Tuesday, March 2, 2010

LankaNet.Org Linux v.2 system requirements

මෙන්න ලංකානෙට් ලිනක්ස් සඳහා අවශ්‍යවන මූලික දෙවල්:

Processor: 1.8ghz
HDD: 10GB
Ram: 512

DVD එකේ තියෙන සියළුම මෘදුකාග ස්ථාපනය කිරීමට යන්නේ 6.5GB ඉඩක් පමණයි.
මතක තියාගන්න, root සහ ubuntuගේ password එක: lankanet

මෙහි පිටපත් හැකි තරම් බෙදා හරින්න.

Thursday, February 25, 2010

LankaNet.Org Linux v.2 ගත්තාද?

අරගෙන බලලා කොහොමද කියන්න. සමහර අයට මේක නොමිලේ දෙන නිසා අගයක් නැතිව ඇති. ඒ වටිනාකම නොදන්න නිසයි.
මෙහෙන් වැඩි විස්තර අරදෙන Download කරගන්න. මේක Windows සහ අනිත් මෘදුකාංග හොරකොපි වෙනුවට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් හොඳ ආදේශකයක්. ඔනෙනම් මේකේ ඔබ කැමති ඕනෑම මෘදුකාංගයක් ස්ථාපනය කරගන්න පුළුවන්. (වින්ඩෝස්වල වැඩ කරන ඒවාත් මේකෙ හොඳට වැඩ කරනවා.

ඔබේ අදහස් අනිවාර්යයෙන්ම ලියන්න.
මෙතනින් ගන්න/වැඩිවිස්තර බලන්න

LankaNet.Org Linux v.2 නිකුත්වුනා!

අද මම LankaNet.Org Linux V.2 නිකුත් කළ බව මෙයින් ප්‍රකාශ කරමි. මෙය නොමිලේ දෙන අතර අපේ වේබ් අඩවියෙන් වැඩි විස්තර ගන්න පුළුවන්.

මෙහි Gnome සහ KDE දෙකම ඇතුලත් කර ඇත. බාගන්න කැමති අය වෙතොත් අපේ අඩවියෙන් ගන්න පුළුවන්. මෙහි වින්ඩෝස් මත පමණක් ක්‍රියා කරන මෘදුකාංග ඉතා පහසුවෙන් ස්ථාපනය කර භාවිතා කල හැක. එදිනෙදා වැඩකටයුතු කිරීමට අවශ්‍යවන මෘදුකාංග විශාල ප්‍රමාණයක් ඇතුලත් කර ඇත. එමනිසා ඔබ දැනට භාවිතා කරන Operating system සහ මෘදුකාංග වෙනුවට සාර්ථකව විකල්පයක් ලෙස භාවිතා කළ හැක.


අපේ රටේ ඇති නීතියට අනුව මෘදුකාංග පිටපත් කර භාවිතා කිරීම නීති විරෝධීවේ. එමනිසා එයට සාර්ථක විසඳුමක් ලෙස මෙය හැඳින්විය හැක.

වැදගත්!

මෙහි පද්ධති මුරවචනය වන්නේ: lankanet


බාගන්න මෙතනට යන්න
ඒවගේම ඔබගේ අදහස් උදහස් අපිට ලියන්න

Wednesday, February 24, 2010

ලෝකය උඩු යටිකුරු කරන්න 'SixthSense' technology

භෞතික ලෝකය හා පරිගණක ලෝකය එකිනෙක යා කරන අපූරු සොයා ගැනීමක් වන 'SixthSense' technology ගැන සමහර විට ඔබ අසා ඇති. නමුත් මෙය බොහෝ දෙනෙකුට තවමත් දැනගන්නට නොලැබුනු තොරතුරු තාක්ෂණික මෙවලමකි.

