Wednesday, June 23, 2010

Fedora 13 පිටපතක් පැමිණ නොමිලේ ගන්න

දයාබර මිතුරු මිතුරියනි,

මෙවර  නොයෙකුත් ගැටළු සහගත තත්වයන් නිසා ලංකානෙට් ආයතනය විසින් fedora 13 තැපැල් මගින් එවනු නොලැබේ. එය අවශ්‍ය කෙනෙක් වෙතොත් අප ආයතනයට පැමිණ නොමිලේ පිටපතක් ලබා ගත හැක.

පැමිණ ලබා ගැනීමට නොහැකි අයට Fedora web අඩවියේ ඉල්ලුම් පත්‍රය පිරවීමෙන් ගෙදරට ගෙන්වා ගත හැක. නමුත් එසේ ලැබෙනුයේ ඒවා තැපැලෙන් එවීමට ස්වේඡ්චාවෙන් දායක වෙන කිහිප දෙනා ඔබේ ඉල්ලීම පිළිගතහොත් පමණි.

අපේ ලිපිනය:
ලංකානෙට්
153
ශ්‍රී සරණංකර මාවත
දෙහිවල

දුරකථන: 2726340


Dear friends,

Due to an unavoidable difficulty we will not be able to post Fedora 13 DVDs this time. But please visit LankaNet office and collect your free copy of Fedora 13. (Monday to Friday during 9 a.m. To 5p.m.)

For those who cannot visit us, you can still order it from the fedora web site for free.

Our Address:
LankaNet
153
Sri Saranankara Road
Dehiwala


Phone: 2726340

Tuesday, June 22, 2010

පරණ පරිගණකයට Fedora 13 install කරපු හැටි....

මගේ ගෙදර පාවිච්චි කරන මට තියෙන එකම පරිගණකය pentium 3 වර්ගයේ පරණ එකකි. එහි ඇති Ram ප්‍රමාණය 256mb වන අතර processor speed එක 800mhz වේ. දැනට භාවිතා කරන operating system එක වන්නේ TeenPup Linux. එය Puppy Linux පාදක කරගත් එකකි.

මට මේ පරිගණකයට fedora 13 දාගන්න හැකිනම් බොහොමයක් වැඩ ලේසියෙන් කරගන්න පුළුවන් නිසා බොහොම අමාරුවෙන් තවත් 128mb ram card එකක් හොයාගෙන පරිගණකයට සවි කලෙමි.
දැන් මුළු ram ප්‍රමාණය කීයද?... 384යි.

දැන් Fedora 13 dvd එක පරිගණකයට දමා boot කලෙමි. කොහොම හරි මම හිතුවා වගේ ඒක අඩුවේගයක් ගත්තේ නැහැ. මටත් පුදුමයි. ඒත් installation එක ආරම්භ කලවිට text mode එකෙන් installation එක ක්‍රියාත්මක වුනා. ඒත් මම මෘදුකාංග installation එකේදී customize (ඒ කියන්නේ මෘදුකාංග තෝරා බේරාගෙන ස්ථාපනය කිරීමටයි) කරගන්නවා කියලා හිතාගෙන ඒකට ඉදිරියටම යන්නට ඉඩ දුන්නා. නමුත් පුදුමයකට වගේ software customization (or you may call it custom selection) screen එක ආවේ නෑ. ඒ වෙනුවට එයා කෙලින්ම මෘදුකාංග ස්ථාපනය එයාට ඕන විධියට පටන් ගත්තා. විනාඩි 20න් විතර installation එක අවසන් වුනා. ඒවගේම පරිගණකයෙන් dvd එක දොට්ට දමා reboot කිරීමට අවශ්‍යයැයි එයා කිව්වා. (එයා කියලා මම කිව්වේ fedora 13 ගැන) ඔන්න ඉතිං reboot වෙලා අවසානයේ terminal එක පෙන්වන්න ගත්තා. Graphical desktop එක නෑ. ඒක එහෙම වුනේ fedora 13ට Graphical desktop එක ස්ථාපනය සඳහා අවශ්‍ය තරම් ram නොතිබුන නිසයි.

