මගේ ඊජිප්තු ජාතික මිතුරකු වන Samer Azmyට මෙහෙම අත්දැකීමක් වෙලා තියෙනවා. අපේ රටේ හුඟක් බැංකුවලත් ATM යන්තරවල පාවිච්චි කරන්නේ MS Windows. මං හිතන්නේ ඒක හැමෝම වගේ දැනගත යුතු කාරණයක්. පහත තියෙන screen shots වලින් වැඩේ හොඳට බලාගන්න පුළුවන්. මොකද මේවා හැමදාම දකින්න ලැබෙන්නේ නෑ. ඉතිං මම කියන්න හදන්නේ අපි කොච්චර අවදානමකද ඉන්නේ මේ වගේ ප්‍රශ්ණ ඇතිවෙනකොට? හිතලා බලලා අදහස් ලියන්න. (කොච්චර හොඳ anti virus software එකක් දැම්මත් ගැලවිල්ලක් නෑ) මගේ මිතුරා කියන්නේ මේකට එකම විසඳුම Linux භාවිතය කියලයි. ඔහු ඒකට උදව් කරන්නත් ලෑස්තියි. මාත් එහෙමයි හිතන්නේ. ඔබ හිතන්නේ???


