Tuesday, November 23, 2010

ලංකානෙට් ලිනක්ස් 3 නිකුත් කලා!

ලංකානෙට් ලිනක්ස් 3 නිකුත් කළ බව ඔබ සැම වෙත සතුටින් දැනුම් දෙමි. බාගන්න හැකි අය අපේ අඩවියෙන් බාගන්න. බාගන්න හැකියාවක් නැති අය අපිට ඔබේ ලිපිනය එවා නොමිලේම ගෙන්න ගන්න.
ඔබගේ ඉල්ලීම පරිදි ඔබට අවශ්‍ය ආකාරයට මෙය සකසා ඇත. ඔබට අවශ්‍ය සෑම මෘදුකාංගයක්ම පෙරනිමියෙන් ඇත. ඔබට කරන්න ඕන මොකක්ද? ඒ වැඩේ කරන්න පුලුවන් මෘදුකාංගය මෙහි තියෙනවා. (කතාව පැහැදිලියි නේද?) 


 
මෙහි ඇති විශේෂත්වයන්

1. LankaNet Linux KDE,LXDE,Gnome සහ XFCE වලින් සමන්විතයි.
ඔබට kubuntu, Ubuntu, Xubuntu සහ Lubuntu එකම තැටියක තිබුනානම් කියා කීවරක් සිතී ඇත්ද? LankaNet Linux 3 සමග මෙය තවදුරටත් සිහිනයක් නොව සැබෑවක් බවට පත් වී ඇත. එහි ඇති වාසිය වන්නේ ඔබේ සිතැඟි පරිදි Desktop Environment එක ලේසියෙන්ම වෙනස් කරගෙන පාවිච්චිකිරීමට ඇති හැකියාවයි. මේ හතරෙන් ඔබ කැමති එකක් ඕනෑම වෙලාවක භාවිතා කළ හැකියි. 

2. Chromium web browser එක ඇතුලත් කර ඇත. (Opera, Konquerer, Firefox යන ඒවාද ඇත)

3. Openoffice.Org වලට අමතරව Abiword සහ Gnumeric Spreadsheet අලුතෙන් අතුලත් කර ඇත.

4. Gnome, Kde, Openoffice.Org සහ Mozilla Thunderbird සඳහා ඉංග්‍රීසි අතුරු මුහුණත සමග සිංහල අතුරු මුහුණතද අලුතෙන් ඇතුලත් කර ඇත.

5. මෘදුකාංග නිපදවන ඔබ සඳහා ඒ සඳහා අවශ්‍යවන IDEs ඇතුලත් කර ඇත. එනම් Eclipse, Netbeans, Codelite, Anjuta, MonoDevelop, Gambas2 සමග තවත්දේ ඇත.

6. Apache, Php, Mysql, Perl, python සහ තවත් දේ ඇත.

7. Deja Dup backup tool එක ඔබේ පහසුව සඳහා ඇත.

8. ඔබ අන්තර්ජාලය භාවිතා කිරීමේදී වැය කළ Bytes ප්‍රමාණය මැන ගැනීමට netspeed applet එක ඇත.

9. නොවැම්බර් 19 වන දින තෙක් නිකුත් කර ඇති සියලුම මෘදුකාංග යාවත්කාල කිරීම් ඇතුලත් කර ඇත.

10. ගොනු දෙකක් හෝ කිහිපයක් අතර වෙනස්කම් සංසන්දනය කර බැලීමට Meld, Diffpdf, Kompare යන මෘදුකාංග ඇත.

11. Xmind ඉවත් කර ඒ වෙනුවට Freemind ඇතුලත් කර ඇත.

12. Opencliparts රූප ගබඩාව ඇත. Openoffice හෝ වෙනත් දේ සඳහා මෙම cliparts පහසුවෙන් යොදා ගත හැක.

13. Firefox සහ Mozilla Thunderbird සඳහා Adblock plus ඇතුලත් කර ඇත.

14. Skype, Avast antivirus, Bitdefender Antivirus ඇතුලත් කර ඇති අතර ඔබ විසින් අවශ්‍යනම් පමණක් ස්ථාපනය කර ගැනීමට උපදෙස් සහ Intallation files ඇත. උපදෙස් තුල ඇති විධාන terminal එක තුලට copy paste කිරීම පමණක් ප්‍රමාණවත් වන අතර  අන්තර්ජාලය අවශ්‍ය නොවේ.



වැඩිවිස්තර සහ Screen shots ඉදිරියේදී බලාපොරොත්තුවන්න.