මට terminal එක ගෙදරවගේ වුනාට ගෙදරදොරේ වැඩ ටික කරගන්න මට Graphical desktop එක ඕන. සිංදුවක් අහන්න video එකක් බලන්න ගෙදර තරම් තැනක් වෙන කොයින්ද? ඉතිං මේකට එකම පිළියම තව වැඩිපුර ram එකතු කිරීමයි. මම වහාම fedora 13 system requirements බැලුවා. ඒකේ කියන්නේ Graphical desktop එක ස්ථාපනයට ram 512mb වත් අවශ්‍යයි කියලයි. දැන් මොකද කරන්නේ? මගේ පරිගණකයට ඇත්තේ ram slots 3යි. ඒත් SDram කොහෙන් කියලා හොයන්නද?
එදාට පහුවෙනිදා කාර්යාලයට ගියවෙලාවෙ බොහොම අමාරුවෙන් තවත් 64mb ram එකක් හොයා ගත්තා. ඕන දෙයක් වෙච්චදෙන් කියලා ඒක ගෙනවිත් සවිකලා. දැන් Ram ප්‍රමාණය 448mb! තව 64ක් අඩුයි!! කමක් නෑ කියලා fedora 13 ස්ථාපනය පටන් ගත්තා. හරිම සතුටුයි වැඩේ හරිගියා!! කොහොම හරි විනාඩි 40ක් වගේ කාලයක් ඇතුලත මට අවශ්‍ය ආකාරයට installation එක කර ගත්තා.
කිසිම කරදරයක් නැතිව පරිගණකය බබා වගේ වැඩ! නියමයි! හැබැයි GUI එක භාවිතයේදී processor එකේ වේගය අඩුබව පොඩ්ඩක් දැනුනා. ඒත් අවුලක් නැහැ. 

ඊට පස්සේmp3, dvd පාවිච්චි කරන්න multimedia codecs අවශ්‍යතාවය දැනුනා. Nokia phone එක පාවිච්චි කරලා ඒවා දාගන්න ගියොත් විකිණෙන නිසා මට අමුතු වැඩක් කරන්න හිතුනා!

අමුතු වැඩක්!

පරිගණකයේ Hard disk එක ගලවගෙන ඊලඟ දවසේ මා සේවය කරන LankaNet ආයතනයට ගෙනගොස් ඒහි ඇති Core 2 duo පරිගණකයකට සවි කර boot කලෙමි. මම හිතුවේ වැඩේ අන්තිමටම වරදියි කියලයි. ඒත් මම වැරදියි! මෙන්න ඒකෙදිත් මේක බබා වගේ වැඩ!!
ඒවෙලාවෙම එහි NetworkManager එක restart කර අපේ network එකට සම්බන්ධ කර ගත්තා. ආයිත් තව මොනවා බල බල ඉන්නද? Easylife දාගෙන මට අවශ්‍ය හැමදේම ඒවෙලාවෙම ස්ථාපනය කර ගත්තා.
නැවත Hard disk එක ගලවගෙන හවස ගෙදර ගිහින් නැවත් මගේ පරිගණකයට ඒක සවි කලා. නියමෙට වැඩ!! කියලා වැඩක් නෑ මට ෆුල් හැපි!

මම හිතන්නේ මේ ක්‍රමය හැම කෙනෙක්ටම හරියයි කියලා හරියටම කියන්න බැරි වුනත් බොහෝ දුරට මට වගේම හරියන්න පුළුවන්. උත්සාහ කරලා බලන්න. මේ ක්‍රමයට අන්තර්ජාලය නැති කෙනෙක්ට මුලින්ම තම පරිගණකයේ fedora 13 ස්ථාපනය කර ඉන්පසු hard disk එක ගලවා internet ඇති තැනක පරිගණකයකට සවි කර තමන්ට අවශ්‍ය දේ ස්ථාපනය කරගන්න පුළුවන් වේවි.

කොහොම හරි මගේ අවශ්‍යතාවය ඉටුකරගත්තා. එනම්,

1. පරණ පරිගණකයට fedora 13 ස්ථාපනය.
2. මට අවශ්‍යදේ අන්තර්ජාලය ඇති තැනකට ගොස් ස්ථාපනය කරගැනීම.

මේ දේ ඔබත් කර බලන්න. දෙකෙන් එකක් වෙයි!

Sunday, June 20, 2010

Fedora 13 අති විශිෂ්ඨයි! (කෙටි සටහනක්)

Fedora 11 පාවිච්චි කරලා ඇතිවෙලා මට හිතුනා රාජකාරි ලැප්ටොප් එකට Fedora 13 දාගත්තොත් හොඳයි කියලා. ඒක එහෙම කරන්න හේතු කිහිපයක් තිබ්බා.
එකක් මගේ ලැප්ටොප් එකේ Bluetooth device එක fedora 11 එක්ක හරියට වැඩ කරන්නේ නෑ. ඒවගේම මගේ Nokia ජංගම දුරකථනය භාවිතයෙන් අන්තර්ජාලයට යාමට අවහිරවෙන නොයෙකුත් ගැටළු තිබ්බා. (ගෙදරදී අන්තර්ජාලයට යන්නේ ජංගම දුරකථනය සම්බන්ධ කරලයි.)

