මේ වැදගත් පණිවිඩය ඇඩ්මින් මිතුරන් සහ server ගැන උනන්දුව දක්වන අයටයි. Dell විසින් කලකට පෙර වෙළඳපොලට නිකුත් කල Dell PowerEdge R310,R410,R510,T410 rack server mother board වල firemware තුල malware එකක් තිබී හමුවී ඇත. මෙය දත්ත හා එහි ආරක්ෂාවට තර්ජනයක් වන අතර මෙය Dell ආයතනය විසින් කල්තියා හඳුනාගෙන ඇත. මම මේ ගැන කියන්නේ ඔවුන්ගේ ඉක්මන් ප්‍රතික්‍රියාවත්, තමන්ගේ පාරිභෝගිකයන්නේ ආරක්ෂාව ගැන සැළකිලිමත් වීමත් යන ඔවුන්ගේ ඇති එම කැපවීම හා පාරිභෝගික සේවාවේ වටිනාකම නිසයි. ලංකාවේ Dell servers විකුණන ආයතනත් මේ ගැන උනන්දුවෙන් කටයුතු කරනවා ඇති.
ආසාදිත මාදිලි (models):
PowerEdge R310
PowerEdge R410
PowerEdge R510
PowerEdge T410
මෙම malware එක MS Windows වලට පමණක් හානිදායක අතර Windows නොවන Operating systems වලට හානි නොවන බව ඔවුන් සඳහන් කරනවා. ඒ කියන්නේ Linux, Unix, BSD වගේ ඒවාට හානියක් නෑ. Dell සමාගම මෙම PowerEdge R410 rack server මිලදීගත් පාරිභෝගිකයන්ට දුරකථන මගින් අමතා මේ ගැන දැනුවත් කර ඇත. (මෙහෙ කොහොමද දන්නේ නැහැ) නමුත් මේ ගැන වැඩිදුර සඳහන් කිරීමෙන් ඔවුන් වැලකී සිටිනවා.
මුලාශ්‍ර http://en.community.dell.com/support-forums/servers/f/956/t/19339458.aspx
Use sinhala unicode font to read this blog. මගේ බ්ලොග් එකේ ලිපි ඔබ යම්කිසි දෙයකට භාවිතා කරන්නේනම් එය මෙම බ්ලොග් අඩවියෙන් උපුටාගත් බවට හෝ එය සඳහා මෙම බ්ලොග් එක උපකාරීවූ බව සඳහන් කිරීමට කාරුණික වන්න.
Thursday, July 22, 2010
Monday, July 5, 2010
ඕනම වෙබ් අඩවියක අතීත පිටු ඉතිහාසයත් එක්කම බලන්න (වෙබ් අඩවිය දැන් භාවිතයේ නැතත්!)
අද මම හඳුන්වා දෙන්නේ වෙබ් පිටු බිලියන 150ක් පමණ සංරක්ෂණය කර ඇති අන්තර්ජාලයේ ලේඛනාරක්ෂණ ගබඩාව ගැනයි. මෙහදී ඔබට සෑම වෙබ් අඩවියකම පැරණි ස්වරූපය ඒ ආකාරයෙන්ම බලා ගන්න පුළුවනි. උදාහරණයක් ලෙසට අපිට google.com අඩවිය මුලින් පටන් ගත් දිනයේ සිට මේ දක්වා එම අඩවියේ කර ඇති වෙනස්කම් සියල්ලම වාගේ අපට බලාගන්න පුළුවනි. ඔබට එහි 1998 දී තිබූ පිටුවද ඉන්පසු අවුරුදු/මාස වලදී වෙනස්කම් කර ඉදිරිපත් කර ඇති පිටුද බලාගත හැක. ඒවගේම අන්තර්ජාලයේ නැති ඒකාලයේ තිබ්බ පැරණි වෙබ් අඩවිද බලා ගන්න පුළුවන්. පහත රූප වලින් ඔබට ඒ ගැන යම්කිසි අවබෝධයක් ගත හැක. www.archive.org යන අඩවිය මෙම සේවාව කාලයක සිට කරන එකකි. මෙය ඉතා ප්‍රයෝජනවත් වටිනා සේවාවක් වන අතර මටද විශාල ලෙස ප්‍රයෝජනවත්වූ අඩවියකි.
