Thursday, August 26, 2010

Ashampoo Burning Studio 2010 Advanced නොමිලේ!

ඉක්මන් කරන්න! මෙම දීමනාව තව පැය 23කින් අවසන් වෙනවා. පහත ලින්ක් එකෙන් බාගන්න පුළුවන්. ඒවගේම මේක නියමාකාරයෙන් දෙන ඔරිජිනල් පිටපතක්. මෙය ඔබට අවශ්‍ය CD DVD Blueray disks සකස් කර burn කිරීමට මෙන්ම Autoplay නැතහොත් Autorun cd/dvd සැකසීමටද පහසුකම ලබා දෙන අනගි මෘදුකාංගයකි. මම හිතන්නේ මේක නීරෝට වැඩිය ගොඩක් හොඳ එකක් කියලයි. මෙහි වීඩියෝ ගොනු අපිට කැමති format එකකට සකස් කිරීමටද පහසුකම ලබාදේ.

දැන්ම බාගත්තොත් සදාකාලිකවම තමන්ටම කියලා මේක තියා ගන්න පුළුවන්.
මෙය මෙගාබයිට් 34.1ක් වැනි සුළු ප්‍රමාණයක setup file එකක් නිසා ඕන කෙනෙක්ට පහසුවෙන් බාගන්නත් පුලුවන්.

මෙතනින් ගන්න

Screenshots ඕනෙද?මෙතනින් බලාගන්න.

Tuesday, August 10, 2010

පෑන මාත් එක්ක තරහයි..

අවුරුදු ගාණක් පරිගණකයත් එක්කම ගත කරලා අන්තිමට මගේ අකුරු ලිවීමත් දැන් අන්තිමටම නරක් වෙලා. පෑනක් හරියට පාවිච්චි කරපු කාලයක් මතක නෑ. ලියුමක් ලිව්ව කාලයක් මතක නෑ (මොකක් ද ලියුම් කියෙන්නේ?) මම හිතන්නේ මම වගේ හුඟක් අයට මේ ප්‍රශ්නය ඇති. පෑනක් පාවිච්චි කරන්නේ මොකක් හරි අත්සන් කරන්න වුනොත් නැත්නම් ටෙලිෆෝන් අංකයක් ලියා ගන්න වගේ වැඩකටයි.
ඒත් දැන් අත්සනත් වරදින වෙලාවල් තියෙනවා. බැංකුවෙන් ලඟදී කොල් කරලා මගේ අත්සන යාවත්කාල කරන්න කියලා දැනුම් දුන්නා. ඉතිං ඒක කලා. අවුරුදු ගාණකට කලින් තිබ්බ මගේ අත්සන එක්ක දැන් එක එහෙදී මට සසඳලා පෙන්නුවාම ලැජ්ජා හිතුනා. රාජකාරි කරන තැන බැංකු කටයුතු වලට මටත් මැදිහත් වෙන්න වෙලා නිසා රාජකාරි කරන ආයතනයේ බැංකුවෙනුත් දැනට අවුරුද්දකට ආසන්න කාලයකට පෙරදී මට මේ ආකාරයට එන්න කියලා අත්සන යාවත්කාල කර ගත්තා.

පාසල්යන කාලයේ ලියාගෙන ලියාගෙන ගියාට මගේ අත් අකුරු එච්චරම ලස්සන නෑ. ඒත් වරදක් නෑ. පසු කාලයකදී Pagemaker ඉගෙන ගන්නකොට දෙමළ ටයිපින් ගැනත් ඉගෙන ගත්තා (99-2000දී විතර) එතකොට දෙමළ භාෂාව අපි දන්නැති නිසා ඒගැන වෙනමම එහෙදී ඉගැන්වූවා. ලිවීමත් ඉගැන්වුවා. (ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය) එහෙදී හොඳම දෙමළ අත් අකුරු සඳහා මට වැඩිම ලකුණුත් ලැබුනා! ඒත් දැන්.....

පරිගණකයට ඇබ්බැහිවීමේ කරුමය දැන් මට හොඳටම දැනිලා තියෙන්නේ. රස්සාවට සහ පරිගණකයට තියෙන ඇල්ම නිසා මෙහෙම වෙන එක අරුමයකුත් නෙමෙයි. මට ඒක හදාගන්න එක ලොකු දෙයක් නෙමෙයි. මට වුනේ අත්අකුරු ලිවීමේ හැකියාව ටිකකට දුරුස් වීමක් විතරයි.

