාංගය වෙනස් කිරීමටද හැක. නොමිලයේ අන්තර්ජාලය මගින් බෙදා හැරේ.
ලංකාවේ තත්වය
නීතිය අනුව වානිජ මෘදුකාංග කොපි කිරීම හා නීත්‍යානුකූලව මිලදී නොගෙන භාවිතා කිරීම තහනම් අතර එසේ සිදුකළහොත් වසර 5කට නොඅඩු සිර දඬුවමක් හෝ මුදලින් ලක්ෂ 5ක දඩයක්ද නොඑසේනම් එම දඬුවම් දෙකම පැනවේ.
මේ අනුව බැලූවිට මෘදුකාංග මිලදී ගැනීම සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවේ. නමුත් එය අපට දැරිය නොහැකි ප්‍රමාණයේ විශාල එකකි. උදාහරණයක් ලෙස ගතහොත් Microsoft Windows නීත්‍යානුකූලව මිලදී ගැනීමට පමණක් රුපියල් 20000කට ආසන්න මුදලක් වැයවෙන අතර Microsoft Office සඳහා රුපියල් 40000ක් පමණ වැයවේ.
නමුත් වානිජව විකිනීමට ඇති මෘදුකාංග වලින් කරන කාර්යයන් එලෙසින්ම කළ හැකි විවෘත මූලාශ්‍ර මෘදුකාංග භාවිතා කිරීමෙන් අපට එම දුෂ්කරතාවයන් පහසුවෙන් මගහරවා ගත හැකි වේ.

Subscribe to:
Posts (Atom)