මෙම සේවාවට අමතරව archive.org අඩවියේ තවත් විශේෂ සේවාවන් ගණනාවක් ඇති නමුත් මා මෙම ලිපියෙන් පැරණි පිටු ගබඩාව ගැන පමණක් සඳහන් කරමි. එමගින් සපයන අනිකුත් සේවාවන් ඔබටම බලා ගත හැක.
පහත රූපයේ ආකාරයට එම අඩවියට ඇතුළුවී එහි Wayback Machine කොටසේ ඇති හිස්තැනට ඔබ පරණ පිටු බැලීමට අදහස් කරන අඩවියේ ලිපිනය type කර Take me back බොත්තම ඔබන්න.
මෙලෙස ඔබ කැමති අඩවියක පැරණි පිටු බැලීමේ හැකියාව ඇත. අන්තර්ජාලය සහ නොයෙකුත් වෙබ් අඩවිවල පැරණි තොරතුරු සහ ඉතිහාසය සොයන අයට මෙය ලොකු පහසුවකි.
මගේ බ්ලොග් එකේ ලිපි ඔබ යම්කිසි දෙයකට භාවිතා කරන්නේනම් එය මෙම බ්ලොග් අඩවියෙන් උපුටාගත් බවට හෝ එය සඳහා මෙම බ්ලොග් එක උපකාරීවූ බව සඳහන් කිරීමට කාරුණික වන්න.

පහත රූපයේ ඇත්තේ මා එහි lankanet.org ලෙස type කර Take me back button එක ඔබා ලබා ගත් ප්‍රතිඵලයයි.
එහි 1998 සිට Lankanet.org අඩවියේ පිටු බැලියහැක.
පහත රූපයේ ඇත්තේ google.com අඩවියේ කාලානුරූපී පැරණි පිටු වලට අදාල linksය.
Google.com අඩවිය ආරම්භ කල මුල් අවධිය පහත දැක්වේ. ඔබ හොඳින් විමසිල්ලෙන් බැලුවොත් වම්පස ඇති Linux Search එක දැකගත හැකිවේ.
yahoo.com අඩවියේ ආරම්භක අවධියේ පිටුවක රූපය පහත දැක්වේ.
මෙලෙස ඔබ කැමති අඩවියක පැරණි පිටු බැලීමේ හැකියාව ඇත. අන්තර්ජාලය සහ නොයෙකුත් වෙබ් අඩවිවල පැරණි තොරතුරු සහ ඉතිහාසය සොයන අයට මෙය ලොකු පහසුවකි.
මගේ බ්ලොග් එකේ ලිපි ඔබ යම්කිසි දෙයකට භාවිතා කරන්නේනම් එය මෙම බ්ලොග් අඩවියෙන් උපුටාගත් බවට හෝ එය සඳහා මෙම බ්ලොග් එක උපකාරීවූ බව සඳහන් කිරීමට කාරුණික වන්න.
Thursday, July 1, 2010
ඔන්න .xxx (වෙබ් අඩවි) top-level domain සඳහා මූලික එකඟතාවයකට ඇවිත්!
අන්තර්ජාලයට අදාල තාක්ෂණය ගැන නිතර ඇහැගහගෙන ඉන්න අය .xxx top-level domain ගැන දැනගෙන ඉන්න එක අවශ්‍යයි. Top-level domain කියන්නේ .com .net .org වගේ ඒවාටයි. අන්තර්ජාලයේ ඇති ලිංගික/කාමුක වෙබ් අඩවි එක එක top-level domain වලින් ඇති බව ඔබ දන්නවා. ඉතිං අනිත් සෑම සාමාන්‍ය වෙබ් අඩවියක් වගේම ලිංගික/කාමුක වෙබ් අඩවිද .com .org .net වැනි top-level domain භාවිතා කරන එක ලොකු හිසරදයක්.
උදාහරණයක් ලෙස එය හරියට පොදු බස්රථයක සාමාන්‍ය මගීන් සමග පැපොල රෝගියෙක් ගමන් කරනවා වගේ දෙයක්. ළමයින් එවැනි වෙබ් අඩවි වලට අහම්බෙන් යෑමට ඇති සම්භාවිතාවය ඉතා අධිකයි. ඒ වගේම සමහර වෙලාවට තමන් බලන්න කැමති අඩවියක ලිපිනය වරදවා type කලවිටක මෙවැනි අඩවියකට යැවෙන එක අන්තර්ජාලය නිතර භාවිතා කරන අයට ලොකු ගැටළුවක්.