ඒත් මගේ හොඳ මිතුරෙකුට පරිගණකය නිසා පෙම්වතිය නැතිවුනා. මගේ මිතුරා කොච්චර computerholicද කියනවානම් අඩුම ගානේ පෙම්වතියට කෝල් එකක්වත් දීලා සැපදුක් ඇහුවේ නෑ. මිනිහා හැබැයි පුදුම දක්ෂයෙක්! ඒ ගැන කිසිම විවාදයක් නෑ. ඒත් ජීවිතයේදී මේවගේ අවුල් කරගන්න එක අපරාදයක්. අපිට ඒවගේ දෙයක් ආපහු ලබා ගන්න බැරිවෙන්න පුළුවන්. මිතුරාට අන්තිමට කෙල්ල කෝල්කරලා කිව්වේ මේ වචන හතර විතරයි.

"You and your Computer!"

දඩස්ගාලා තිබ්බා. තිබ්බාම තමයි. (මේක එයාට වෙලා අවුරුදු 8ක් විතර ඇති. මගේ මිතුරා තාම තනිකඩයි.) ඉතිං මේක බලන අනිත් අයට මට කියන්න තියෙන්නේ...... වරදින්න කලින් පොඩ්ඩක් නැවතිලා හිතන්න.

Thursday, July 22, 2010

Virus ඇති Server Motherboards!

මේ වැදගත් පණිවිඩය ඇඩ්මින් මිතුරන් සහ server ගැන උනන්දුව දක්වන අයටයි. Dell විසින් කලකට පෙර වෙළඳපොලට නිකුත් කල Dell PowerEdge R310,R410,R510,T410 rack server mother board වල firemware තුල malware එකක් තිබී හමුවී ඇත. මෙය දත්ත හා එහි ආරක්ෂාවට තර්ජනයක් වන අතර මෙය Dell ආයතනය විසින් කල්තියා හඳුනාගෙන ඇත. මම මේ ගැන කියන්නේ ඔවුන්ගේ ඉක්මන් ප්‍රතික්‍රියාවත්, තමන්ගේ පාරිභෝගිකයන්නේ ආරක්ෂාව ගැන සැළකිලිමත් වීමත් යන ඔවුන්ගේ ඇති එම කැපවීම හා පාරිභෝගික සේවාවේ වටිනාකම නිසයි. ලංකාවේ Dell servers විකුණන ආයතනත් මේ ගැන උනන්දුවෙන් කටයුතු කරනවා ඇති.


ආසාදිත මාදිලි (models):


PowerEdge R310
PowerEdge R410
PowerEdge R510
PowerEdge T410

මෙම malware එක MS Windows වලට පමණක් හානිදායක අතර Windows නොවන Operating systems වලට හානි නොවන බව ඔවුන් සඳහන් කරනවා. ඒ කියන්නේ Linux, Unix, BSD වගේ ඒවාට හානියක් නෑ. Dell සමාගම මෙම PowerEdge R410 rack server මිලදීගත් පාරිභෝගිකයන්ට දුරකථන මගින් අමතා මේ ගැන දැනුවත් කර ඇත. (මෙහෙ කොහොමද දන්නේ නැහැ) නමුත් මේ ගැන වැඩිදුර සඳහන් කිරීමෙන් ඔවුන් වැලකී සිටිනවා.

මුලාශ්‍ර http://en.community.dell.com/support-forums/servers/f/956/t/19339458.aspx

Monday, July 5, 2010

ඕනම වෙබ් අඩවියක අතීත පිටු ඉතිහාසයත් එක්කම බලන්න (වෙබ් අඩවිය දැන් භාවිතයේ නැතත්!)

අද මම හඳුන්වා දෙන්නේ වෙබ් පිටු බිලියන 150ක් පමණ සංරක්ෂණය කර ඇති අන්තර්ජාලයේ ලේඛනාරක්ෂණ ගබඩාව ගැනයි. මෙහදී ඔබට සෑම වෙබ් අඩවියකම පැරණි ස්වරූපය ඒ ආකාරයෙන්ම බලා ගන්න පුළුවනි. උදාහරණයක් ලෙසට අපිට google.com අඩවිය මුලින් පටන් ගත් දිනයේ සිට මේ දක්වා එම අඩවියේ කර ඇති වෙනස්කම් සියල්ලම වාගේ අපට බලාගන්න පුළුවනි. ඔබට එහි 1998 දී තිබූ පිටුවද ඉන්පසු අවුරුදු/මාස වලදී වෙනස්කම් කර ඉදිරිපත් කර ඇති පිටුද බලාගත හැක.  ඒවගේම අන්තර්ජාලයේ නැති ඒකාලයේ තිබ්බ පැරණි වෙබ් අඩවිද බලා ගන්න පුළුවන්. පහත රූප වලින් ඔබට ඒ ගැන යම්කිසි අවබෝධයක් ගත හැක. www.archive.org යන අඩවිය මෙම සේවාව කාලයක සිට කරන එකකි. මෙය ඉතා ප්‍රයෝජනවත් වටිනා සේවාවක් වන අතර මටද විශාල ලෙස ප්‍රයෝජනවත්වූ අඩවියකි.

