Thursday, November 4, 2010

ඔබේ යෝජනාවට ඇගේ/ඔහුගේ කැමැත්ත???

ඔව්! හිතේ හිරකරන් ඉන්නේ නැතුව තමන්ගේ අදහස කියන්න. කැමති වුනත් අකමැති වුනත් තමන්ගේ හිතේ තියෙනදේ කියලා හිත සැහැල්ලු කරගන්න. නොකිව්වොත් තමන්ටමයි පාඩුවෙන්නේ කියලා තේරුම් ගන්න. පමාවෙන්නත් එපා! අහලා ඇතිනේ පමාව පසුතැවීමට හේතුවේ කියලා? අනික එහෙම තමන් යෝජනාවක් කරනවිට ඒ පිළිබඳ දෙගිඩියාවක් බයක් සැකයක් තියාගන්න එපා. කෙලින්ම කියන්න. එහෙම කිව්වා කියලා තමන් මැරෙන්නේ නෑනේ! ඒකයි මම කියන්නේ හෙට අනිද්දා නිකුත් කිරීමට නියමිත ලංකානෙට් ලිනක්ස් සඳහා ඔබ යෝජනා කරන දේවල් මට දැනුම් දෙන්න කියලා!! වෙන මොනවත් නෙමෙයි..

මේපාර wine ඉවත් කරන අදහස අයින් කරගත්තා. ඒ නිසා මධුර ශබ්ධ කෝෂය ඇතුලත් වේවි. පුළුවන් නම් සිංහල යුනිකෝඩ් සඳහා සහය දෙන එකක් තියෙනවනම් මට එවන්න. එහෙම වුනොත් ඒක මධුර වෙනුවට ඇතුලත් කරන්නම්.
  1. Apache, PHP, MySql, ඕනේද එපාද? දැනට ඉවත් කිරීමට තීරණය කර ඇත. මොකද apache mysql run කරන එක සාමාන්‍ය පරිගණක පරිශීලකයන්ට අවශ්‍ය නෑ. ඒවා ඕන අයට පිටින් ස්ථාපනය කරගන්න හැකියාවක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. system එක run වෙනවිට අනවශ්‍ය විධියට ports open වෙලා තියන්න හොඳ නැහැ. ඒකයි මම මේවා නොදාන්න තීරණය කළේ. ඔබේ මේ පිළිබඳ අදහස් මට කියන්න.
  2. Netbeans, Eclipse, Quanta, Bluefish කළින් වගේම තිබෙනවා. මේපාර xmind ඉවත් කර ඒ වෙනුවට freemind ඇතුලත් කර ඇත.
  3. Chromium browser, DejaDup backup tool, LXDE/KDE/Gnome/Xfce Desktop environments අඩු නැතිව ඇතුලත්කර ඇත. හද්ද පරණ පරිගණකයක් වුනත් LXDE භාවිතා කර තිරිහන් කරන්න පුළුවන්. ඒ වගේම ඒක හරිම වේගවත්!
  4. Vlc, Smplayer, Dragon Player, Java, Flash සිරිත් පරිදි ඇත.
  5. Openoffice.org, Abiword, Gnumeric, Scribus ඇත.
  6. Gimp, Inkscape, Skencil, k3d, Avidemux, Blender, kartoon, tuxpaint ඇත.
  7. අන්තර්ජාලය භාවිතා කිරීමට වැයවූ දත්ත ප්‍රමාණය මැන ගැනීමට Netspeed applet එක ඇත.

තව වෙන්න ඕනේ මොනවද?


මේක මේ විධියට සකස් කරන්නේ මටවත් මගේ බොස්ගේ උවමනාවටවත් වෙන කාගෙවත් උවමනාවටත් නොවේ. ඒ වගේම මට නිකං ඉන්න බැරි අමාරුවටවත් නෙවෙයි හැමොගෙම්ම දොස් අහගෙන මගේ පෞද්ගලික ජීවිතයේ දේවල් අමතක/අතපසු කර මම මේක හදන්නේ ශ්‍රී ලාංකික ඔබගේ ප්‍රයෝජනයට සහ උවමනාවටයි. ඒ ප්‍රශ්ණ ඔබට දැන ගැනීමට අවශ්‍ය නැතැයි මම සිතමි.

8 comments:

Anonymous said...

Wammu
nautilus-actions lineakd
Skype
Blueman bluetooth manager
Real player
Kmplayer
NTM(Network Trafic Monitor)
Vnstat

Dakshina said...

Apache, PHP, MySQL ඉවත් කරන්න එපා. ඒක ලිනක්ස් පද්ධතියක් තුළ සෑහෙන්න භිවිතාවෙන මෘදුකාංග තුනක්...

Mama said...

මේකට හොඳ, ෆ්‍රී, ඇන්ටි වයිරස් සොෆ්ට්වෙයාර් එකකුත් දැම්මොත් හොඳයි නේද?

කුමාර said...

avg හොදද දන්නෑ. මෙතන තියෙනවා http://free.avg.com/us-en/download.prd-alf
හොද නම් දාන්න.
snap,trim, .....වගේ AutoCad වල පහසුකම් අඩංගු කැඞ් වැඞසටහනකුත් ලැබුනොත් දාන්න.

Unknown said...

@Gemunu

ඔබේ යෝජනාව පිළිගෙන ඇත. නව සංස්කරණය එළ දක්වා ඇත. ඔබට බොහොම ස්තූතියි.

@Dakshina

හොඳයි. ඔන්න ඒවා එහෙම්මම තිබ්බා. ස්තූතියි.

@dona

කලින් වගේම දැනුත් තියෙනවා. අරගෙන බලන්න.

@ කුමාර

Avg command line Antivirus එකක්. කලින් Avg for Linux සඳහා GUI එකක් දුන්නට දැන් නැහැ.
Cad වැඩ සඳහා Qcad, Sagcad ඇත. ඔබෙ ස්තූතියි..

MMKSAMEERA said...

taharaka mahathmayo
Negombo,Katana,Badalgama Lankanet3 download karaganna amaru ayata magenn DVD Write karaganna pulauwan. akata obe akamathak nathiwa athi kiyala mama hithanawa.
Katane
Kasun Sameera
077299046

Ruwan Sampath Wickramathilaka said...

Taraka
Narakada oyage wadee gana semina ekakk Dakune ("Gall" ) Tebbott....
Mee patte IT walata kamati hugakk unna ennawa ett Colombo kewama katteya baya wenawa ......... (atee salle nati nesa Nattnamm gedarinn bara bareee)
essara matatt ehmaii....
Thanks

Thejan said...

කයිවාරු ගහන එක ඇරෙන්න වෙන කිසිම ප්‍රයෝජනවත් දෙයක් සමාජය වෙනුවෙන් කිසි දවසක නොකරපු ආත්මාර්ථකාමීන් පිරිලා ඉන්න රටක ඔබ වැන්නන් දැකීමට ලැබීමත් වාසනාවක් ...

මම කිවුව koha dspace වගේ දේවල් රටට ගෙන්න කටයුතු කරන්න. වෘත්තීය මට්ටමේ කටයුතු වලදී FOSS වල වැදගත් කම අපේ මිනිස්සුන්ට තවම අවබෝද වෙලා මදි....

ගෙදර ප්‍රශ්න නොකීවට ඒවා තව වැඩි වෙන වැඩ කරගන්න නම් එපා. ඒවා අවුල් වුණොත් අන්තිමට FOSS වැඩ ඔක්කොම මග හිටින්න පුලුවන් ... (එහෙම වුණොත් අපිටයි පාඩු...) ;)

Please remove this word verification