Minimum System Requirements 
(පහත ඒවා වැඩිවෙන තරමට හොඳ බව කරුණාවෙන් සළකන්න)

Ram: 512MB
Hard Disk Space: 10GB
Processor: 1000Mhz/1Ghz 


Download Link: LankaNet.Org

බාගන්න බැරි අය නොමිලේ ගෙන්ව ගන්න (සීමිතයි)
දැන් තැපැල් මගින් ලබා දීම නවතා ඇත. නමුත් ඔබට ආසන්නයේ ඉන්න මේ අයගෙන් පිටපතක් ලබා ගන්න පුළුවන්. අලුත් DVD එකක් ගෙන ගොස් පිටපතක් ගන්න. මෙන්න ඔවුන්ගේ නම් ලැයිස්තුව:
http://lankanet.org/?page_id=194

(2011 ජනවාරි 4)

ඔබට මේ පිළිබඳ පුහුණුවක් අවශ්‍යද? 
අප එය ලබා දීමට ලංකානෙට් ආයතනය සූදානම්! අමතන්න 011-2726340 නැත්නම් අපිට ලියන්න
ඔබේ ආයතනයට මෙය ස්ථාපනය කර ගැනීමට ලංකානෙට් ආයතනයේ සේවය ලබා ගන්න 

34 comments:

Amila Udayanga D.G. said...

community හදාගෙනත් වැඩක් කරගන්න බැරි සංගම් අතර ඔබගේ තනි පුද්ගල කැපවීම අති අනර්ඝයි. ඔබට ජය...

Unknown said...

@Amila Udayanga

ඔබේ දිරි දීමට බොහොම පිං. ඇත්තම කියනවානම් මේ දවස්වල අන්ත කලකිරීමකින් ඉන්නේ.

namila007 said...

නියමයි..මේවගෙ එකක් හැදුව එකට ගොඩක් ස්තූතිය්.ඉදිරියටත් මේ වගෙ වැඩ කරන්න ;)..ඔබට ජය!

දොඩන් said...

මේ වැඩේ ඉතා අගය කර සලකනවා. කලින් එකත් භාවිතා කලා. බොහොම පිං මේ කරන වැඩේට.

Unknown said...

අයියේ නියමයි.......ඔයාල වගේ අය තමයි ඉන්න ඕන......

Roshan said...

ඇත්තෙන්ම ඔබ විසින් සිදුකරන මෙම කාර්යය ඉතාමත් අනර්ඝයි. මම ඔබ විසින් කලින් නිකුත් කරන ලද ලංකානෙට් ලිනක්ස් 2 භාවිතා කරන අතර එය Linux භාවිතයට උනන්දු කරවන සුලු (අවහ්‍ය සියලු දේ ඇතුලත් කර)ආකාරයට සකස් කර තිබුනි. මෙහි තිබූ එකම ප්‍රශ්ණය HSDPA හරහා Internet යාමට ඇති අපහසුතාවයයි. මෙහි එය නිවරදි කර ඇතැයි බලාපොරොත්තු වෙමි. මේ පිලිබද ඔබ විසින් ලංකානෙට් ලිනක්ස් 3 සදහා අදහස් විමසන ලද අවස්ථාවේදීත් මගේ අදහස් ඉදිරිපත් කර ඇත.
නැවතත් මෙවැනි දෙයක් කිරීම පිලිබද ඔබට ස්තූති වන අතර ඔබේ ඉදිරි වැඩ කටියුතු කරගෙන යාම සදහා ශක්තිය හා ධෛර්යය ප්‍රාථනා කරමි.

දයියා said...

මේ වෙනුවෙන් ඔබ වූ වෙහෙස ගැන සිතාගත හැකිය.අතිශය සතුටටපත් වෙමි. ඔබ වන් දක්ෂ කැපවීමෙන් කටයුතු කරන ඒ වෙනුවෙන් කිසිවක් බලාපොරොත්තු නොවන අය ඉතා අල්පය. මේ සමාජයේ කලකිරීමටපත් නොවන කෙනෙකු නැතිතරම්ය. එනිසා අධෛර්ය නොවී ඉදිරියටම යන්න.ඔබට ජය.

Anonymous said...

ඔබට බොහොම ස්තූතියි. මමත් කලින් එක පාවිච්චි කලා. ගොඩක් අයට දාලත් දුන්නා.

මේ වගේ දේවල් දිගටම කරන්න. ඔබට ජය

Rajeen Prasanna said...