මෙම සේවාවට අමතරව archive.org අඩවියේ තවත් විශේෂ සේවාවන් ගණනාවක් ඇති නමුත් මා මෙම ලිපියෙන් පැරණි පිටු ගබඩාව ගැන පමණක් සඳහන් කරමි. එමගින් සපයන අනිකුත් සේවාවන් ඔබටම බලා ගත හැක.

පහත රූපයේ ආකාරයට එම අඩවියට ඇතුළුවී එහි Wayback Machine කොටසේ ඇති හිස්තැනට ඔබ පරණ පිටු බැලීමට අදහස් කරන අඩවියේ ලිපිනය type කර Take me back බොත්තම ඔබන්න.



පහත රූපයේ ඇත්තේ මා එහි lankanet.org ලෙස type කර Take me back button එක ඔබා ලබා ගත් ප්‍රතිඵලයයි.
එහි 1998 සිට Lankanet.org අඩවියේ පිටු බැලියහැක.




පහත රූපයේ ඇත්තේ google.com අඩවියේ කාලානුරූපී පැරණි පිටු වලට අදාල linksය.



Google.com අඩවිය ආරම්භ කල මුල් අවධිය පහත දැක්වේ. ඔබ හොඳින් විමසිල්ලෙන් බැලුවොත් වම්පස ඇති Linux Search එක දැකගත හැකිවේ.



yahoo.com අඩවියේ ආරම්භක අවධියේ පිටුවක රූපය පහත දැක්වේ.




මෙලෙස ඔබ කැමති අඩවියක පැරණි පිටු බැලීමේ හැකියාව ඇත. අන්තර්ජාලය සහ නොයෙකුත් වෙබ් අඩවිවල පැරණි තොරතුරු සහ ඉතිහාසය සොයන අයට මෙය ලොකු පහසුවකි.


මගේ බ්ලොග් එකේ ලිපි ඔබ යම්කිසි දෙයකට භාවිතා කරන්නේනම් එය මෙම බ්ලොග් අඩවියෙන් උපුටාගත් බවට හෝ එය සඳහා මෙම බ්ලොග් එක උපකාරීවූ බව සඳහන් කිරීමට කාරුණික වන්න.

Thursday, July 1, 2010

ඔන්න .xxx (වෙබ් අඩවි) top-level domain සඳහා මූලික එකඟතාවයකට ඇවිත්!

අන්තර්ජාලයට අදාල තාක්ෂණය ගැන නිතර ඇහැගහගෙන ඉන්න අය .xxx top-level domain ගැන දැනගෙන ඉන්න එක අවශ්‍යයි. Top-level domain කියන්නේ .com .net .org වගේ ඒවාටයි. අන්තර්ජාලයේ ඇති ලිංගික/කාමුක වෙබ් අඩවි එක එක top-level domain වලින් ඇති බව ඔබ දන්නවා.  ඉතිං අනිත් සෑම සාමාන්‍ය වෙබ් අඩවියක් වගේම ලිංගික/කාමුක වෙබ් අඩවිද .com .org .net වැනි top-level domain භාවිතා කරන එක ලොකු හිසරදයක්.
උදාහරණයක් ලෙස එය හරියට පොදු බස්රථයක සාමාන්‍ය මගීන් සමග පැපොල රෝගියෙක් ගමන් කරනවා වගේ දෙයක්. ළමයින් එවැනි වෙබ් අඩවි වලට අහම්බෙන් යෑමට ඇති සම්භාවිතාවය ඉතා අධිකයි. ඒ වගේම සමහර වෙලාවට තමන් බලන්න කැමති අඩවියක ලිපිනය වරදවා type කලවිටක මෙවැනි අඩවියකට යැවෙන එක අන්තර්ජාලය නිතර භාවිතා කරන අයට ලොකු ගැටළුවක්.