Triple boot විධියට පාවිච්චිකළ MS Windows Vista, fedora 11 සහ ලංකානෙට් ලිනක්ස් 1 (උබුන්ටු 9.04) අතරින් MS Windows Vista ඉතිරි කර අනිත් දෙන්නාව ඉවත් කළා. එහෙම කරන්න Ranish Partition manager software එක පාවිච්චි කලා. ලැප්ටොප් එකත් එක්කම ආව නිසා Vista එහෙම්මම තිබ්බා. Ubuntu පසුව දාගන්න ඉඩ තිබ්බා.
ඔන්න ඉතිං fedora 13 installation එක පටන් ගත්තා. මට අවශ්‍ය විධියට partition හදාගෙන, ඒවගේම මට අවශ්‍ය software තෝරා බේරා ගෙන වැඩේ ඉක්මනින්ම ඉවර කර ගත්තා.
Bluetooth icon එක panel එකේ පෙන්වන්න ගත්තාම මට හරිම සතුටක් දැනුනා. එය හරහා ජංගම දුරකථනයට file එකක් යවා එහි ක්‍රියාකාරීත්වය සාරථකව සිදුවෙන බව සොයා ගත්තා. ඒ වගේම panel එකේ ඇති NetworkManager icon එක click කර ලේසියෙන්ම wireless narrowband connection එක සකස් කරගත්තා (Nokia phone එක භාවිතයෙන්). අන්තර්ජාලයත් ඒ හරහා වැඩ කලා. ඉන්පසු හැකි ඉක්මනින් එය විසන්ධි කර office එකේ Network එකට එකතු වුනා. නැත්නම් phone bill එක ගෙවන්න ඉඩකඩම් උගසට තියන්නවෙයි.
ඉන්පසු Easylife දාගෙන එය හරහා අවශ්‍ය Multimedia codecs ඇතුලු අනෙකුත් මෘදුකාංග කිහිපයකුත් දාගත්තා. මගේ මූලික අවශ්‍යතාවයන් දැන් හරි.


දැන් මේකෙ මොනවද අළුතෙන් තියෙන්නේ?


1. Deja Dup Backup tool එක තමන්ගේ ගොනු සුරක්ෂිත කරීමේ පහසුව සඳහා ඇත.
2. Printer කිහිපයක් ඔබ භාවිතා කරනවානම් ඒ සඳහා වෙනවෙනම drivers install කිරීමට අවශ්‍ය නොවේ. මෙහිදී printer ඉතා පහසුවෙන් ක්‍රියා කරයි.
3. Scanner සඳහා ඉතා සරල ඒවගේම පහසු simple scan නම් මෘදුකාංගයක් හඳුන්වා දී ඇත.
4. Nvidia Graphic cards සඳහා දැන් වඩාත් හොඳින් සහය දක්වයි. එයට අවශ්‍ය ලිනක්ස් සඳහාම සැකසූ driver එකක් ඇතුලත් කර ඇත.
5. Btrfs මගින් පරිගණකය කලින් තිබුන තත්වයට ආපසු යවයි. එය rollback මෘදුකාංගයක් නැත්නම් Windows restore utility එක හා සමාන යැයි සරලව කිව හැක.
6. Gimp ඇත. උබුන්ටු 10.04 එකෙන් Gimp හැලුවට Fedora එකේ තාම ඒක තියෙනවා.

Thursday, June 10, 2010

මගේ බ්ලොග් අඩවිය දැන් දෙමළ භාෂාවෙනුත් බලන්න පුළුවන්!

දෙමළ භාෂාව භාවිතා කරන මිතුරු මිතුරියන් සඳහා දැන් මගේ බ්ලොග් අඩවිය දෙමළ භාෂාවට පරිවර්තනය කර ඇත. ඉදිරියේදී මෙහි පළවන සෑම ලිපියක්ම ඒ අනුව දෙමළ භාෂාවට පරිවර්තනයවේ.

දැන් මේ අඩවිය නිතර බලන ඔබට හිතෙනවා ඇති මම දෙමළ දන්නවා කියලා. (අනේ මම එච්චර පොරක් නෙවෙයි.) මේ සඳහා නොමසුරු සහය මට දෙන්නේ අපේ ආයතනයේ නන්දනී සහෝදරියයි. ඇය නැත්නම් මේ වැඩේ කොහොමටවත් කරන්න විධියක් නැහැ. ඉතින් ඇයට ගොඩක් ස්තූතියි! පින්!!