ඔබගේ දැඩි උත්සාහයට මගේ සුභ පැතුම්. බොහෝ නවකයින්ගේ ලිනක්ස් ගැන ඇති ආකල්පයන් වෙනස් කිරීමට ඔබගේ මෙම උත්සාහයන් උපයෝගී උනා. මේ සාර්ථකත්වයට සුභ පතනවා. දිගටම කරගෙන යන්න. මේ සංස්කරණය නිකුත් කරන තුරු බලා සිටි පිරිසකුත් සිටි බව අමතක කරන්න එපා. මගේ සුභ පැතුම්.

Dakshina said...

බොහොම ස්තූතියි මෙවැන්නක් නිර්මාණය කර ලබා දුන්නාට.. මුල් කාලයේ ලිනක්ස් වල අවශ්‍ය මෘදුකාංග ස්ථාපනය කරගන්න අන්තර්ජාල සබඳතාවක් නැතුව ලතවෙවී හිටපු හැටි මතක් වෙනවා... ඒ කාලේ‍ මෙහෙම දෙයක් තිබුණානම් කොච්චර දෙයක්ද??

කෙසේ වුවත් මේ වැඩපිලිවෙළ දිගටම කරගෙන යන්න හැකියාව ලැබේවායි පතනවා...

Anonymous said...

මෙම කාර්යට මගෙන් හදවතින්ම සුභ පැතුම්... කළ කිරෙන්න එපා.ඕව එහෙම තමා.ලංකාවෙ හොද දේ කරන අයට ඕක තමා ඉතුරු වෙන්නෙ.ඒත් ඒ කරන හොද දේ බෙහෝ පිරිසකට ප්‍රෙයා්ජනවත් නිසා ඒ ගැන හිතල සතුටුවෙන්න පුළුවන්.

ඩිලාන් said...

කතා කරන්න දෙයක් නෑ.............
මම කලින් එකත් පාවිච්ච් කලා. ඒකත් බාහොම හොදයි.. ඔයාගෙ මුළු ශක්තිය යොදවල මෙම කරන කර්තවයට මගේ උණුසුම් සුභ පැතුම් ඒ වගේම තවත් ශක්තිය ධෛර්්‍ය ලැබෙන්න ඕන මේවගෙ වැඩ කරන්න.. මේක කලින් එකට වඩා හෙදයි කියල දැනටමත් තේරෙනවා දීපු ෆැසිලිටි එක්ක......
ඔබට ජයයයයයය....

ෂදීශ් ගේ සටහන said...

මම හිතන්නේ තාරක ලිනක්ස් වලට අදාල සංවර්ධන වැඩ කරන ගොඩක් අය ලංකාවෙදි තමන්ෙෙම මුදල් ශ්‍රමය කැපකරල වැඩකරනවා තාම එකට අෙේ අයගේ ඇගයිමක්නම් නැ තමයි .මේ කරන කැපකිරි මේඅගය නොදුරෙ හැමොටම දැනෙවි;සැෙෙන්න එපා‍‍‍‍‍;;බුදුහාමුදුරුවෝ ධර්මදෙශනා කරන්න ගත්තු කාලේ කට්ටිය කිව්වේ පිස්සු කියලා;;ඔයාට මෙකටයුත්ත කරන්න ශක්තිය ධෛරයම ලැබේවා:සුභපැතුම්

Danishka said...

සුභ පැතුම්!! ජයවේවා!

@අමිල
"community හදාගෙනත් වැඩක් කරගන්න බැරි සංගම් අතර "

ප්‍රජාව සමඟ වැඩකරද්දි තාරක කියනව වගේ කලකිරීම් සහ සිත් තැවුල් එනවා. එත් තවමත් ලංකාවේ ලිනක්ස් ප්‍රජාව නැත්තටම නැතිවෙලා නැ!

කණගාටුවෙන්න එපා වෙනත් රටවලට සාපේක්‍ෂව අඩු උනත් ලංකාවේ මේ කිසිදෙයක් නැත්තටම නැති වෙලා නැ.

උදාහරණයක් ලෙස;
ලංකා ලිනක්ස් 3 වලින් දෙනවා කියන Firefox, Thunderbird OpenOffice, KDE, Gnome සිංහල මුහුණත් එන්නේ තවමත් ලංකාවේ යම්කිසි ප්‍රජාවක් සක්‍රීයව Firefox, Thunderbird OpenOffice, KDE, Gnome නිසයි.. ;-)

කොටින්ම XFCE එකත් සිංහලින් තියෙනවා ප්‍රජාව අවදියෙන් :D

Unknown said...