ආයතනවල Network System administrator වරුන් සහ අන්තර්ජාලසේවා සපයන්නන්ට මෙම අඩවි අවහිර කිරීමට හැකිනමුත් එය ඉතාමත් අසීරු කාර්යයකි. (නිතරම ඔලුව කසන්න සිදුවෙනවා) එසේ අවහිර කරනවිට සමහර අහිංසක වෙබ් අඩවිද අවහිරකිරීමට ගොදුරුවෙනවා.
එකගොඩේ මෙවැනි අඩවි තැබීමෙන් වෙන මෙවැනි කරදර වලක්වා ගැනීමට එවැනි අඩවි සඳහාම .xxx හඳුන්වා දීමට කාලයක සිට නොයෙකුත් අය වෙර දැරුවට මේ සඳහා නොයෙකුත් ගැටළු පැන නැගුනා. මෙය ලිංගික/කාමුක වෙබ් අඩවි සඳහා උඩගෙඩි දීමක් යැයි සමහරු හැඳින්වූවා. එත් මගේ අදහස මෙය ඉතාම හොඳ දෙයක් බවයි. මන්ද ලිංගික/කාමුක වෙබ් අඩවි පවත්වාගෙන යන්නන් ඒවා සියල්ලම .xxx යටතට හරවාදමා දැනට ඒවා භාවිතා කරන .com .org වැනි එවායින් ඉවත් වුවහොත් ඒක අන්තර්ජාලයට, ළමයින්ට සහ ලිංගික/කාමුක වෙබ් අඩවි පෙන්නන්න බැරි අයට ලොකු සහනයක් වෙනවා. එසේ වුවහොත් අන්තර්ජාලය වඩාත් පහසුවෙන් පිරිසිදු කර ළමයින් සඳහා ආරක්ෂිත තැනක් බවට පත්කරන්නට ඇති හැකියාව ඉහල යනවා. මතක තියාගන්න ලිංගික/කාමුක වෙබ් අඩවි නීත්‍යානුකූලයි!
ICAAN ආයතනය තවම මේක සම්පූර්ණයෙන්ම අනුමත කර නැහැ. ඒත් එය ලඟදීම සිදුවෙන/වියයුතු දෙයක්. අන්තර්ජංජාලයේ ඇති ගැට ලෙහන්නන්ට මේක ලොකු උදව්වක් වෙනවා නිසැකයි.

Tuesday, June 29, 2010
කන පැලෙන්න වයින් බීලා Linux එක්ක ඕමි ගැසීමී!
Windows පාවිච්චි කරන අපේ රටේ අය සිංහලෙන් සැකසූ ඕමි පරිගණක කාඩ් ක්‍රීඩාව ගැන දන්නවා ඇති. ඒක ඕමි වලට ආස අයටනම් විනෝදාත්ම මෘදුකාංගයක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. දේශීය නිෂ්පාදනයක් වන ඒ ගැන මම මුලින්ම දැනගත්තේ මෙම බ්ලොග් අඩවියෙන්. ඒ ගැන ඔහුට ස්තූතිවන්ත වෙන අතර මෙම ක්‍රීඩාව Linux සමග මම භාවිතා කරන ආකාරය ගැන ඔබව දැනුවත් කරමි.
මෙම ක්‍රීඩාව MS Windows මත ක්‍රියාත්මක වීමට සැකසූ එකකි. Linux සඳහාම සැකසූ එක ටික කාලයකින් නිකුත් කරනබව එය නිපදවූ සාලිය සහෝදරයා පවසනවා. ඒ නිසා දැනට එය Linux මත ක්‍රියාත්මක කිරීමටනම් wine නමැති මෘදුකාංගය ස්ථාපනය කරගත යුතුයි. ඉස්සෙල්ලාම ඒක කරමු!
ඔබ Fedora භාවිතා කරන්නේනම් මෙසේ කරන්න. ඔබ උබුන්ටු හෝ වෙනත් ලිනක්ස් distribution එකක් භාවිතා කරන්නේ නම් ඊට අදාල Package Manager එක භාවිතයෙන් මේ ආකාරයටම සිදු කරන්න. (මතක තියාගන්න Wine download කරගැනීමට අන්තර්ජාලය අවශ්‍යවේ) ලංකානෙට් ලිනක්ස් භාවිතා කරන්නන්ට Wine ඇත.
