මිතුරු මිතුරියනි ඔබේ පරිගණකයේ ඇති වෛරස් නිසා පරිගණකය එපා වුනාද? ඇයි LankaNet.org Linux 3 පාවිච්චි කරන්නේ නැත්තේ? නොමිලේ දෙන නිසාද? නැත්නම් බයටද? නැත්නම් වෙන හේතුවකටද? ඔබ දන්නවද ලොකයේ ඇති සුපිරිම පරිගණක 500න් 459ක්ම පාවිච්චි කරන්නේ ලිනක්ස් කියලා? මෙන්න
සාක්කි!
ඔබ දන්නවද, ඔබ දැන් පාවිච්චි කරන මෘදුකාංග සහ Operating systems වෙනුවට මේක පාවිච්චි කරන්න පුලුවන් කියලා? එවායින් කරන වැඩ මේකෙනුත් කරන්න පුලුවන්!
කොහොමද මේක ගන්නේ?
හැකියාවක් ඇති අය අපේ අඩවියෙන් මේක බාගන්න
හැකියාවක් නැති අයට මේක ගෙදරටම නොමිලේ තැපෑලෙන් එවනවා! මගේ පෙර ලිපියෙන් ඒ ගැන වැඩි විස්තර ගන්න පුලුවන්.
(ඒ කියන්නේ මේවගේ අන්තර්ජාල සබඳතා!..... Unlimited ලෙස හැඳින්වුවත් ක්‍රියාවෙන් Limited, අසීමිත කීවත් සීමිත නොහොත් පීඩිත, එමෙන්ම Broadband කිව්වත් ඇත්තටම Narrowband connections පාවිච්චි කරන අයට පමණක් මෙය නොමිලේ ගෙදරටම එවනු ලැබේ.)
කරුණාකර මතක ඇතිව තමන්ගේ ලිපිනය හරියට එවන්න! දැනටමත් 10 දෙනෙක් විතර ඒකවත් හරියට කරලා නැහැ.
මෙන්න ඒකේ රූප කිහිපයක්:
Games Play කරන අයට ඔන්න නාන්න තියෙනවා
Graphic designing කරන අයට අවශ්‍ය දේවල් ඔක්කොම තියෙනවා. ඔතන තියෙන Pencil කියන එකෙන් Flash Animations හදන්න පුළුවන්. AutoCad එක්ක පවුල් කන අය දැන් ඒක දික්කසාද කරලා Sagcad පාවිච්චි කරන්න ගන්න. ඒවගේම Qcad ඕන කෙනෙක්ට Terminal එකේ qcad කියා type කිරීමෙන් අනිත් එක්කෙනාට හොරෙන් එයාව පාචිච්චි කරන්නත් පුළුවන්. Qcad එක Menu එකේ පෙන්නන්නේ නැහැ.
අන්තරජංජාලය එක්ක පවුල්කන අයට ඔන්න අවුල් වෙන්න තරම් ගොඩක් දේවල් තියෙනවා
මෙන්න LXDE Interface එක (වින්ඩෝස් XP/98 පාවිච්චි කරලා බඩගිය කට්ටියට මේක හොඳයි)
ලියකියවිලි එක්ක වැඩ කරන අයට සැනසෙන්න නෙමෙයි නටා සතුටු වෙන්න ගොඩක් හේතු දැන් තියෙනවා
Cliparts දැන් ඕන තරම් තියෙනවා. ඇදලා දාගන්න විතරයි තියෙන්නේ
Software Development නැත්නම් Programming කරන අයට ඔළුව කස කස ඉන්නේ නැතුව වැඩ කරන්න මෙන්න අවශ්‍ය දේවල් තියෙනවා. සොෆ්ට්වෙයා හැදුවාම මටත් පෙන්නන්න හොඳේ? ඒවගේම Web designing කරන්නත් දේවල් තියෙනවා
මෙන්න Guitar වාදනය කරන අයට නියම ගේමක්! "Frets on Fire"
මේකේ wine තියෙන නිසා වින්ඩෝස් මත පමණක් වැඩ කරන ඒවත් දාගන්න පුළුවන්. මේ තියෙන්නේ මධුර ශබ්දකෝෂය ලිනක්ස් මත දුවන හැටි. අවශ්‍ය අයට ඒක ස්ථාපනය කරගන්න Setup එක මේකෙ ඇතුලේ තියෙනවා. /usr/share/guides ඇතුලට ගිහින් බලන්න
මල්ලිලා නංගිලා උඩ පැන පැන Age of Empires ගේම ගහලා ඇතිනේ? මේ තියෙන්නේ Battle for Wesnoth කියන එක. අරක වගේමයි නේද?
ඔන්න ඉතිං Hand bill එකක් poster එකක් ගහලා කාටවත් අතපාන්නැතුව අහිංසක විදියට ජීවත්වෙන්න කැමති ඔබට Scribus තියෙනවා
මේ තියෙන්නේ Adobe Dreamweaver වගේ එක්කෙනෙක්. එයාගේ නම "Quanta" මාර වැඩ කෑලි ගොඩක් තියෙනවා.
Multimedia අහන බලන හදන කපන කොටන convert කරන අයට මේ ලැයිස්තුවේ ඒවා මදිනම් බම්බු ගහගන්න එකයි ඇත්තේ! (අර රැවුල තියෙන එක්කෙනා කිව්වා වගේ)
මෙන්න LankaNet.org Linux එකේ XFCE වැඩ කරන හැටි! මෙයාට "කාටත් බරක් නැති gnome" කියන්නත් පුළුවන්
මෙන්න මෙහෙමයි Interfaces නැත්නම් අතුරුමුහුනත් මාරු කරගන්නේ.
- පළමුව තමන්ගේ Username එක උඩ click කරන්න
- දැන් පහල ඇති sessions කිය තැන ඇති මෙනුවෙන් ඉහත රූපයේ පෙනෙන ආකාරයට තමන් කැමති Interface එක තෝර ගන්න.
- දැන් තමන්ගේ Password එක ඇතුලත් කර Login වෙන්න. එච්චරයි!
මේකට කියන්නේ CairoDock (no OpenGL) මේක ගන්න Accessories මෙනුවට යන්න.
ඔරලෝසුව දාගන්න Accessories මෙනුවට ගොස් MacSlow's Cairo-Clock තෝර ගන්න
P.S. මගේ මේ බ්ලොග් එකේ දකුණු පැත්තේ උඩ තියෙන මත විමසුමට ඔබේ නොමසුරු සහභාගීත්වය අපේක්ෂා කරමි.