මම කලින් වතාවේදීත් ඔබ විසින් නිර්මාණය කල අනිත් ලංකානෙට් ලිනක්ස් භාවිතයට ගෙන ඇත..ඉතාම අංග සම්පූර්ණව එය නිම කර ඇති බව සතුටින් දැනුම් දෙමි..තනි පුද්ගලයෙකු වශයෙන් ඔබ ලාංකික පරපුරට දායාද කරන මෙම සත්කාර්යට මාගේ ප්‍රණාමය..ඔබට ජයෙන් ජය!!

Unknown said...

@ All

ප්‍රතිචාර ලබා දුන් සියළු දෙනාටම බොහොම ස්තූතියි! මතක තියා ගන්න ලංකානෙට් ආයතනයේ සම්පත් නැත්නම් මට මේක කරන්න ලැබෙන්නේ නෑ. ඒ නිසා ලංකානෙට් ආයතනය තමයි මේකේ අත්තිවාරම. පුළුවන් අය ඉන්නවනම් ලංකානෙට් ආයතනයේ සේවාවන් ලබා ගෙන එම ක්‍රියාවන්ට සහය දක්වන්න.

@ ඩනිෂ්ක,

ඇත්තටම අපේ ලාංකීය ප්‍රජාවේ FOSS සඳහා ඇති එකමුතුව සහ සහය අපේ ඉහල අංශ වලිනුත් අවංකව ලැබෙනවානම්.....

Anonymous said...

FOSS User magazine වෙනුවෙන් මගේ සුබ පැතුම්

@Amila
"community හදාගෙනත් වැඩක් කරගන්න බැරි සංගම් අතර"
FOSS සදහා වැඩ කරන සම්ගම් ගොඩාක් තියෙනවා, විවේචනයට වවා සහයෝගය වැදගත් . . . .

රොකියා | Udara said...

ආයෙ ඉතින් කියන්න දෙයක් නෑ. මේ ඔබ කරන වැඩේ අනර්ගයි ! මුල් නිකුතුවත් ලිනක්ස් ආදුනිකයින් අතර බෙදා ගත්තා. බොහොම ස්තූතියි!

*පුලුවන්නම් මේ Word Verification එක අයින් කෙරුවනම් හොඳයි. කමෙන්ට් කරන්න ලේසියි එතකොට !

Kasun Indika said...

ලංකානෙට් ලිනක්ස් ගැන මම දැනගත්තේ දැනට මාස කීපයකට කලින්. ඉදිරියේදි පාවිච්චි කරලා බලන්න අදහසක් තියනවා.

"මේ දවස්වල අන්ත කලකිරීමකින් ඉන්නේ." කලකිරෙන්න කිසිම හේතුවක් නෑනේ. මොකද කියනවන් FOSS වලට ආදරේ කරන ගොඩ දෙනෙක් ඉන්නවා. මෙතන තියන අදහස් වලින්ම ඒ බව පැහැදිලි වෙනවනේ.සැලෙන්න එපා. ඉදිරියටත් මේ වගේ වැඩ කරන්න.
ඔබට ජයෙන් ජය !!!!!

Anonymous said...

ස්තුතියි! මෙහි භාවිතාවන සිංහල යතුරු ලියනය කුමක් ද?

ගිශාන් said...

ඇත්තටම අයියේ ඔයාගේ කැප කිරීම කියලා වැඩක් නෑ.නියමයි.මම මේක orbit එකෙන් බැවෙන්න දැම්මා.බාලා ඉවර වෙලා boot කරාට පස්සේ අනිත් feedback එක දෙන්නම්.

සම්පත් සඳරුවන් said...
This comment has been removed by the author.
සම්පත් සඳරුවන් said...

කියලා වැඩක් නෑ.. සිරා වැඩක්...මම දැන් පී.සී. එකට දැම්ම විතරයි.මාර සැටිස්...ඉතා හොඳ අගය කල යුතු වැඩක්.ඉදිරියටත් මෙවැනි දැ කිරිමට දිරිය ශක්තිය ලැබේවා..

Unknown said...

attamai me wage dewal apita mara widehata watenawa matath dvd eka labuna bohoma pin obata jayen jayama wewa

Ruwan Sampath Wickramathilaka said...

Thanks Taraka
Mata DVD eka Labbunaa..............
Bhoma Pinn.........
eka nawaii puluwannamm meka "Live CD"
Ekakk wediyata Pramot karanna
(Mokada mage PC ekee DVD neee CD Wetarai)
Jayaweewaaaaaaaa..................!

ඉලංදාරියා said...

ජයවේ ඔබගේ මේ වෑයමට ඉලංදාරි හරසර...

