ලංකානෙට් ලිනක්ස් එකේ නම් එච්චර වධ විඳින්න නොවුනත් Ubuntu අරගෙන පාවිච්චි කරන අයට ඒක ඇත්තටම වඳයක්. ඒත් අද මම හඳුන්වලා දෙන shell script එකෙන් මේ හැම දෙයක්ම කජු කනවා වගේ ලේසියෙන් කරන්න පුළුවන්. ඕනම විධියක පරිගණක පරශීලකයෙකුට වුවත් මෙය පහසුවෙන් භාවිතා කරන්න පුළුවන්. මේක හරියට මම කලින් හඳුන්වා දුන්න EasyLife for Fedora වගේම එකක්.
Skype, Multimedia codecs/Players, Google earth, Flash player, Java, Hulu, k3b මෙයින් ස්ථාපනය කරගන්න පුළුවන් ලැයිස්තුවෙන් කිහිපයකි.
ස්ථාපනය කරන්න අපහසු මෘදුකාංග මේකෙන් ලේසියෙන්ම දාගන්න පුළුවන්.
උපදෙස් සහ රූප සටහන් බලන්න:
1. මෙතනින් ඒක ගන්න (34.5KB පුංචි ගොනුවක්)
2. දැන් එම ගොනුව උඩ Right click කරන්න

3. දැන් එය executable එකක් කරන්න.

4. දැන් එම ගොනුව Double click කර Run බොත්තම ඔබන්න

5. දැන් OK බොත්තම ඔබන්න

6. දැන් ඔබට අවශ්‍ය මෘදුකාංගය හෝ පහසුකම ලැයිස්තුවෙන් තෝරාගෙන Ok බොත්තම ඔබන්න. (ඔබට මෙතනදී අන්තර්ජාලය අවශ්‍ය වෙනවා)
