Thursday, February 25, 2010

LankaNet.Org Linux v.2 නිකුත්වුනා!

අද මම LankaNet.Org Linux V.2 නිකුත් කළ බව මෙයින් ප්‍රකාශ කරමි. මෙය නොමිලේ දෙන අතර අපේ වේබ් අඩවියෙන් වැඩි විස්තර ගන්න පුළුවන්.

මෙහි Gnome සහ KDE දෙකම ඇතුලත් කර ඇත. බාගන්න කැමති අය වෙතොත් අපේ අඩවියෙන් ගන්න පුළුවන්. මෙහි වින්ඩෝස් මත පමණක් ක්‍රියා කරන මෘදුකාංග ඉතා පහසුවෙන් ස්ථාපනය කර භාවිතා කල හැක. එදිනෙදා වැඩකටයුතු කිරීමට අවශ්‍යවන මෘදුකාංග විශාල ප්‍රමාණයක් ඇතුලත් කර ඇත. එමනිසා ඔබ දැනට භාවිතා කරන Operating system සහ මෘදුකාංග වෙනුවට සාර්ථකව විකල්පයක් ලෙස භාවිතා කළ හැක.


අපේ රටේ ඇති නීතියට අනුව මෘදුකාංග පිටපත් කර භාවිතා කිරීම නීති විරෝධීවේ. එමනිසා එයට සාර්ථක විසඳුමක් ලෙස මෙය හැඳින්විය හැක.

වැදගත්!

මෙහි පද්ධති මුරවචනය වන්නේ: lankanet


බාගන්න මෙතනට යන්න
ඒවගේම ඔබගේ අදහස් උදහස් අපිට ලියන්න

18 comments:

තුෂාර ජයරත්න. said...

වැඩේ නියමයි..! අත්හදා බලලාම අදහස් දෙන්නම්..!

යූත්මැක්ස් said...

අම්මෝ..... මාස ගාණක් තිස්සේ මට තිබුණ කරද‍රේ දැන්වත් ඉවර වෙයි වගේ. ;-) දවස ගානෙම මෙහාට ඇවිල්ලා කවද්ද ‍මේක රිලීස් වෙන්නේ කියල අහපු අයට දැන් නම් මල් හතයි...! මේ වැඩේ නම් නියමට නැගලා යනවා. සුභපැතුම්....෴

රනා said...

බොහොම ස්තූතියි.
නිදහස් ලෝකයක් වෙනුවෙන් අද දවසේ ඔබ මේ කරනා කැපවීම වෙනුවෙන් ඔබ පුදන්නට දහසින් බැදි පියළි අපි ළග නැතිමුත්, නිදහස් ලෝකයක් පතන අප සැමගේ සිත් තුළ ඔබ සැමදා අමරණීය වනු ඇත.

ජය වේවා...

Kasun Nadeeshana said...

ඇගිලි ගැන ගැන හිටියේ නියමයි. දැන් බානවා.

Tharaka Weerasekara said...

ඔබ සැමට ස්තූතියි....

යාළුවන් අතරේ මේක බෙදා ගන්න මතක තියා ගන්න.
මුර වචනය: lankanet

änthräX said...

මාත් බානවා, මොනවගේද කියල නොබල පුලුවනෑ. අවංකවම අගේකලයුතු වැඩක් ඔයගොල්ලො කරන්නෙ. මමත් මේ පෝස්ට් එකට ලිංක් එකක් දාන්නම්...

Anonymous said...

නියමයි මම බොහොම ස්තුති වෙනවා.thanks for this work

lahiru ගේ කතා said...

මට DVD එක හම්බවුණා,හොදට වැඩ කරනවා බොහොම ස්තුති.ජය වෙවා!

Roshan said...

බොහොම ස්තූකියි.මටත් DVD එක ලැබුණා.එය හොදින් වැඩකරනව.මමත් මේ Lankanet DVD එක මිතුරන්ට ලබාදීමට කටියුතු කරන්නම්.
Windows භාවිතා කරන බොහෝ දෙනෙක් Linux මෙහෙයුම් පද්ධති වලින් ඈත් වීමට බොහෝවිට බලපා තිබෙන්නේ සාමාන්‍යයෙන් අපට නිතරම භාවිතා වන Video/mp3ආදිය මේවායේ වැඩ නොකිරීමත් ඒ සදහා අවශ්‍ය Players /Software යන ඒවා අනතර්ජාලය හරහා ලබාගැනීමට Internet පහසුකම් නොමැතිවීමත් යන හේතූන්ය. එමනිසා මෙම Lankanet හි ඒ සියල්ලම අන්තර්ගත වී ඇති බැවින් මෙය බෙහෙවින් ජනප්‍රිය වනු නිසකය.
ජය වේවා...

Hasitha ජයසූරිය said...

නියමයි ගොඩක්ම වටින වැඩක්...ෆෙඩෝරා 13 වලිනුත් මේ වගේ දෙයක් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනව

කොඩී said...

මේකත් උබුන්ටු වගේම dual boot විදිහට පිහිටවන්න පුලුවන් ද???

Tharaka Weerasekara said...

@Hasitha ජයසූරිය
හන්තාන ලිනක්ස් fedora 11 ආශ්‍රිතව නිපදවා ඇත.


@ කොඩී

මේක උබුන්ටුම තමයි. අතිරේකව ගොඩක්දෙවල් ඇතුලත් කරලයි තියෙන්නේ. කිසි ප්‍රශ්නයක් නැතිව dual boot දාන්න පුළුවන්.

Anonymous said...

මේකෙන් dongal එකක් පාවිච්චි කරලා ඉන්ටර්නෙට් යන්න පුළුවන්ද?

Tharaka Weerasekara said...

@Anonimous
පුළුවන්. මේක උබුන්ටු 9.10 ආශ්‍රිතව හදලා තියෙන නිසා එය එක්ක වැඩ කරන සෑම එකක්ම Lankanet.org එක්ක වැඩ කල යුතුයි.

ZM!™ said...

niyamai..mata mee DVD 1 ewwata godak thankX! aththatama eeka maarai! mama eekA install kala! Greate! ela kiri wage wada! thankX godak!

dan apita baya nathuwa windows walin ain wenna puluwan kiyala hithenawa!

digatama karagena yamu!

Padmasiri said...

ෙම්ක අෙප් සල්ලි අෙප් රෙට්ම ඉතුරැ කරන ෙගාඩාක් ෙහාද වැඩක්

Anonymous said...

අවංකවම ඇගිලි ගැන ගැන හිටියේ නියමයි ඔබ එවූ DVD එක ලැබුනා ෙගාඩාක් ස්තූතියි. ඒක නියෙමට වැඩ බොහොම ස්තූතියි.නියමයි ගොඩක්ම වටින වැඩක්

I'm Dulaj Udayanga Bnadara Kulathunga Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you

ජයන්ත said...

DVD එක ලැබුණා ගොඩාක් ස්තුතියි.මම හිටියේ එවන්නේ නැතිවෙයි කියලා සතියක් ගියේ නැ ආ​වානේ ඔබලගේ සේවය ඈත්තටම වටිනවා ඒ සේවය අගය කරන්න වචන මදි දැන් අපට නිදහස් ලෝකය විදින්න පුලුවන්.ගොඩක් ස්තුතියි.