ආයතනවල Network System administrator වරුන් සහ අන්තර්ජාලසේවා සපයන්නන්ට මෙම අඩවි අවහිර කිරීමට හැකිනමුත් එය ඉතාමත් අසීරු කාර්යයකි. (නිතරම ඔලුව කසන්න සිදුවෙනවා) එසේ අවහිර කරනවිට සමහර අහිංසක වෙබ් අඩවිද අවහිරකිරීමට ගොදුරුවෙනවා.

එකගොඩේ මෙවැනි අඩවි තැබීමෙන් වෙන මෙවැනි කරදර වලක්වා ගැනීමට එවැනි අඩවි සඳහාම .xxx හඳුන්වා දීමට කාලයක සිට නොයෙකුත් අය වෙර දැරුවට මේ සඳහා නොයෙකුත් ගැටළු පැන නැගුනා. මෙය ලිංගික/කාමුක වෙබ් අඩවි සඳහා උඩගෙඩි දීමක් යැයි සමහරු හැඳින්වූවා. එත් මගේ අදහස මෙය ඉතාම හොඳ දෙයක් බවයි. මන්ද ලිංගික/කාමුක වෙබ් අඩවි පවත්වාගෙන යන්නන් ඒවා සියල්ලම .xxx යටතට හරවාදමා දැනට ඒවා භාවිතා කරන .com .org වැනි එවායින් ඉවත් වුවහොත් ඒක අන්තර්ජාලයට, ළමයින්ට සහ ලිංගික/කාමුක වෙබ් අඩවි පෙන්නන්න බැරි අයට ලොකු සහනයක් වෙනවා. එසේ වුවහොත් අන්තර්ජාලය වඩාත් පහසුවෙන් පිරිසිදු කර ළමයින් සඳහා ආරක්ෂිත තැනක් බවට පත්කරන්නට ඇති හැකියාව ඉහල යනවා. මතක තියාගන්න ලිංගික/කාමුක වෙබ් අඩවි නීත්‍යානුකූලයි!

ICAAN  ආයතනය තවම මේක සම්පූර්ණයෙන්ම අනුමත කර නැහැ. ඒත් එය ලඟදීම සිදුවෙන/වියයුතු දෙයක්. අන්තර්ජංජාලයේ ඇති ගැට ලෙහන්නන්ට මේක ලොකු උදව්වක් වෙනවා නිසැකයි.





මගේ බ්ලොග් එකේ ලිපි ඔබ යම්කිසි දෙයකට භාවිතා කරන්නේනම් එය මෙම බ්ලොග් අඩවියෙන් උපුටාගත් බවට හෝ එය සඳහා මෙම බ්ලොග් එක උපකාරීවූ බව සඳහන් කිරීමට කාරුණික වන්න.

Tuesday, June 29, 2010

කන පැලෙන්න වයින් බීලා Linux එක්ක ඕමි ගැසීමී!

Windows පාවිච්චි කරන අපේ රටේ අය සිංහලෙන් සැකසූ ඕමි පරිගණක කාඩ් ක්‍රීඩාව ගැන දන්නවා ඇති. ඒක ඕමි වලට ආස අයටනම් විනෝදාත්ම මෘදුකාංගයක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. දේශීය නිෂ්පාදනයක් වන ඒ ගැන මම මුලින්ම දැනගත්තේ මෙම බ්ලොග් අඩවියෙන්. ඒ ගැන ඔහුට ස්තූතිවන්ත වෙන අතර මෙම ක්‍රීඩාව Linux සමග මම භාවිතා කරන ආකාරය ගැන ඔබව දැනුවත් කරමි.

මෙම ක්‍රීඩාව MS Windows මත ක්‍රියාත්මක වීමට සැකසූ එකකි. Linux සඳහාම සැකසූ එක ටික කාලයකින් නිකුත් කරනබව එය නිපදවූ සාලිය සහෝදරයා පවසනවා. ඒ නිසා දැනට එය Linux මත ක්‍රියාත්මක කිරීමටනම් wine නමැති මෘදුකාංගය ස්ථාපනය කරගත යුතුයි. ඉස්සෙල්ලාම ඒක කරමු!

