Thursday, November 25, 2010

නොමිලේ දෙන ලංකානෙට් ලිනක්ස් ඔබත් ගන්න. and LankaNet.Org Linux 3 Screen Shots

මිතුරු මිතුරියනි ඔබේ පරිගණකයේ ඇති වෛරස් නිසා පරිගණකය එපා වුනාද? ඇයි LankaNet.org Linux 3 පාවිච්චි කරන්නේ නැත්තේ? නොමිලේ දෙන නිසාද? නැත්නම් බයටද? නැත්නම් වෙන හේතුවකටද? ඔබ දන්නවද ලොකයේ ඇති සුපිරිම පරිගණක 500න් 459ක්ම පාවිච්චි කරන්නේ ලිනක්ස් කියලා? මෙන්න සාක්කි!

ඔබ දන්නවද, ඔබ දැන් පාවිච්චි කරන මෘදුකාංග සහ Operating systems වෙනුවට මේක පාවිච්චි කරන්න පුලුවන් කියලා? එවායින් කරන වැඩ මේකෙනුත් කරන්න පුලුවන්!

කොහොමද මේක ගන්නේ?
හැකියාවක් ඇති අය අපේ අඩවියෙන් මේක බාගන්න

හැකියාවක් නැති අයට මේක ගෙදරටම නොමිලේ තැපෑලෙන් එවනවා! මගේ පෙර ලිපියෙන් ඒ ගැන වැඩි විස්තර ගන්න පුලුවන්.

(ඒ කියන්නේ මේවගේ අන්තර්ජාල සබඳතා!..... Unlimited ලෙස හැඳින්වුවත් ක්‍රියාවෙන් Limited, අසීමිත කීවත් සීමිත නොහොත් පීඩිත, එමෙන්ම Broadband කිව්වත් ඇත්තටම Narrowband connections පාවිච්චි කරන අයට පමණක් මෙය නොමිලේ ගෙදරටම එවනු ලැබේ.)
කරුණාකර මතක ඇතිව තමන්ගේ ලිපිනය හරියට එවන්න! දැනටමත් 10 දෙනෙක් විතර ඒකවත් හරියට කරලා නැහැ.


මෙන්න ඒකේ රූප කිහිපයක්:

Games Play කරන අයට ඔන්න නාන්න තියෙනවා


Graphic designing කරන අයට  අවශ්‍ය දේවල් ඔක්කොම තියෙනවා. ඔතන තියෙන Pencil කියන එකෙන් Flash Animations හදන්න පුළුවන්. AutoCad එක්ක පවුල් කන අය දැන් ඒක දික්කසාද කරලා Sagcad පාවිච්චි කරන්න ගන්න. ඒවගේම Qcad ඕන කෙනෙක්ට Terminal එකේ qcad කියා type කිරීමෙන් අනිත් එක්කෙනාට හොරෙන් එයාව පාචිච්චි කරන්නත් පුළුවන්. Qcad එක Menu එකේ පෙන්නන්නේ නැහැ.


අන්තරජංජාලය එක්ක පවුල්කන අයට ඔන්න අවුල් වෙන්න තරම් ගොඩක් දේවල් තියෙනවා


මෙන්න LXDE Interface එක (වින්ඩෝස්  XP/98 පාවිච්චි කරලා බඩගිය කට්ටියට මේක හොඳයි)


ලියකියවිලි එක්ක වැඩ කරන අයට සැනසෙන්න නෙමෙයි නටා සතුටු වෙන්න ගොඩක් හේතු දැන් තියෙනවා


Cliparts දැන් ඕන තරම්  තියෙනවා. ඇදලා දාගන්න විතරයි තියෙන්නේ


Software Development නැත්නම් Programming කරන අයට ඔළුව කස කස ඉන්නේ නැතුව වැඩ කරන්න මෙන්න අවශ්‍ය දේවල් තියෙනවා. සොෆ්ට්වෙයා හැදුවාම මටත් පෙන්නන්න හොඳේ? ඒවගේම Web designing කරන්නත් දේවල් තියෙනවා


මෙන්න Guitar වාදනය කරන අයට නියම ගේමක්! "Frets on Fire"


මේකේ wine  තියෙන නිසා වින්ඩෝස් මත පමණක් වැඩ කරන ඒවත් දාගන්න පුළුවන්. මේ තියෙන්නේ මධුර ශබ්දකෝෂය ලිනක්ස් මත දුවන හැටි. අවශ්‍ය අයට ඒක ස්ථාපනය කරගන්න Setup එක මේකෙ ඇතුලේ තියෙනවා. /usr/share/guides ඇතුලට ගිහින් බලන්න


මල්ලිලා නංගිලා උඩ පැන පැන Age of Empires ගේම ගහලා ඇතිනේ? මේ තියෙන්නේ Battle for Wesnoth කියන එක. අරක වගේමයි නේද?