Wine ස්ථාපනය කරගැනීම පහත රූපය බලන්න
1. System -> Administration -> Add/Remove Software විවෘත කරගන්න
2. පහත රූපයේ ඇති ආකාරයට එහි වම්පස ඉහල අකුරු ඇතුලත් කිරීමට ඇති box එකේ wine කියා type කර එතන ඇති find button එක ඔබන්න.
3. දැන් දකුණුපස රූපයේ ආකාරයට එන මෘදුකාංග ලැයිස්තුවෙන් wine-1**** ආකාරයට පෙන්වන එකේ ඉදිරියෙන් ඇති පුංචි කොටුවට click කරන්න.
4. දැන් ඊට පහතින් ඇති Apply button එක ඔබන්න.
දැන් Wine install වී අවසන් වූ පසු පරිගණකය restart කරගන්න එක ඉතා වැදගත්වේ.
Wine සඳහා sounds ක්‍රියාත්මක කිරීම. රූපය බලන්න
(අතිරේක වැඩක්. නමුත් මේක අවශ්‍යවෙන වෙලාවකුත් එනවා)
එය කිරීමට පහත රූපය බලන්න
1. Application -> Wine -> Wine Configuration විවෘත කරගන්න
2. දැන් එහි ඇති Audio පිටුව තෝරා ගන්න
3. දැන් Sound Drivers යටතේ ඇති PulseAudio Driver ඉදිරියේ ඇති කුඩා කොටුව මත click කර තෝරා ගන්න.
4. දැන් Apply button එක ඔබන්න. දැන් හරි. අවශ්‍යනම් පරිගණකය restart කරගන්න.
5. දැන් Sound නිවැරදිව ක්‍රියාකරන්නේ දැයි දැන ගැනීමට නැවත පියවර 1,2, කර Test Sound button එක ඔබා ශබ්දය ඇසේදැයි බලන්න.
මුලින්ම ඕමි ක්‍රීඩාව මෙතනින් Download කරගනිමු. (Version 1.09 latest)
1. දැන් rar ගොනුව extract කරගන්න..
2. දැන් පහත රූපයේ දැක්වෙන ආකාරයට විවෘත කරගන්න.
Download කරගත් exe file එක මත right click කර "Open with wine windows program loader" තෝරා ගන්න.
දැන් ඕමි ක්‍රීඩාව විවෘතවේ. දැන් ක්‍රීඩා කරන්න
ඕමි දන්නේ නැත්නම් කාගෙන් හරි අහගන්න.

Friday, June 25, 2010
Fedora Linux සඳහා Multimedia ඇතුළු වෙනත් දේ ස්වයංක්‍රීයව පහසුවෙන් දාගමු
අද මම ඔබට හඳුන්වා දෙන්නේ Easylife for fedora හා සමාන තවත් එකකි.
මේ කුඩා මෘදුකාංගය ඔබට අවශ්‍යවෙන බොහෝ දේවල් ඉතා ලේසියෙන්ම install කරදෙන අතර ඒ වගේම uninstall කරදෙනවා. මාගේ බ්ලොග් අඩවියට නිතර එන ඔබ දන්නවා Easylife එකෙන් uninstall පහසුකම දෙන්නේ නැහැ කියලා. පහත screen shots දැක්කහම ඔබට වඩාත් පැහැදිලි වේවි. මෙම මෘදුකාංගය Autoten නමින් හඳුන්වන අතර නියම gui එකක්ද ඇත.
තවද ඔබ දැනගතයුතු තවත් වැදගත් කරුණක් ඇත. එනම්, Easylife සහ Autoten දෙකම එකවර ස්ථාපනය කල නොහැක. ඔබ දෙකෙන් එකක් තෝරා ගත යුතුයි. නැත්නම් මා කල ආකාරයට මුලින්ම Easylife භාවිතා කර ඔබට අවශ්‍යදේ ස්ථාපනය කරගන්න. ඊට පස්සේ Easylife uninstall කර අවසන Autoten ස්ථාපනය කරගෙන ඔබට අවශ්‍යදේ ස්ථාපනය කරගන්න. ඒක ඉතා සාර්ථකව කරගන්න පුළුවන්. ඒ මෘදුකාංග දෙකේම කාර්යය එකක් වුවත් මතක තියා ගන්න ඒදෙකෙන් එකිනෙකට වෙනස් මෘදුකාංග ස්ථාපනය කර දෙන බව. උදාහරණයක් ලෙස Easylife විසින් google picasa ස්ථාපනය කරදෙන අතර Autoten විසින් Google Earth ස්ථාපනය කර දෙනවා. ඒ වගේ තවත් වෙනස්කම් කිහිපයක් තිබෙනවා. ඔබ භාවිතා කර බලන්න. ඒවගේම fedora භාවිතා කරන අයවත්වත් මේ ගැන දැනුවත් කරන්න.