ඔබ Fedora භාවිතා කරන්නේනම් මෙසේ කරන්න. ඔබ උබුන්ටු හෝ වෙනත් ලිනක්ස් distribution එකක් භාවිතා කරන්නේ නම් ඊට අදාල Package Manager එක භාවිතයෙන් මේ ආකාරයටම සිදු කරන්න. (මතක තියාගන්න Wine download කරගැනීමට අන්තර්ජාලය අවශ්‍යවේ) ලංකානෙට් ලිනක්ස් භාවිතා කරන්නන්ට Wine ඇත.

Wine ස්ථාපනය කරගැනීම පහත රූපය බලන්න

1. System -> Administration -> Add/Remove Software විවෘත කරගන්න

2. පහත රූපයේ ඇති ආකාරයට එහි වම්පස ඉහල අකුරු ඇතුලත් කිරීමට ඇති box එකේ wine කියා type කර එතන ඇති find button එක ඔබන්න.

3. දැන් දකුණුපස රූපයේ ආකාරයට එන මෘදුකාංග ලැයිස්තුවෙන් wine-1**** ආකාරයට පෙන්වන එකේ ඉදිරියෙන් ඇති පුංචි කොටුවට click කරන්න.

4. දැන් ඊට පහතින් ඇති Apply button එක ඔබන්න.

දැන් Wine install වී අවසන් වූ පසු පරිගණකය restart කරගන්න එක ඉතා වැදගත්වේ.



Wine සඳහා sounds ක්‍රියාත්මක කිරීම. රූපය බලන්න
(අතිරේක වැඩක්. නමුත් මේක අවශ්‍යවෙන වෙලාවකුත් එනවා)

එය කිරීමට පහත රූපය බලන්න
1. Application -> Wine -> Wine Configuration විවෘත කරගන්න
2. දැන් එහි ඇති Audio පිටුව තෝරා ගන්න
3. දැන් Sound Drivers යටතේ ඇති PulseAudio Driver ඉදිරියේ ඇති කුඩා කොටුව මත click කර තෝරා ගන්න.
4. දැන් Apply button එක ඔබන්න. දැන් හරි. අවශ්‍යනම් පරිගණකය restart කරගන්න.
5. දැන් Sound නිවැරදිව ක්‍රියාකරන්නේ දැයි දැන ගැනීමට නැවත පියවර 1,2, කර Test Sound button එක ඔබා ශබ්දය ඇසේදැයි බලන්න.


මුලින්ම ඕමි ක්‍රීඩාව මෙතනින් Download කරගනිමු. (Version 1.09 latest)

1. දැන් rar ගොනුව extract කරගන්න..
2. දැන් පහත රූපයේ දැක්වෙන ආකාරයට විවෘත කරගන්න.


Download කරගත් exe file එක මත right click කර "Open with wine windows program loader" තෝරා ගන්න.
දැන් ඕමි ක්‍රීඩාව විවෘතවේ. දැන් ක්‍රීඩා කරන්න
ඕමි දන්නේ නැත්නම් කාගෙන් හරි අහගන්න.

මගේ බ්ලොග් එකේ ලිපි ඔබ යම්කිසි දෙයකට භාවිතා කරන්නේනම් එය මෙම බ්ලොග් අඩවියෙන් උපුටාගත් බවට හෝ එය සඳහා මෙම බ්ලොග් එක උපකාරීවූ බව සඳහන් කිරීමට කාරුණික වන්න.

Friday, June 25, 2010

Fedora Linux සඳහා Multimedia ඇතුළු වෙනත් දේ ස්වයංක්‍රීයව පහසුවෙන් දාගමු

අද මම ඔබට හඳුන්වා දෙන්නේ Easylife for fedora හා සමාන තවත් එකකි.

මේ කුඩා මෘදුකාංගය ඔබට අවශ්‍යවෙන බොහෝ දේවල් ඉතා ලේසියෙන්ම install කරදෙන අතර ඒ වගේම uninstall කරදෙනවා. මාගේ බ්ලොග් අඩවියට නිතර එන ඔබ දන්නවා Easylife එකෙන් uninstall පහසුකම දෙන්නේ නැහැ කියලා. පහත screen shots දැක්කහම ඔබට වඩාත් පැහැදිලි වේවි. මෙම මෘදුකාංගය Autoten නමින් හඳුන්වන අතර නියම gui එකක්ද ඇත.