ඔන්න ඉතිං Hand bill එකක් poster එකක් ගහලා කාටවත් අතපාන්නැතුව අහිංසක විදියට ජීවත්වෙන්න කැමති ඔබට Scribus තියෙනවා


 මේ තියෙන්නේ Adobe Dreamweaver වගේ එක්කෙනෙක්. එයාගේ නම "Quanta" මාර වැඩ කෑලි ගොඩක් තියෙනවා.


Multimedia අහන බලන හදන කපන කොටන convert  කරන අයට මේ ලැයිස්තුවේ ඒවා මදිනම් බම්බු ගහගන්න එකයි ඇත්තේ! (අර රැවුල තියෙන එක්කෙනා කිව්වා වගේ)


 මෙන්න LankaNet.org Linux එකේ XFCE වැඩ කරන හැටි! මෙයාට "කාටත් බරක් නැති gnome" කියන්නත් පුළුවන්



මෙන්න මෙහෙමයි Interfaces නැත්නම් අතුරුමුහුනත් මාරු කරගන්නේ. 
  1. පළමුව තමන්ගේ Username එක උඩ click කරන්න
  2. දැන් පහල ඇති sessions කිය තැන ඇති මෙනුවෙන් ඉහත රූපයේ පෙනෙන ආකාරයට තමන් කැමති Interface එක තෝර ගන්න.
  3. දැන් තමන්ගේ Password එක ඇතුලත් කර Login වෙන්න. එච්චරයි!


මේකට කියන්නේ CairoDock (no OpenGL) මේක ගන්න Accessories මෙනුවට යන්න.
ඔරලෝසුව දාගන්න Accessories මෙනුවට ගොස් MacSlow's Cairo-Clock තෝර ගන්න

P.S. මගේ මේ බ්ලොග් එකේ දකුණු පැත්තේ උඩ තියෙන මත විමසුමට ඔබේ නොමසුරු සහභාගීත්වය අපේක්ෂා කරමි.

17 comments:

Rasika Nanayakkara said...

මම මේ කොමෙන්ටුව ලියන්නේ ඉතාමත් සතුටෙන්.
ඒකට හේතු කීපයක් තියෙනවා.
ලංකානෙට් ලිනක්ස් දෙවෙනි සංස්කරණයත් එක්ක ගොඩාක් කල් පවුල් කාපු කෙනෙක් මම. මට කොම්පියුටරයෙන් කරගන්න ඕනේ කරන දේවල් ඔක්කොම කිසිම අඩුවක් නැතුව කර දෙන්න එයට පුලුවන්. දැන් උබුන්ටු 10.10 මූලික මෙහෙයුම් පද්දතිය විදියට දාගෙන හිටියට, වින්ඩෝස් වල වූබි එකෙන් දාගෙන ඉන්නේ ලංකානෙට් ලිනක්ස්. ඒ තරමට මම ඒකට කැමතියි.
ඊළග කරුණ, ඉන්ටනෙට් පහසුකම් නැති බොහෝ දෙනෙක්ට ලිනක්ස් හදුන්වා දෙන්න ලංකානෙට් ලිනක්ස් දැඩි උපකාරකයක් උනා. ඒකෙන් දෙන පහසුකම්වලට කැමති ගොඩක් අය වින්ඩෝස් පාවිච්චිය සෑහෙන්න සීමා කරලා ලිනක්ස්වලටම යොමුවෙලා තියෙනවා. ඒකත් සතුටට කරුණක්.

ලංකානෙට් ලිනක්ස් පාවිච්චි කරලා නැත්තම්, මේක තමා හොදම වෙලාව ඒක පාවිච්චි කරන්න.

මේ වැඩපිළිවෙළ දිගටම කරගෙන යන්න. සුබ පතනවා ඔබ සියළුදෙනාටම.