මතක තියා ගන්න "ඔබ Open Soure Software භාවිතා කරන්නෙක්නම් ගුරු මුෂ්ඨිය තියා ගන්න එක හොඳ නැත. ඒ වගේම ඒ ගැන අන් අය දැනුවත් කිරීම තමන්ගේ යුතුකමයි. එය කඩකිරීම පාපයකි!" (ඒක කිව්වේ කවුද දන්නවද???? මම! :-) )
Autoten භාවිතයෙන් ස්ථාපනය කරගත හැකිදේවල් පහත රූපයෙන් ඔබට බලාගත හැක
මෙන්න Autoten ස්ථාපනය කරන්න ඔබ terminal එකට ඇතුලත් කලයුතු විධානය:
මුලින්ම ඔබ root user විධීයට terminal එකට log වෙන්න. ඊට පස්සේ පහත පේළිය පිටපත් කර terminal එක තුළට paste කරගන්න. ඉන්පසු Enter Key එක ඔබන්න
rpm -Uvh http://dnmouse.org/autoten-4.6-5.fc13.noarch.rpm
ස්ථාපනය කර අවසන්වූවිට පහත ආකාරයේ icon එකක් ඔබේ Desktop එකේ දැකිය හැක.
දැන් ඒකෙන් වැඩගන්න විධිය දැන ගන්න:
එම Icon උඩ click කර විවෘත කරගන්න.
දැන් ඔබේ root password එක දෙන්න
දැන් පහත ආකාරයට මෘදුකාංගය විවෘතවේ.
ඔබ යම්කිසි දෙයක් (උදාහරණයක් ලෙස Skype) මෙය භාවිතයෙන් ස්ථාපනය කලහොත්, එය කර අවසානයේ Autoten close කර නැවත Autoten ආරම්භ කර ඔබ විසින් සාර්ථකව එම මෘදුකාංගය ස්ථාපනය කර ඇත්දැයි එයට අදාල Status එකෙන් දැන ගත හැක. එවිට status යටතේ Installed කියා දක්වයි
Autoten ගැන වැඩි විස්තර දැනගන්න අවශ්‍ය අයෙක් වෙතොත් කරුණාකර http://dnmouse.org වෙතට යන්න.

- Install යටතේ ඇති මෘදුකාංග සහ codecs එම මෘදුකාංගයේ නම මත click කිරීමෙන් ස්ථාපනය කරගත හැක.
- About යටතේ ඇති info botton එක එබීමෙන් එම අදාල මෘදුකාංගය ස්ථාපනය කිරීමට සකසා ඇති script එක ඔබට බලාගත හැක (සැකයක් ඇත්නම් :-) )
- Uninstall යටතේ ඇති Remove button එක එබීමෙන් එම අදාල මෘදුකාංගය ඉවත් කලහැක.
- Status යටතේ ඔබට එම අදාල මෘදුකාංගය/codec ස්ථාපනය කර ඇත්දැයි දැනගත හැක.
ඔබ යම්කිසි දෙයක් (උදාහරණයක් ලෙස Skype) මෙය භාවිතයෙන් ස්ථාපනය කලහොත්, එය කර අවසානයේ Autoten close කර නැවත Autoten ආරම්භ කර ඔබ විසින් සාර්ථකව එම මෘදුකාංගය ස්ථාපනය කර ඇත්දැයි එයට අදාල Status එකෙන් දැන ගත හැක. එවිට status යටතේ Installed කියා දක්වයි
Autoten ගැන වැඩි විස්තර දැනගන්න අවශ්‍ය අයෙක් වෙතොත් කරුණාකර http://dnmouse.org වෙතට යන්න.