Anonymous said...
This comment has been removed by the author.
Anonymous said...

ඇත්තෙන්ම ඔබ විසින් සිදුකරන මෙම කාර්යය ඉතාමත් අනර්ඝයි.. මටත් මෙය ලබා දුන්නාට ඔබට ස්තූතියි..

Anonymous said...

නියමයි අයියේ.. නියමයි ඉදිරියටත් මේවගේ දේවල් කරන්න ඔයාට ශක්තිය ලැබේවා..!
ඔබට ජය පිට ජය........

Unknown said...

අයියේ ඇත්තෙන්ම ඔබ විසින් සිදුකරන මෙම කාර්යය ඉතාමත් අනර්ඝයි. ඔබට ජය...

Hashan's Blog. හෂාන් ගේ බ්ලොග් සටහන said...

Tharaka Bro Nice Work...Good Luck

තුසිත සම්පත් said...

කොච්චර හොදද මේ වගේ වැඩක් කරන එක.....බොහොමත්ම ස්තුතියි......
තව දෙයක්...මම ලිනක්ස් වලට අලුත්.....මම හිතනවා මේක මගේ හිතට අල්ලලා යයි කියලා.......

Chandma said...

ගොඩක් අගය කරනවා මේ වැඩේ.... ඒ වගෙම ගොඩක් සතුටුයි. සුභපතනවා...තව දෙයක් කියන්ඩ ඔනෙ.පුලුවන් නම් මේක Torrentz කරන්ඩ බලන්ඩ.එතකොට download කරන්ඩ ලෙසියි කියලා තමා මට හිතෙන්නෙ. මොකද 3.1 Gb direct download කරන 1ක ටිකක් අමාරුයි.
(මට නම්),විශේෂයෙන් අපෙ internet වේගය බලපුහාම.මේකේ තියනඅමතර
software නම් 1ක 1 ක අයට වැදගත් වෙන්නෙ වෙනස් වෙනස් විදියට කියල තමා මට හිතෙන්නෙ.උදාහරණයක් විදියට Qcad විතරක් පාවිච්චි කරන කෙනක්ට Games එහෙම වැදගත් නැති වෙන්ඩ පුලුවන්.එතකොට කරන්ඩ වෙන්නෙ ආයෙත් games unstall කරන 1ක. එහෙම කරන්නෙ නැතුව UBUNTU වල තියන APToncd වගෙ software 1 ක් use කරල තමන්ට වැදගත් software
විතරක් install කරන හටි ගැන ටිකක් අවදානය යොමු කරනව නම් හොඳයි කියලා මට හිතෙනව. ඒ වගෙම REMASTERSYS වගේ සරල software 1 ක් පාවිච්චි කරලා තමන්ගේම UBUNTU O.S 1 k හදන හැටි ගැනත් ටිකක් අවදානය යොමු කරනව නම් හොඳයි කියලා මට හිතෙනව.පුලුවන් නම් ඉදිරියෙදි ඒ ගැන BLOG සටහනක් දාන්න ආරාධනා කරනවා. .තව දෙයක් කියන්ඩ ඔනෙ මම දැක්කා සමහරු බොහොම කැත විදියට comment කරලා තිබුනා (මුල් කාලේ). ඒ ගැන නම් මටත් ගොඩක් කණගාටුයි. Windows 8 වල වගෙ online software සල්ලි දිලා ගන්ඩ උනාම වත් FOSS වල අගය ඒ අයට නම් තෙරෙන 1 ක් නෑ. ඒක හින්ද ඒවා ගැන වැඩිය හිතන්ඩ එපා කියලා කියනවා.
ලඟදිම මමත් බෙදාහරින්න සහය වෙන්නම්... අපේ පැත්තෙ බෙදාහරින්න කවුරුත් නෑ.දැනට නම් මට Ubuntu 10.10 හොඳටම ඇති.කොළඹ ආපු වෙලාවක අනිවා එනවා Lankalinux අරගෙන යන්ඩ. නැවතත් මෙවැනි දෙයක් කිරීම පිලිබද ඔබට ස්තූති වන අතර ඔබේ ඉදිරි වැඩ කටියුතු කරගෙන යාම සදහා ශක්තිය හා ධෛර්යය ප්‍රාථනා කරමි.

Unknown said...

මම අදයි මේ වෑඩේ දෑක්කෙ. මමත් ඉක්මනටම පිටපතක් හොයගන්නවා. ඔබට ජය වෙවා තනියම සිද්ද කරන මේ වෑඩෙට