Thursday, October 9, 2008

දැනට භාවිතයේ ඇති ජනප්‍රිය මෘදුකාංග වෙනුවට ඒහා සමානව භාවිතා කළ හැකි විවෘත මූලාශ්‍ර මෘදුකාංග (FOSS)

Microsoft Internet Explorer වෙනුවට Mozilla Firefox
Microsoft Money 2007 වෙනුවට GnuCash
Microsoft Office වෙනුවට OpenOffice
MSN Messenger/Yahoo Messenger වෙනුවට Pidgin
Adobe Illustrator CS2 වෙනුවට Skencil
Adobe Pagemaker/Indesign වෙනුවට Scribus
Adobe Photoshop CS3 වෙනුවට Gimp
Corel Draw X3 වෙනුවට InkScape
Adobe Premiere Pro 2.0 වෙනුවට Avidemux
Autodesk 3ds Max 9/ Maya 8 වෙනුවට Blender
Autodesk AutoCAD 2007 වෙනුවට Qcad
Macromedia Flash Professional 8 වෙනුවට OpenLaszlo
Microsoft Outlook 2003 වෙනුවට Evolution
Microsoft Windows Media Player වෙනුවට VLC media player
Nero Burning Rom වෙනුවට K3B

මේවා සාදා ඇති කේතයන් (Source Codes) ඕනෑම කෙනෙකුට ලබා ගත හැකි අතර පිටපත් කිරීම (කොපි) සහ බෙදා හැරීමට නීතියෙන් ඉඩ ලබා දී ඇත. එමෙන්ම මෘදුකාංගය වෙනස් කිරීමටද හැක. නොමිලයේ අන්තර්ජාලය මගින් බෙදා හැරේ.


ලංකාවේ තත්වය

නීතිය අනුව වානිජ මෘදුකාංග කොපි කිරීම හා නීත්‍යානුකූලව මිලදී නොගෙන භාවිතා කිරීම තහනම් අතර එසේ සිදුකළහොත් වසර 5කට නොඅඩු සිර දඬුවමක් හෝ මුදලින් ලක්ෂ 5ක දඩයක්ද නොඑසේනම් එම දඬුවම් දෙකම පැනවේ.

මේ අනුව බැලූවිට මෘදුකාංග මිලදී ගැනීම සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවේ. නමුත් එය අපට දැරිය නොහැකි ප්‍රමාණයේ විශාල එකකි. උදාහරණයක් ලෙස ගතහොත් Microsoft Windows නීත්‍යානුකූලව මිලදී ගැනීමට පමණක් රුපියල් 20000කට ආසන්න මුදලක් වැයවෙන අතර Microsoft Office සඳහා රුපියල් 40000ක් පමණ වැයවේ.

නමුත් වානිජව විකිනීමට ඇති මෘදුකාංග වලින් කරන කාර්යයන් එලෙසින්ම කළ හැකි විවෘත මූලාශ්‍ර මෘදුකාංග භාවිතා කිරීමෙන් අපට එම දුෂ්කරතාවයන් පහසුවෙන් මගහරවා ගත හැකි වේ.

Tuesday, September 9, 2008


LTSP - නොහොත් Linux Terminal Server Project

නව තාක්ෂණයට පහසු අත්වැලක්!

ගමට සහ නගරයට පොදුවූ පරිගණක ලොවක්!!

මේකෙන් මොකක්ද කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රයෝජනය?

නවීන පරිගණක තාක්ෂණය අඩු වියදමකින් ලබා ගැනීම.....
පරණ පරිගණකවලට නව ජීවයක් දීම....
පරිගණකවල ආයු කාලය වැඩිවීම....
සියලු මෘදුකාංග නොමිලයේ ලබාගත හැකි වීම....
වෛරස් වලින් තොරවූ පරිගණක ජිවිතයක් ලැබීම...
අඩු විදුලි පරිභෝජණයකින් ඔබට සහ රටට ඉතිරියක්.....
ලෝකයේ අලුත්ම පරිගණක තාක්ෂණය එසැනින් ඔබට....
පරිගණක නඩත්තුව අවමවීම.....


සංසන්දනාත්මකව බැලූ කළ...........

සාම්ප්‍රදායික පරිගණක ජාලය නවීන LTSP ක්‍රමය
සියල්ලම නවීන පරිගණක – වැඩි වියදම පරණ පරිගණක සමග අළුත් පරිගණක එකක් – අඩු වියදම
නිතර නඩත්තුව නඩත්තුව නැතිතරම්!
මෘදුකාංග වියදම අධිකය නවීන මෘදුකාංග සියල්ල නොමිලේ!
විදුලි පරිභෝජනය වැඩියි අවම විදුලි පරිභෝජනය
පරිගණක වෛරස් නිසා දත්ත වල ආරක්ෂාව අවම වීම වෛරස්වලට උපරිම ප්‍රතිරෝධයක් ඇති ලොව එකම ක්‍රමය
පරණවෙන පරිගණක ඉවත්කිරීමට සිදුවීම පරණ පරිගණක වලින් අලුත් පරිගණකවල ක්‍රියාකාරත්වය එලෙසින්ම ලබා ගත හැක
පරිගණකයෙන් පරිගණකයට වෙන වෙනම මෘදුකාංග ස්ථාපනය (Install) කිරීමට සිදුවීම. එක අළුත් පරිගණකයකට පමණක් මෘදුකාංග ස්ථාපනය කිරීම නිසා කාලය සහ මුදල් ඉතිරිවීම


වියදම අතින් බැලූවිට......

සාම්ප්‍රදායික පරිගණක ජාලය වියදම රු. නවීන LTSP ක්‍රමය වියදම රු.
නව පරිගණක 10 (Pentium 4) 450000 නව පරිගණක 1 (Pentium 4) 45000
ජාලගත කිරීමේ වියදම් 12000 ජාලගත කිරීමේ වියදම් 12000
මෘදුකාංග (නීති විරෝධී කොපි)
නියමාකාරයෙන් මිලදී ගතහොත් රු.ලක්ෂ 10 ඉක්මවයි!
1000 අලුත්ම මෘදුකාංග (නියම Open Source Software) 0
නිතර නඩත්තුව (මාසිකව දළ වශයෙන්) 2000 නඩත්තුව 0


පරණ පරිගණක 10 (Pentium 2) 50000


අතිරේක මතක ධාරිතාවය (RAM) 5000
මුළු පරිගණක සංඛ්‍යාව 10
මුළු පරිගණක සංඛ්‍යාව 11 තවත් පරණ පරිගණක එකතු කළහැක
එකතුව 465000
112000

Monday, July 14, 2008

මට මේ ලිපිය සිංහලෙන් ලියන්න හිතුනා මොකද, සමහර වෙලාවට ඉංග්‍රීසියෙන් කිව්වට වැඩිය සිංහලෙන් කියනදේ බොක්කට වදිනවලු...

මේක ටයිප් කරන්න මම භාවිතා කළේ පුරුදු විදියට ලිනක්ස් පද්ධතිය සහ එහි ඇති සිංහල යුනිකෝඩ් අකුරුයි. මොකද හිතන්නේ? වැඩේ ලස්සනයි නේද?

Thursday, March 6, 2008

Tuesday, February 26, 2008