මෙන්න ඒ බ්ලොග් එක:

http://nandani.lankanet.org

Tuesday, May 11, 2010

LankaNet.Org Linux v.2 screen shots

Sinhala unicode support. මෙහිදී ඔබට සිංහල ක්‍රියාත්මක කිරීමේදී bash ගොනුව සහ Startup Applications list එක සකස් කිරීමට අවශ්‍ය නොවේ. එය අප විසින් පෙරනිමියෙන්ම සකස්කර ඇත.



Internet Menu


Graphics Menu


Scribus, Openoffice.org Calc, VLC player running together with Macslow's cairo clock and AWN Dock


Accessories Menu


Desktop cube (Compiz)

Wednesday, April 21, 2010

Avast antivirus for Linux භාවිතා කරන්නෙනි. මෙය දැනගන්න!

මෙච්චර කාලයක් හොඳින් ක්‍රියාකල ඔබේ Avast මෘදුකාංගය දැන් මෙම error එක පෙන්වනවාද?




Avast antivirus විවෘත කරගන්නම බැහැ නේද? මට එහෙම වුනා. මේක කොහොමද නිවැරදි කරගන්නේ???? මේ ගැන අන්තර්ජංජාලයේ සොයන්න ටිකක් කරදර වුනා. ඒත් දැන් වැඩේ හරි! ඒක විසඳන හැටි මම කියලා දෙන්නම්.
(හැබැයි අලුත් ලිනක්ස් kernel භාවිතා කරන අයට මෙහෙම වෙන්නේ නෑ!)

Redhat/Fedora ලිනක්ස් භාවිතා කරන අය මෙහෙම කරන්න

1. ඔබේ terminal එක විවෘත කරගන්න මෙසේ කරන්න

Applications-> System Tools-> Terminal
හෝ Applications-> Accessories-> Terminal

2. දැන් root පරිශීලකයා විධියට ඇතුල්වන්න මෙසේ කරන්න

විධානය: su - (Enter යතුර ඔබන්න ඉන්පසු rootගේ password එක දෙන්න)


3. මෙම විධානය දෙන්න:

gedit /etc/rc.local (Enter යතුර ඔබන්න)


4. දැන් gedit text editor එක විවෘතනවේ.


5. දැන් එම ගොනුවේ අගට පහත සඳහන් පේළිය එකතු කරන්න (වරද්දගන්න එපා!)

echo 128000000 >/proc/sys/kernel/shmmax

6. දැන් එම ගොනුව save කර close කරන්න.


7. ඔබේ පරිගණකය දැන් restart කරන්න.

දැන් ඔබට පහසුවෙන්ම Avast antivirus විවෘත කරගන්න පුළුවන්.


Ubuntu/LankaNet.Org/Debian භාවිතා කරන අය මෙහෙම කරන්න
1. ඔබේ terminal එක විවෘත කරගන්න මෙසේ කරන්න

Applications-> Accessories-> Terminal


2. මෙම විධානය දෙන්න:(වරද්දගන්න එපා!)

sudo gedit /etc/init.d/rcS (Enter යතුර ඔබන්න ඉන්පසු ඔබේ password එක දෙන්න)


3. දැන් එම ගොනුවේ පහත සඳහන් පේළිය සොයාගන්න

exec /etc/init.d/rc S (exec මුලට තියෙන පේළිය සොයාගන්න)


4. දැන් එම පේළියට වහාම ඉහලින් පහත සඳහන් පේළිය එකතු කරන්න (වරද්දගන්න එපා!)

echo 128000000 >/proc/sys/kernel/shmmax


5. දැන් එම ගොනුව save කර close කරන්න.


6. ඔබේ පරිගණකය දැන් restart කරන්න.

දැන් ඔබට පහසුවෙන්ම Avast antivirus විවෘත කරගන්න පුළුවන්.

Tuesday, April 6, 2010

LankaNet.Org Linux v.2 ගෙදරටම නොමිලේ ගෙන්ව ගන්න!

දයාබර මිතුරු මිතුරියනි!

ඔබට ලංකානෙට් ලිනක්ස් අන්තර්ජාලය හරහා ලබාගත නොහැකිනම් පහත සඳහන් ඊමේල් ලිපිනයට ඔබේ විස්තර එවා ලංකානෙට් ලිනක්ස් පිටපතක් නොමිලේම ගෙදරට ගෙන්ව ගන්න.

අපේ රටේ අධිවේගී narrowband Internet connection පාවිච්චි කරන ඔබ සඳහාම මෙය තැපෑලෙන්ම ගෙදරට එවනවා. අදම ගෙන්ව ගන්න! Download කරගන්න බැරි අය සඳහාමයි!

lankanet@slt.lk