මගේ බ්ලොග් එකේ ලිපි ඔබ යම්කිසි දෙයකට භාවිතා කරන්නේනම් එය මෙම බ්ලොග් අඩවියෙන් උපුටාගත් බවට හෝ එය සඳහා මෙම බ්ලොග් එක උපකාරීවූ බව සඳහන් කිරීමට කාරුණික වන්න.
Wednesday, June 23, 2010
Fedora 13 පිටපතක් පැමිණ නොමිලේ ගන්න
දයාබර මිතුරු මිතුරියනි,
මෙවර නොයෙකුත් ගැටළු සහගත තත්වයන් නිසා ලංකානෙට් ආයතනය විසින් fedora 13 තැපැල් මගින් එවනු නොලැබේ. එය අවශ්‍ය කෙනෙක් වෙතොත් අප ආයතනයට පැමිණ නොමිලේ පිටපතක් ලබා ගත හැක.
පැමිණ ලබා ගැනීමට නොහැකි අයට Fedora web අඩවියේ ඉල්ලුම් පත්‍රය පිරවීමෙන් ගෙදරට ගෙන්වා ගත හැක. නමුත් එසේ ලැබෙනුයේ ඒවා තැපැලෙන් එවීමට ස්වේඡ්චාවෙන් දායක වෙන කිහිප දෙනා ඔබේ ඉල්ලීම පිළිගතහොත් පමණි.
අපේ ලිපිනය:
ලංකානෙට්
153
ශ්‍රී සරණංකර මාවත
දෙහිවල
දුරකථන: 2726340
Dear friends,
Due to an unavoidable difficulty we will not be able to post Fedora 13 DVDs this time. But please visit LankaNet office and collect your free copy of Fedora 13. (Monday to Friday during 9 a.m. To 5p.m.)
For those who cannot visit us, you can still order it from the fedora web site for free.
Our Address:
LankaNet
153
Sri Saranankara Road
Dehiwala
Phone: 2726340

Tuesday, June 22, 2010
පරණ පරිගණකයට Fedora 13 install කරපු හැටි....
මගේ ගෙදර පාවිච්චි කරන මට තියෙන එකම පරිගණකය pentium 3 වර්ගයේ පරණ එකකි. එහි ඇති Ram ප්‍රමාණය 256mb වන අතර processor speed එක 800mhz වේ. දැනට භාවිතා කරන operating system එක වන්නේ TeenPup Linux. එය Puppy Linux පාදක කරගත් එකකි.
මට මේ පරිගණකයට fedora 13 දාගන්න හැකිනම් බොහොමයක් වැඩ ලේසියෙන් කරගන්න පුළුවන් නිසා බොහොම අමාරුවෙන් තවත් 128mb ram card එකක් හොයාගෙන පරිගණකයට සවි කලෙමි.
දැන් මුළු ram ප්‍රමාණය කීයද?... 384යි.
දැන් Fedora 13 dvd එක පරිගණකයට දමා boot කලෙමි. කොහොම හරි මම හිතුවා වගේ ඒක අඩුවේගයක් ගත්තේ නැහැ. මටත් පුදුමයි. ඒත් installation එක ආරම්භ කලවිට text mode එකෙන් installation එක ක්‍රියාත්මක වුනා. ඒත් මම මෘදුකාංග installation එකේදී customize (ඒ කියන්නේ මෘදුකාංග තෝරා බේරාගෙන ස්ථාපනය කිරීමටයි) කරගන්නවා කියලා හිතාගෙන ඒකට ඉදිරියටම යන්නට ඉඩ දුන්නා. නමුත් පුදුමයකට වගේ software customization (or you may call it custom selection) screen එක ආවේ නෑ. ඒ වෙනුවට එයා කෙලින්ම මෘදුකාංග ස්ථාපනය එයාට ඕන විධියට පටන් ගත්තා. විනාඩි 20න් විතර installation එක අවසන් වුනා. ඒවගේම පරිගණකයෙන් dvd එක දොට්ට දමා reboot කිරීමට අවශ්‍යයැයි එයා කිව්වා. (එයා කියලා මම කිව්වේ fedora 13 ගැන) ඔන්න ඉතිං reboot වෙලා අවසානයේ terminal එක පෙන්වන්න ගත්තා. Graphical desktop එක නෑ. ඒක එහෙම වුනේ fedora 13ට Graphical desktop එක ස්ථාපනය සඳහා අවශ්‍ය තරම් ram නොතිබුන නිසයි.