තවද ඔබ දැනගතයුතු තවත් වැදගත් කරුණක් ඇත. එනම්, Easylife සහ Autoten දෙකම එකවර ස්ථාපනය කල නොහැක. ඔබ දෙකෙන් එකක් තෝරා ගත යුතුයි. නැත්නම් මා කල ආකාරයට මුලින්ම Easylife භාවිතා කර ඔබට අවශ්‍යදේ ස්ථාපනය කරගන්න. ඊට පස්සේ Easylife uninstall කර අවසන Autoten ස්ථාපනය කරගෙන ඔබට අවශ්‍යදේ ස්ථාපනය කරගන්න. ඒක ඉතා සාර්ථකව කරගන්න පුළුවන්. ඒ මෘදුකාංග දෙකේම කාර්යය එකක් වුවත් මතක තියා ගන්න ඒදෙකෙන් එකිනෙකට වෙනස් මෘදුකාංග ස්ථාපනය කර දෙන බව. උදාහරණයක් ලෙස Easylife විසින් google picasa ස්ථාපනය කරදෙන අතර Autoten විසින් Google Earth ස්ථාපනය කර දෙනවා. ඒ වගේ තවත් වෙනස්කම් කිහිපයක් තිබෙනවා. ඔබ භාවිතා කර බලන්න. ඒවගේම fedora භාවිතා කරන අයවත්වත් මේ ගැන දැනුවත් කරන්න.

මතක තියා ගන්න "ඔබ Open Soure Software භාවිතා කරන්නෙක්නම් ගුරු මුෂ්ඨිය තියා ගන්න එක හොඳ නැත. ඒ වගේම ඒ ගැන අන් අය දැනුවත් කිරීම තමන්ගේ යුතුකමයි. එය කඩකිරීම පාපයකි!" (ඒක කිව්වේ කවුද දන්නවද???? මම! :-) )

Autoten භාවිතයෙන් ස්ථාපනය කරගත හැකිදේවල් පහත රූපයෙන් ඔබට බලාගත හැක

මෙන්න Autoten ස්ථාපනය කරන්න ඔබ terminal එකට ඇතුලත් කලයුතු විධානය:
මුලින්ම ඔබ root user විධීයට terminal එකට log වෙන්න. ඊට පස්සේ පහත පේළිය පිටපත් කර terminal එක තුළට paste කරගන්න. ඉන්පසු Enter Key එක ඔබන්න

rpm -Uvh http://dnmouse.org/autoten-4.6-5.fc13.noarch.rpm

ස්ථාපනය කර අවසන්වූවිට පහත ආකාරයේ icon එකක් ඔබේ Desktop එකේ දැකිය හැක.

දැන් ඒකෙන් වැඩගන්න විධිය දැන ගන්න:

එම Icon උඩ click කර විවෘත කරගන්න.
දැන් ඔබේ root password එක දෙන්න

දැන් පහත ආකාරයට මෘදුකාංගය විවෘතවේ.

  • Install යටතේ ඇති මෘදුකාංග සහ codecs එම මෘදුකාංගයේ නම මත click කිරීමෙන් ස්ථාපනය කරගත හැක.
  • About යටතේ ඇති info botton එක එබීමෙන් එම අදාල මෘදුකාංගය ස්ථාපනය කිරීමට සකසා ඇති script එක ඔබට බලාගත හැක (සැකයක් ඇත්නම් :-) )
  • Uninstall යටතේ ඇති Remove button එක එබීමෙන් එම අදාල මෘදුකාංගය ඉවත් කලහැක.
  • Status යටතේ ඔබට එම අදාල මෘදුකාංගය/codec ස්ථාපනය කර ඇත්දැයි දැනගත හැක.

ඔබ යම්කිසි දෙයක් (උදාහරණයක් ලෙස Skype) මෙය භාවිතයෙන් ස්ථාපනය කලහොත්, එය කර අවසානයේ Autoten close කර නැවත Autoten ආරම්භ කර ඔබ විසින් සාර්ථකව එම මෘදුකාංගය ස්ථාපනය කර ඇත්දැයි එයට අදාල Status එකෙන් දැන ගත හැක. එවිට status යටතේ Installed කියා දක්වයි

Autoten ගැන වැඩි විස්තර දැනගන්න අවශ්‍ය අයෙක් වෙතොත් කරුණාකර http://dnmouse.org වෙතට යන්න.

මගේ බ්ලොග් එකේ ලිපි ඔබ යම්කිසි දෙයකට භාවිතා කරන්නේනම් එය මෙම බ්ලොග් අඩවියෙන් උපුටාගත් බවට හෝ එය සඳහා මෙම බ්ලොග් එක උපකාරීවූ බව සඳහන් කිරීමට කාරුණික වන්න.