මෙහි ඇති වටිනාකම දෙගුණ තෙගුණ වන්නේ මෙය විවෘත මූලාශ්‍ර මෘදුකාංගයක් (Open Source) ලෙස නිකුත් කිරීමට නිර්මාණය කළ ප්‍රනාව් මිස්ත්‍රි (Pranav Mistry) තීරණය කර තිබීමයි. එය FOSS වලට ආදරය කරන අපි හැමෝටම සහ අපි වගේ දුප්පත්කම දුරලන්නට වෙරදරන රටවල්වලට මහත් උපකාරයක් වෙන බව සහතිකයි.

ඇත්තටම මෙම සොයා ගැනීම ලෝකය උඩුයටිකුරු කරන බවට අවිවාදයෙන් කිව හැකියි.


මම මෙය ගැන විස්තර කියනවට වැඩිය මෙම වීඩියෝ දර්ශනය බැලූවිට ඔබට මෙහි ඇති වැදගත්කම පැහැදිලි වේවි.

Friday, February 12, 2010

ලංකානෙට්.org ලිනක්ස් නිකුත් කිරීමට ලඟයි! ඔබේ උදව් ඕනෑ කර තිබේ!

දැනට 95% ක් පමණ නිම කර ඇති ලංකානෙට්.org ලිනක්ස් ගැන හෝඩුවාවන් මෙසේ දක්වමි. ඇතුලත්කල යුතු යැයි ඔබට හැඟෙන දෙයක් ඇතොත් වහාම මට දන්වන්න.

මෙම සංස්කරණයේ විශේෂ ගුණාංග කීපයක් ලෙස පහත දේවල් දැක්විය හැක.
  1. මෙය සම්පූර්ණයෙන්ම උබුන්ටු පමණක් පදනම් කර ඇත (පසුගිය සංස්කරණය SuperOs මත පදනම් වී ඇත)
  2. Antivirus මෘදුකාංග 3ක් ඇතුලත් කර ඇත (ස්ථාපනය කිරීමට අපහසු අය සඳහා ඇතුලත් කර ඇත)
  3. Wine සමග අත්‍යාව‍ශ්‍යවන dll/fonts/Runtimes ගොනු ඇතුලත් කර ඇති නිසා Windows මත වැඩ කරන මෘදුකාංග මෙවර ඉතා පහසුවෙන් වැඩ කරයි
  4. Playon Linux ඇති නිසා Windows මත පමණක් ක්‍රියාකරන මෘදුකාංග සහ පරිගණක ක්‍රීඩා ඉතා හොඳින් වැඩ කරයි
  5. UBUDSL ඇති නිසා බහුතරයක් DSL modem සඳහා සහය දක්වයි

අළුතෙන් ඇතුලත් කර ඇති දේවල් කිහිපයක්


අධ්‍යාපනික:

  • Artha offline Dictionary
  • Kbruch
  • Kiten
  • Tuxmath
  • Gperiodic
  • Kalzium
  • Avogadro

කාර්යාලීය:
  • Openoffice.org සම්පූර්ණ වශයෙන්ම
  • Adobe Reader 9
  • Gnucash
  • Planner
  • Xchm

ආරක්ෂණ උපාංග:
  • Avast Antivirus
  • Bitdefender Antivirus
  • Lynix
  • rkhunter
  • chkrootkit
  • Clamav (KlamAv)

චිත්‍රපට නිපදවීම/සංස්කරණය:
  • Cinelerra
  • Avidemux
  • Kino

සජීවීකරණය Animation:
  • Blender
  • K-3d
  • Ktoon

සංගීතය, වීඩියෝ සහ විනෝදාත්මක:
  • Compiz-Fusion
  • Songbird
  • Mplayer
  • VLC
  • gdesklets
  • Cheese webcam
  • Audacity
  • Amarok
  • Real player
  • Tvtime

පද්ධති උපාංග:
  • Ubudsl
  • Virtualbox
  • Ubuntu Tweak
  • Virtual Machin Manager
  • Wine
  • Qemu
  • Iso Master
  • Gufw
  • Gparted
චිත්‍ර සහ ඡායාරූප:
  • Gimp
  • Inkscape
  • Dia
  • Skencil
  • Xsane
  • Fontforge

මීට අමතරව සිංහල යුනිකේත අකුරු, Wammu, Xgnokii, Skype, Empathy, FontForge සහ මධුර සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂයද ඇතුලත් කර ඇත.

