Monday, January 25, 2010

LankaNet.org ලිනක්ස් නව සංස්කරණය ගැන

මේ පිළිබඳව කීප දෙනෙක්ම විමසූ නිසා ඊට අදාල තොරතුරු මෙසේ පළ කරමි. ඒ අතර ඔබගෙන්ද මට උපකාර අවශ්‍ය වී තිබේ.

නිතර අසන ප්‍රශ්න:

ලංකානෙට් ලිනක්ස් අළුත් සංස්කරණයක් නිකුත් කරන්නේ කවදාද?

ලංකානෙට් ලිනක්ස් නව සංස්කරණය මේ දිනවල මම සකස් කරමින් සිටිමි. ලඟදීම මෙය නිකුත් කරන අතර බොහෝවිට ලබන මාසයේදී නිකුත්වීමට නිකුත් කිරීමට ඉඩ තිබේ.

වෙනදා වගේම ඒකත් තැපෑලෙන් නොමිලේ එවනවද?

ඔව්. Download කරන්න හැකියාවක් නැති අයට නොමිලේම තැපෑලෙන් එවනවා.


අළුතෙන් සිංහල යුනිකෝඩ් අකුරු මේකත් එක්ක දෙනවාද?

කලින් එකේ වගේම හොයාගන්න පුළුවන් හැම එකක්ම මේකට ඇතුලත් කරනවා. ඒ වගේම ලංකානෙට් එකෙන් අළුතෙන් සිංහල යුනිකේත අකුරක් නිකුත් කරන්න මේ දවස්වල වෙහෙසෙනවා. ඒකත් බොහෝ දුරට මේකට ඇතුලත් වේවි.


මම ලිනක්ස් දන්නේ නැහැ. ඒත් භාවිතා කිරීමට තදින්ම අවශ්‍යවී තිබේ. උගන්වන්න පුළුවන්ද?

කැමතිනම් ලංකානෙට් ආයතනයේ පුහුණු පාඨමාලාවකට ඇතුලත්වෙන්න පුළුවන්.



ලංකානෙට්.org Linux භාවිතා කරන අයගෙන් සහ අනිත් හැමොගෙන්ම මට කුඩා උපකාරයක් ඕනෑකර තිබේ. එනම්,


1. එයට ඇතුලත්වීමට අවශ්‍ය නව මෘදුකාංග මොනවද?

2. වෙනස් කිරීමට ඇති දේවල් මොනවද?

3. ඉවත්කල යුතුයැයි යෝජනා කරන්නේ මොනවාද?

4. ඔබේ වෙනත් අදහස්...


මට මේ ගැන හැකි ඉක්මනින් තොරතුරු දෙන්න පුළුවන්නම් ඉතා හොඳයි. මේ බ්ලොග් එකේම උත්තර ලියන්න.

4 comments:

Anonymous said...

Linux වල source code ඒක ගත්තෙ කොහොමද ?

සිංහ said...

මම ටික දවසක් ලිනක්ස් (Ubuntu, Mint, OpenSUSE) දාගෙන පාවිච්චි කලා. මම ආසයි බිල් ගේට්ස් අයියා ගෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න. ගැටලුවකට තියෙන්නෙ මම පාවිච්චි කරන සමහර මෘදුකාංග ලිනක්ස් වලට නෑ. උදාහරණයක් හැටියට Word Web Dictioanary එක. අනික ලිනක්ස් වල තියන මෘදුකාංගත් install කරන්න ගියහම වගේම පාවිච්චි කරනකොටත් වදයක්. ඒව හදල තියෙන්නෙ පරිගණක ගැන ගොඩක් දන්න අයට. මහජනතාවට සේවයක් ලෙස නොමිලේ බෙදා හරිනවත් වෙලා පොදුවේ කාටත් පහසුවෙන් දක්කන්න පුලුවන් විදිහට හැදුවනම් නේද හොඳ? අපි වගේ non-techie උදවියට (මෝඩයන්ට) ජනෙල් සරණං ගච්ඡාමි තමයි ඉතින්... පුලුවන් නම් අපිව බේරා ගන්න...

Unknown said...

@සිංහ
Wordweb Dictionary එක ඉතාමත්ම හොඳින් ලංකානෙට් ලිනක්ස් එකේ වැඩ කරනවා. ස්ථාපනය කිරීමේදී Gecko අවශ්‍ය යැයි ඔබට Message එකක් පෙන්වයි. අන්තර්ජාලය ඇත්නම් Ok කරන්න. නැත්නම් ඒක cancel කර Wordweb දාගන්න පුළුවන්.

මතක තියා ගන්න Linux තුළ Wine ස්ථාපනය කර ඇත්නම් වින්ඩෝස්මත ධානය කල හැකි මෘදුකාංග සියල්ලක්ම වාගේ භාවිතා කල හැකි බව. ලංකානෙට් ලිනක්ස්හි එදිනෙදා වැඩ සඳහා අත්‍යාවශ්‍ය වන මෘදුකාංග සියල්ලක්ම වාගේ පෙරනිමියෙන්ම ඇතුලත් කර ඇත. ඒ නිසා අමුතුවෙන් මෘදුකාංග ස්ථාපනය කිරීමට මහන්සි වෙන්න අවශ්‍ය නෑ. ඒත් අන්තර්ජාල පහසුකම ඇත්නම් Synaptic Package Manager පාවිච්චි කරලා පහසුවෙන් අමතර මෘදුකාංග දාගන්න පුළුවන්.

@Anonymous
Source Code එක Linux.com අඩවියෙන් ගන්න පුළුවන්. ඒත් මම දැනට තියෙන Ubuntu Live CD එක තමයි වෙනස් කරන්නේ.

මියුරංග said...

මමත් lankanet.org ubuntu 9.04 install කලා . ඒත්
Wammu ,Xgnokii
නෑනේ.