මට terminal එක ගෙදරවගේ වුනාට ගෙදරදොරේ වැඩ ටික කරගන්න මට Graphical desktop එක ඕන. සිංදුවක් අහන්න video එකක් බලන්න ගෙදර තරම් තැනක් වෙන කොයින්ද? ඉතිං මේකට එකම පිළියම තව වැඩිපුර ram එකතු කිරීමයි. මම වහාම fedora 13 system requirements බැලුවා. ඒකේ කියන්නේ Graphical desktop එක ස්ථාපනයට ram 512mb වත් අවශ්‍යයි කියලයි. දැන් මොකද කරන්නේ? මගේ පරිගණකයට ඇත්තේ ram slots 3යි. ඒත් SDram කොහෙන් කියලා හොයන්නද?
එදාට පහුවෙනිදා කාර්යාලයට ගියවෙලාවෙ බොහොම අමාරුවෙන් තවත් 64mb ram එකක් හොයා ගත්තා. ඕන දෙයක් වෙච්චදෙන් කියලා ඒක ගෙනවිත් සවිකලා. දැන් Ram ප්‍රමාණය 448mb! තව 64ක් අඩුයි!! කමක් නෑ කියලා fedora 13 ස්ථාපනය පටන් ගත්තා. හරිම සතුටුයි වැඩේ හරිගියා!! කොහොම හරි විනාඩි 40ක් වගේ කාලයක් ඇතුලත මට අවශ්‍ය ආකාරයට installation එක කර ගත්තා.
කිසිම කරදරයක් නැතිව පරිගණකය බබා වගේ වැඩ! නියමයි! හැබැයි GUI එක භාවිතයේදී processor එකේ වේගය අඩුබව පොඩ්ඩක් දැනුනා. ඒත් අවුලක් නැහැ.
ඊට පස්සේmp3, dvd පාවිච්චි කරන්න multimedia codecs අවශ්‍යතාවය දැනුනා. Nokia phone එක පාවිච්චි කරලා ඒවා දාගන්න ගියොත් විකිණෙන නිසා මට අමුතු වැඩක් කරන්න හිතුනා!
අමුතු වැඩක්!
පරිගණකයේ Hard disk එක ගලවගෙන ඊලඟ දවසේ මා සේවය කරන LankaNet ආයතනයට ගෙනගොස් ඒහි ඇති Core 2 duo පරිගණකයකට සවි කර boot කලෙමි. මම හිතුවේ වැඩේ අන්තිමටම වරදියි කියලයි. ඒත් මම වැරදියි! මෙන්න ඒකෙදිත් මේක බබා වගේ වැඩ!!
ඒවෙලාවෙම එහි NetworkManager එක restart කර අපේ network එකට සම්බන්ධ කර ගත්තා. ආයිත් තව මොනවා බල බල ඉන්නද? Easylife දාගෙන මට අවශ්‍ය හැමදේම ඒවෙලාවෙම ස්ථාපනය කර ගත්තා.
නැවත Hard disk එක ගලවගෙන හවස ගෙදර ගිහින් නැවත් මගේ පරිගණකයට ඒක සවි කලා. නියමෙට වැඩ!! කියලා වැඩක් නෑ මට ෆුල් හැපි!
මම හිතන්නේ මේ ක්‍රමය හැම කෙනෙක්ටම හරියයි කියලා හරියටම කියන්න බැරි වුනත් බොහෝ දුරට මට වගේම හරියන්න පුළුවන්. උත්සාහ කරලා බලන්න. මේ ක්‍රමයට අන්තර්ජාලය නැති කෙනෙක්ට මුලින්ම තම පරිගණකයේ fedora 13 ස්ථාපනය කර ඉන්පසු hard disk එක ගලවා internet ඇති තැනක පරිගණකයකට සවි කර තමන්ට අවශ්‍ය දේ ස්ථාපනය කරගන්න පුළුවන් වේවි.
කොහොම හරි මගේ අවශ්‍යතාවය ඉටුකරගත්තා. එනම්,
1. පරණ පරිගණකයට fedora 13 ස්ථාපනය.
2. මට අවශ්‍යදේ අන්තර්ජාලය ඇති තැනකට ගොස් ස්ථාපනය කරගැනීම.
මේ දේ ඔබත් කර බලන්න. දෙකෙන් එකක් වෙයි!

Subscribe to:
Posts (Atom)