Monday, January 25, 2010

LankaNet.org ලිනක්ස් නව සංස්කරණය ගැන

මේ පිළිබඳව කීප දෙනෙක්ම විමසූ නිසා ඊට අදාල තොරතුරු මෙසේ පළ කරමි. ඒ අතර ඔබගෙන්ද මට උපකාර අවශ්‍ය වී තිබේ.

නිතර අසන ප්‍රශ්න:

ලංකානෙට් ලිනක්ස් අළුත් සංස්කරණයක් නිකුත් කරන්නේ කවදාද?

ලංකානෙට් ලිනක්ස් නව සංස්කරණය මේ දිනවල මම සකස් කරමින් සිටිමි. ලඟදීම මෙය නිකුත් කරන අතර බොහෝවිට ලබන මාසයේදී නිකුත්වීමට නිකුත් කිරීමට ඉඩ තිබේ.

වෙනදා වගේම ඒකත් තැපෑලෙන් නොමිලේ එවනවද?

ඔව්. Download කරන්න හැකියාවක් නැති අයට නොමිලේම තැපෑලෙන් එවනවා.


අළුතෙන් සිංහල යුනිකෝඩ් අකුරු මේකත් එක්ක දෙනවාද?

කලින් එකේ වගේම හොයාගන්න පුළුවන් හැම එකක්ම මේකට ඇතුලත් කරනවා. ඒ වගේම ලංකානෙට් එකෙන් අළුතෙන් සිංහල යුනිකේත අකුරක් නිකුත් කරන්න මේ දවස්වල වෙහෙසෙනවා. ඒකත් බොහෝ දුරට මේකට ඇතුලත් වේවි.


මම ලිනක්ස් දන්නේ නැහැ. ඒත් භාවිතා කිරීමට තදින්ම අවශ්‍යවී තිබේ. උගන්වන්න පුළුවන්ද?

කැමතිනම් ලංකානෙට් ආයතනයේ පුහුණු පාඨමාලාවකට ඇතුලත්වෙන්න පුළුවන්.



ලංකානෙට්.org Linux භාවිතා කරන අයගෙන් සහ අනිත් හැමොගෙන්ම මට කුඩා උපකාරයක් ඕනෑකර තිබේ. එනම්,


1. එයට ඇතුලත්වීමට අවශ්‍ය නව මෘදුකාංග මොනවද?

2. වෙනස් කිරීමට ඇති දේවල් මොනවද?

3. ඉවත්කල යුතුයැයි යෝජනා කරන්නේ මොනවාද?

4. ඔබේ වෙනත් අදහස්...


මට මේ ගැන හැකි ඉක්මනින් තොරතුරු දෙන්න පුළුවන්නම් ඉතා හොඳයි. මේ බ්ලොග් එකේම උත්තර ලියන්න.

Wednesday, December 16, 2009

Download LankaNet.org Linux for free!

විශාල පිරිසකගේ ඉල්ලීමට අනුව ලංකානෙට්.ඕආර්ජී ලිනක්ස් 9.04 දැන් sourceforge.net එකත් සමග ලියාපදිංචි කර ඇත. අවශ්‍ය අයෙක් වෙතොත් පහත සඳහන් link එකෙන් download කර ගත හැක. අන් අයවත් මේ ගැන දැනුවත් කරන්න.

System requirements for installation:

Processor: Intel p3 1200MHz or higher
Memory: 384Mb

HDD: 20GB


Download size: 2.3Gb
Downlo
ad Link: (Click on the image)
https://sourceforge.net/projects/lankanetorg/files/LankaNetOrg.iso/download