වෙනත්:
තාරක මේ පෝස්ට් 1 පුරුදු ශෛලියෙන් බැහැරව ලිව්වේ සන්තෝසේ වැඩිකම නිසාද?

ජය වේවා...

රාළ said...

ජය හෝ.......

Anonymous said...

සිරාවටම එල වැඩක්.. අගය කරනවා..

Unknown said...

@රනා

ඇත්තම කිව්වොත් ඔව්. සන්තෝසයටමයි. :-)

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

එල නියම වැඩේ..මගෙ තියෙන්නේ එකක් ඒක මේකත් එක්ක වැඩකරයිද ?

Anonymous said...

නියමයි!

mauka said...

niyamai aiya

Chamara said...

ela ela

Unknown said...

නියමයි. ඉඩ තියන වෙලාවක බාගෙන බලන්නම්. වටින වැඩක්. FOSS roxx....

Manjula Peiris said...

නියමයි ඇත්තටම නියමයි. මම ලංකානෙට් ලිනක්ස් 1,2 යන සංස්කරන දෙකම පාවිච්චි කලා. නමුත් මට වින්ඩෝස් වලට සමුදෙන්න බැරි එකම හේතුව සිංහල type setting. මම වෘත්තිමය වශයෙන් සඟරා පුවත්පත් ඩිසයිනිං තමයි කරන්නේ. ‍fm abhaya, fm malithi කියන font දෙකට සමාන font ලිනක්ස් වල තිබුනත්, ඩිසයිනිං වලදි අත්‍යවශ්‍ය වන fm basuru, fm derana, fm emane, fm gangane, fm bindumathi වගේ fonts වලට විකල්පයක් තියෙනවනම් අම්මපා මම වින්ඩෝස් වලට ගහල පන්නනවා. තාරක මේ ගැන ටිකක් හිතන්න. ඉහත fonts විකල්පයක් හදන එක මම හිතන්නෙ ඒ තරම් අමාරු වැඩක් නොවෙන්න පුළුවන්.

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

මගෙ කලින් comment එකෙ වචන අඩුයි මට දැනගන්න ඕනි වුනේ adsl modem එක්ක වැඩකරනවද් කියලයි

Unknown said...

@ All

ඔබලාගේ අඅදහස් වලට බොහොම ස්තූතියි!!

@ Manjula Peiris

දැනට තියෙන එකම අඩුපාඩුව ඒක තමයි. අපි මේකට මූලාරම්භයක් විධියට සිංහල යුනිකෝඩ් හදන්න පටන් ගත්තත් නොයෙකුත් බාධක නිසා ඒක කර ගන්න බැරිවුනා. ඒනිසා මම විවෘතව හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා මේක හදන්න කියලා.

@ Buwa
Adsl මොඩම් එකේ Brand/Model එක කිව්වොත් උදව්වක් කරන්න පුළුවන් වෙයි.

Stzjxfpun said...
This comment has been removed by the author.
Stzjxfpun said...
This comment has been removed by the author.
Unknown said...

@ Dayan Senavirathna

මේක පොඩ්ඩක් බලන්න පුළුවන්ද? මට තේරෙන විධියට මේ මොඩම් එක මේකත් එක්ක වැඩ කරනවා. මේ පෝස්ට් එක 9.04 ගැන වුනාට මේකටත් වලංගු විය යුතුයි. අවාසනාවකට මට මේවා පරීක්ෂා කර බලන්න උපකරන නෑ.

http://www.linuxquestions.org/questions/linux-hardware-18/how-to-install-prolink-h9601-adsl-usb-modem-in-ubuntu-724373/

Thejan said...

ලංකානෙට් මටත් ගොඩාක් ප්‍රයෝජනවත් වුණා opensource ලෝකෙට පිවිසෙන්න. Office එකේ Koha දාගන්න ඕනි ලංකානෙට් එකට ඒක දාගන්න ක්‍රමයක් නැද්ද? කොහා සමග dpsce දාගන්න ක්‍රමයකුත් කියලා දුන්නොත් ගොඩක් පිං.

Remove this word verification.

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

prolink H9601 (mama hithanne prolink96 sure ithuru ilakkam mathaka naha box ekath dan naha he he .... )


help ekak denna puluwan nam loku deyak mama ubuntu install karalath ayn kale oya internet kathandare nisa
solution ekak thiyey nam mama aniwa Lankanet linux download karagannawa